හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

user52

Member
Jan 25, 2012
135
36
0
ටෙලිකොම් එකේ මාමලට පිංසිද්දවෙන්න මේක තාම buffering..................... අනේ.................................................

මේක අහන්න වෙන යථාර්ථවාදී ක්‍රමවෙදයක් ඇත්තෙම නැද්ද?.................
 

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    :love::love::love:

    ඊයෙ වැඩසටහන නම් නියමෙට තිබුන ලොකු අයියෙ......... ඊළඟ එක මීටත් වඩා සුපිරියට දෙමු!


    :love::love::love:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    කාලෙකට පස්සේ ආපහු නිතරම වහින්න පටන් අරගෙන. අමුතු මන්දාරමකුයි සීතලකුයි මාව මේ මුලු ලොකෙන්ම වෙන් කරගෙන තනි කරගෙන ඉන්නව වගේ. ගස් වැල් වලට නම් අමුතු පණක් ඇවිල්ල හිනාවෙනවා වගේ දැනෙනවා. අනේ මන්දා ඒ හිනාවෙනුත් මට ඔච්චම් කරනවා වෙගේ දැනෙනවා. මොකද ඉස්සර ඔයත් එක්ක අත් අල්ලගෙන ඔහේ ඇවිදිනකොට, ඒවා මාත් එක්ක හිනාවුනේ මේ විදිහට නෙවෙයි... ඒත්.... ආපහු ඒ දේවල් විදින්න, ඒ සතුට ලබන්න ඔයා මගේ ලග අදත් හිටිය නම්..... මේ වැටෙන පොද වැස්ස ඔයාටත් විදින්න පුලුවන් නම්.... ඔයාටත් ඒ කතාව මතක් කරාවි... සමහරවිට ඒ වැහිපොද අතර සුලගට පාවෙලා ආපු මගේ කදුළු බින්දුත් තියේවි.... සොදුරු අතීතය, ඔයාට ආපහු මතක් වේවිද........



    හෑමදාම හිතේ කොනක ගුලිවෙලා තියන ඒ සොදුරු මතකය ...
    අමතක කරන්න කොච්චර උත්සහ කලත්,
    තවතවත් හදවදවතට සමීපවන,
    යලි කවමදාකවත් නොදකිනා..
    ඒ සොදුරු රුව
    ...නෑවත වරක් මා දෑස් අද්දර රගදුන්නේය...

    ස්තූතී සහෝ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ටෙලිකොම් එකේ මාමලට පිංසිද්දවෙන්න මේක තාම buffering..................... අනේ.................................................

    මේක අහන්න වෙන යථාර්ථවාදී ක්‍රමවෙදයක් ඇත්තෙම නැද්ද?.................
    චැට් බාර් එකේ වම් පැත්තේ ඈති මියුසික් අයිකොන් එක ක්ලික් කරන්න...........
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    බුදුන් ළඟට අපගේ දුක දන්නේ මව්නි පියාණනි ඔබ දෙපලයි

    :love::love::love:




    :love::love::love:
     
    Last edited:

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    නන්දා මාලිනියන්ගේ සැප්තැම්බර් 14 අවසන් ස්වේත රාත්‍රියට පෙර සැප්තැම්බර් 13 විශේෂ ස්වේත රාත්‍රියේ ප්‍රවේශ පත්‍ර 04 උදෑසන 9 සිට බේබෲක් පෙදෙස සිරස ප්‍රධාන කාර්යාලයෙන් හා රත්මලාන ස්ටයින් මැදිරියෙන් ලබාගත හැකිය.
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    නන්දා මාලිනියන්ගේ සැප්තැම්බර් 14 අවසන් ස්වේත රාත්‍රියට පෙර සැප්තැම්බර් 13 විශේෂ ස්වේත රාත්‍රියේ ප්‍රවේශ පත්‍ර 04 උදෑසන 9 සිට බේබෲක් පෙදෙස සිරස ප්‍රධාන කාර්යාලයෙන් හා රත්මලාන ස්ටයින් මැදිරියෙන් ලබාගත හැකිය.
    :sorry::sorry::sorry::sorry::(:(:(:(
    11.gif
    11.gif
    11.gif
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    චැට් බාර් එකේ වම් පැත්තේ ඈති මියුසික් අයිකොන් එක ක්ලික් කරන්න...........

    hey !! wot happen to my song ?? :confused::confused: තාම වෙලාවක් ලැබුනේ නැද්ද විචාරයට ? :confused: :(
     

    user52

    Member
    Jan 25, 2012
    135
    36
    0

    හිතුවක්කාර අදහසක්.................:rolleyes:

