මේ හෑල්ලු වන්නේ ජාතියේ අනාගතයයි!

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    ane palayan ban yanna. lec la uni ewilla fingerprint or sign karanna ona.kauda ne kiyanne.

    :rolleyes:
    ඒ අනධ්‍යන සේවකයින් විතරයි. හරියට කරුණු සොයා බලන්න...

    melo wedakata nethi euwn(emathi ,methi) koti ganan janatha badhu mudal walin kanakota thopita choonda

    ඒකනම් වැරදියි කියල අමුතුවෙන් කියන්න ඕන නෑ...

    සියලු ආයතන වලට බලපාන වැටුප් වැඩිවීමක් අවශ්‍යයි... නමුත් සාධාරණ එකක්.:yes:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51

    Private consultation කරන කට්ටිය මෙම වර්ජනය දේවාශීර්වාදයක් ලෙස සලකා දවස පුරා Private consultation කරම්න් ලක්ෂ ගණන් උපයති. මම දන්නා ඉංජිනේරු ප්‍රීඨ මාහාචාර්ය වරයෙක් වර්ජනය නැතිව වුවද පෞද්ගලික ආයතනයක සේවය කරම්න් උපයන මුදල දළ වශයෙන් මසකට ලක්ෂ 5 පමණ වේ.

    මොවුන්ට රාජකාරි කාලයක් ලෙස වෙන් කළ කාලයක් නැත. අත්සන් කිරීමට පොතක්/ලේඛණයක් නැත. අවම වශයෙන් දිනපතා රාජකාරී ස්ථානයට වාර්තා කිරීමටවත් මොවුන් නීතියෙන් බැඳී නැත. වර්ජනය නිසා සිදුවී ඇත්තේ ඉඳහිට හෝ විශ්ව විද්‍යාලය වෙත යාමේ අවශ්‍යතාවයද නැති වීමයි.

    වර්ජනය නිසා කෙළවී ඇත්තේ
    Private consultation නොකරන අයට පමණක් බව වටහා ගන්න.

    මේ ලිපියේ නැවත නැවතත් කියන්නේ 6% ක ඉල්ලීම ගැන පමණි. තමන්ට කිසිම සම්බන්ධයක් නැත බැංකු වැටුප් තල ඉක්මවා යන වැටුපක් ඉල්ලීම ගැන වචනයක් වත් නැත.

    1. බැංකු සේවකයන් වැටුප් ලබන්නේ තමන් සාමූහිකව උපයන ලාභයෙනි. එය ජනතා බදු මුදලින් ගෙවන්නේ නැත. එය රජයේ වැය ශීර්ෂයක් නොවේ. මොවුන් ඉල්ලා සිටින්නේ එම මට්ටම්ද ඉක්මවන වැටුපක් ජනතා බදු මුදලින් තමන්ට ගෙවන ලෙසයි.:rolleyes:

    2. මෙසේ ඉල්ලීම් කළද ඔවුන් තමන්ගේ රාජකාරිය ගැන ජනතාවට වග කියන්නේ නැත. එනම් ඔවුන් දිනපතා රාජකාරී කරන බවට වගකීමක් නැත. රාජකාරී වෙලාවේ බිස්නස් කලද ඒ බව පැමිණිළි කිරීමට ආයතනයක් හෝ නිළධාරියෙක් නැත. එය වරදක් ලෙසද නොසැළකේ. මේ කුමන විහිළුවක්ද?:rolleyes:

    3. විශ්ව විද්‍යාල ආචාර්ය වරයෙක් සිසුන්ට ගල් පැලෙන බොරුවක් කීවා යයි සිතන්න. මෙය පැමිණිළි කිරීමට ආයතනයක් හෝ නිළධාරියෙක් සිටීද? කොහෙත්ම නැත. එනම් තමන්ගේ අත්‍යාවශ්‍ය රාජකාරිය පැහැර හැරියත් ඒ බවට
    ජනතාවට ඔවුන් වග කියන්නේ නැත.

