කැලණියේ ආචාර්ය තුමාට උපකුලපති පදවියක්

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    කැලණියේ ආචාර්ය තුමාට උපකුලපති පදවියක්

    ආචාර්ය මර්වින් සිල්වා මහතාගේ ෆෑන්ස් ලට මේක වැදගත් වෙයි කියල හිතල පැපරාසියාගෙන් උස්සලා මේකේ දැම්ම
    marvin-silva-small.jpg

    ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී, මහජන සම්බන්ධතා අමාත්‍ය ධුරන්දර, බුද්ධ ශාසන කීර්ති බන්දු, ආචාර්ය හේවාකොප්පරගේ මර්වින් සිල්වා ශ‍්‍රීමතානන්ට මෙතෙක් කලක් අඩුපාඩුවක්ව පැවති විශ්ව විද්‍යාල උපකුලපති පදවියක් පිරිනමා ඇති බව ‘පැපරාසියා’ට වාර්තා වේ.

    මෙම විශ්ව විද්‍යාල උපකුලපති පදවිය ආචාර්ය මර්වින් සිල්වා මහතාට පිරිනමා ඇත්තේ වෛකල්පිත විද්‍යාව පිළිබද විශ්ව විද්‍යාලයෙනි. (Open University of Complimentary Medicine). මෙම තනතුර බාරගැනීම සඳහා මර්වින් සිල්වා මහතා අද (10) රාත‍්‍රී ඔස්ටි‍්‍රයාවේ වියානා නුවර බලා සිය පවුලේ හිතවතුන් සමග දිවයිනෙන් බැහැරව යාමට නියමිතය.

    වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස් මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ මෙම විශ්ව විද්‍යාලයේ උපකුලපති තනතුර සදහා ආචාර්ය මර්වින් සිල්වාගේ නාමය යෝජනා කොට තිබෙන්නේ එම විශ්ව විද්‍යාලයෙන්
    ආචාර්ය උපාධියක් ලබාගත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වෛද්‍යාචාර්ය එලියන්ත වයිට් මහතා විසිනි.

    ඇෆ්ගනිස්ථානයේ ලියාපදිංචි කොට කොළඹ සිය මූලස්ථානය පවත්වාගෙන යන වෛකල්පිත විද්‍යාව පිළිබද විශ්ව විද්‍යාලය මේ වනවිට රටවල් 49 ක සියා ශාඛා පවත්වාගෙන යන බව එම විශ්ව විද්‍යාලයේ මාධ්‍ය අධ්‍යක්ෂක ජනක රාමනායක මහතා පැවසීය.

    දිවයිනෙන් බැහැරව යූරෝපයට යාමට ප‍්‍රථමව උපකුලපති ආචාර්ය මර්වින් සිල්වා ‘පැපරාසියා’ වෙබ් අඩවිය සමග දුරකථනයෙන් පවත්වන ලද සම්මුඛ සාකච්ඡුාව පහත දැක්වේ.

    පැපරාසියා - ආයුබෝවන් අභිනව උපකුලපතිතුමා අපි පැපරාසියා වෙබ්අඩවියෙන්

    මර්වින් සිල්වා - මොකක් කිව්වා... පැප..රාසියා මමනම් දන්නේ මීන රාශිය සහ මේෂ රාශිය විතරයි. මේකත් ඒවගේ රාශියක්ද?

    පැපරාසියා - ඔව් පැපරාසියා කියන්නේ අලූත්ම ග‍්‍රහයෙක් තමයි. පැපරාසියාට පුලූවන් ඕනම කෙනෙක්ගේ ග‍්‍රහයෝ උච්චකරන්නත්... නීච කරන්නත්.

    මර්වින් සිල්වා - හා හරි හරි.... දැන් මොනවද දැනගන්න ඕන?

    පැපරාසියා - මේ හම්බවුනා කියන උපකුලපති පදවිය සදහා මොනවද ඔබතුමාගේ තියෙන සුදුසුකම්?

    මර්වින් - මම අවුරුදු හතලිස් පහක් දේශපාලනය කරලා තියෙනවා. මම පටන්ගත්තේ සමුපාකාරේ බඩුකිරන්නෙක් විදිහට. අද මම ශ‍්‍රී ලංකාවේ වගකිවයුතුම ඇමතිපදවිය වන මහජන සම්බන්ධතා ඇමති. ඒ සේරටම වඩා මම දුටුගැමුණු පරපුරේ අවසාන පුරුක.

