සංචාරය 1- ..ත්‍රිකුණාමළය .(Trinco Tour )

kingdewi

Well-known member
  • සංචාරය 1- ..ත්‍රිකුණාමළය .(Trinco Tour )

    පසුගිය දා අපේ පවුලේ උදවියත් එක්ක පුංචි සංචාරයක් ගියා. මේ ගමනට අපි තෝරාගත්තෙ ත්‍රිකුණාමළය හා ඒ අවට ප්‍රදේශය . ගමන් කාළය දින දෙකයි .
    මාසයක විතර සැළසුම් කිරීමකට පස්සෙ තමයි මේ ගමන යන්නට පටන්ගත්තෙ. විශේශයෙන්ම පුංචි පැටවු කීපදෙනෙක්ම ගමනට එකතුවෙච්ච හින්ද හැම පුංචි දෙයක්ම සැළසුම් කරලයි ගමන ගියෙ!

    ඒකෙදි ගමන ගැන විස්තර වගේම වටිනා උපදෙස් රැසක්ම ලබාදුන්නෙ අපේ පෙරේරා මල්ලි. ස්තුතියි පෙරා මල්ලි!!

    මෙන්න අපේ ගමනේ වැදගත් නැවතුම්පළ කිහිපය .

    mapqo.jpg

    මාවනැල්ලෙන් අපි ගමන පටන්ගත්ත.

    උදේ කෑම පහල වැව හරියෙදි..ගෙදරින් උදේ සහ දවල් කෑම උයාපිහා ගෙනයි අපි ගමනට එකතුවුනේ.

    මාර සෙවණ:P හෝටලයෙන් තමයි උදේ ප්ලේන්ටිය.

    p1000722y.jpg

    ඔය සරුවට වැඩිල තියෙන්නෙ සිගරට් දුම්කොළ!!

    p1000724ad.jpg

    අතුරුපසට “කෝන්” ... මහ කෝන් ගහක් හෙවනේ කෑම ගත්තෙ.

    p1000726kq.jpg

    තුරු සිහිලස ..

    p1000723jb.jpg

    දැන් කින්නියා උනුවතුර ළිං බලා..

    p1000729h.jpg

    හැදෙන පාර ..

    p1000730zp.jpg

    උනුවතුර ළිං පිවිසුම් දොරටුව ..

    p1000738x.jpg

    තාප්පයෙන් වටවී ..

    p1000743r.jpg

    මෙතැනට පිවිසෙන්න ටිකට් එකක් ගන්න ඕන. රුපියල් දහයක. මේ උණුවතුර ළිං පවතින ප්‍රදේශය පුරාවිද්‍යා වැදගත්කමක් ඇති තැනක් . තවම කැනීම් කටයුතු සිදුවෙනව.
    මෙතන ළිං හතක් තියෙනව . දළවශයෙන් උශ්නත්වය සෙන්ටිග්රේඩ් 42 ක් විතර වෙනව . මේ වතුර නෑමෙන් රෝග දුරුවෙන බවට විශ්වාසයක් තියෙනව . වෙසෙසින්ම දමිළ අය අතර .

    p1000745l.jpg

    මෙතන ඇඳුම් මාරුකරගැනීමේ පහසුකම් වගේම වැසිකිළි පහසුකමුත් තියෙනව.ස්නානය කරන්නේ නම් සුදුසු ඇඳුමක් රැගෙන යෑම පහසුවක් වේවි .

    .මේ අසලම තියෙන විහාරය සංවර්ධනයට ඔබේ සුලු හෝ දායකත්වයක් දෙන්නටත් අමතක කරන්න එපා .

    පසුව වෙල්ගම් වෙහෙර බලා..


    දිවා ආහාරය වෙල්ගම්වෙහෙරෙදී .

    p1000762o.jpg

    .මෙතන ආහාර ගැනීමට ජල පහසුකම් වගේම අවශ්‍යනම් උයාපිහා ගන්නටත් ඉඩකඩ තියෙනව . විශ්‍රාම ශාලා පහසුකම් උවත් ලබාගන්නට පුලුවන්. පිරිසිදු වැසිකිළි පහසුකම් තියෙනව .
    නමුත් බීමට තියෙන වතුර නම් දැඩි කිවුල් රසකින් යුතු නිසා පිටතින් රැගෙනයාම සුදුසුයි
    .


    මේ වෙල්ගම් වෙහෙර තනන ලද්දේ දෙවන පෑතිස් රජතුමා වන අතර ශිලා ලිපි ගනනාවකින් ඒබැවු ඔප්පුවන බව පරණවිතාණයෝ පවසති . මෙය kri.ක්‍රි.ව. පළමු සියවසට අයත්ලු . ශතවර්ශ දහයක් විරාජමාන වූ මේ පුදබිම චෝල ආක්රමණයට ගොදුරුවීමෙන් පසු මහ වන මැද තනිවුනේලු .


    ඉතාම සශ්‍රීකව තිබූ පුදබිමෙහි නටබුන් ..

    p1000752an.jpg


    p1000753a.jpg


    p1000754v.jpg


    p1000756r.jpg

    සෙල්මුවා පිළිමවහන්සේ ..

    p1000755v.jpg


    p1000758a.jpg

    ..නුදුරු අතීතයේ මේ පුදබිම දරුනු කොටි ආක්‍රමණයෙන් බැට කෑවාලු .

    .මෙහි පිහිටුවා තිබූ හමුදාකඳවුරේ සෙබලුන් සමූල ඝාතනය කළ පවිටන් දෙතිස්මහා පල බෝධියක් වූ බෝධීන්වහන්සේට මුග්ධ ෂෙල් ප්‍රහාරයකින් නිගරුකලා . නමුදු හාස්කමකින් මෙන් නොපිපිරිනු එම උණ්ඩය පසුව ඉවත්කලේලු .

    p1000760bo.jpg


    p1000761fw.jpg

    දැන් නැවතත් සාමයේ සිහිලස දසත බෙදන බෝ සමිඳු

    p1000763mt.jpg

    .මෙම අමන ප්‍රහාරයෙහි පින්තූර සියල්ලම විහාරයේදී බැලිය හැකියි .

    දැන් නිලාවේලි වෙරළ බලා ....

    ඉතිරිය තවත් නූලකින් හමුවෙමු .
    තෙරුවන් සරණයි.
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Oya Set Ekatama Mamath Giya
    Wel Gam Wiharaye Maru Keyboard Ekak Thiyenawa
    6 Parak Wage Oya Set Ekata Gihin Thiyenawa
    Bus Giyoth Colombo Walin Welgam Wiharayata Aniwa Mona Hari Geniyana Eka Ape Sirithak
    LTTE Karayo Gen Hena Betakapu Pansalak Ne