Nissan Vanette Ithihasayata Tippaniyak

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    කොහොමද කස්ටිය සෑහෙන කාලෙකින් ඔන්න හිතුන වාහනයක් ගැන විස්තරයක් දාන්ඩ, මතක ඇති කට්ටියට මන් දාපු මැස්ඩ ෆැමිලිය වාහනේ ඉතිහාසය ගැන විස්තරේ.

    ඔන්න ඉතින් අද දාන්න හදන්නේ නිසාන් වැනට් එක ගැන පොඩි විස්තරයක්

    හරි එහෙමනම් ඔන්න මෙහෙමයි වැඩේ පටන් ගත්තේ 1978 ඔක්තෝම්බර් මාසේ තමයි ඉස්සෙල්ලම මේ වාහනේ නිෂ්පාධන කටයුතු ආරම්භ උනේ. හැබැයි ඒ නිසාන් වැනට් විදියටනම් නෙවේ,
    මුල්ම කාලේ මේ වාහනය හදිනුනේ දට්සන් සී20 ලෙස, ටික දවසකින් මේක නිසාන් දට්සන් වැනට් විදියට වෙනස් උනා. ඔන්න ඉතින් ඔය විදියට වැඩේ නැගල යද්දී 1980 වගේ වෙද්දී මේ නිෂ්පාධනයේ නම තව දුරටත් වෙනස් උනා,
    නිසාන් සනි වැනට් සහ නිසාන් චෙරි වැනට් විදියට. මෙම මාදිලි දෙකේ පැහැදිලි වෙනස්කම් දකින්නට නොලැබුනත්, ඉදිරිපසින් වෙන වෙනම වෙන් කරගැනීමට හැකියාව ලැබුන,
    ඒ තමයි සනි වැනට් එකේ ඉදිරිපස ප්‍රධාන ලාම්පු දෙකක් සහ චෙරි වැනට් එකේ ඉදිරිපස ප්‍රධාන ලාම්පු එකක් පමණක් පැවතීම. 1980 මාර්තු මාසයේදී මෙම වෙනස් කම් සහිතව වෙළඳ පොලට නිකුත් කරන ලද්දේ
    බ්ලු බර්ඩ් ඩීලර් නෙට්වර්ක් (Bluebird' dealer network) යන ආයතනය හරහාය


    800px-Nissan_Vanette_%28first_generation%29_%28front%29%2C_Kuala_Lumpur.jpg

    නිසාන් සනි වැනට්

    nissan_vanette_1978_pictures_1_b.jpg

    නිසාන් චෙරි වැනට්

    අද අපිට දකින්න තියෙන්නේ නිසාන් වැනට් වෑන් රථ සහ ලොරි රථ පමණක් උනාට මුල් අවධියේදී මෙම මාදිලිය ලොරි රථයක්, වෑන් රථයක් ලෙස වගේම ආසන 9යකින් සැරසුණු මිනි බස් රථයක්ද නිෂ්පාදනය වී තිබෙනවා, මෙහිදී ප්‍රධානවශයෙන් මිනි බස් රථය 1.4 එන්ජින් ධාරිතාවයකින් සහ ලොරි රථය සහ වෑන් රථය 1.2 ධාරිතාවයකින් යුක්තව නිෂ්පාධනය කර ඇත.

    fluffynisvan2.jpg

    නිසාන් වැනට් මිනිබස් රථයක්

    ආ...ආ...දැන් කට්ටිය බලාගෙන ඇති එතකොට මේ ලංකාවේ දකින්ඩ තියන හයි රූෆ් වැනට් වලට වහල තිබ්බේ ලංකාවෙදිද කියල...ලොල් ලංකාවේ ඉන්න උන් වාහන වලට කරන අපරාද වල හැටියට එහෙම දෙයක් කලත් ඉතින් එක ගැන එච්චර පුදුම වෙන්ඩ දෙයක් නෑ. මොකද පුද්ගලිකව මා සතුව පවතී නිසාන් වැනට් 1994 වර්ෂයේ නිෂ්පාදිත වෑන් රථයක් මා මිලදී ගැන්මේදී හයි රූෆ් මාදිලියෙන් මිලදී ගත අතර එය මැ විසින් විකුණන ලද්දේ අනතුරකට භාජනය වීමෙන් පසු ෆ්ලැට් රූෆ් කිරීමෙන් පසුවය :ලොල්:

    හරි ඒ වල බයිලා මෙතෙන්ට ඕන නෑනේ, ඔව් ඔයාල ඒ දැකපු හයි රූෆ් වාහන ඇත්තටම ජපනම හදපුව තමා, හයි රූෆ් මාදිලිය නිර්මාණය ආරම්භ කරන ලද්දේ 1979 වසරේ ජුලි මාසයේ. මෙය වෑන් එකට මෙන්ම මිනි බස් මාදිලියටද හදුන්වා දෙන ලදී.


    t-nissan_cherry_vanette.jpg

    නිසාන් වැනට් චෙරි වැනට් හයි රූෆ් රථයක්

    පලවෙනි පරම්පරාවේ අවසාන භාගය වන විට දැවැන්ත වෙනසක් සිදු කරන වැනට් මාදිලිය 2000 එන්ජින් ධාරිතාව සහිතව ඩීසල් එන්ජින් සහිත වාහන වෙළඳපොළට නිකුත් කරන ලදී. ඒ 1981 වසරේදීය. මේ අතරතුරේදී 1982 වසරේදී පොඩි වෙනස්කම් සහිතව තවත් මාදිලියක් හදුන්වාදුන් අතර එය වැනට් ලාර්ගෝ ලෙස නම් කරන ලදී. මෙහිදී කරන ලද වෙනස්කම් අතර ඉදිරිපස ඩෑෂ් බෝර්ඩ් එක නැවත නිර්මාණය කිරේම සහ ඉදිරිපස ඩිස්ක් බ්රේක් පද්දතියක් සවි කිරේම දක්නට ලැබුණි

    800px-Nissan_Vanette_cargo.JPG


    නිසාන් ලාර්ගෝ රථයක්

    ඔන්න ඔහොම තමයි සී20 මාදිලියේ නිෂ්පාධන කටයුතු ඇරබී 1988 වර්ෂයෙන් නිෂ්පාදනය නතර උනේ, නමුත් ඔවුන්ගේ සී22 මාදිලිය මේ වනවිටත් වෙලධපොලට නිකුත් කරලා තිබුන ඒ 1985 වසරේ. අපි එක ගැන කතා කරමු ඊළඟ පොස්ට් එකෙන්, මොකද තනි පොස්ට් එකට ඔක්කොම ලියන්ඩ දෙන්න බෑ කියනවා.
     
    Last edited:

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඔන්න එහෙමනම් පටන් ගත්ත කස්ටිය දෙවැනි පරම්පරාව නිර්මාණය කරන්ඩ. කලින්ට වැඩ පෙනුමනම් ගන්න යමක් තිබ්බ මෙම මාදිලිය ඇමරිකානු වෙළඳපොළට නිකුත් කරන්න තමයි කස්ටිය සෙට් වෙන්නේ.
    ඉතින් ඕක ලේසි වැඩක් උනෙත් නෑ, මොකද ඒ වෙද්දීත් අපි කවුරුත් දන්නා මෙලෝ රහක් නැති එත් අස්ප ගණන් කියන ටොයෝට වෑන් ඇමරිකාවට බොලේ බස්සල තිබ්බ නිසා. නිසාන් සමාගමට ලොකුම අභියෝගය උනේ ටොයෝට සහ මිට්සුබිෂි සමාගම්වලින් ඇමරිකානු වෙළඳපොළට නිකුත් කල වෑන් රථ සමග තරඟ කිරීම.


