එක්කෙනෙක් වෙන්නත් ඉඩක් නැත්තෙම නෑ, ඒත් මම දැකල තියන දෙයක් තමයි වර්ගපූර්ණිකාවට නම් අපේ ඉහලම කලා කාරයන්ගෙ සම්මාදමත් ලැබෙන අවස්ථා තියනවා. මම කියන්නෙ Orion මේ කරගෙන යන්නෙ ඉතාම විශිෂ්ට නිර්මාණයක්. මේ වගේ කලා නිර්මාණ සමාජය වපරැහින් බලපු මුල් අවස්ථාව මේක නෙමෙයි. අපි හැමෝම ලංකාවෙ මිනිස්සු නෙ, ලංකාවෙ අයගෙ සිතුම් පැතුම් තවම මේ වගේ අධිතාත්විකත්වය සහ සංගත බව කියන දෙකම එකට කැටි වෙච්ච සාහිත්‍ය ප්‍රභේද බාර ගන්න මට්ටමට විවෘත වෙලා නැහැ කියල තමයි මට කියන්න තියන්නෙ. අපි අලුත් පරම්පරාවෙ අය අලුත් පරම්පරාවෙ කලාව සහ සාහිත්‍යය එක්ක ජීවත් වෙන්න පුරුදු වෙන්න දැන් කාලෙ හරි කියල හිතෙනවා.
හොදට ලියලා තියනවා තමා. නැත්තම් මෙච්චර පේජස් ගොඩක් යයිද බන්.




සාහිත්‍ය නිර්මාණයක් විදියට ගත්තොත් ත්‍රෙඩ් එක හොදයි.
අපි ඕක කරන්න දෙන්නෙ නෑ.. මානවයාට අපට තරම් උසස් බුද්ධියක් නොතිබුණා කියලා එක ඒලියන් ජාතියකට මානවයාගේ පෘථිවිය ආක්‍රමණය කරන්න අපි ඉඩ තියන්නෙ නෑ. අපිවත් උඹලවත් ස්වභාවිකවම මේ මට්ටමට පරිණාමය වුණා වගේ මානවයාගේ අනාගතයත් ස්වභාව ධර්මයටම තීරණය කරන්න ඉඩ දෙන්න ඕනෙ කියන එකයි අන්තර් තාරකා සංගමයේ අවසාන නිගමනය වුණේ. උඹලා බල තන්හාවෙන් පෘථිවියට ඇහැ ගහගෙන හිටියා මිසක් එහෙ සිද්ධ වුණ දේවල් දන්නෙ නෑ නෙ.

.ඕන නම් වෙන කවුරු හරි කෙනෙක් එයි.මොකද මායා වරු කියල තියනව එයාලට දැනුම දුන්න දෙවිය අහසේ විශාල ආලෝකයක් එක්ක පොලවට එනව කියල.අනිත් එක නොස්ටර්ඩෑම් කියලත් තියෙන්නෙ අහසෙ විශාල ආලෝකයක් ගැන.අනිවා පිටසක්වල සීන් එකක් තමයි.ඒත් මූ රජ වෙන එක බොරු.
