එලකිරි.කොම් කියලා වෙබ් සයිට් එකක් තියෙනවා කියලා මම ඉස්සෙල්ලාම දැක්කේ 2007 අවුරුද්දේ මුල. තැනත් මම කියන්නම් කෝ. වයිෆ්ගේ ඔෆිස් එකට ගිය වෙලාවක (ඒ කාලේ ගර්ල් ෆ්‍රෙන්ඩ්
) ඔෆිස් එකේ වැඩ කරන මල්ලිලා කීප දෙනෙකුම පිස්සුවෙන් වගේ මොකද්දෝ සයිට් එකක පෝස්ට් දාමින් ඉන්නවා. සින්දු ඩවුන්ලෝඩ් කරනවා. ඇත්තටම මම ඒ වෙලේ හිනා උනා. මේ මොන විකාරයක්ද මේ කියලා. පෝස්ට් කවුන්ට් එක වැඩි කරගන්න ඕන කියකිය උං ඔක්කොමලා පිස්සුවෙන් වගේ එක එක දේවල් ලියනවා මම දැක්කා. ඒ දවස් වල මම උං ඔක්කොටම හිනා උනා මිසක් හීනෙකින්වත් හිතුවේ නෑ මගේ ජීවිතේට මෙ සයිට් එක මෙච්චර කිට්ටු වෙයි කියලා.
2009 අවුරුද්දේ යුනිටි ප්ලාසා එකේ ජොබ් එක කරන කාලේ මට හදිස්සියේ ඕන උනා NFS එකේ ක්‍රැක් ෆයිල් එකක්. Internet එකේ දාගෙන හෙවුවත් මට ඒ වෙලේ ඒක හොයා ගන්න බැරි උනා. ඒ වෙලේ මාත් එක්ක ඔෆිස් එකේ හිටිය මගේ යාළුවා තමා මට කීවේ "එලකිරි.කොම් එකේ පෝස්ට් එකක් දාලා බලපං. සමහර විට තියෙන කෙනෙක් දේවී උඹට" කියලා. ඔන්න ඕක නිසා තමා මම Mr. Perera කියන ID එක හදාගෙන එලකිරියත් එක්ක එකතු උනේ. යුනිටි ප්ලාසා එකේ හිටිය මාස 06 කියන්නේ මගේ ජීවිතේ කවදකමවත් අමතක නොවෙන මාස 06ක්. දැං හම්බවෙන පඩියෙන් 1/4යි ඇත්තම කියනවා නම් මට ඒ කාලේ හම්බ උනේ. ඒත් ඒ දවස් ටිකේ ජීවිතේට හම්බ වෙච්ච අත්දැකීම් කවමදාකවත් හම්බ වෙන්නේ නෑ. (අපේ Migakamk පීසී හවුස් ත්‍රෙඩ් එක දානකොට මම එහේ වැඩ. මොගාර කියන්නේ මගේ ඉස්කෝලේ යන දවස් වල ඉඳන්ම යාළුවෙක්)
ඔහොම Mr. Perera කියන ID එක ඔහේ පෝස්ට් දදා ඉන්නකොට මට හිතුනා නිකං කාලේ කකා ඉන්නවට වඩා මගේ දැණුමටත් බලන අයගේ දැණුමටත් වැඩක් ඇති දෙයක් කරා නම් හොඳයි කියලා. ඒ නිසා අන්තර්ජාලයෙන් විස්ථර හොයලා හොයලා ලයිට් හවුස් ගැන ත්‍රෙඩ් එක ලිව්වා දවසක් තිස්සේ. ඒ ත්‍රෙඩ් එකෙන් තමා මගේ ID එක ගොඩක් අය අඳුර ගත්තේ. ඊට පස්සේ දෙවෙනි හිට් වෙච්ච ත්‍රෙඩ් එක උනේ වෙස් මුහුණු ගැන ත්‍රෙඩ් එක. ඒ ත්‍රෙඩ් එකට සෑහෙන්න ප්‍රතිචාර තිබුනා. ඉන් පස්සේ දිගටම මහන්සි වෙලා දවස් ගනන් ලියලා ලියලා ත්‍රෙඩ් කරන්න ගත්තා. එලකිරියේ ප්‍රශ්න වලට කතා කලා. වලි දාගෙන ඇති අනන්තවත්. දවස් ගනං, මාස ගනං ඇදෙන වලි.
පොඩි කාලේ ඉඳලා මම ආසම දේ තමා කෝච්චි. ටිකෙන් ටික එලකිරියේ කෝච්චි ගැන මම දන්න දේවල්, මම ගත්ත පින්තූර වගේ දේවල් මම පෝස්ට් කරන්න ගත්තා. මුලින් මම නොහිතුව තරමේ ප්‍රතිචාර ඒවාට තිබුනා. මම වගේම Rail Enthusiast ලා ගොඩක් මේ සයිට් එකේ ඉන්නවා කියලා මට තේරුම් ගියේ ටිකෙන් ටික. ටිකෙං ටික එලකිරියේ සාමාජිකයෝ එකිනෙකා මගේ යාළුවන් වෙන්න පටං ගත්තා. Migaramk තමා මගේ පළවෙනි යාළුවා. සෑහෙන කාලයක් Reputation rank එකේ ඌ පළවෙනියා, මම දෙවෙනියා විදියට හිටියා. ඊට පස්සේ ඉස්සෙල්ලාම පුද්ගලිකව කතා කලේ Adithya (jkadithya) ටයි, Thulana (Djram) ටයි.
jkadithya ගේ හමුවීම මගේ ජීවිතේට සෑහෙන්න වැදගත් පිරිසක් මගේ ජීවිතයට එකතු කිරීමක් වෙයි කියලා මූ හම්බ වෙච්ච පළවෙනි දවසේ නම් මම කොහොමවත්ම හිතුවේ නෑ. ඒ වෙනකොට ආදිත්‍ය පටං අරගෙන තිබුන ElaKiri Traveler එක අපි එකතුවෙලා කරමු කියලා ආදිත්‍ය මට කීවාම මම ඇත්තටම ඒක වැඩිය ගනන් ගත්තේ නෑ. එත් ටික කාලයක් යනකොට මට තේරුනා මූටත් මට වගේම රාහු අපල තියෙනවා කියලා. එදා නිකමට පටන් ගත්ත ElaKiri Traveler අද වෙනකොට මෙච්චර සාර්ථකව, සෑහෙන පිරිසකගේ පැසසුම් මැද්දේ (එලකිරියෙ Fan Base එක පමනක් නොවෙයි, Facebook, Twitter වගේම අපේ EK Traveler වෙබ් අඩවිය වෙබ් අඩවි හරහා) ඉදිරියට කරගෙන යනවා දකිනකොට ඇත්තටම සෑහෙන්න ආඩම්බරයි.

දැං මේ කියන්න හදන්නේ එලකිරිය නිසා මගේ ජිවිතේට හම්බ වෙච්ච ලොකුම තෑග්ග ගැන. ඒ මගේම සහෝදරයෝ ටික. මගේ Team එක. මේ ඉන්නේ අපේ Traveler Team එක.

Adithya
Nadeera
Chamith
Chamika
Dilum
Lahiru
Sumith
Amila
Ajith
Sanjeewa
Nisal
මෙයාලා මගේ ජීවිතේට හම්බ වෙච්ච වටිනාම තෑග්ග කියලා කීවේ වචනයට විතරක් නෙමෙයි. අපි අපේම උං තරමට කිට්ටුයි. ඒතරම් ලොකු බැදීමක් අපි හැම එකා ගාවම තියෙනවා. අපි කට්ටිය එකිනෙකා අඳුරගත්ත විදියත්, හරිම අපුරූ කතාවක්. කතාවක් කීවට කතා ගොන්නක්. මේ විස්ථරය අහගෙන ඉන්න කෙනෙකුට හරිම අපූරු කතා විස්ථරයක් වේවි. ඒ නිසා අපි හිතුවා අපි හම්බ වෙච්ච එලකිරියට, අපෙ පළවෙනි Fan base එක වෙච්ච එලකිරි අඩවියේ ඔයාලා හැමෝටම කියන්න හිතුවා. ත්‍රෙඩ් එකේ ඉදිරි පිටු බලාගෙන යන්න. Updates තියේවි.

) ඔෆිස් එකේ වැඩ කරන මල්ලිලා කීප දෙනෙකුම පිස්සුවෙන් වගේ මොකද්දෝ සයිට් එකක පෝස්ට් දාමින් ඉන්නවා. සින්දු ඩවුන්ලෝඩ් කරනවා. ඇත්තටම මම ඒ වෙලේ හිනා උනා. මේ මොන විකාරයක්ද මේ කියලා. පෝස්ට් කවුන්ට් එක වැඩි කරගන්න ඕන කියකිය උං ඔක්කොමලා පිස්සුවෙන් වගේ එක එක දේවල් ලියනවා මම දැක්කා. ඒ දවස් වල මම උං ඔක්කොටම හිනා උනා මිසක් හීනෙකින්වත් හිතුවේ නෑ මගේ ජීවිතේට මෙ සයිට් එක මෙච්චර කිට්ටු වෙයි කියලා.2009 අවුරුද්දේ යුනිටි ප්ලාසා එකේ ජොබ් එක කරන කාලේ මට හදිස්සියේ ඕන උනා NFS එකේ ක්‍රැක් ෆයිල් එකක්. Internet එකේ දාගෙන හෙවුවත් මට ඒ වෙලේ ඒක හොයා ගන්න බැරි උනා. ඒ වෙලේ මාත් එක්ක ඔෆිස් එකේ හිටිය මගේ යාළුවා තමා මට කීවේ "එලකිරි.කොම් එකේ පෝස්ට් එකක් දාලා බලපං. සමහර විට තියෙන කෙනෙක් දේවී උඹට" කියලා. ඔන්න ඕක නිසා තමා මම Mr. Perera කියන ID එක හදාගෙන එලකිරියත් එක්ක එකතු උනේ. යුනිටි ප්ලාසා එකේ හිටිය මාස 06 කියන්නේ මගේ ජීවිතේ කවදකමවත් අමතක නොවෙන මාස 06ක්. දැං හම්බවෙන පඩියෙන් 1/4යි ඇත්තම කියනවා නම් මට ඒ කාලේ හම්බ උනේ. ඒත් ඒ දවස් ටිකේ ජීවිතේට හම්බ වෙච්ච අත්දැකීම් කවමදාකවත් හම්බ වෙන්නේ නෑ. (අපේ Migakamk පීසී හවුස් ත්‍රෙඩ් එක දානකොට මම එහේ වැඩ. මොගාර කියන්නේ මගේ ඉස්කෝලේ යන දවස් වල ඉඳන්ම යාළුවෙක්)
ඔහොම Mr. Perera කියන ID එක ඔහේ පෝස්ට් දදා ඉන්නකොට මට හිතුනා නිකං කාලේ කකා ඉන්නවට වඩා මගේ දැණුමටත් බලන අයගේ දැණුමටත් වැඩක් ඇති දෙයක් කරා නම් හොඳයි කියලා. ඒ නිසා අන්තර්ජාලයෙන් විස්ථර හොයලා හොයලා ලයිට් හවුස් ගැන ත්‍රෙඩ් එක ලිව්වා දවසක් තිස්සේ. ඒ ත්‍රෙඩ් එකෙන් තමා මගේ ID එක ගොඩක් අය අඳුර ගත්තේ. ඊට පස්සේ දෙවෙනි හිට් වෙච්ච ත්‍රෙඩ් එක උනේ වෙස් මුහුණු ගැන ත්‍රෙඩ් එක. ඒ ත්‍රෙඩ් එකට සෑහෙන්න ප්‍රතිචාර තිබුනා. ඉන් පස්සේ දිගටම මහන්සි වෙලා දවස් ගනන් ලියලා ලියලා ත්‍රෙඩ් කරන්න ගත්තා. එලකිරියේ ප්‍රශ්න වලට කතා කලා. වලි දාගෙන ඇති අනන්තවත්. දවස් ගනං, මාස ගනං ඇදෙන වලි.
පොඩි කාලේ ඉඳලා මම ආසම දේ තමා කෝච්චි. ටිකෙන් ටික එලකිරියේ කෝච්චි ගැන මම දන්න දේවල්, මම ගත්ත පින්තූර වගේ දේවල් මම පෝස්ට් කරන්න ගත්තා. මුලින් මම නොහිතුව තරමේ ප්‍රතිචාර ඒවාට තිබුනා. මම වගේම Rail Enthusiast ලා ගොඩක් මේ සයිට් එකේ ඉන්නවා කියලා මට තේරුම් ගියේ ටිකෙන් ටික. ටිකෙං ටික එලකිරියේ සාමාජිකයෝ එකිනෙකා මගේ යාළුවන් වෙන්න පටං ගත්තා. Migaramk තමා මගේ පළවෙනි යාළුවා. සෑහෙන කාලයක් Reputation rank එකේ ඌ පළවෙනියා, මම දෙවෙනියා විදියට හිටියා. ඊට පස්සේ ඉස්සෙල්ලාම පුද්ගලිකව කතා කලේ Adithya (jkadithya) ටයි, Thulana (Djram) ටයි.
jkadithya ගේ හමුවීම මගේ ජීවිතේට සෑහෙන්න වැදගත් පිරිසක් මගේ ජීවිතයට එකතු කිරීමක් වෙයි කියලා මූ හම්බ වෙච්ච පළවෙනි දවසේ නම් මම කොහොමවත්ම හිතුවේ නෑ. ඒ වෙනකොට ආදිත්‍ය පටං අරගෙන තිබුන ElaKiri Traveler එක අපි එකතුවෙලා කරමු කියලා ආදිත්‍ය මට කීවාම මම ඇත්තටම ඒක වැඩිය ගනන් ගත්තේ නෑ. එත් ටික කාලයක් යනකොට මට තේරුනා මූටත් මට වගේම රාහු අපල තියෙනවා කියලා. එදා නිකමට පටන් ගත්ත ElaKiri Traveler අද වෙනකොට මෙච්චර සාර්ථකව, සෑහෙන පිරිසකගේ පැසසුම් මැද්දේ (එලකිරියෙ Fan Base එක පමනක් නොවෙයි, Facebook, Twitter වගේම අපේ EK Traveler වෙබ් අඩවිය වෙබ් අඩවි හරහා) ඉදිරියට කරගෙන යනවා දකිනකොට ඇත්තටම සෑහෙන්න ආඩම්බරයි.

දැං මේ කියන්න හදන්නේ එලකිරිය නිසා මගේ ජිවිතේට හම්බ වෙච්ච ලොකුම තෑග්ග ගැන. ඒ මගේම සහෝදරයෝ ටික. මගේ Team එක. මේ ඉන්නේ අපේ Traveler Team එක.

Adithya
Nadeera
Chamith
Chamika
Dilum
Lahiru
Sumith
Amila
Ajith
Sanjeewa
Nisal
මෙයාලා මගේ ජීවිතේට හම්බ වෙච්ච වටිනාම තෑග්ග කියලා කීවේ වචනයට විතරක් නෙමෙයි. අපි අපේම උං තරමට කිට්ටුයි. ඒතරම් ලොකු බැදීමක් අපි හැම එකා ගාවම තියෙනවා. අපි කට්ටිය එකිනෙකා අඳුරගත්ත විදියත්, හරිම අපුරූ කතාවක්. කතාවක් කීවට කතා ගොන්නක්. මේ විස්ථරය අහගෙන ඉන්න කෙනෙකුට හරිම අපූරු කතා විස්ථරයක් වේවි. ඒ නිසා අපි හිතුවා අපි හම්බ වෙච්ච එලකිරියට, අපෙ පළවෙනි Fan base එක වෙච්ච එලකිරි අඩවියේ ඔයාලා හැමෝටම කියන්න හිතුවා. ත්‍රෙඩ් එකේ ඉදිරි පිටු බලාගෙන යන්න. Updates තියේවි.

ත්‍රෙඩ් එකේ පිටු අප්ඩේට් වෙලා තියෙනවා.... ඒවා කියවලා බලන්න.

මාව දැකලා නෑ වගේ මගේ පින්තූරෙත් අහනවා. මේං මං.
Last edited: