ඔව්, මගේ ආදරය බොලඳ තමයි !!

Status
Not open for further replies.

Nohim Ys

Well-known member
  • ඔව්, මගේ ආදරය බොලඳ තමයි !!

    ඔයා මගේ ඉස්සරහට එන හැම වාරයක් පාසාම, මට අනිත් වෙලාවට වගේ සාමාන්‍ය විදිහට හැසිරෙන්න බෑ. ඇයි කියලා නම් දන්නේ නෑ, හැබැයි මොකක්දෝ නොසන්සුන් බවක් දැනෙනවා. හරියට මගේ හදගැස්ම වේගවත් වෙනවා වගේ:yes:.

    මට කවදාවත්ම නොලැබෙන ඔයාගේ අවධානය මේ සැරේවත්, කලින්ට වඩා ටිකක්වත් ලැබෙයිද කියලා, මගේ වේගයෙන් සැලෙන සුසුම් ලතවනවා...:sorry: ඒ වෙලාවට ඇහිපිය ගහන එකත් කල්පනාවෙන් කරන්න ඕන කියලා හිතෙන්නේ, මගේ හිතේ තියෙන දේ ඔයාට දැනෙයිද කියන බයටම තමයි. අනේ දෙවියන්ගේ නාමෙන් එහෙම නම් වෙන්න එපා:no:. මගේ හිතේ ඔයා ගැන තියන හැගීම නම් ඔයාට දැනෙන්න එපා. මට ඒ මොහොතට මුහුන දෙන්න තරම් ශක්තියක් නෑ:sorry:. කොච්චරක් මම ඔයාගේ අවධානයට ලක්වෙන්න ආසද, ඒ තරම්ම, මගේ හිතේ ඔයා ගැන තියෙන ආදරය ඔයාට දැනෙයි කියන බයකුත් මගේ හිතේ තියෙනවා:(. මගේ ම සිහින ලෝකයකට වෙලා, අසම්මත ආදරයකට පන පොවන්න හදන මම, කොච්චර බොලඳද කියලා ඔයා හිතයි ද ? ඔයාගේ තියෙන ඔය තියෙන පරිණත බව, මගේ අහිංසක ආදරයට හිනා වෙයිද ?:sorry: මුලු ලෝකයටම හොරා, ආදරය කියන වචනයේ අකුරු එකතු කරන්න හදපු මාව ඔයා කොහොම තේරුම් ගනීද ?:(

    අනේ ඒ මොහොතට නම් මට මුහුන දෙන්න බෑ:sorry: ඔයා මාව බොලඳ විදිහට හිතන කෙනෙක් විදිහට පැත්තකට දැම්මොත්. ආයෙත් මාත් එක්ක කතා කරනවා තියා හිනා වෙන්නෙත් නැතුව ගියොත්... ඒකනම් මට දාරාගන්න බෑ..:no: මම මෙච්චර ආදරය කරන, කවදාවත් සැබෑ නොවෙන සිහින වලට මට සමුදෙන්න බෑ...:no::(

    ඔයාගේ ආදරය මට නොලැබුනාට කමක් නෑ, මම ඒක කොහොම හරි දරාගන්නම්. මගේ ඇස් දෙකෙන් එලියට එන්න දගලන හැම කදුලු බිංදුවක්ම, ඇස් දෙක ඇතුලෙම හිරකරලා තියාගන්නම්:sorry:. ඔයාව දකින වාරයක් පාසා, මගේ හදවත කඩාගෙන එලියට එන්න තරම් රිදුම් දෙන මේ දුරස් බව:sorry:, මගෙ ජීවිතේ හැමදාටම තියාගන්නම්. හැබැයි මම දැකපු ඒ සිහින වලට නම් සමුදෙන්න මම ලෑස්ති නෑ. ඔයාගේ අතින් අල්ලගෙන, මගේ අහිංසක සිහින වල මම ගියපු දුර, ආයෙත් හැරිලා එන්න කියල නම් මට කියන්න එපා... මම ඔයාට වැදලා ඉල්ලන්නම්, ඒ සිහින ටිකනම් මගෙන් ඈතට අරන් යන්න එපා.Please:sorry:

    මම දන්නවා ඔයා,මට ඔයා ගැන දැනෙන විදිහ ගැන දැනගත්තොත්, අනිවාර්‍යයෙන්ම එහෙම කරන බව. ඔයා මගෙ ආදරය, කිසිම වැඩකට නැති කොල්ලෙක්ගේ බොලඳ හැගීමක් විදිහට දකිනවා නොඅනුමානයි. ඒත් මම ඔයාට එහෙම කරන්න දෙන්නේ නෑ:no:. මගේ කිසිම හැගීමක් ඔයාට දැනෙන්න දෙන්නේ නෑ. මගේ හැම හැගීමක්ම, මගේ හැම දුකක් ම, පුංචිම පුංචි හිනාවක් පසුපස සගවාගන්න මට පුලුවන්:yes::sorry:.ඔයටත් දැනිලා ඇති, හුගක් අවස්ථා වල මම එහෙම කරන්න හුගක් දක්ෂයි කියලා. මගේ මූනේ තියෙන හිනාවට, මගේ හිතේ තියෙන හැගීම් බාධාවක් කර නොගන්න එක.

    තවත් දෙයක් මම කියන්නම්,, මගේ ගැන. මට කාගෙන් හරි බැනුම් අහනවා කියන එක ප්‍රශ්නයක් නෙවෙයි. ඇත්තම කියනවා නම් ඒක මට පුරුද්දට ගිහිල්ලා. දෙමව්පියන්ගෙන්, ගුරුවරුන්ගෙන්, ලෙක්චරස්ලගෙන් බැනුම් ඇහුවට ඒක මට සාමන්‍ය දෙයක්. මට ඒක පොඩ්ඩක්වත් දැනුනේ නෑ:no:.
    ඒත් මොකක් හරි දේකට ඔයා මට බැන්නහම, මට ඒක ගනන් ගන්නේ නැතුව ඉන්න බැරි උනා. මට ඒක හුගක් දැනුනා:yes:. මම කල යුතු දෙයක් නොකරනකොට, ඔයා මට ඒක කරන්න කියලා බලකරනකොට, මම ඒක කලේ ඒක කරන්න ඕන දෙයක් නිසාම නෙවෙයි. මොකක්දෝ තේරුම් ගන්න බැරි බොලඳ හැගීමක්, මාව මෙහෙයවුවා. ඇත්තටම දෙයක් කරන්නට මට හේතුවක් ලැබුනා. ඒ තේරුම් ගන්න බැරි හැගීමට, මට ජීවිතේ ඉස්සරහට යන්න ලැබිච්ච හේතුවට ආදරයක් කියලා, අමතන්න තරම් මම බොලඳ උනාට මට සමාවෙන්න:sorry::sorry:.

    හැබැයි, මම ඔයාට දිවුරලා කියනවා, ඒක මම දැනුවත්ව කරපු දෙයක් නෙවෙයි:no:, ඉබේ උන දෙයක් කියලා... කොහොම උනත් මේක බොලඳ ආදරයක් ම තමයි. අපි ජීවත් වෙන යථාර්තයෙන් ඈත් කරලා, සිහින් ලෝකයක් තුල විතරක් හිර කරලා තියන්න ඕන, හැගීම් වලට වහල් වුනු බොලඳ ආදරයක්:frown:.

    කතාවේ මුල

    මගේ හිතට දැනිච්ච දෙයක්... කියවලා බලලා, දැනෙන දේ Comment එකකින් කොටලා යන්න:):)
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    නෙතට උළෙලක් විය එදා ඔබ
    කදුළු බිදුවක් උව මෙදා,,,,,,
    මේ තරම් සිත
    පාරවන්නේ
    මගෙන් වරදක් උනිද මන්දා............
     
    Nohim Ys

    Well-known member
  • මට සාපේක්ෂව ආදරේ දුකක් බන් :(.මොනවා උනත් මාත් බලාපොරොත්තු අත්හැරලා නැහැ :no:. අවුරුදු කීයක් ගියත් , දකින්නවත් නොලැබුනත් මගේ ආදරේ එහෙම්මමයි බන් :rolleyes:. ගොඩක් කොල්ලොන්ට සාපේක්ෂව මගේ ආදරේ උඹේ වගේම බොලඳ උනාට මොනවා කරන්නද බන් :sorry: මට මුලින්ම මගේ හිතේ ඇඳුනු ඒ ආදරේ නැති කරගන්න බැහැ :(

    උඹ කියනවා වගේම ජීවිතේ දැක්ක ලස්සනම පොෂ්ම කෙල්ල එයා නොවුනට අනේ මන්දා බන් මට මේ මුලු ජීවිතේදිවත් අඳුර ගන්න බැරි මහා අමුතු මායාවක් :baffled: එයා ගාව තියනවා බන් :rolleyes:.

    දැනට එයාට ආදරේ කරන්න පටන් අරන් 8 අවුරුද්දක් මට ගනින්න හම්බ උනා වගේ තව අවුරුදු කීයක් මට ගනින්න වෙයිද දන්නේ නැහැ :sorry:. ජීවිත කාලෙම උනත් මම අවුරුදු ගනින එක නවත්තන්නේ නැති වෙයි :(.

    මම කොච්චර බොලඳද කියනවනම් මම ඒකිගෙන් ලබන ආත්මෙදිවත් මට කැමති වෙනවද ? කියලා ඇහුවා බන් :sorry:.අනේ මන්දා බන් මං නම් කියන්නේ මොනවා උනත් බලාපොරොත්තු නැති කරගන්න එපා :cool::(

    :sorry::sorry::sorry::sorry::sorry::sorry:

    අවුරුදු 8 ???:shocked::sorry:
    උඹනම් පට්ටම Lover කෙනෙක් බං....:yes:
    ඇයි බං උඹට කැමති නොවුනේ. උඹේ පාලනයෙන් එහාට ගිය හේතුවක් ද ??
     
    • Like
    Reactions: Ali patiya

    Nohim Ys

    Well-known member

  • :sorry::sorry:

    supiri mcn

    Thx machan:)

    Thx Titi:)

    :sorry::sorry:

    නෙතට උළෙලක් විය එදා ඔබ
    කදුළු බිදුවක් උව මෙදා,,,,,,
    මේ තරම් සිත
    පාරවන්නේ
    මගෙන් වරදක් උනිද මන්දා............

    :no::no::sorry::sorry:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මට සාපේක්ෂව ආදරේ දුකක් බන් :(.මොනවා උනත් මාත් බලාපොරොත්තු අත්හැරලා නැහැ :no:. අවුරුදු කීයක් ගියත් , දකින්නවත් නොලැබුනත් මගේ ආදරේ එහෙම්මමයි බන් :rolleyes:. ගොඩක් කොල්ලොන්ට සාපේක්ෂව මගේ ආදරේ උඹේ වගේම බොලඳ උනාට මොනවා කරන්නද බන් :sorry: මට මුලින්ම මගේ හිතේ ඇඳුනු ඒ ආදරේ නැති කරගන්න බැහැ :(

    උඹ කියනවා වගේම ජීවිතේ දැක්ක ලස්සනම පොෂ්ම කෙල්ල එයා නොවුනට අනේ මන්දා බන් මට මේ මුලු ජීවිතේදිවත් අඳුර ගන්න බැරි මහා අමුතු මායාවක් :baffled: එයා ගාව තියනවා බන් :rolleyes:.

    දැනට එයාට ආදරේ කරන්න පටන් අරන් 8 අවුරුද්දක් මට ගනින්න හම්බ උනා වගේ තව අවුරුදු කීයක් මට ගනින්න වෙයිද දන්නේ නැහැ :sorry:. ජීවිත කාලෙම උනත් මම අවුරුදු ගනින එක නවත්තන්නේ නැති වෙයි :(.

    මම කොච්චර බොලඳද කියනවනම් මම ඒකිගෙන් ලබන ආත්මෙදිවත් මට කැමති වෙනවද ? කියලා ඇහුවා බන් :sorry:.අනේ මන්දා බන් මං නම් කියන්නේ මොනවා උනත් බලාපොරොත්තු නැති කරගන්න එපා :cool::(

    ආදරය බොළදයි තමයි මල්ලි ,,,,
    ඔයා විතරක් නෙමයි අපි කව්රුත් සැබෑ ආදරය ලගදී බොළදයි
    ඒක එක පැත්තකින් බොලද බව නෙවෙයි මල්ලි ,,,,,,අසරණකම
     
    Nohim Ys

    Well-known member
  • ආදරය බොළදයි තමයි මල්ලි ,,,,
    ඔයා විතරක් නෙමයි අපි කව්රුත් සැබෑ ආදරය ලගදී බොළදයි
    ඒක එක පැත්තකින් බොලද බව නෙවෙයි මල්ලි ,,,,,,අසරණකම

    අපේ පාලනයෙන් තොරව, නිකම්ම ඇතිවෙන හැගීමක්, මුලු ජීවිත කාලෙම නවතින්න අපේ හදවතේ ඉඩක් ඉල්ලනකොට, ඒකට උදව් කරන්න බැරිකම ඇත්තටම අසරණකමක් තමයි:yes::sorry::sorry:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මට සාපේක්ෂව ආදරේ දුකක් බන් :(.මොනවා උනත් මාත් බලාපොරොත්තු අත්හැරලා නැහැ :no:. අවුරුදු කීයක් ගියත් , දකින්නවත් නොලැබුනත් මගේ ආදරේ එහෙම්මමයි බන් :rolleyes:. ගොඩක් කොල්ලොන්ට සාපේක්ෂව මගේ ආදරේ උඹේ වගේම බොලඳ උනාට මොනවා කරන්නද බන් :sorry: මට මුලින්ම මගේ හිතේ ඇඳුනු ඒ ආදරේ නැති කරගන්න බැහැ :(

    උඹ කියනවා වගේම ජීවිතේ දැක්ක ලස්සනම පොෂ්ම කෙල්ල එයා නොවුනට අනේ මන්දා බන් මට මේ මුලු ජීවිතේදිවත් අඳුර ගන්න බැරි මහා අමුතු මායාවක් :baffled: එයා ගාව තියනවා බන් :rolleyes:.

    දැනට එයාට ආදරේ කරන්න පටන් අරන් 8 අවුරුද්දක් මට ගනින්න හම්බ උනා වගේ තව අවුරුදු කීයක් මට ගනින්න වෙයිද දන්නේ නැහැ :sorry:. ජීවිත කාලෙම උනත් මම අවුරුදු ගනින එක නවත්තන්නේ නැති වෙයි :(.

    මම කොච්චර බොලඳද කියනවනම් මම ඒකිගෙන් ලබන ආත්මෙදිවත් මට කැමති වෙනවද ? කියලා ඇහුවා බන් :sorry:.අනේ මන්දා බන් මං නම් කියන්නේ මොනවා උනත් බලාපොරොත්තු නැති කරගන්න එපා :cool::(

    hmmmmmmmmmmm
    itin mokada kiwwe ?
     
    Nohim Ys

    Well-known member
  • මගේ යාලුවෙක් දවසක් මේ ලඟදි ඇහුවම කිව්වලු " එයාට කවදා කොයි කාලෙක කොයි මොහොතක මං ගැන අදහසක් ඇති වෙයිද දන්නේ නැහැ" කියලා :sorry:. හැබැයි වැඩිපුර බල කරලා කෝල් දීලා දඟලපු ගමන් එයාට කොල්ලෙක් ඉන්නවා කියලා කියනවා. හනේ මන්දා බන්දැන් අවුරුදු එකහාමාරකින් විතර හම්බ උනෙත් නැහැ. මාත් ඉතින් හෝප්ස් තියාගෙන ,මොනවත් නොකියා ඔහේ ඉන්නවා . :(

    :confused::confused::confused:
    සිරාවටම ඔය සිද්දිය නම් මට තේරුම් ගන්න අමාරුයි බං...:yes: හරි අමුතු කෙල්ලෙක් :confused::oo:
     
    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    ආදරය සුන්දර වරදකී... කිසිදා සමාවක් නමි නැතී.... අතාරින්න එපා මචන්.. :) :)
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ගත් කටටම බැහ් කිව්වා බන් :(. මං ඇහුවා ඇයි කියලා :frown:. එතකොට කියනවා ඒකි ආයේ ඉපදෙන්නේ නැහැලු මන් කිව්වා :baffled:. මං කිව්වා ඔයා ලබන ආත්මේ නිවන් දකින්නේ නැහැනේ :oo:. බලමුකෝ බැහැ කිව්වත් ලබන ආත්මේ නම් බලෙන් හරි උස්සනවා කියලා :rofl:. ඒකිට හිනා ගියත් එක්ක ඒක අහලා :lol: එවුනට මන් සිරා කිව්වේ. :(:rofl:

    how old are u mcn ?
     
    Status
    Not open for further replies.