This is how we met.... (Updating)

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මාසයක් ලියන්න කතා තියෙනව මට. අනිත් උංගේ ඒවා නැතුව මේ. :lol:

    BMICH ට්‍රිප් එකේ කතාව ගැන විතරයි මාත් කිව්වේ. :cool:...අනිත් එව්වා ඔය පුලුවන් වෙලාවක දාමු...:rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    BMICH ට්‍රිප් එකේ කතාව ගැන විතරයි මාත් කිව්වේ. :cool:...අනිත් එව්වා ඔය පුලුවන් වෙලාවක දාමු...:rofl:

    හොදම හරිය දැං තමා තියෙන්නේ..:lol:
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    අඩේ නියම THREAD එක. මම elakiri එකට ආසත් මේ නිසාම තමයි.
    …ලන්කාවට ආපු දවසක මාත් set වෙනවා උබලා එක්ක trip යන්න.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔන්න ඔය විදියට තමයි චාමිකව මට හම්බ උනේ. ඔහොම දවස් ගෙවිලා ගියා. ආයේ මම JK එක්ක ප්ලෑන් ගහ්නවා ට්‍රිප් එකක් යන්න. ඔය අතරේ තමා එලකිරි රේඩියෝ එක පටන් ගත්තේ. රේඩියෝ ත්‍රෙඩ් වල බැහැලා පෝස්ට් කරපු එක පිස්සෙක් මම. ඔය කාලේ තමා Jaasbandara (ඉස්සරහට බන්ඩා කියලා හඳුන්වන්නම්) කියන එලකිරි ID එක මාත් එක්ක ෆිට් වෙන්නේ. ෆිට් වෙන්නේ රේඩියෝ ත්‍රෙඩ් නිසාමයි. මූයි මමයි ගේමට පෝස්ට් දාන්න පටන් ගත්තා. බන්ඩව ඇත්තට මම දැකලා තිබුනේ නෑ. බන්ඩා මාත් එක්ක එලකිරියෙන් ෆිට් වෙන්නේ ඔන්න ඔය රේඩියෝ ත්‍රෙඩ් වල පෝස්ට් දාන්න ගත්තට පස්සේ. කොහොමහරි ඔන්න ආයේ මම ජේකේ එක්ක ප්ලෑන් ගහනවා ට්‍රිප් යන්න. ඒත් යන්න හරි Destination එකක් නෑ. එක වෙලාවක කියනවා ගාල්ලේ යමු කියලා. තව වෙලාවක කියනවා උඩහා පැත්තේ යමු කියලා. කොහොම හරි තාම හරි Destination එකක් නෑ. ඔහොම ඉන්නකොට මට එනවා PM එකක්. ඒක එන්නේ BC_Dilum කියන ID එකෙන්. (මින් ඉදිරියට මම දිලුමා කියලා හදුන්වන්නම්) ඒ වෙනකොට දිලුමා රේඩියෝ ශෝ එකක් කරන නිසා මම නමින් දිලුම්ව දන්නවා. අපි අතර මිනිත්තු කීපයක් ඇතුලත PM කිහිපයක් හුවමාරු වෙනවා. මෙන්න මේ විදියට.

    දිලුම් : අයියේ... අයියලා ට්‍රිප් එකක් යනවාලු නේද ගාල්ල පැත්තේ. ( අහවල් දවසේ)
    මං : ඔව් මල්ලි. අපි ට්‍රිප් එකක් යනවා ගාල්ලේ නෙමෙයි යන්නේ. ලෝකාන්තේ. මල්ලිත් එන්න යන්න.
    දිලුම් : අයියේ එන්න නම් ආසයි අයියේ. ඒත් මම කාවවත් දන්නේ නෑ නේ.
    මං : අපිත් කලින් කාවවත් දන්නේ නෑ මල්ලි. අඳුර ගන්න තමා එන්න කියන්නෙ. එන්න බලන්න කොහොම හරි.
    දිලුම් : හරි අයියේ මම ට්‍රයි කරන්නම්.
     

    ColoR

    Active member
  • Apr 23, 2011
    467
    113
    43
    ඇස් වහක් කටවහක් නෑ හැන්සම් කොල්ලෝ ටිකක්...
    එල එල
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    මම හිතන්නේ උබල හැමෝවම එක්ක මම දුරකතනයෙන් කතා කරාට ඇස දෙකට දැකල තියෙන්නේ ආදිත්‍ය, යුරාජ්, චාමික, දත් කිඹුලා, තරින්ද අන්කල්, චතුපැටියා, ගයියා, කුමාර, ලසා ලසා වගේ කට්ටිය තමා, අමතක උන කට්ටිය ගැන මගේ සමාව ප්‍රකාශ කර සිටිනවා

    නදීර, පෙරේරා, අජිත්, චමිත් උබලත් එක්ක කතා කරාට තාම ඇස් දෙකට දැකලවත් නැ. දකින්න තිබ්බ අවස්ථා මොකක් හෝ හේතුවක් නිසා හුගක් මග ඈරුන,
    කමක් නැ මැරෙන්න කලින් හරි සෙට් වෙයි නේ.


    ‍අනිවා ගමයෝ සෙට් වෙමු ආ
    මේ ඒක නෙවෙයි උඹ ඉන්නේ කිරිබත්ගොඩද?
    මමත් එහෙනේ බන් දැන් ඉන්නේ



    මම කොහොමත් එදා ඉදන් කිරිබත්ගොඩ තමා පුතා. කෝල් එකක් දීපන්. උබ මොනවද මෙහෙ කරන්නේ
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔන්න ඔහොම තමා EK Traveler මුලින්ම කට්ටිය අඳුර ගත්තේ. කොහොම හරි JK,BC_Dilum,Bolt,Chamikawp,Jaasbandara,Nic සහ මම අපේ පළවෙනි ට්‍රිප් එක විදියට හෝර්ටන් තැන්නේ යන්න සෙට් වෙනවා. දිනය 2010 නොවැම්බර් 19 වෙනි සිකුරාදා. හවස නයිට් මේල් එකේ පට්ටිපොලට ගිහින් එතනින් වාහනයක් කතාකරගෙන හෝර්ටන් තැන්නට ගිහිල්ලා ආයේ හවස පොඩි මැණිකේ කෝච්චියේ කොළඹ එන්න තමා අපේ ප්ලෑන් එක. කොළඹින් කෝච්චියට නගින්න සෙට් උනේ මම,ජේකේ,නික්,බෝල්ට්,චාමික. එතකොට ගම්පොලින් බන්ඩා කෝච්චියට ගොඩවෙන්න තමා ප්ලෑන් එක තිබුනේ. කොහොම හරි ට්‍රිප් එකට හරියටම දවසකට කලින් මම ට්‍රිප් එකට එන්න වෙන්නේ නෑ කියලා කට්ටියට කියනවා. කට්ටියට පොඩි ලණුවක් දෙන්න හිතාගෙන. දිනය 19 වෙනිදා. වෙලාව හවස 6.30ට වගේ ඇති. මම ට්‍රිප් එක යන්න බෑග් එකත් පැක් කරගෙන ජේකේට කෝල් එකක් අරගන්නවා. ඒ වෙනකොට හැමෝම ඉස්ටේසම ගාවට සෙට් වෙලා තිබුනේ.
    මම : මචං උඹලා කොහෙද ඉන්නේ?
    ජේ.කේ. : අපි ඉස්ටේසම ගාව බං. මේ රෑට කන්න පාං ගන්නවා. (හැබැයි පාං එක්ක තව තව දේවල් අරගෙන තිබුන බව මම දැක්කේ එතනට ගියාට පස්සෙ)
    මම : කවුද ඇවිත් ඉන්නේ?
    ජේ.කේ. : ඔක්කොමලා ඉන්නවා මචං.
    මම : එන්න නම් ආසයි මචං. ඒත් මොනා කරන්නද.. කට්ටියව පරිස්සමෙන් එක්කගෙන ගිහින් වරෙන්. (ශෝක මූඩ් එකකින් කියමින්)
    ජේ.කේ. : උඹත් හිටියා නම් තමා හොද මචං. ගිහින් ඇවිත් කෝල් එකක් දෙන්නම්.
    මම : හරි මචං. බායි!
    ජේ.කේ. බායි.



    ඔහොම සුභපතලා ෆෝන් එක කට් කරපු මම,හිමින් හිමින් අළුත් පාලම උඩට ගිහින් 138 බස් එකක නැග්ගා කොටුව ඉස්ටේසම ගාවට යන්න. මම එතනින් බහිනකොට වෙලව 7.00 පහු උනා විතරයි. මාව කලින් දැකලා තිබුනේ ජේ.කේ.,චාමික,නිකා විතරක් නිසා ටිකක් වටපිට බැලුවා මුන් කොහෙද ඉන්නේ කියලා.
     
    Last edited: