මම කතා කරන්නෙත් මගේ අත්දැකීම අනුව තමයි. මගෙ ළඟම හිතවතුන් කොළඹ, ජයවර්ධනපුර විශ්ව විද්‍යාල වල සේවය කරනවා. ඔවුන් පැහැදිළිව කියනවා සතියකට පැය දෙකක් විතරක් වැඩ කරන අයත්, සියළුම වැඩ එක දවසක දාගෙන ඒ දවස විතරක් වැඩ කරන අයත් ඉන්නවා කියලා. (ජයවර්ධනපුර උපකුලපති තුමා මේක ප්‍රසිද්ධියේ කිව්වා මතක ඇති.)
නමුත් පේරාදෙණිය වැනි විශ්ව විද්‍යාල වල මේ තත්වය නැති බවත් ඔවුන් පිළිගන්නවා. එයට ප්‍රධාන හේතුව ආචාර්යවරු සියළුදෙනාම පාහේ ව්ශ්ව විද්‍යාලය අවට (නිල නිවාස වල ) සිටීම. අනික් අතට වෛද්‍ය ප්‍රීඨ වල මේ තත්වය නැති බව මම අත්දැකීමෙන්ම දන්නවා. විශේෂයෙන්ම මහාචාර්ය ඒකක සියල්ල වර්ජනය තිබියදීත් උපරිම අයුරින් ක්‍රියාත්මක වෙනවා.
නමුත් තමන් එක විශ්ව විද්‍යාලයක ලැබූ අත්දැකීම් හැම එකටම පොදුයි කියලා හිතන්න එපා... ජයවර්ධනපුර විද්‍යා ප්‍රීඨයට ගිහින් බලන්න දවල් කාලෙ හොයා ගන්න පුළුවන් කීයෙන් කී දෙනෙක් ද කියල.
අනික මෙතනදී ප්‍රධාන ප්‍රශ්ණය විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ට බැංකු වැටුප් තල ඉක්මවන වැටුප් ලබා දිය යුතුද කියන එක මිසක් ඔවුන්ගේ වරප්‍රසාද ගැන නෙවෙයි. මගේ මතයේ හැටියට එසේ නොවිය යුතුයි. එයට හේතු මම පැහැදිළි කළා.