    nissan_vanette_3533416_orig.jpg

    මුලවධියේ නිෂ්පාධනය උණු දෙවැනි පරම්පරාවේ රථයක්. ඉදිරිපස ලාම්පු රවුන් හැඩයකින් ඇත

    ඔන්න ඉතින් ඔය කාලෙම තමා ඇමරිකාවේ ඔය මිනි වෑන් ජනප්‍රිය වේගන ආවේ. ඉතින් ගේමට බැහැපු නිසාන් කොම්පැනියේ මචන්ලා ටික, දුන්න ඇඩෙන්න ගේමක්. මේ වෙනකන් වෙළඳපොලේ තිබුණු 2000 ඛාණ්ඩයේ එන්ජින් ධාරිතාවට ටටා කියල කස්ටිය දැම්ම නිසාන් වැනට් එකක් 2400 සී සී. ඇඩෙනවනේ ඉතින්, ඔන්න දැන් බදු විකිනෙනවා උණු කැවුම් වගේ, හැබැයි ඉතින් ඕක ඇමරිකාවේ විකුණුවේ කුජීත නම් වලින් නෙවේ කෙලින්ම නිසාන් වෑන් කියල

    1989_nissan_c22_vanette_94327616921121457.jpg


    ඔන්න ඇමරිකා පැටෙව්ව වාහනේ

    ඔන්න පුතා ඉතින් අර කස්ටිය උණු කැවුම් වගේ ගත්තු වාහන උණු වෙන්න ගත්ත කාලේ, අයි ඉතින් අපි කවුරුත් දන්නවනේ නිසාන් වැනට් කියන්නේ පොඩි වාහනයක්නේ අෆ්ෆා, ඕක කොහොමද 2400ක් දරන්නේ, අනේ ඉතින් ඔන්න බදු හීට් වෙන්න ගත්ත ඒ විතරක්නම් මදැ එන්ජිම ගිනි ගඳ එතකොට වේගෙන් යද්දී කෑලි හැලෙන්ඩ පවා පටන් ගත්ත. 1994 වෙනකනුත් ඉතින් ඕකට විසඳුමක් හොයාගන්න බැරි උනා ජප්පට, නමුත් මේ ප්‍රශ්නේ ගොඩක්ම ඇති උනේ ඇමරිකාවට පටෝපු වාහන වල තමයි. මේ පැත්තේ ආව ඒවානම් ලෙසටම ඔය තවත් දුවන්නේ. කොහොමත් මෙහෙට ආව ඒවගෙත් ඔය හීට් වෙන සිද්දීයනම් ටිකක් තියනවා. නමුත් ඉතින් ඕකට විසඳුමක් හොයාගන්න බැරි උනා නිසා, දෙවැනි පරම්පරාවටත් කස්ටිය තිත තිබ්බ.

    photo.wsvc

    20071207jkschenA2014.JPG

    මේ තියෙන්නේ දෙවැනි පරම්පරාවේ කලින් කලට ආව මාදිලි කිහිපයක්. දෙවැනි පරම්පරාවේත් අර කලින් කීව වගේ ලාර්ගෝ මාදිලියක් ආව, පහත දැක්වෙන්නේ එහෙම එකක්
    nissan__vanette_1989_1_lgw.jpg




    හරි එහෙමනම් ඔන්න ඔය විදියට දෙවන පරම්පරාවේ නිෂ්පාධන කටයුතු හමාරකරලා 1994 වර්ෂයේදී තුන්වන පරම්පරාවට අත තියනවා මෙහිදී සී අකුර ඉවත් වී එස් අකුරෙන් ආරම්භවන මාදිලි නම්කිරීම ඇරඹෙනවා (S20, SE80, SK88). ඔන්න ඉතින් මේ වෙද්දීනම් සුපිරිම ගනයේ පෙනුමක් සහිතව නිපදවෙන නිසාන් වැනට් රථය, වෙළඳපොලේ සැහෙන්න ජනප්‍රිය වෙනවා ඩිලිවරි රථයක් වශයෙන්. ඉතින් මේ හේතුව නිසාම 1996 වසරේදී ඩබල් වීල් සහ ජස්ලෝ මාදිලි වලිනුත් නිසාන් වැනට් එක වෙළඳපලට එනවා. තුන්වන පරම්පරාවේදී සුඛෝපභෝගී තත්වය වැඩි දියුණු කිරීම උදෙසා පවර් ශටර් පවර් මිරර් සහ ස්වයංක්‍රීය ගියර් පද්දති මෙම වාහනයට හදුන්වා දෙනවා. මෙහිදී සඳහන් කලයුතු දෙයක්නම් දෙවැනි පරම්පරාවේ අවසාන භාගයේදී නිෂ්පාදනය උණු ඇතැම් රතවලද මෙම ගුණාංග හදුන්වාදීම් සහ පරීක්ෂණ මට්ටමෙන් ලබා දී තිබුන.
    nissan_vanette_a1118171133b702812.jpg


    1995 වසරේදී නිමවුණු රථයක්. මෙම මාදිලිය 1997 වසර වනතෙක්ම මේ අයුරින් නිෂ්පාදනය උනා

    ඔබට ඉහත දක්වා ඇත්තේ 1994 වසරේ සිට 1996 දක්වා නිෂ්පාදනය උණු මාදිලියි, මෙය ලංකාවෙනම් යකඩ ෂෙල් වැනට් එක විදියට හදුන්වනු ලබනවා, එහෙත් 1996 වසරේදී මේ මාදිලියට සමගාමිව ඉදිරිපස ෂෙල් එක ප්ලාස්ටික් වලින් නිර්මාණය උණු රථයක්ද නිෂ්පාධනය උනා. පළමු මාදිලියට වදමේම මාදිලිය බොහෝ සේ ජනප්‍රිය උණු අතර පෙනුමෙනුත් යමකිසි උසස් තත්වයක් දක්නට ලැබුන. නමුත් මෙහිදී ඔවුන්ගේ රථවල පවර මිරර් පවර් ශටර් සමග ස්වයංක්‍රීය ගියර් පද්දතිය එකම රථයක දක්නට නොලැබුණු අතර එසේ සියල්ලම එකම රථයක් සඳහා නිෂ්පාදනය උනේ 1998 වසරේදීය. එය විශේෂ මාදිලියක් ලෙස වෙළඳපොළට එළිදක්වනු ලැබුවා.ඒ සමගම මෙහි නිෂ්පාදන කටයුතු 1998 වසරේදී නැවත ඔවුන් සිවන නැත්නම් අවසාන පරම්පරාවේ නිෂ්පාධන අරබනු ලැබුවා.

    images


    Nissan Vanette Plastic Buffer

    29042012053.jpg


    මේ තියෙන්නේ අර කලින් සඳහන් කල 1998 වසරේ නිෂ්පාදනය උන ෆුල් ඔප්ෂන් රථයක් මෙය Nissan Vanette GL (Special Edition) (වාසනාවකට හෝ අවාසනාවට මේ මගේ වෑන් එක)

    ඔන්න එහෙනම් කතාවේ අන්තිම කොටස. සිව්වන පරම්පරාව. ඔන්න ඉතින් අපි කවුරුත් දන සින්හමූණ කරලියට එන වෙලාව. 1999දි තමයි ප්‍රධාන වශයෙන් මේක නිෂ්පාධනය පටන් ගන්නේ. පෙර තුන්වන පරම්පරාවේ පිට පෙනුමටත් අභියෝගයක් කිරීමට පුළුවන් අයුරින් මෙවර නිෂ්පාධනය ඉදිරිපත් කරන නිසාන් සමාගම 2002 වන විට ABS. සහ SRX. එයාර් බෑග් යන ආරක්ෂණ පද්දතිත් සමග වෙළඳපොළට ඉදිරිපත් කරයි. මෙහිදී නිසාන් වැනට් රථ ආරම්භයේ සිට පවතී සියලුම සොයාගැනීම් මෙම රථයට එක උණු අතර, ෆුල් ඔප්ෂන් රථයක් ලෙසට වෙළඳපොල ජයගන්න ලධි. එහෙත් මෙහිද මාදිලි කීපයක්ම දක්නට ලැබෙන අතර පවර් ශටර් පවා නොමැති මාදිලිද වෙළඳපොලේ දක්නට ඇත.

    images


    Nissan Vanette GL High Roof

    --6be9f391ca_t.jpg


    Nissan Vanette DX Flat Roof

    දැන් කට්ටිය බලනවා ඇතිනේ 2009න් පස්සේ මොකද උනේ කියල, මෙන්න බඩු පේනවනේ කිරි ටොයිය භාන්ඩේ, හැබැයි තවමනම් මේ වාහනේ ලංකාවට ඇවිල්ල නෑ, ඒ වගේම ජපානෙත් තවම රීකන්ඩිෂන් වෙලන්දපොලෙත් දක්නට ලැබෙන්නේ නෑ.

    nissannv200vanettevangx.jpg


    ඔන්න ඉතින් ඒ විස්තරෙත් ඉවරයි එහෙමනම් මන් ගිහින් එන්නම්, මේක ලියන්න සැහෙන්න මහන්සි උනා. කොහෙවත් උපුටගනීමක් නොවන අතර අන්තර්ජාලය ඇසුරෙන් කරුණු සොයා මෙම ලිපිය සකසන ලධි. එපමණක් නොව එකම ලිපිය දෙවරක් ලිවීමටද මට සිදු වුයේ හදිසි විදුලි බින්දවටීමක් හේතුවෙන්. එහෙමනම් සලකල යන්ද අමතක කරන්න එපා.
     
    Last edited:

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එල එල.. මට නම් අන්තිම මොඩල් එක තමයි ටිකක් හරි ගතියක් තියෙන්නේ.. අනිත් ඒවා නම් මෙලෝ රහක් නෑ..:)
    රෙප්+
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    එල එල.. මට නම් අන්තිම මොඩල් එක තමයි ටිකක් හරි ගතියක් තියෙන්නේ.. අනිත් ඒවා නම් මෙලෝ රහක් නෑ..:)
    රෙප්+

    anthima keewe ban G$ ekada nathnam me 2010 model ekada?
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    2010... :yes:

    මට නම් වැනට් කියන්නේ කිසිම පෙනුමක් සැප පහසුවක් නැති වාහනයක් බං.. :)

    sepaknam kiyandatharam nha, habayi ithin sepak ganda hadaganna puluwan, dan mage van eka balapanko honda seat set ekak daala gaththama sepa thama, sinhamoona SK model eka Full Option wahanayakne, eke dashbord eka unath pattane. anika lankawe samanya minihekuta yanna puluwan honda otion thiyana wahanayak
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    sepaknam kiyandatharam nha, habayi ithin sepak ganda hadaganna puluwan, dan mage van eka balapanko honda seat set ekak daala gaththama sepa thama, sinhamoona SK model eka Full Option wahanayakne, eke dashbord eka unath pattane. anika lankawe samanya minihekuta yanna puluwan honda otion thiyana wahanayak

    ඇත්ත... ඇත්ත... මම කිව්වේ මට හිතෙන දේ.. :)
    හැබැයි මගේ යාලුවෙක් ලඟ තිබුන පරන වැනට් එකක්.. ඔය මුල් පින්තූර වල තියෙන ජාතියේ ඩබල් ලයිට් එකක්.. 50 ශ්‍රි.. ඒකෙන් නම් නොගිය තැනක් නෑ.. එක දිගට කලුතර ඉඳන් ත්‍රිකුනාමලයට ගියා එක පාරක්.. පදවි ශ්‍රී පුර පැත්තෙන්.. වලවල් කෝටියයි.. කිසි අවුලක් නැතුව ගියා.. :yes: