ඔන්න ඔහොම කාලේ ගෙවීගෙන යනවා. එදා සිකුරාදා දවසක්. චාමිකගෙන් මට කෝල් එකක් එනවා. ඌ ඒ දවස් වල කතා කරන්නෙත් අමුතු විදියට.
මම : හලෝ
චාමික : හලෝ මේ මිස්ටර් පෙරේරා. මම චාමික කතා කරන්නේ ගාල්ලෙන්. (මුගේ මිස්කෝල් එක දැක්කම මම කට් කරලා මූට කෝල් කරනවා මුගේ සල්ලි කැපෙන නිසා. මූ ආයෙ මටම කියනවා " මම චාමික කතා කරන්නේ ගාල්ලෙන්" කියලා. අයියෝ සල්ලි)
මම : කියපං මචං.
චාමික : ඔබතුමා මෙවෙලේ බිසිද? ( මූ මට ඔබතුමාලු. මුගේ ආච්චිට.... #$%$&)
මම : නෑ මචං. කියපං අවුලක් නෑ.
චාමික : මේ අර ප්‍රදර්ශනයක් තියෙනවා බන්ඩාරණායක අනුස්මරන ජාත්‍යන්තර සම්මන්ත්‍රනශාලවේ. මම මේ හෙට ඒකට කොළබ එන්න කියලා හිතාන ඉන්නේ තව ගමේ ඈයෝ කීප දෙනෙක් එක්ක. අනේ මම දන්නේ නෑ ඒන හැටි. මට පොඩ්ඩක් කියනවැයි ඒ තැනට යන්නේ කොහොමද කියලා. (BMICH එකට බන්ඩාරණායක අනුස්මරන ජාත්‍යන්තර සම්මන්ත්‍රනශාලව කියලා කියපු එකෙක් ඇහුවේ පළවෙනි පාරට. මට මෝල් වගේ)
මම : උඹලා එන්නේ මොකේද මචං
චාමික : මේ.. මං වොරන්ට් කෑල්ලක් ලියාගත්තා. කෝච්චියේ එන්න කියලා බැලුවේ.
ඔන්න ඔහොම කතා කරපු චාමිකට මම BMICH එකට යන හැටි කීවා. ඒ වගේම BMICH එකට ගිහිල්ලා මගේ ඔෆිස් එක පැත්තට එන්න කියලා ආරාධනාවකුත් කරා.
මේ ටිකකට කලින් මූ මට කතා කලෙත් ඔය විදිහට![]()