    4. බැංකු නිලධාරියෙක් නොදන්වා වැඩට නොගියොත් එදිනම ඔහුට VOP වදිනු ඇත. විශ්ව විද්‍යාල ආචාර්ය වරයෙක් නොදන්වා මාස ගණන් වැඩට නොගියද කිසිවක් සිදු නොවේ. අධ්‍යයන නිවාඩු ඉවර වී මාස ගණන් සේවා ස්ථානයට වාර්තා නොකරන අය එමට සිටිති.

    මෙවැනි කිසිවෙකුට වග නොකියන කිසිම අධීක්ෂණයක් නැති, විනය පරීක්ෂණ, දඩුවම් නැති රාජකාරියක් කරන අය මෙතරම් ඉහළ වැටුප් තල ජනතා බදු මුදලින් ඉල්ලීම සාධාරණද?:confused:

    දෑන් ඔය ඔබතුමා උනොත්, කලොත් කියල අනියමාර්තයෙන් කියන දේවල් කිසිම දෙයක් ආචාර්ය වරු කරන්නෑ . කරොත් කරන්නෑ ඉතාම සුලු පිරිසක් මොකද අවෘදු තුනකට මට එහෙම කෙනෙක් හම්බ වෙලා නෑ. මම දන්න කියන කාටවත් හම්බ වෙලත් නෑ. සිලබස් එක කවර් කරන්න වෙලා මදි උනාම කරපු ටිකෙන් ප්‍රශ්න දෙන්නේ නෑතුව සෙනසුරාදා ඉරිදා හිටන් ලෙක්චර්ස් තියල අපිට උගන්නපු අයවයි මම දෑකල තියෙන්නේ. අපි ඒ මිනිස්සුන්ට බෑන බෑන නිවාඩු දවස් වලටත් සමහර දාට අපි කෑම්පස් යනවා. අනික අව් රුද්දට පාරක් ලෙක්චරස් ලව අදික්ශනය කරන්න කට්ටියක් එනවා ඈවිල්ලා අපෙන් ප්‍රශ්න අහනවා. අනික හෑම ලෙක්චර් එකක්ම සම්පුර්නයෙන් ඉවර උනාම අපිට ඒ ගොල්ලොන්ගේ දුර්වලතා වෙනස් වෙන්න ඔනි මොනාද කියල එවන්න කියල අපිට කොලයක් හම්බ වෙනවා.
     
    Last edited:
    • Like
    Reactions: Dr. NAC and Anteros

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කතා කරලා වැඩක් නෑ බන්.. අර වැව මැද මඩුවේ හරක් ටික රට කනවා. අපි උන්ට පුන්නක්කු අදිනවා
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    සිරා බන්. මුන් හිතන්නෙ මෙහෙම කරන්නෙ ආන්ඩු පෙරලන්න කියල. 6% කින් වැඩිකරන්න කියන්නෙ පඩි නෙවෙනෙ. මම දන්න විදිහට නැගෙනහිර ආසියාවෙ කොරියාව, ජපානෙ ඉක්මනට දියුනු උනෙ අධයාපනයට වැඩිපුර ආයොජනක කරල.
     
    • Like
    Reactions: Anteros

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    සහෝ නොදන්නා තරම පෙන්නන එපා. මම හිතන්නේ නම් ඔය සහෝදරයා උගතුන් පිළිබද බොහොම රිසියාවෙන් කියන කතාවක් වගේ. සරසවියක ඉන්න කෙනෙක්ගෙන් ඕව ඇත්තද නැත්තද කියල අහල බලන්න වටිනවා නේද ? මම හිටිය අවුරුදු හතරටම වැඩිම උනොත් lectures 4ක් හෝ 5ක් තමා cancel උනේ. ඒවත් අසනීප නිසා. එහෙම උනත් එයාල ඒ lecture hours cover කරන්න අතිරේක කාලයක් ගන්නවා. පෞද්ගලික වැඩ කරන අයත් ඉන්නවා බොහොම සුළු ප්‍රමාණයක්. හැබැයි එයාල ඔය කියන විදියට ඒවා කරන්නේ නෑ. අනික එහෙම කරත් එයාල සපයන්නේ එයාලගේ දැනුමනේ, කුඩු විකුනලවත් හොරකම් කරලවත් චන්ඩිකම් කරලවත් සල්ලි හම්බ කරනවා නෙවේ. මමනම් එකේ කිසි වැරද්දක් දකින්නේ එක අතකින් ඒක එයාල කරන සේවයක්. එයාල කරන්නේ නැත්තන් ඔයා consulting ideas දෙනවද ? මම හිටන්නේ ඔබ බැංකුවක සේවය කරන කෙනෙක් වගේ. ඔබ ඔය වටෙන් අහුලගත්ත දෙයක් අල්ලන් මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා. ඇහෙන දකින දේවල් මොලේට යවල හොදට තේරුම් අරන් ප්‍රකාශ කරන්න.

    දෑන් ඔය ඔබතුමා උනොත්, කලොත් කියල අනියමාර්තයෙන් කියන දේවල් කිසිම දෙයක් ආචාර්ය වරු කරන්නෑ . කරොත් කරන්නෑ ඉතාම සුලු පිරිසක් මොකද අවෘදු තුනකට මට එහෙම කෙනෙක් හම්බ වෙලා නෑ. මම දන්න කියන කාටවත් හම්බ වෙලත් නෑ. සිලබස් එක කවර් කරන්න වෙලා මදි උනාම කරපු ටිකෙන් ප්‍රශ්න දෙන්නේ නෑතුව සෙනසුරාදා ඉරිදා හිටන් ලෙක්චර්ස් තියල අපිට උගන්නපු අයවයි මම දෑකල තියෙන්නේ. අපි ඒ මිනිස්සුන්ට බෑන බෑන නිවාඩු දවස් වලටත් සමහර දාට අපි කෑම්පස් යනවා. අනික අව් රුද්දට පාරක් ලෙක්චරස් ලව අදික්ශනය කරන්න කට්ටියක් එනවා ඈවිල්ලා අපෙන් ප්‍රශ්න අහනවා. අනික හෑම ලෙක්චර් එකක්ම සම්පුර්නයෙන් ඉවර උනාම අපිට ඒ ගොල්ලොන්ගේ දුර්වලතා වෙනස් වෙන්න ඔනි මොනාද කියල එවන්න කියල අපිට කොලයක් හම්බ වෙනවා.

    මම කතා කරන්නෙත් මගේ අත්දැකීම අනුව තමයි. මගෙ ළඟම හිතවතුන් කොළඹ, ජයවර්ධනපුර විශ්ව විද්‍යාල වල සේවය කරනවා. ඔවුන් පැහැදිළිව කියනවා සතියකට පැය දෙකක් විතරක් වැඩ කරන අයත්, සියළුම වැඩ එක දවසක දාගෙන ඒ දවස විතරක් වැඩ කරන අයත් ඉන්නවා කියලා. (ජයවර්ධනපුර උපකුලපති තුමා මේක ප්‍රසිද්ධියේ කිව්වා මතක ඇති.)

    නමුත් පේරාදෙණිය වැනි විශ්ව විද්‍යාල වල මේ තත්වය නැති බවත් ඔවුන් පිළිගන්නවා. එයට ප්‍රධාන හේතුව ආචාර්යවරු සියළුදෙනාම පාහේ ව්ශ්ව විද්‍යාලය අවට (නිල නිවාස වල ) සිටීම. අනික් අතට වෛද්‍ය ප්‍රීඨ වල මේ තත්වය නැති බව මම අත්දැකීමෙන්ම දන්නවා. විශේෂයෙන්ම මහාචාර්ය ඒකක සියල්ල වර්ජනය තිබියදීත් උපරිම අයුරින් ක්‍රියාත්මක වෙනවා.

    නමුත් තමන් එක විශ්ව විද්‍යාලයක ලැබූ අත්දැකීම් හැම එකටම පොදුයි කියලා හිතන්න එපා... ජයවර්ධනපුර විද්‍යා ප්‍රීඨයට ගිහින් බලන්න දවල් කාලෙ හොයා ගන්න පුළුවන් කීයෙන් කී දෙනෙක් ද කියල.

    අනික මෙතනදී ප්‍රධාන ප්‍රශ්ණය විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ට බැංකු වැටුප් තල ඉක්මවන වැටුප් ලබා දිය යුතුද කියන එක මිසක් ඔවුන්ගේ වරප්‍රසාද ගැන නෙවෙයි. මගේ මතයේ හැටියට එසේ නොවිය යුතුයි. එයට හේතු මම පැහැදිළි කළා.
     
    සිරා කතාව මචන්.
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    From Divayina Paper---

    තමුන්ගේ ළමුන් පෞද්ගලික පාසල් වලට දැමීමට දීමනාවක්‌ ඉල්ලන අතරතුරම විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කර ඇති ඉල්ලීමක්‌ වන්නේ ආණ්‌ඩුව 2015 වනවිට අධ්‍යාපනය සඳහා කරන වියදම දළ දේශීය නිෂ්පාදිතයෙන් 6% ක්‌ දක්‌වා 2015 ජනවාරි මාසයට පෙර වැඩි කළ යුතු බවයි.

    මේ අවස්‌ථාවේදී අධ්‍යාපනය සඳහා කෙරෙන වියදම දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.1% වෙයි. මේ අනුව දළ දේශීය නිෂ්පාදිතය තුළ අධ්‍යාපනයේ දායකත්වය තුන් ගුණයකින් වැඩි කිරීමට ඇත්තේ අවුරුදු දෙකහමාරක කාලයකි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පවසන ආකාරයට මෙවැනි ඉලක්‌කයක්‌ සැපිරීමට ආණ්‌ඩුව දැනටමත් යුනෙස්‌කෝ ආයතනයේ ලියෑවිලි වල අත්සන් කර තිබෙන බවයි.

    මෙවැනි ඉල්ලීම් කිරීමෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ද හාස්‍යයට ලක්‌වන තත්ත්වයක්‌ ඇතිවෙයි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සිටින ආර්ථික විද්‍යාඥයන් මේ යෝජනාව අනුමත කළේදැයි මා ආචාර්යවරුන්ගේ සංගමයේ නිලධාරීන්ගෙන් අසා සිටි විට මට පිළිතුරක්‌ ලැබුණේ නැත. දළ දේශීය නිෂ්පාදිතයේ අධ්‍යාපනයේ දායකත්වය 6% ක්‌ දක්‌වා අවුරුදු දෙකහමාරක්‌ තුළ වැඩි කරන්නැයි කියා ඉල්ලීම කුඩා ළමුන් හඳ ඉල්ලා හැŽම වැනි දෙයකි.

    යුනෙස්‌කෝ ආයතනයේ තිබෙන නවතම සංඛ්‍යා දත්ත අනුව ඇමරිකා එක්‌සත් ජනපදයේ දළ දේශීය නිෂ්පාදිතයේ අධ්‍යාපනයට දායකත්වය 5.4% කි. බ්‍රිතාන්‍යයේ එම ප්‍රතිශතය 5.6% කි. ඔස්‌ටේ්‍රලියාවේ එය 5.1 කි. කැනඩාවේ 4.8 කි. මේ සියලුම රටවල් වල අධ්‍යාපනය යනු වැඩියෙන්ම විදේශ විනිමය උපයා දෙන කර්මාන්ත කීපයකින් එකකි. එපමණක්‌ද නොව මේ හැම රටකම ආණ්‌ඩුව පමණක්‌ නොව පුද්ගලික අංශයද අධ්‍යාපන ක්‍ෂේත්‍රයට හවුල් වී සිටී.

    ලංකාවේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් බලාපොරොත්තු වන්නේ ඉහත දැක්‌වූ රටවල් වලට වත් කිරීමට නොහැකිව තිබෙන ආකාරයට ලංකාවේ ආණ්‌ඩුව පමණක්‌ පුද්ගලික අංශයේ සහායද නැතුව අධ්‍යාපනයේ දායකත්වය 6% දක්‌වා වැඩිකළ යුතු බවයි.

    සී. ඒ. චන්ද්‍රප්‍රේම
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    මම කතා කරන්නෙත් මගේ අත්දැකීම අනුව තමයි. මගෙ ළඟම හිතවතුන් කොළඹ, ජයවර්ධනපුර විශ්ව විද්‍යාල වල සේවය කරනවා. ඔවුන් පැහැදිළිව කියනවා සතියකට පැය දෙකක් විතරක් වැඩ කරන අයත්, සියළුම වැඩ එක දවසක දාගෙන ඒ දවස විතරක් වැඩ කරන අයත් ඉන්නවා කියලා. (ජයවර්ධනපුර උපකුලපති තුමා මේක ප්‍රසිද්ධියේ කිව්වා මතක ඇති.)

    නමුත් පේරාදෙණිය වැනි විශ්ව විද්‍යාල වල මේ තත්වය නැති බවත් ඔවුන් පිළිගන්නවා. එයට ප්‍රධාන හේතුව ආචාර්යවරු සියළුදෙනාම පාහේ ව්ශ්ව විද්‍යාලය අවට (නිල නිවාස වල ) සිටීම. අනික් අතට වෛද්‍ය ප්‍රීඨ වල මේ තත්වය නැති බව මම අත්දැකීමෙන්ම දන්නවා. විශේෂයෙන්ම මහාචාර්ය ඒකක සියල්ල වර්ජනය තිබියදීත් උපරිම අයුරින් ක්‍රියාත්මක වෙනවා.

    නමුත් තමන් එක විශ්ව විද්‍යාලයක ලැබූ අත්දැකීම් හැම එකටම පොදුයි කියලා හිතන්න එපා... ජයවර්ධනපුර විද්‍යා ප්‍රීඨයට ගිහින් බලන්න දවල් කාලෙ හොයා ගන්න පුළුවන් කීයෙන් කී දෙනෙක් ද කියල.

    අනික මෙතනදී ප්‍රධාන ප්‍රශ්ණය විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ට බැංකු වැටුප් තල ඉක්මවන වැටුප් ලබා දිය යුතුද කියන එක මිසක් ඔවුන්ගේ වරප්‍රසාද ගැන නෙවෙයි. මගේ මතයේ හැටියට එසේ නොවිය යුතුයි. එයට හේතු මම පැහැදිළි කළා.

    මචන් ගල් පෑලෙන බොරු කියන්න එපා ජපුරේ එහෙන තත්වයක් නෑ. ලෙක්චරර් කෙනෙක්ව හම්බ වෙන්න පුලුවන් වෙලාවල් වෙන්කරල තියෙනවා නමුත් අපිට ඕනි වෙලාවක එයා කෑම්පස් එකේ ඉන්නවනම් හම්බ වෙන්න පුලුවන්. ආචාර්ය වරයක් තමන්ගේ ඉගෑන්විමේ රාජකාරිය ඉවර ඉවර උනාම තමයි බාහිර වෑඩ කරන්නේ බාහිර වෑඩ කිව්වට ඒ ගොඩක් ඒවා කෙලින්ම ලන්කාවේ සOවර්දයනට කෙලින්ම සම්බන්ද වෙන ඒවා. ඒ සහමර ප්‍රොජෙක්ට් වලට අපිවත් සම්බන්ද කරගන්නව.

    උබ කියන්නේ මේ නිකන් බෑන්කු කාරයකුයි ආචාර්ය වරයකුයි සසදන්න පුලුවන් කියලද. අනේ බන්
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    සහෝ නොදන්නා තරම පෙන්නන එපා. මම හිතන්නේ නම් ඔය සහෝදරයා උගතුන් පිළිබද බොහොම රිසියාවෙන් කියන කතාවක් වගේ. සරසවියක ඉන්න කෙනෙක්ගෙන් ඕව ඇත්තද නැත්තද කියල අහල බලන්න වටිනවා නේද ? මම හිටිය අවුරුදු හතරටම වැඩිම උනොත් lectures 4ක් හෝ 5ක් තමා cancel උනේ. ඒවත් අසනීප නිසා. එහෙම උනත් එයාල ඒ lecture hours cover කරන්න අතිරේක කාලයක් ගන්නවා. පෞද්ගලික වැඩ කරන අයත් ඉන්නවා බොහොම සුළු ප්‍රමාණයක්. හැබැයි එයාල ඔය කියන විදියට ඒවා කරන්නේ නෑ. අනික එහෙම කරත් එයාල සපයන්නේ එයාලගේ දැනුමනේ, කුඩු විකුනලවත් හොරකම් කරලවත් චන්ඩිකම් කරලවත් සල්ලි හම්බ කරනවා නෙවේ. මමනම් එකේ කිසි වැරද්දක් දකින්නේ එක අතකින් ඒක එයාල කරන සේවයක්. එයාල කරන්නේ නැත්තන් ඔයා consulting ideas දෙනවද ? මම හිටන්නේ ඔබ බැංකුවක සේවය කරන කෙනෙක් වගේ. ඔබ ඔය වටෙන් අහුලගත්ත දෙයක් අල්ලන් මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා. ඇහෙන දකින දේවල් මොලේට යවල හොදට තේරුම් අරන් ප්‍රකාශ කරන්න.

    aniwaryenma machn, ape sir la, madam la samhara welawata dawalta kannna yanne nethuwa ugannapu welawal tiyenawa.

    :yes::yes:

    dasakata peya deka thunak ugannawa kiyala ekek meenna hadanawa.minihata terenne ne e aya e peya deka ugannna kalin ready wenna ona kiyala. mama iganaganna side ekath ekka apita e dewal kiyala denna sirlage denuma wedi karaganna dawasata peya keeyak weda karanawa edda.

    :yes::yes:
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    දෑන් ඔය ඔබතුමා උනොත්, කලොත් කියල අනියමාර්තයෙන් කියන දේවල් කිසිම දෙයක් ආචාර්ය වරු කරන්නෑ . කරොත් කරන්නෑ ඉතාම සුලු පිරිසක් මොකද අවෘදු තුනකට මට එහෙම කෙනෙක් හම්බ වෙලා නෑ. මම දන්න කියන කාටවත් හම්බ වෙලත් නෑ. සිලබස් එක කවර් කරන්න වෙලා මදි උනාම කරපු ටිකෙන් ප්‍රශ්න දෙන්නේ නෑතුව සෙනසුරාදා ඉරිදා හිටන් ලෙක්චර්ස් තියල අපිට උගන්නපු අයවයි මම දෑකල තියෙන්නේ. අපි ඒ මිනිස්සුන්ට බෑන බෑන නිවාඩු දවස් වලටත් සමහර දාට අපි කෑම්පස් යනවා. අනික අව් රුද්දට පාරක් ලෙක්චරස් ලව අදික්ශනය කරන්න කට්ටියක් එනවා ඈවිල්ලා අපෙන් ප්‍රශ්න අහනවා. අනික හෑම ලෙක්චර් එකක්ම සම්පුර්නයෙන් ඉවර උනාම අපිට ඒ ගොල්ලොන්ගේ දුර්වලතා වෙනස් වෙන්න ඔනි මොනාද කියල එවන්න කියල අපිට කොලයක් හම්බ වෙනවා.

    well said brother
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    මම කතා කරන්නෙත් මගේ අත්දැකීම අනුව තමයි. මගෙ ළඟම හිතවතුන් කොළඹ, ජයවර්ධනපුර විශ්ව විද්‍යාල වල සේවය කරනවා. ඔවුන් පැහැදිළිව කියනවා සතියකට පැය දෙකක් විතරක් වැඩ කරන අයත්, සියළුම වැඩ එක දවසක දාගෙන ඒ දවස විතරක් වැඩ කරන අයත් ඉන්නවා කියලා. (ජයවර්ධනපුර උපකුලපති තුමා මේක ප්‍රසිද්ධියේ කිව්වා මතක ඇති.)

    නමුත් පේරාදෙණිය වැනි විශ්ව විද්‍යාල වල මේ තත්වය නැති බවත් ඔවුන් පිළිගන්නවා. එයට ප්‍රධාන හේතුව ආචාර්යවරු සියළුදෙනාම පාහේ ව්ශ්ව විද්‍යාලය අවට (නිල නිවාස වල ) සිටීම. අනික් අතට වෛද්‍ය ප්‍රීඨ වල මේ තත්වය නැති බව මම අත්දැකීමෙන්ම දන්නවා. විශේෂයෙන්ම මහාචාර්ය ඒකක සියල්ල වර්ජනය තිබියදීත් උපරිම අයුරින් ක්‍රියාත්මක වෙනවා.

    නමුත් තමන් එක විශ්ව විද්‍යාලයක ලැබූ අත්දැකීම් හැම එකටම පොදුයි කියලා හිතන්න එපා... ජයවර්ධනපුර විද්‍යා ප්‍රීඨයට ගිහින් බලන්න දවල් කාලෙ හොයා ගන්න පුළුවන් කීයෙන් කී දෙනෙක් ද කියල.

    අනික මෙතනදී ප්‍රධාන ප්‍රශ්ණය විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ට බැංකු වැටුප් තල ඉක්මවන වැටුප් ලබා දිය යුතුද කියන එක මිසක් ඔවුන්ගේ වරප්‍රසාද ගැන නෙවෙයි. මගේ මතයේ හැටියට එසේ නොවිය යුතුයි. එයට හේතු මම පැහැදිළි කළා.

    kata tiyena paliyata boru kiyanna epa bn.ape lecturesla apita dawasakata peya 4k,5k ugannnawa.
    assignment,viva, arawa mewa godak ekka e minussu gedara gihinuth karanna mewagema weda thamai.

    banks wala ewun gedara gihin weda karanawada ?
    :angry::angry::angry::angry::angry::angry:
     
    Jul 3, 2012
    1,394
    116
    0
    මචන් දල දේශීය නිශ්පාදනය කියන්නෙ රටෙ මුලු අදායම නෙමෙයි නේද? දල දේශීය නිශ්පාදනයෙන් 6%ක් කියන්නෙ රටේ අවුරුද්දකට වෙන්කරන මුලු වියදමෙන් 1/3 ක්ලු නේද? මෙතරම් මුදලක් Education වලට වෙන්කරන්න කියන එක සාදාරනද?
     
    Last edited:

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මචන් ගල් පෑලෙන බොරු කියන්න එපා ජපුරේ එහෙන තත්වයක් නෑ. ලෙක්චරර් කෙනෙක්ව හම්බ වෙන්න පුලුවන් වෙලාවල් වෙන්කරල තියෙනවා නමුත් අපිට ඕනි වෙලාවක එයා කෑම්පස් එකේ ඉන්නවනම් හම්බ වෙන්න පුලුවන්. ආචාර්ය වරයක් තමන්ගේ ඉගෑන්විමේ රාජකාරිය ඉවර ඉවර උනාම තමයි බාහිර වෑඩ කරන්නේ බාහිර වෑඩ කිව්වට ඒ ගොඩක් ඒවා කෙලින්ම ලන්කාවේ සOවර්දයනට කෙලින්ම සම්බන්ද වෙන ඒවා. ඒ සහමර ප්‍රොජෙක්ට් වලට අපිවත් සම්බන්ද කරගන්නව.

    මචං උසස් පෙළ ජීව විද්‍යාව ටියුෂන් කරන හි_න් අම_සේක_ ප්‍රසිද්ධ මාහාචාර්ය තුමා දවල් ටියුෂන් කරන්නේ නැද්ද? එතුමාගෙ ප්‍රීඨයට ගිහින් බලන්න කී දෙනෙක් වැඩට ඇවිල්ලද කියල.

    ඒකෙ තව මහාචාර්ය වරියක් තාම අධ්‍යයන නිවාඩු වලින් පස්සෙ මාස 2ක් වැඩට ඇවිල්ල නෑ නේද? ජපුර ගැන මට උගන්නන්න එපා.
    :rolleyes:
     
    Bole121

    Well-known member
  • Feb 19, 2009
    1,562
    323
    83
    මහගෙදර
    ඉගෙන ගත්ත එඋන් නැනේ බන් දියවන්නාවේ එකනේ මෙහෙම වෙලා තියෙන්නේ.ඉන්නේ කාලකන්නි කුඩු කරයෝනේ.වැදගත්කුගේ වැදගත්කම නොදන්නා මෝඩයෝ.ඔය කාලකන්නින්ට හොදක් නම් වෙන්න එපා.
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මචන් දල දේශීය නිශ්පාදනය කියන්නෙ රටෙ මුලු අදායම නෙමෙයි නේද? දල දේශීය නිශ්පාදනයෙන් 6%ක් කියන්නෙ රටේ අවුරුද්දකට වෙන්කරන මුලු වියදමෙන් 1/3 ක්ලු නේද? මෙතරම් මුදලක් Education වලට වෙන්කරන්න කියන එක සාදාරනද?

    හරියට හරි. ඇයි මේකට කාගෙන්වත් පිළිතුරක් නැත්තේ?