    කිබුල අයියගේ වැඩසටහනේ අතරින් පතර ඇහුන වචන කිහිපය තුල සේනානායක වෙරලියැද්ද මහතාගේ "දිලිහෙනවා රාජිනී" කියන වචන දෙක හොදට මතක තිබුනු නිසාවෙන්ම මේ ගීතය ගැන පොඩ්ඩක් හොයල බැලුවා.
    මේ ගීතයේ පදරචකයා කවුදැයි හොයාගන්නට නොමැති උනත් මේ ගීතයේ පද රචනය තුල මහා ගොරහැඩි බවක් තියනවා කියල හගීමක් එනවා. මොකද සාමාන්‍ය ගීතයක පද වල ඇති මදුර ලෙස ගලායාමේ ගතියක් මේ පදවල දකින්නට නෑ.ගීතයේ යොදාගෙන ඇති වචන උනත් එහෙ මෙහෙ යන ගතියක් හොදටම දැනෙන්න තියනවා.
    මේ කාරනා කොහොම උනත් මේ ගීතයේ තනු රචකයා එම දරදඩු පද හොදින් හසුරුවා ඇති අන්දම වගේම සේනානායක මහතා තමන්ගේ ගායනය තුල ඒම පද වලට හානියක් නොවී ඉතාම අපූරුවට ගායනා කරන ආකාරය නම් ඉතා අගය කල යුතුමයි.

    නලල වියලවා විගසින්
    තිලකයක් තියා අලුතින්
    දොරකඩට ඇවිත් හිටගෙන හිනාවෙන නමුත්
    තවම කෙහෙරැලින් දිය වෑහෙනවා රාජිනී
    ලපටි සුදු මිරිස් මල් දිලිහෙනවා රාජිනී................
    දිලිහෙනවා රාජිනී................ දිලිහෙනවා රාජිනී.................

    දෙවොල් මලුවෙ සුදු වැලිකැට පුරුද්දට වගේ ගැන ගැන
    සීනි හඩට කන්දෙන විට
    පිරුනු හිත මුවින් උතුරන අපූරුව මැවේ..
    රාස්සිගේ අවුකෙදිටික නාගදීපයට එපිටින්
    මුහුදෙ ගිලෙන විට සිසිලයි නොවෙද රාජිනී........
    නොවෙද රාජිනී........ නොවෙද රාජිනී........

    මග වසන වලා තිරපට ඉරාගෙන උජාරුවකින්
    බක් මහේ නැවුම් සදවත
    පෙරඹරින් නැගී එන හැඩ වියැක යන සේ...
    කතා කරන ඇස් වහගෙන අගය පෙන්වනා විටදිත්
    නුඹ තරම් සොදුරු කවියක් නැහැනේ රාජිනී.........
    නැහැනේ රාජිනී......... නැහැනේ රාජිනී.........


    නමුත් එක්දහස් නවසිය බරගනන් වල එනම්, සංගීතය පොතේ හැටියටම කරගෙන ගිය කාලයේ ගුත්තිල කව්‍යයේ කවිපද තුනක් ඇසුරු කරගනිමින් ප්‍රවීන මෙන්ම අතිශය දක්ෂ චිත්‍ර ශිල්පියෙකු මෙන්ම ගායක වන "සුසිල් ප්‍රේමරත්න" මහතා සමග ලතා වල්පොල මහත්මිය "රූ රැසේ අඳිනා ලෙසේ" නම් ගීතය ගායනා කරනවා...

    රූ රැසේ අඳිනා ලෙසේ අත් ලෙලදිදී විදුලිය පබා
    රන් රසේ එක්වන ලෙසේ වෙණ නාද නූපා තබ තබා
    කම්පසේ දෙන සැර ලෙසේ දෙස බල බලා නෙතඟින් සබා
    මං කෙසේ පවසමි එසේ වර සුර ළදුන් දුන් රඟ සොබා

    පුන් මදාරා මල් දමින් යුතු දිගු සුනිල් ගොතා
    මන් නදා කිතුලිය ලෙසින්උර තුර සරා දිලි මුතු ලතා
    මන් නදා වන මිණී මෙවුල් නද වෙණ නදින් එක්කොට ඉතා
    උන් එදා දුන් රඟ දුටොත් තව සක් සැපත් කවරෙක් පතා

    පිපි සමන් කුසුමන් පටින් තන රන් හසුන් මෙන් මන් බැඳේ
    ලඹ සවන් දිගු රන් පටින් දන නෙත් නුවන් බඳීමින් තදේ
    මද පවන් වැද ලෙළ පහන් සිළු මෙන් රැදුම් දෙන රන් බඳේ
    දිලි ඔවුන් රූසිරි නුවන් වන් බඹ වුවත් දැහැනින් මිදේ
    බඹ වුවත් දැහැනින් මිදේ....