    පැපරාසියා - එතකොට දුටුගැමුනුගේ සම්පූර්න නම හේවාකොප්පරගේ දුටුගැමුණු සිල්වාද?

    මර්වින් - ඔව් සමහරවිට වෙන්න පුලූවන්... ඇයි දුටුගැමුනුට සිල්වා වෙන්න බැරිද?

    පැපරාසියා - නෑ කතාවක් තියෙනවනේ සිල්වලා ලංකාවට ආවේ ඉන්දියාවේ මලබාර් වෙරළෙන් කියලා. ඒගොල්ලෝ ඔරිජිනල් සිංහල නෙමෙයිලූ? ඒකලූ ඔච්චර සිංහල ජාතිය ගැන කෑමොර දෙන්නේ.... මර්වින් සිල්වලා, නලීන් සිල්වලා තමන්ගේ දෙමළ ඔරිජින් එක වහගන්න අද සිංහල ජාතියේ ආරක්ෂකයෝ වෙලා කියන කතාව ඇත්තද?

    මර්වින් - ඒක තමුසෙ අහගන්නවා නලීන් සිල්වාගෙන් මෑන් එක තමුසෙට කියලා දෙයි. නමුත් නලීන් සිල්වා දුටුගැමුනුගේ නෑයෝ නෙමෙයි. මම විතරයි නෑයා. විහාරමහදේවී කියන්නේ මගේ ආච්චි. කාවන්තිස්ස සීයා. තමුසෙ කියන්නේ ඒ ගොල්ලොත් දෙමළ කියලද?

    පැපරාසියා - සිල්වා නම තියෙන හැම කෙනෙක්ම දෙමළ තමයි. නමුත් ඒක ලැජ්ජාවට කාරණයක් නෙමෙයි. ලැජ්ජාව තමයි ඒක හංගගන්න ට‍්‍රයි කරන එක.

    මර්වින් - මම උපකුලපති පදවිය භාරගත්තයින් පස්සේ මම ඔයගැන පර්යේෂනයක් කරනවා. ඒක රිසල්ට් එක මම තමුසෙලාට එවන්නම්. එතකන් පවුනොදී මට මගේ පාඩුවේ වැඩක් කරගෙන ඉන්න ඉඩදෙනවා. ඔය අනන් මනන් සුර නැතිවෙච්ච කතා ලියන්න එපා. මේක සුරනැතිවෙන ලෝකයක්. තමුසෙගෙ එකත් පරිස්සම් කරගන්නවා. මට පරක්කුවෙනවා මම තියනවා. බුදුසරණයි බායි....
     
    • Like
    Reactions: Era.123

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පැපරාසියා - එතකොට දුටුගැමුනුගේ සම්පූර්න නම හේවාකොප්පරගේ දුටුගැමුණු සිල්වාද?

    :lol::lol::lol::lol::lol::lol:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ජනතාව පුල පුලා බලා සිටි එකක් නේද හසන්ත මේක :D
    :yes:
    sira wedak
    :yes:
    රත්තරං;13680090 said:
    පැපරාසියා - එතකොට දුටුගැමුනුගේ සම්පූර්න නම හේවාකොප්පරගේ දුටුගැමුණු සිල්වාද?
    මර්වින් - ඔව් සමහරවිට වෙන්න පුලූවන්... ඇයි දුටුගැමුනුට සිල්වා වෙන්න බැරිද?
    :lol::lol::lol::lol::lol::lol:
    :rofl:
     

    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    මහාචාර්යකම ලේ වලම පිහිටලා තිබ්බ කියල හොයා ගත්ත එකම හෝමෝසේපියන් මුළු බන් , ලංකාවට ආඩම්බරයක් අප්පා
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මහාචාර්යකම ලේ වලම පිහිටලා තිබ්බ කියල හොයා ගත්ත එකම හෝමෝසේපියන් මුළු බන් , ලංකාවට ආඩම්බරයක් අප්පා
    :yes:
    පිස්සෙක්ට උපකුලපති කමක්........
    පව් බන්
    අස්චාර්ය බන්
    :yes:
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    එහෙනම් කමක් නෑ. මං මේ හිතුවේ අදත් ඇවිත් නාගෙනද කියල. ඕකත් ඕකගේ තාත්ත වගේමයි,යන තැන මාව මතක් කරවලමයි ගෙදර එන්නේ.

    හචින් යනව ඇති හැම වෙලාවෙම නෙහ්.
    අපි හැමවෙලාවෙම මතක් කරනව ඉරොසන් ගේ අම්මව :lol: