මේ ත්‍රෙඩ් එක මම දාන්නේ අද හවස කන්න වෙච්ච හොඳවයින් කට්ටක් නිසා...අද අපේ කාර් එක, එකපාරටම ස්ටාට් කරගන්න බැරුව ගියා...ඉතින් මට ෆුල් කොයිල්, මොකද වාහනේ ඩ්‍රයිව් කරන්න දැනගත්තට අනිත් කිසිම දෙයක් ගැන මෙලෝ දැනුමක් නැති නිසා.....මම නම් හිතුවෙම බැටරි එකේ අවුලක් කියල...මොකද මම දැකල තියෙනවා බැටරි එක අවුල් ගිහින් කට්ටිය වාහන තල්ලු කරන හැටි...ඒ දැනුමෙන් තමයි එහෙම හිතුවේ....හැබැයි ඇත්තටම අවුල වෙලා තිබ්බේ පෙට්‍රල් ඉවර වෙලා තිබීම....
වාහනේ ගත්ත මුල් දවස් වල ඉරට පහලට ආපු ගමන්ම අඩුම ගානේ 300ක් වත් ගැහුවා...ඒත් ඉතින් පහු පහු වෙන්න ආර්ථික අපහසුතා සහ තෙල් මිලේ වැඩි වීමත් එක්ක ඉර පැනලත් ටිකක් දුවල තමයි තෙල් ගැහෙන්නේ....ඕකට පුරුදු උනෙත් එක අන්කල් කාරයෙක් "ඔය කට්ට පහලට ආවට තව කිලෝ මීටර් 20ක් 30ක් දුවන්න පුළුවන්" කියල කියපු නිසා....ඒ කතාවේ වැරද්දක් නැති වෙන්න පුළුවන් මොකද ජපන් වාහන හදල තියෙන්නේ ඒ විදියට කියල ලර්නර්ස් වලත් කියල දෙනවා නෙව....
ඉතින් අද මම මේ ඉගෙන ගත්ත පාඩමත් එක්ක අපි වගේ මෙලෝ දැනුමක් නැතුව කාර් එලවන මිනිස්සු ගේ හිත සුව පිණිස අපේ එළකිරියේ ඉන්න වාහන ගැන හොඳ දැනුමක් පළපුරුද්දක් තියෙන සහෝලගෙන් කාර් එකක් නඩත්තු කරනකොට දැනගන්න ඕනි දේවල් ගැන අහන්න තමයි මේ නූල මම දාන්නේ..සහෝල හැමෝම මේකට සහයෝගය දෙයි කියල හිතනවා.....මුලින්ම මට දැනගන්න ඕනි දේවල් කීපයක් මම මේකේ දානවා....ඔයගොල්ලොන්ටත් කාර් ගැන දැනගන්න දෙයක් තියෙනවනම් අනිවා මේකේ දාන්න...
මෙන්න මට දැනගන්න ඕනි දේවල් කීපයක්.....
* කාර් එකේ බැටරි එක බැහැලද කියල නවතින්න කලින් දැනගන්නේ කොහොමද?
* පෙට්‍රල් ෂෙඩ් එකකින් තෙල් ගහද්දි වාහනේ නවත්තල තියෙන්නේ ඕනි කියන කතාව ඇත්තක්ද සහ එහෙම කියන්නේ ඇයි?
* සාමාන්‍යයෙන් කාර් එකක් සර්විස් කරන්න ඕනි මාස කීයක් විතර ගියාමද?
* එන්ජින් ඔයිල් එක තද කළු පාට වෙලා නම් ඉක්මනටම සර්විස් කල යුතුද?
* නියුට්‍රල් කර ස්ටාට් කිරීම සහ පලවෙනි ගියර් එකේ තියෙද්දී ක්ලච් එක පාගාගෙන ස්ටාට් කිරීම ගැන පොඩි පැහැදිලි කිරීමක්...
මේවා මෝඩ ප්‍රශ්නද නම් දන්නේ නෑ, එහෙම නම් සමාවෙන්න....නොදැනුවත්කම නිසා සහ සමහර දෙවල් ෂුවර් නැති නිසා තමයි අහන්නේ....වාහන පිලිබඳ විශාරද වරු මෙන්ම යම් අත්දැකීමක් තියෙන එලකිරි සහෝලගෙන් අදහස් බලාපොරොත්තු වෙනවා...බොහොම ස්තූතියි෴
NOrmaly car ekak scervice karanna ona hamadama 50km wage duwana ekak nam danne lanka super plus wage oil ekak nam 3000km walin. Hamadama duwanava nam masa kiyada kiyala balanna baha. Mobil hari castrol hari havoline wla samahara jati wage 5000km duwanna puluwan evva 5000km walin service kala yutui.
duwan nati car ekaknam week ekakata detun paraka duwana ekak nam maasa 4-5 kata sarayak...
oil eka super plus nam 3000km divve natat aduwen duwana ekak oya kala simawedi oil maru karala service kala yutui.
5000k m duwanna puluwan oli ekak nam uparima masa 6 wage tiyala maru karanna ona divve natat. mokada onama oil ekak eka tana nikan tibbamat expire wenava. etakota hariyatama oil wala performance ganna baha. ganatwaya ehema wenas unama case.
oil kalu wenakan kawadawat duwanna epa. scervice deka tunak mehema una nam aniwarenma engima flush karanna ona. ehema nattan oil gana wela oil maru karaddi yam pramanayak grese wage(oil slidge) atule ituru wenava. oka digatama unama engimata hondama naha.... first time ehema wela nam ikmanatama oil maru karanna.
hama service ekakadima battry eka check karanava (watura level eka.) ita amatarava masa 2 kata sarayak vat battry kadekata aragena gihin unge volt meter tiyala check kara ganna koi taram charge wenawada kiyala.
normaly meter eka tiyala accolarate karaddi meter eka wadi wenava nam alternator eke aulak naha. battry eke charge eka tiyanava nam oyata start walata aulak nattam wahane kisima aulak naha. volt meter eka divvata charge eka hitin nattan battry eke aulak. e wagema race karaddi meter eka 12 volts panala wage duwan nattan alternator eka aul.
hondama de masa dekakata sarayak vat check karana eka.. wahane start ekedi battry light eka pattu wena vanam niwen nattan digatama e kiyannet battry eka charge wenava madi. mama udin kiyapu karunu anuwa lede hoyanna puluwan.
petrol shed ekakadi engine eka off karanna ona. hetuwa godak yaluwo dala tibba. kohen hari spark unot petrol gas eka wage tankiyen petrol pump eken ena tika ati mahaaa winasayakata.
wada hondai nutral karalama engima start karana eka. etakota gear box ekai engimai full disconnect. mokada samahara welava clutch eka chuuuuttak hari connect wela tibbot starter moter ekata podi load ekak enava. eka honda naha. e wagema eka apita terenne naha. bt hadissiyakadi clutch eka pagala start karat aulak naha.