    මේ ගීතයේ තනුව මගින් ගුත්තිල කාව්‍යයේ පදවලට ලොකු හානියක් කරනවා යන්නයි මගේ හැගීම. මක්නිසාදයත් ගීතයේදී ඇතැම් වචන වචනයේ මැදින් වෙන්ව දෙපැත්තේ වචන වලට එකතු වෙලා වෙනම තේරුමක් තියන වචන ඇහෙන ආකාරයක් ගීතය පුරාම තියනවා........ උදාහරන විදිහට " අදි නාලෙසේ" , "විදු ලිය" , "එක් වන ලෙසේ" , "කිතු ලිය" මේ වෙන්වීම නිසාම මේ වචන වල අරුත සම්පූර්නයෙන්ම වෙනස් වෙනවා.....
    මේ කවිය ගීතයක් කිරීමේදී සිදුකරන මේ අපරාදය අවාසනාවකට මහා දුරකට පැතිරෙනවා. පාසල් පෙලපොත් වල පවා ඇති මේ කවි පාසල් දරුවන් මෙන්ම ගුරුවරුන් පවා ගායනා කරන කොහේ හෝ සිට නිවැරදි විය යුතුයි යන්නයි මගේ හැගීම. නැත්නම් අර බුදු හිමියන් ලංකාවෙ ඉපදුනා කිව්ව වගේ ගුත්තිල කාව්‍යයත් අල්ලගෙන ගහගන්න පටන්ගනීවි. මොකද "කිතු ලිය" කියල කෑල්ල කුත් තියනවනේ......
    :P
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    හිතුවක්කාර අදහසක්.................:rolleyes:

    කිබුල අයියගේ වැඩසටහනේ අතරින් පතර ඇහුන වචන කිහිපය තුල සේනානායක වෙරලියැද්ද මහතාගේ "දිලිහෙනවා රාජිනී" කියන වචන දෙක හොදට මතක තිබුනු නිසාවෙන්ම මේ ගීතය ගැන පොඩ්ඩක් හොයල බැලුවා.
    හිතල බැලුවාම ඒකත් ඇත්ත තමා... :D:D:D
     

    Mrsaata

    Member
    Jul 13, 2011
    252
    32
    0
    තාත්තා උනත් මා බත සරි කරන
    අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින...
    .

    මම නම් තාම බෑදලා නෑ.. ඒත් පණ්ඩිත් අමරදේවයන් ගායනා කරන මේ ගීතය අපි කාගෙත් හදවත් වල ඈතිකරන හෑගීම විස්තර කරන්න අමුතුවෙන් වචන ඕන නෑ..

    බදින්න කලින් ජීවිතය බලන්න.. පෙම්වතිය තමන්ගේ පෙම්වතාට තියන ආදරය අසීමිතයි.. මගෙ පණ.. මගේ රත්තරන් කියලා ඔලුව අතගාන විදිය...කොච්චර සුන්දර කාලයක්ද මේ ගෙවන්නේ...මේහෙම ටික කලයක් යද්දි දෙන්නම පුxචි කෑදෑල්ලක් හදාගන්නවා// ටික දවසකින් මේ කෑදෑල්ලට පුxචි අමුත්තෙක් එනවා..දෑන් තමන්ගේ ආදරිය තමන්ගේ බිරිද වෙලා.. එයා මහන්සි වෙල ලමයින්ව ලොකුමහත් කරනවා.. සමිය ගෑන හිතෙ ආදරය පුරගන වෙලවකට..ඒත් ඒ අදරය එළියට පෙන්නන්න වෙලාවක් නෑ දෑන් ඉස්සර වගේ.. ළමයින්ගේ වගකීම්..
    මේව ද්කින සෑමියාගේ හිතෙ බිරිද කෙරෙහි ආදරය දෑන් ගරුත්වය මිශ්‍ර වෙලා හරිම ලස්සනයි.. ඒ ආඅදරය ඈහෑට කදුලක් ගේන්න පුළුවන් විදියේ එකක්...


    මට පෙර උරුම ආලය දරු කැළට දෙමින්
    රෑ දාවල් දෙකේ වෙහෙසන විටදි නොමින්
    ඔබ දුටු මුල් දිනේවත් හද නොනැගි පෙමින්
    උතුරයි මසිත තව නුඹ වෙත තුරුළු වෙමින්....


    "ඔයාගේ තනපුඩු වල එල්ලිලා කිරි බොන පුතගේ කටින් හමන්නේ කිරි සුවද විතරක් නේමෙ.. ඔයගේ ඒ ගුණ සුවදත් මිස්‍ර වෙලා..ඔයා ඉස්සර වගේ මගේ ඔළුව අතගාද්දි මට ඔයාව මගෙ බිරිද කියලා මොහොතකට අමතක වෙනවා.. ඔයා මගෙත් අම්මා වගේ..ඈත්තමයි.. වෙනදාට වඩා ආදරයක් මගේ හිතේ ඈති වෙනවා..ඒ ආදරය ඔයාව දෑක්ක මුල්ම දවසේ ඈති වුණ ආදරයට වඩා ගොඩක් වෙනස් එකක්.. ඒ ආදරය ගරුත්වයෙන් පිරිලා.."

    බැතිබර හැගුම් දනවන නුඹගේ සුවද
    අතදරු පුතුගේ මුව කමලේ ඇත නිබද
    අම්මා කෙනෙකු මිස නුඹ මගෙ බිරිද ලෙස
    නොහැගෙයි ළගින් හිද මගෙ හිස සිඹින සද..
     

    Mrsaata

    Member
    Jul 13, 2011
    252
    32
    0
    කාලෙකට පස්සේ ආපහු නිතරම වහින්න පටන් අරගෙන. අමුතු මන්දාරමකුයි සීතලකුයි මාව මේ මුලු ලොකෙන්ම වෙන් කරගෙන තනි කරගෙන ඉන්නව වගේ. ගස් වැල් වලට නම් අමුතු පණක් ඇවිල්ල හිනාවෙනවා වගේ දැනෙනවා.

    මන්දාරම් අදුර මැදින්
    හිරිපොද වැහි වැටෙන වෙලේ
    මා හා ඇවිදන් යන්නට...........
    ඔබ සිටියානම්......... ඔබ සිටියානම්........


    ඔයාට මතකද........ ඉස්සර ඔයා මට විහිලු කරනවා "කොලු කමට කුඩයක් ගේන්නෙ නෑ හැබැයි වහින වෙලාවට තමයි බලාගන්න ඔන කොලු කම" කියල. ඇත්ත....... මම කුඩයක් ගේන්නේ නැති උනාට වහින වෙලාවට ඔයාගෙ පොඩි කුඩේ යටින් යන්තම් ඔලුව විතරක් නොතෙමි අපි තුරුල්වෙලා ගියහැටි ඔයාට මතකද......... අන්තිමේදි දෙන්නම් හොදටම තෙමිලා... ඒත් ඒ සීතල පොඩ්ඩක් වත් නොදැනෙන තරමට අපිට අපේ උනුසුම තිබුනා..... අපි ඒ තරමටම ලං වෙලා හිටියා.. ඔයාට මතකද......
    ඔයාට මම දැන් කියන්නම්, වහින බව දැන දැනම තමයි මම කවදාවත් කුඩයක් ගේන්නෙ නැත්තේ.......



    පාසල් කාලය සුන්දරයි කියලා අපිට හිතෙද්දි අපි පාසලෙන් සමු අරන් ගොඩාක් වෙලාවට..අපිට ඒ කලේ සුන්දරකම පස්සේයි තේරෙන්නේ..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තාත්තා උනත් මා බත සරි කරන
    අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින...
    .

    මම නම් තාම බෑදලා නෑ.. ඒත් පණ්ඩිත් අමරදේවයන් ගායනා කරන මේ ගීතය අපි කාගෙත් හදවත් වල ඈතිකරන හෑගීම විස්තර කරන්න අමුතුවෙන් වචන ඕන නෑ.. .
    ඇත්තට ම බිරිද කියන කෙනා කොච්චර නම් ජීවිතයට සමීප ද කියන එක, මුළු අධ්‍යත්මයට ම දැනෙන ගායනයක් මේක. මම විශේෂයෙන් ම අගය කරන, මගේ හීනය බදු බිරිද තමා මේ ඉන්නේ. මේ අන්තිම පදය, අම්මා කෙනෙකු මිස නුඹ මගෙ බිරිද ලෙස-නොදැනේ ළගින් හිද මගෙ හිස සිඹින සද කියන පදය. ජීවන අත්දැකීමක්.
    බිරිද කියන චරිතය තුළ, ගැහැණියක ගේ සියළු ම චරිත ඉන්නවා, සහ තිබිය යුතුයි. බිරිදක්, මවක්, සොයුරියක්, මිතුරියක්, තම සැමියා රාගයෙන් දවන කාමිණියක්, .....මේ සියළූ ම චරිත රග දක්වන්ට පුළුවන් සැබෑ ජීවිතය තුළ සැබෑ ම බිරිදකට ම විතරයි. මොන තරම් අනියම් බිරින්දන් ඇසුරු කළත්, මේ සියළූ ම චරිත තුළ ඉන්න පුළුවන් අපේ ගෙදර එළිය කරන බිරිදකට විතරයි.මේ තමා සියළූ ම ස්වාමි පුරුෂයන් ගේ සිහිනය.......................

    නමුත් අවාසනාවකට ඒ සිහිනය සැබෑ වෙන්නේ, අප කි දෙනෙකු ගෙන් කී දෙනා ට ද????????????