ඔව්, මගේ ආදරය බොලඳ තමයි !!
කතාවේ මුල
මගේ හිතට දැනිච්ච දෙයක්... කියවලා බලලා, දැනෙන දේ Comment එකකින් කොටලා යන්න

ඔයා මගේ ඉස්සරහට එන හැම වාරයක් පාසාම, මට අනිත් වෙලාවට වගේ සාමාන්‍ය විදිහට හැසිරෙන්න බෑ. ඇයි කියලා නම් දන්නේ නෑ, හැබැයි මොකක්දෝ නොසන්සුන් බවක් දැනෙනවා. හරියට මගේ හදගැස්ම වේගවත් වෙනවා වගේ
.
මට කවදාවත්ම නොලැබෙන ඔයාගේ අවධානය මේ සැරේවත්, කලින්ට වඩා ටිකක්වත් ලැබෙයිද කියලා, මගේ වේගයෙන් සැලෙන සුසුම් ලතවනවා...
ඒ වෙලාවට ඇහිපිය ගහන එකත් කල්පනාවෙන් කරන්න ඕන කියලා හිතෙන්නේ, මගේ හිතේ තියෙන දේ ඔයාට දැනෙයිද කියන බයටම තමයි. අනේ දෙවියන්ගේ නාමෙන් එහෙම නම් වෙන්න එපා
. මගේ හිතේ ඔයා ගැන තියන හැගීම නම් ඔයාට දැනෙන්න එපා. මට ඒ මොහොතට මුහුන දෙන්න තරම් ශක්තියක් නෑ
. කොච්චරක් මම ඔයාගේ අවධානයට ලක්වෙන්න ආසද, ඒ තරම්ම, මගේ හිතේ ඔයා ගැන තියෙන ආදරය ඔයාට දැනෙයි කියන බයකුත් මගේ හිතේ තියෙනවා
. මගේ ම සිහින ලෝකයකට වෙලා, අසම්මත ආදරයකට පන පොවන්න හදන මම, කොච්චර බොලඳද කියලා ඔයා හිතයි ද ? ඔයාගේ තියෙන ඔය තියෙන පරිණත බව, මගේ අහිංසක ආදරයට හිනා වෙයිද ?
මුලු ලෝකයටම හොරා, ආදරය කියන වචනයේ අකුරු එකතු කරන්න හදපු මාව ඔයා කොහොම තේරුම් ගනීද ?
අනේ ඒ මොහොතට නම් මට මුහුන දෙන්න බෑ
ඔයා මාව බොලඳ විදිහට හිතන කෙනෙක් විදිහට පැත්තකට දැම්මොත්. ආයෙත් මාත් එක්ක කතා කරනවා තියා හිනා වෙන්නෙත් නැතුව ගියොත්... ඒකනම් මට දාරාගන්න බෑ..
මම මෙච්චර ආදරය කරන, කවදාවත් සැබෑ නොවෙන සිහින වලට මට සමුදෙන්න බෑ...

ඔයාගේ ආදරය මට නොලැබුනාට කමක් නෑ, මම ඒක කොහොම හරි දරාගන්නම්. මගේ ඇස් දෙකෙන් එලියට එන්න දගලන හැම කදුලු බිංදුවක්ම, ඇස් දෙක ඇතුලෙම හිරකරලා තියාගන්නම්
. ඔයාව දකින වාරයක් පාසා, මගේ හදවත කඩාගෙන එලියට එන්න තරම් රිදුම් දෙන මේ දුරස් බව
, මගෙ ජීවිතේ හැමදාටම තියාගන්නම්. හැබැයි මම දැකපු ඒ සිහින වලට නම් සමුදෙන්න මම ලෑස්ති නෑ. ඔයාගේ අතින් අල්ලගෙන, මගේ අහිංසක සිහින වල මම ගියපු දුර, ආයෙත් හැරිලා එන්න කියල නම් මට කියන්න එපා... මම ඔයාට වැදලා ඉල්ලන්නම්, ඒ සිහින ටිකනම් මගෙන් ඈතට අරන් යන්න එපා.Please
මම දන්නවා ඔයා,මට ඔයා ගැන දැනෙන විදිහ ගැන දැනගත්තොත්, අනිවාර්යයෙන්ම එහෙම කරන බව. ඔයා මගෙ ආදරය, කිසිම වැඩකට නැති කොල්ලෙක්ගේ බොලඳ හැගීමක් විදිහට දකිනවා නොඅනුමානයි. ඒත් මම ඔයාට එහෙම කරන්න දෙන්නේ නෑ
. මගේ කිසිම හැගීමක් ඔයාට දැනෙන්න දෙන්නේ නෑ. මගේ හැම හැගීමක්ම, මගේ හැම දුකක් ම, පුංචිම පුංචි හිනාවක් පසුපස සගවාගන්න මට පුලුවන්
.ඔයටත් දැනිලා ඇති, හුගක් අවස්ථා වල මම එහෙම කරන්න හුගක් දක්ෂයි කියලා. මගේ මූනේ තියෙන හිනාවට, මගේ හිතේ තියෙන හැගීම් බාධාවක් කර නොගන්න එක.
තවත් දෙයක් මම කියන්නම්,, මගේ ගැන. මට කාගෙන් හරි බැනුම් අහනවා කියන එක ප්‍රශ්නයක් නෙවෙයි. ඇත්තම කියනවා නම් ඒක මට පුරුද්දට ගිහිල්ලා. දෙමව්පියන්ගෙන්, ගුරුවරුන්ගෙන්, ලෙක්චරස්ලගෙන් බැනුම් ඇහුවට ඒක මට සාමන්‍ය දෙයක්. මට ඒක පොඩ්ඩක්වත් දැනුනේ නෑ
.
ඒත් මොකක් හරි දේකට ඔයා මට බැන්නහම, මට ඒක ගනන් ගන්නේ නැතුව ඉන්න බැරි උනා. මට ඒක හුගක් දැනුනා
. මම කල යුතු දෙයක් නොකරනකොට, ඔයා මට ඒක කරන්න කියලා බලකරනකොට, මම ඒක කලේ ඒක කරන්න ඕන දෙයක් නිසාම නෙවෙයි. මොකක්දෝ තේරුම් ගන්න බැරි බොලඳ හැගීමක්, මාව මෙහෙයවුවා. ඇත්තටම දෙයක් කරන්නට මට හේතුවක් ලැබුනා. ඒ තේරුම් ගන්න බැරි හැගීමට, මට ජීවිතේ ඉස්සරහට යන්න ලැබිච්ච හේතුවට ආදරයක් කියලා, අමතන්න තරම් මම බොලඳ උනාට මට සමාවෙන්න
.
හැබැයි, මම ඔයාට දිවුරලා කියනවා, ඒක මම දැනුවත්ව කරපු දෙයක් නෙවෙයි
, ඉබේ උන දෙයක් කියලා... කොහොම උනත් මේක බොලඳ ආදරයක් ම තමයි. අපි ජීවත් වෙන යථාර්තයෙන් ඈත් කරලා, සිහින් ලෝකයක් තුල විතරක් හිර කරලා තියන්න ඕන, හැගීම් වලට වහල් වුනු බොලඳ ආදරයක්
.
.මට කවදාවත්ම නොලැබෙන ඔයාගේ අවධානය මේ සැරේවත්, කලින්ට වඩා ටිකක්වත් ලැබෙයිද කියලා, මගේ වේගයෙන් සැලෙන සුසුම් ලතවනවා...
ඒ වෙලාවට ඇහිපිය ගහන එකත් කල්පනාවෙන් කරන්න ඕන කියලා හිතෙන්නේ, මගේ හිතේ තියෙන දේ ඔයාට දැනෙයිද කියන බයටම තමයි. අනේ දෙවියන්ගේ නාමෙන් එහෙම නම් වෙන්න එපා
. මගේ හිතේ ඔයා ගැන තියන හැගීම නම් ඔයාට දැනෙන්න එපා. මට ඒ මොහොතට මුහුන දෙන්න තරම් ශක්තියක් නෑ
. කොච්චරක් මම ඔයාගේ අවධානයට ලක්වෙන්න ආසද, ඒ තරම්ම, මගේ හිතේ ඔයා ගැන තියෙන ආදරය ඔයාට දැනෙයි කියන බයකුත් මගේ හිතේ තියෙනවා
. මගේ ම සිහින ලෝකයකට වෙලා, අසම්මත ආදරයකට පන පොවන්න හදන මම, කොච්චර බොලඳද කියලා ඔයා හිතයි ද ? ඔයාගේ තියෙන ඔය තියෙන පරිණත බව, මගේ අහිංසක ආදරයට හිනා වෙයිද ?
මුලු ලෝකයටම හොරා, ආදරය කියන වචනයේ අකුරු එකතු කරන්න හදපු මාව ඔයා කොහොම තේරුම් ගනීද ?
අනේ ඒ මොහොතට නම් මට මුහුන දෙන්න බෑ
ඔයා මාව බොලඳ විදිහට හිතන කෙනෙක් විදිහට පැත්තකට දැම්මොත්. ආයෙත් මාත් එක්ක කතා කරනවා තියා හිනා වෙන්නෙත් නැතුව ගියොත්... ඒකනම් මට දාරාගන්න බෑ..
මම මෙච්චර ආදරය කරන, කවදාවත් සැබෑ නොවෙන සිහින වලට මට සමුදෙන්න බෑ...

ඔයාගේ ආදරය මට නොලැබුනාට කමක් නෑ, මම ඒක කොහොම හරි දරාගන්නම්. මගේ ඇස් දෙකෙන් එලියට එන්න දගලන හැම කදුලු බිංදුවක්ම, ඇස් දෙක ඇතුලෙම හිරකරලා තියාගන්නම්
. ඔයාව දකින වාරයක් පාසා, මගේ හදවත කඩාගෙන එලියට එන්න තරම් රිදුම් දෙන මේ දුරස් බව
, මගෙ ජීවිතේ හැමදාටම තියාගන්නම්. හැබැයි මම දැකපු ඒ සිහින වලට නම් සමුදෙන්න මම ලෑස්ති නෑ. ඔයාගේ අතින් අල්ලගෙන, මගේ අහිංසක සිහින වල මම ගියපු දුර, ආයෙත් හැරිලා එන්න කියල නම් මට කියන්න එපා... මම ඔයාට වැදලා ඉල්ලන්නම්, ඒ සිහින ටිකනම් මගෙන් ඈතට අරන් යන්න එපා.Please
මම දන්නවා ඔයා,මට ඔයා ගැන දැනෙන විදිහ ගැන දැනගත්තොත්, අනිවාර්යයෙන්ම එහෙම කරන බව. ඔයා මගෙ ආදරය, කිසිම වැඩකට නැති කොල්ලෙක්ගේ බොලඳ හැගීමක් විදිහට දකිනවා නොඅනුමානයි. ඒත් මම ඔයාට එහෙම කරන්න දෙන්නේ නෑ
. මගේ කිසිම හැගීමක් ඔයාට දැනෙන්න දෙන්නේ නෑ. මගේ හැම හැගීමක්ම, මගේ හැම දුකක් ම, පුංචිම පුංචි හිනාවක් පසුපස සගවාගන්න මට පුලුවන්
.ඔයටත් දැනිලා ඇති, හුගක් අවස්ථා වල මම එහෙම කරන්න හුගක් දක්ෂයි කියලා. මගේ මූනේ තියෙන හිනාවට, මගේ හිතේ තියෙන හැගීම් බාධාවක් කර නොගන්න එක.තවත් දෙයක් මම කියන්නම්,, මගේ ගැන. මට කාගෙන් හරි බැනුම් අහනවා කියන එක ප්‍රශ්නයක් නෙවෙයි. ඇත්තම කියනවා නම් ඒක මට පුරුද්දට ගිහිල්ලා. දෙමව්පියන්ගෙන්, ගුරුවරුන්ගෙන්, ලෙක්චරස්ලගෙන් බැනුම් ඇහුවට ඒක මට සාමන්‍ය දෙයක්. මට ඒක පොඩ්ඩක්වත් දැනුනේ නෑ
.ඒත් මොකක් හරි දේකට ඔයා මට බැන්නහම, මට ඒක ගනන් ගන්නේ නැතුව ඉන්න බැරි උනා. මට ඒක හුගක් දැනුනා
. මම කල යුතු දෙයක් නොකරනකොට, ඔයා මට ඒක කරන්න කියලා බලකරනකොට, මම ඒක කලේ ඒක කරන්න ඕන දෙයක් නිසාම නෙවෙයි. මොකක්දෝ තේරුම් ගන්න බැරි බොලඳ හැගීමක්, මාව මෙහෙයවුවා. ඇත්තටම දෙයක් කරන්නට මට හේතුවක් ලැබුනා. ඒ තේරුම් ගන්න බැරි හැගීමට, මට ජීවිතේ ඉස්සරහට යන්න ලැබිච්ච හේතුවට ආදරයක් කියලා, අමතන්න තරම් මම බොලඳ උනාට මට සමාවෙන්න
. හැබැයි, මම ඔයාට දිවුරලා කියනවා, ඒක මම දැනුවත්ව කරපු දෙයක් නෙවෙයි
, ඉබේ උන දෙයක් කියලා... කොහොම උනත් මේක බොලඳ ආදරයක් ම තමයි. අපි ජීවත් වෙන යථාර්තයෙන් ඈත් කරලා, සිහින් ලෝකයක් තුල විතරක් හිර කරලා තියන්න ඕන, හැගීම් වලට වහල් වුනු බොලඳ ආදරයක්
.
කතාවේ මුල
මගේ හිතට දැනිච්ච දෙයක්... කියවලා බලලා, දැනෙන දේ Comment එකකින් කොටලා යන්න

Last edited:

. ගොඩක් කොල්ලොන්ට සාපේක්ෂව මගේ ආදරේ උඹේ වගේම බොලඳ උනාට මොනවා කරන්නද බන්
එයා ගාව තියනවා බන් 

. ඒකිට හිනා ගියත් එක්ක ඒක අහලා
එවුනට මන් සිරා කිව්වේ.