This is how we met.... (Updating)

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එලකිරි.කොම් කියලා වෙබ් සයිට් එකක් තියෙනවා කියලා මම ඉස්සෙල්ලාම දැක්කේ 2007 අවුරුද්දේ මුල. තැනත් මම කියන්නම් කෝ. වයිෆ්ගේ ඔෆිස් එකට ගිය වෙලාවක (ඒ කාලේ ගර්ල් ෆ්‍රෙන්ඩ් :P) ඔෆිස් එකේ වැඩ කරන මල්ලිලා කීප දෙනෙකුම පිස්සුවෙන් වගේ මොකද්දෝ සයිට් එකක පෝස්ට් දාමින් ඉන්නවා. සින්දු ඩවුන්ලෝඩ් කරනවා. ඇත්තටම මම ඒ වෙලේ හිනා උනා. මේ මොන විකාරයක්ද මේ කියලා. පෝස්ට් කවුන්ට් එක වැඩි කරගන්න ඕන කියකිය උං ඔක්කොමලා පිස්සුවෙන් වගේ එක එක දේවල් ලියනවා මම දැක්කා. ඒ දවස් වල මම උං ඔක්කොටම හිනා උනා මිසක් හීනෙකින්වත් හිතුවේ නෑ මගේ ජීවිතේට මෙ සයිට් එක මෙච්චර කිට්ටු වෙයි කියලා.
    2009 අවුරුද්දේ යුනිටි ප්ලාසා එකේ ජොබ් එක කරන කාලේ මට හදිස්සියේ ඕන උනා NFS එකේ ක්‍රැක් ෆයිල් එකක්. Internet එකේ දාගෙන හෙවුවත් මට ඒ වෙලේ ඒක හොයා ගන්න බැරි උනා. ඒ වෙලේ මාත් එක්ක ඔෆිස් එකේ හිටිය මගේ යාළුවා තමා මට කීවේ "එලකිරි.කොම් එකේ පෝස්ට් එකක් දාලා බලපං. සමහර විට තියෙන කෙනෙක් දේවී උඹට" කියලා. ඔන්න ඕක නිසා තමා මම Mr. Perera කියන ID එක හදාගෙන එලකිරියත් එක්ක එකතු උනේ. යුනිටි ප්ලාසා එකේ හිටිය මාස 06 කියන්නේ මගේ ජීවිතේ කවදකමවත් අමතක නොවෙන මාස 06ක්. දැං හම්බවෙන පඩියෙන් 1/4යි ඇත්තම කියනවා නම් මට ඒ කාලේ හම්බ උනේ. ඒත් ඒ දවස් ටිකේ ජීවිතේට හම්බ වෙච්ච අත්දැකීම් කවමදාකවත් හම්බ වෙන්නේ නෑ. (අපේ Migakamk පීසී හවුස් ත්‍රෙඩ් එක දානකොට මම එහේ වැඩ. මොගාර කියන්නේ මගේ ඉස්කෝලේ යන දවස් වල ඉඳන්ම යාළුවෙක්)
    ඔහොම Mr. Perera කියන ID එක ඔහේ පෝස්ට් දදා ඉන්නකොට මට හිතුනා නිකං කාලේ කකා ඉන්නවට වඩා මගේ දැණුමටත් බලන අයගේ දැණුමටත් වැඩක් ඇති දෙයක් කරා නම් හොඳයි කියලා. ඒ නිසා අන්තර්ජාලයෙන් විස්ථර හොයලා හොයලා ලයිට් හවුස් ගැන ත්‍රෙඩ් එක ලිව්වා දවසක් තිස්සේ. ඒ ත්‍රෙඩ් එකෙන් තමා මගේ ID එක ගොඩක් අය අඳුර ගත්තේ. ඊට පස්සේ දෙවෙනි හිට් වෙච්ච ත්‍රෙඩ් එක උනේ වෙස් මුහුණු ගැන ත්‍රෙඩ් එක. ඒ ත්‍රෙඩ් එකට සෑහෙන්න ප්‍රතිචාර තිබුනා. ඉන් පස්සේ දිගටම මහන්සි වෙලා දවස් ගනන් ලියලා ලියලා ත්‍රෙඩ් කරන්න ගත්තා. එලකිරියේ ප්‍රශ්න වලට කතා කලා. වලි දාගෙන ඇති අනන්තවත්. දවස් ගනං, මාස ගනං ඇදෙන වලි.
    පොඩි කාලේ ඉඳලා මම ආසම දේ තමා කෝච්චි. ටිකෙන් ටික එලකිරියේ කෝච්චි ගැන මම දන්න දේවල්, මම ගත්ත පින්තූර වගේ දේවල් මම පෝස්ට් කරන්න ගත්තා. මුලින් මම නොහිතුව තරමේ ප්‍රතිචාර ඒවාට තිබුනා. මම වගේම Rail Enthusiast ලා ගොඩක් මේ සයිට් එකේ ඉන්නවා කියලා මට තේරුම් ගියේ ටිකෙන් ටික. ටිකෙං ටික එලකිරියේ සාමාජිකයෝ එකිනෙකා මගේ යාළුවන් වෙන්න පටං ගත්තා. Migaramk තමා මගේ පළවෙනි යාළුවා. සෑහෙන කාලයක් Reputation rank එකේ ඌ පළවෙනියා, මම දෙවෙනියා විදියට හිටියා. ඊට පස්සේ ඉස්සෙල්ලාම පුද්ගලිකව කතා කලේ Adithya (jkadithya) ටයි, Thulana (Djram) ටයි.

    395991_499316696763524_1852396443_n.jpg

    jkadithya ගේ හමුවීම මගේ ජීවිතේට සෑහෙන්න වැදගත් පිරිසක් මගේ ජීවිතයට එකතු කිරීමක් වෙයි කියලා මූ හම්බ වෙච්ච පළවෙනි දවසේ නම් මම කොහොමවත්ම හිතුවේ නෑ. ඒ වෙනකොට ආදිත්‍ය පටං අරගෙන තිබුන ElaKiri Traveler එක අපි එකතුවෙලා කරමු කියලා ආදිත්‍ය මට කීවාම මම ඇත්තටම ඒක වැඩිය ගනන් ගත්තේ නෑ. එත් ටික කාලයක් යනකොට මට තේරුනා මූටත් මට වගේම රාහු අපල තියෙනවා කියලා. එදා නිකමට පටන් ගත්ත ElaKiri Traveler අද වෙනකොට මෙච්චර සාර්ථකව, සෑහෙන පිරිසකගේ පැසසුම් මැද්දේ (එලකිරියෙ Fan Base එක පමනක් නොවෙයි, Facebook, Twitter වගේම අපේ EK Traveler වෙබ් අඩවිය වෙබ් අඩවි හරහා) ඉදිරියට කරගෙන යනවා දකිනකොට ඇත්තටම සෑහෙන්න ආඩම්බරයි.

    :):):)

    දැං මේ කියන්න හදන්නේ එලකිරිය නිසා මගේ ජිවිතේට හම්බ වෙච්ච ලොකුම තෑග්ග ගැන. ඒ මගේම සහෝදරයෝ ටික. මගේ Team එක. මේ ඉන්නේ අපේ Traveler Team එක.

    :yes::yes::yes:

    Adithya
    385156_350222561672939_1586516386_n.jpg

    Nadeera
    img3148y.jpg

    Chamith
    560525_4144802110157_1594669470_n.jpg

    Chamika
    545557_10151207257706418_1679367305_n.jpg

    Dilum
    229541_4260240555511_1923994650_n.jpg

    Lahiru
    545479_392849874109703_690973388_n.jpg

    Sumith
    185359_10151181185703560_911621374_n.jpg

    Amila
    249632_10151179972111418_1707634214_n.jpg

    Ajith
    180540_10150139990261418_5724385_n.jpg

    Sanjeewa
    251901_3828659309860_1454882489_n.jpg

    Nisal
    75694_10151165152524431_1750407060_n.jpg

    මෙයාලා මගේ ජීවිතේට හම්බ වෙච්ච වටිනාම තෑග්ග කියලා කීවේ වචනයට විතරක් නෙමෙයි. අපි අපේම උං තරමට කිට්ටුයි. ඒතරම් ලොකු බැදීමක් අපි හැම එකා ගාවම තියෙනවා. අපි කට්ටිය එකිනෙකා අඳුරගත්ත විදියත්, හරිම අපුරූ කතාවක්. කතාවක් කීවට කතා ගොන්නක්. මේ විස්ථරය අහගෙන ඉන්න කෙනෙකුට හරිම අපූරු කතා විස්ථරයක් වේවි. ඒ නිසා අපි හිතුවා අපි හම්බ වෙච්ච එලකිරියට, අපෙ පළවෙනි Fan base එක වෙච්ච එලකිරි අඩවියේ ඔයාලා හැමෝටම කියන්න හිතුවා. ත්‍රෙඩ් එකේ ඉදිරි පිටු බලාගෙන යන්න. Updates තියේවි.
    :cool:

    ත්‍රෙඩ් එකේ පිටු අප්ඩේට් වෙලා තියෙනවා.... ඒවා කියවලා බලන්න. :)

    මාව දැකලා නෑ වගේ මගේ පින්තූරෙත් අහනවා. මේං මං.
    409377_10150583549896418_1563115823_n.jpg
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    gindara gindara saho..... :)

    kaalekata kalin me Ek eka athule api kattiyak hitiya hariyata nikan eka gedara inna ehemath nethnam eka office ekaka eka class ekaka inna set ekak wage..... maarama fit bokkenma oona dekata.... kochchara dewal unaada e kale...... ( mage jiwitheth lokuma wenasa uneth meken nennam..:P )

    kaalayath ekka e aya tika tika apen athata athata gihillaa....... den kiyen ki denada e ayagen ithiri.... :(
     
    Juni@r

    Member
    May 18, 2012
    370
    22
    0
    elazz machan asai dekkahamath.meke dan inna pisso tika elawala parana kattiya witharak hitiya nam hondai kiyala hithenawa.mamath aluth..eth meke dan yana wikara ekka baladdi parana members la kochara hondada kiyala hithenawa..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    machan Please corect this..

    Internet එකේ දාගෙන හෙවුවත් මට ඒ වෙලේ ඒක හොයා ගන්න බැරි උනේ නෑ.
     
    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    ගාල්ල‍ කොටුව ගැන ත්‍රෙඩි එකක් දැම්මාම කොල්ලෙක් අහනවා ඒක එච්චර ලොකුද මම එචිචර බැලුවේ නෑ දවසක එන්නද බලන්න කියලා..:)
    මම දවසත් සෙට්කරගෙන මැක්සා ඇදුමක් දා ගෙන කොල්ලෙකුගේ සෙරේප්පු දෙකකුත් ඉල්ලං මිස් කෙනෙකුගෙන් 500 ක් ඉල්ල ගෙන සෙට් වෙලා ඉන්නවා.. 10 විතර වතුර බෝතලයයි දොඩමි වගයකුයි සංග්ලාස් දාපු ෂෝටක් අැදලා පොරක් මාව පහු කරන් ගියා.. ටිකකින් මෙන්න වු කෝල් කරනවා ... යකෝ ‍මට කෝල් එක ඌගේන්... ඌයි මායි මොකාද වගේ..!
    මචං මම බෝල්ට් .. ඌ මාව ඇදලා අරං බදාගත්තා.. මම තාම කැරකෙනවා..ඔන්න මම ඌ එක්ක යනවා.. මෙන්න ඌ කඩ්‍ඩෙන් honey! this is the guy that i told u කිව්වා!! අම්මට හුඩු කෙල්ලෙක් ආවා ස්ටේෂන් එක ගාව ඉදලා මම කෙලින්ම නන්නාත්තාරයි!

    දැන් ඌයි මායි අහසට පොලව වගේ... ගැනු ළමයා දැක්කාම මට මොකක්ද වගේ... පාර පෙන්නන්න ආපු මම දැන් උන්දෙන්නගෙ පස්සෙන් පාරේ යනවා.. දැම්මා හතර වටේටම කෝල් කොල්ලෙකුව හොයාගන්න .. ‍යාන්තන් කුසලයා සෙටාර් වුනා..අපි තේ බොන්න කියලා කඩේ ඇතලේ ඉන්නකොට මු කොම කෝම හරි කොල් කරන් ඇවිල්ලා කඩේ ඇතුලට එන්නෙම නෑ.. ඇඹරෙනවා මටත් වඩා..යාන්තන් මු ආවාම පිංකි අහනවා ආ..ඉස් දිස් චාමිකස් පෙරෙන්ඩ් කියාලා.. කුසලයා ඔලුවේ අතකුත් තියාගෙන ඇඹරෙනවා.. කැරකෙනවා.. ටික වෙලාවකින් මෙන්න මු එන්න බෑ කියලා යන්න ගියා... මම ඔන්න යනවා කොටුවේ බෝල්ටාට මම සිංහලෙන් කිව්වාම ඌ පිංකියාට ඉංග්‍රීසියෙන් විස්තර කරනවා.. මම ඇස් කන් ඇරගෙන බලන් ඉන්නවා.. පින්කියා හිනා වුනාම හිනා වෙනවා... ඔන්න සෙට් වුනා පල්ලිය.. මෙච්චර කාලෙකට පල්ලියට උඩින් පල්ලෙන් ගියාට මේකට බෝල්ටාව එක්ක ගිහිල්ලා බෝල්ටායි පිංකියි ඇවිදිනවා විකාරෙන්ම පල්ලිය ඇතුලේ.. මට ඒ ගැන කියන්න කරුණුත් නෑ! මම ඉන්නවා අයිනක් ගහලා.. ටිකකින් චමියා.. මෙන්න මේවා තමා වෙන්නේ මේක මේකයි කියාලා පාර පෙන්නනන ගිය එකාට බෝල්ටා කියනවා.. අම්මට හුඩු මම බලන් ඉන්නවා..
    කෝම කෝම හරි ඔහෝම යද්දී හදිස්සියෙන්ම ගුවන් ප්‍රහාරයක්(kaputa 101fligt එකක්) නොසිතු මොහොතක බෝල්ටාගේ ජෙල් තවරපු හිසකේ මතට වැටුනා.. කුජීතයි.. බලා ඉන්දෙද්දිම හිස පතුලට යනවා.. මම පස් කනවා.. බෝල්ටාගේ පවුල යාන්තන් තිබුන වතු‍ර‍ බොතලයෙන් ඔලුව සේදුවා..

    423809_10151082729874821_1529119306_n.jpg

    ඒකත් ඉවරයි. ඔන්න දැන් මුහුද... අම්මට හුඩු ඉන්නවා ඉන්නවා පිංකියා නම් ගොඩ එන පාටක් නෑ.. මම ඒ පාර කිව්වා ඔතන ඉකිරි ඉන්නවා පරිස්සෙමෙන් හරිය කියාලා.. එල වැඩේ ගොඩ දෙන්නම එක පාර ගොඩ.. (මා සතුව එකල තිබු කේ.750 සෝනි එරික්සන් වර්ගයේ ජංගම දුරකතනයෙන් මා ඔවුන් දෙපලගේ ජයාරෑප කිහිපයක්ද ගත් අතර පසුව ඒවා ඔහුට මේල් කරන ලදි)

    ආවා කන්න කඩේට... කෂ්ටියම බත් කන්න බැරිය කියාලා ෂෝට් ඊටිස් ගත්තා.. යටිතල පහසුකම් වැඩෙත් කරගෙන ඇවිල්ලා කන්න කිව්වා‍ට බෝල්ටනම් කනවා හෝ ගාලා පිංකියා එක පැටිස් එකයි.. දැට්ස් ඕකේ.. දැටිස් ඉනෆ් තමා.. මමත් ටිකක් කාලා බලා ඉන්නවා.. පින්කියා ආපසු ගියා (යටිතල ප....) බෝල්ටා පින්කියාගේ බෑග් එකේ තිබුන ආම්පන්න ටික පෙන්නුවා.. අම්මපා එකේ තිබුන ඒවා යකෝ අදටවත් පවුඩර් ටිකක්වත් ගාන්නේ නෑ මම... විකාරයි ඒවායින් වෙනම බෑග් එකක් තියෙනවා මල්ල ඇතුලේ! අප්පට සිරි වෙනවා මේ වගේ එකක් මේන්ටේන් කොරන්න බෝල්‍ටා හොද ජොබක් කරනවා ඇති කියලම මම හිතා ගත්තා... තුනයි වේලාව ‍ඒසි බස් එකකට මේ ජෝඩුව දැම්මා ඕකේ.. සී යු කියලා මේ දෙපල ගියා.. ‍වැදගත්ම දේ කාපු බිලත් බෝල්ටම ගෙව්වා.. ඔන්න ඔහෝම තමා මට පලවෙනි එලකිරි යාලුවා සෙන්ටර් වුනේ.. ඇත්තට ආසයි..මම ගෙදර යන ගමන් පසන්(කිර්තිමාමාගේ පුතා) සෙරෙප්පු දෙකත් දීලා ගිහිල්ලා අම්මට කතාව කිව්වා.. බෝල්ටටත් වැඩේ ෆිට්..! කතාව ඉදිරියට හවු අයි මෙට් මිස්ටර් පෙරේරා!

    බෝල්ටගේ වැඩෙත් හරි ගිය හින්දා චැට් එකෙන් මිස්ටර් පෙරේරාව හැමදාම වගේ අමතනවා... දවසක් බණ්ඩාරනායක සම්මන්ත්‍රන ශාලාවේ තිබුන කම්පියුටර් ප්‍රදර්ශනේ බලමුද කියලා කුසලයා ඇහුවා... හිතේ ‍ෆි‍ට් එකට හරි කිව්වට (ඇත්තටම මම කොලඹ මීට කලින් බස් එකක ගිහිල්ලාම නෑ - කොලඹ යන්න ගත්තෙත් ඔෆිස් එකට සෙටාර් වුනාට පස්සේ) දැම්මා පෙරාට කෝල් එකක් අහගත්තා යන්න ඕන පාර කෝච්චියෙන් බම්බලපිටියෙන් බැහැලා එම්.සී එක ලගින් බැහැලා 154 නැගලා බැහැගන්න කිව්වා.. මේම පෙරා කිව්වට ඌ දන්නේ නෑ මමතනියම කොලඹ එන්නේ දෙවෙනි පාරට කියලා! ටිකක් යනවා අහනවා..ටිකක් යනවා අහනවා.. ‍ෙපරා කෝල කට් කරලා ඔෆිස් එකේන් ගන්නවා... ්‍යාන්තන් බැහැ ගත්තා..(දැනටත් බහින තැන කියන්න මම දන්නේ නෑ) ප්‍රදර්ශනේ බලලා පෙරාගේ ඔෆිස් එක පැත්තට එන්න මම පාර අහගත්තා.. 101 නැගලා එයාර් ටෙල් එක ලගින් බැහැලා පාර පැනලා එන්න කිව්වා.. එහේ මෙහේ කැරකිලා කෝල් දෙකක් තුනක් දාලා බොඩ් වල නම් කියලා ඉදිරියටම යද්දී අත වනලා කොල්ලෙක් අඩගහනවා පාර එහා පැත්තේ ඉදලා...

    Last edited:
    • Like
    Reactions: Nu1Dnk

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,869
    1,379
    113
    Live in EARTH
    Nice Thread perera :D. EK kiyanneth mage jeewithe godak wenas karapu thanak.

    ada wenakota methana athi wela tiyana yalukam 2kak jeewitheta amathaka wenne na.

    e wagema Traveler team eka dakinakota hithata loku sathutak enawa. mata kothanadi unath EK.com kiyana nama ahunath dakkath hithata amuthu hageemak enawa.:D

    matath mathakai JK wa mulinma meet une unge gedaradi cam ekak denna gihin :P. traveler team eke godak denek dakala wachana deka thunak katha karala athi :P.but traveler team eka dakkahama eta wada amuthu hageemak enawa.

    keep it up guys and Galz ( Issaranam guys witharai. thawa tika kalekin guys galz and childrenzkiyannath puluwan wai :D )

    gindara gindara saho..... :)

    kaalekata kalin me Ek eka athule api kattiyak hitiya hariyata nikan eka gedara inna ehemath nethnam eka office ekaka eka class ekaka inna set ekak wage..... maarama fit bokkenma oona dekata.... kochchara dewal unaada e kale...... ( mage jiwitheth lokuma wenasa uneth meken nennam..:P )

    kaalayath ekka e aya tika tika apen athata athata gihillaa....... den kiyen ki denada e ayagen ithiri.... :(

    lokuma wenasa jeewithema wenas karala :D :D. good luck bro...

    ehema thamai machan methanata kattiya yanawa enawa. mama ek eke awurudu 6 athule dakapu minissu koccharada. e aya athara thamath eda idanma inna kattiya innawa. oya enne na kiyana minissuth api ndakkata methana innawa. :P. mona de unath EK eka tiyana badeema bokkenma ena set ekak innawa. anna a aya gana godak sathutu wenna puluwan.

    Mama EK apu hatith hari athal kathawak. :P ekath passe welawaka dannam :P :D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පෙරා, මටත් උඹලගේ ට්‍රිපකට සෙට් වෙන්න මාර ආසාවක් තියෙන්න.....:cool::cool:
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    ගාල්ල‍ කොටුව ගැන ත්‍රෙඩි එකක් දැම්මාම කොල්ලෙක් අහනවා ඒක එච්චර ලොකුද මම එචිචර බැලුවේ නෑ දවසක එන්නද බලන්න කියලා..:)
    මම දවසත් සෙට්කරගෙන මැක්සා ඇදුමක් දා ගෙන කොල්ලෙකුගේ සෙරේප්පු දෙකකුත් ඉල්ලං මිස් කෙනෙකුගෙන් 500 ක් ඉල්ල ගෙන සෙට් වෙලා ඉන්නවා.. 10 විතර වතුර බෝතලයයි දොඩමි වගයකුයි සංග්ලාස් දාපු ෂෝටක් අැදලා පොරක් මාව පහු කරන් ගියා.. ටිකකින් මෙන්න වු කෝල් කරනවා ... යකෝ ‍මට කෝල් එක ඌගේන්... ඌයි මායි මොකාද වගේ..!
    මචං මම බෝල්ට් .. ඌ මාව ඇදලා අරං බදාගත්තා.. මම තාම කැරකෙනවා..ඔන්න මම ඌ එක්ක යනවා.. මෙන්න ඌ කඩ්‍ඩෙන් honey! this is the guy that i told u කිව්වා!! අම්මට හුඩු කෙල්ලෙක් ආවා ස්ටේෂන් එක ගාව ඉදලා මම කෙලින්ම නන්නාත්තාරයි!

    දැන් ඌයි මායි අහසට පොලව වගේ... ගැනු ළමයා දැක්කාම මට මොකක්ද වගේ... පාර පෙන්නන්න ආපු මම දැන් උන්දෙන්නගෙ පස්සෙන් පාරේ යනවා.. දැම්මා හතර වටේටම කෝල් කොල්ලෙකුව හොයාගන්න .. ‍යාන්තන් කුසලයා සෙටාර් වුනා..අපි තේ බොන්න කියලා කඩේ ඇතලේ ඉන්නකොට මු කොම කෝම හරි කොල් කරන් ඇවිල්ලා කඩේ ඇතුලට එන්නෙම නෑ.. ඇඹරෙනවා මටත් වඩා..යාන්තන් මු ආවාම පිංකි අහනවා ආ..ඉස් දිස් චාමිකස් පෙරෙන්ඩ් කියාලා.. කුසලයා ඔලුවේ අතකුත් තියාගෙන ඇඹරෙනවා.. කැරකෙනවා.. ටික වෙලාවකින් මෙන්න මු එන්න බෑ කියලා යන්න ගියා... මම ඔන්න යනවා කොටුවේ බෝල්ටාට මම සිංහලෙන් කිව්වාම ඌ පිංකියාට ඉංග්‍රීසියෙන් විස්තර කරනවා.. මම ඇස් කන් ඇරගෙන බලන් ඉන්නවා.. පින්කියා හිනා වුනාම හිනා වෙනවා... ඔන්න සෙට් වුනා පල්ලිය.. මෙච්චර කාලෙකට පල්ලියට උඩින් පල්ලෙන් ගියාට මේකට බෝල්ටාව එක්ක ගිහිල්ලා බෝල්ටායි පිංකියි ඇවිදිනවා විකාරෙන්ම පල්ලිය ඇතුලේ.. මට ඒ ගැන කියන්න කරුණුත් නෑ! මම ඉන්නවා අයිනක් ගහලා.. ටිකකින් චමියා.. මෙන්න මේවා තමා වෙන්නේ මේක මේකයි කියාලා පාර පෙන්නනන ගිය එකාට බෝල්ටා කියනවා.. අම්මට හුඩු මම බලන් ඉන්නවා..
    කෝම කෝම හරි ඔහෝම යද්දී හදිස්සියෙන්ම ගුවන් ප්‍රහාරයක්(kaputa 101fligt එකක්) නොසිතු මොහොතක බෝල්ටාගේ ජෙල් තවරපු හිසකේ මතට වැටුනා.. කුජීතයි.. බලා ඉන්දෙද්දිම හිස පතුලට යනවා.. මම පස් කනවා.. බෝල්ටාගේ පවුල යාන්තන් තිබුන වතු‍ර‍ බොතලයෙන් ඔලුව සේදුවා..

    423809_10151082729874821_1529119306_n.jpg

    ඒකත් ඉවරයි. ඔන්න දැන් මුහුද... අම්මට හුඩු ඉන්නවා ඉන්නවා පිංකියා නම් ගොඩ එන පාටක් නෑ.. මම ඒ පාර කිව්වා ඔතන ඉකිරි ඉන්නවා පරිස්සෙමෙන් හරිය කියාලා.. එල වැඩේ ගොඩ දෙන්නම එක පාර ගොඩ.. (මා සතුව එකල තිබු කේ.750 සෝනි එරික්සන් වර්ගයේ ජංගම දුරකතනයෙන් මා ඔවුන් දෙපලගේ ජයාරෑප කිහිපයක්ද ගත් අතර පසුව ඒවා ඔහුට මේල් කරන ලදි)

    ආවා කන්න කඩේට... කෂ්ටියම බත් කන්න බැරිය කියාලා ෂෝට් ඊටිස් ගත්තා.. යටිතල පහසුකම් වැඩෙත් කරගෙන ඇවිල්ලා කන්න කිව්වා‍ට බෝල්ටනම් කනවා හෝ ගාලා පිංකියා එක පැටිස් එකයි.. දැට්ස් ඕකේ.. දැටිස් ඉනෆ් තමා.. මමත් ටිකක් කාලා බලා ඉන්නවා.. පින්කියා ආපසු ගියා (යටිතල ප....) බෝල්ටා පින්කියාගේ බෑග් එකේ තිබුන ආම්පන්න ටික පෙන්නුවා.. අම්මපා එකේ තිබුන ඒවා යකෝ අදටවත් පවුඩර් ටිකක්වත් ගාන්නේ නෑ මම... විකාරයි ඒවායින් වෙනම බෑග් එකක් තියෙනවා මල්ල ඇතුලේ! අප්පට සිරි වෙනවා මේ වගේ එකක් මේන්ටේන් කොරන්න බෝල්‍ටා හොද ජොබක් කරනවා ඇති කියලම මම හිතා ගත්තා... තුනයි වේලාව ‍ඒසි බස් එකකට මේ ජෝඩුව දැම්මා ඕකේ.. සී යු කියලා මේ දෙපල ගියා.. ‍වැදගත්ම දේ කාපු බිලත් බෝල්ටම ගෙව්වා.. ඔන්න ඔහෝම තමා මට පලවෙනි එලකිරි යාලුවා සෙන්ටර් වුනේ.. ඇත්තට ආසයි..මම ගෙදර යන ගමන් පසන්(කිර්තිමාමාගේ පුතා) සෙරෙප්පු දෙකත් දීලා ගිහිල්ලා අම්මට කතාව කිව්වා.. බෝල්ටටත් වැඩේ ෆිට්..! කතාව ඉදිරියට හවු අයි මෙට් මිස්ටර් පෙරේරා!

    බෝල්ටගේ වැඩෙත් හරි ගිය හින්දා චැට් එකෙන් මිස්ටර් පෙරේරාව හැමදාම වගේ අමතනවා... දවසක් බණ්ඩාරනායක සම්මන්ත්‍රන ශාලාවේ තිබුන කම්පියුටර් ප්‍රදර්ශනේ බලමුද කියලා කුසලයා ඇහුවා... හිතේ ‍ෆි‍ට් එකට හරි කිව්වට (ඇත්තටම මම කොලඹ මීට කලින් බස් එකක ගිහිල්ලාම නෑ - කොලඹ යන්න ගත්තෙත් ඔෆිස් එකට සෙටාර් වුනාට පස්සේ) දැම්මා පෙරාට කෝල් එකක් අහගත්තා යන්න ඕන පාර කෝච්චියෙන් බම්බලපිටියෙන් බැහැලා එම්.සී එක ලගින් බැහැලා 154 නැගලා බැහැගන්න කිව්වා.. මේම පෙරා කිව්වට ඌ දන්නේ නෑ මමතනියම කොලඹ එන්නේ දෙවෙනි පාරට කියලා! ටිකක් යනවා අහනවා..ටිකක් යනවා අහනවා.. ‍ෙපරා කෝල කට් කරලා ඔෆිස් එකේන් ගන්නවා... ්‍යාන්තන් බැහැ ගත්තා..(දැනටත් බහින තැන කියන්න මම දන්නේ නෑ) ප්‍රදර්ශනේ බලලා පෙරාගේ ඔෆිස් එක පැත්තට එන්න මම පාර අහගත්තා.. 101 නැගලා එයාර් ටෙල් එක ලගින් බැහැලා පාර පැනලා එන්න කිව්වා.. එහේ මෙහේ කැරකිලා කෝල් දෙකක් තුනක් දාලා බොඩ් වල නම් කියලා ඉදිරියටම යද්දී අත වනලා කොල්ලෙක් අඩගහනවා පාර එහා පැත්තේ ඉදලා...

    ශා...මේක නම් නියම අතල් කතාවක්...නියමෙට ලියලා...
    වෙනම ත්‍රෙඩ් එකක් වගේ...