| සොඳුරු නවෝදය 2 | ආදරණිය බෙකම් |

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පන්තියෙ කෙල්ලොත් ඉස්සරහ මාධව කියපු කතාවෙන් පැතුමගෙ සියලු කලර්ස් හේදිලා ගියා. ඌ වටපිට බැලුවෙ හැංගෙන්න මීගුලක් හරි තියෙනවද කියලා හොයන්න වගේ. කෙල්ලො ටිකත් හිකි හිකි ගගා හිනාවෙනවා.

    “නෑ.. නෑ.. උඹ ඔය තරම් අවුල්වෙන්න ඕන නෑ.. උඹට මතක නැද්ද උඹේ ඔය මහා ලොකු පද්ධතිය තනිරූල් කොලේක ඇඳලා, සේනාරන්ත මිස්ගෙ සාරිපොටේ එල්ලුවෙ.. අපි දහය වසරෙදි විතර..”


    මාධවයා මතක් කරහමයි අපිටත් ඒ ඇඟ කිලිපොලා යන ආටක නනාටකේ මතක් වුනේ. ඇත්තමයි ඒකන ම් මතක්වෙන මතක්වෙන පාරට හිනා යනවා. දහයෙදි විධයාවට අපේ පංතියට අලුතින් ආව සේනාරන්ත මිස්. එච්චරම අවුලක් තියෙන කෙනෙක් නෙමෙයි. හැබැයි උගන්වන්න ගියාම මෙලෝ සිහියක් පතක් නැතුව උගන්නනවා. පංතියෙ එවුන්ට තේරෙනවද නැද්ද ආයෙ මොකවත් නෑ. කොහොමින් කොහොම හරි මාසයක් විතර යද්දි අපේ එවුන්ට සේනාරත්න මිස් වාතයක් වෙලයි හිටියෙ. ඒ වෙනකොටත් අපි ඉතාම ආසාවෙන් ඉඳපු පාඩම තමයි මිස් පටන් අරගෙන හිටියෙ. පැතුමයි, මමයි, හය වසරෙදි ඉඳන් බලන් හිටියෙ කොයි වෙලාවෙද දහය වසරට එන්නෙ කියලා මේ ආතල් පාඩම ඉගෙන ගන්න. සර්ලා මිස්ලා මේක අපිට කොහොම උගන්වයිද කියලා බලන්නත් අපි දතකට මැදගෙන හිටියා. පාඩම තමයි මිනිසාගේ ප්‍රජනන පද්ධතිය. දැන් නම් ඒක ඇහෙනකොටත් හිනායනවා. ඇයි අප්පේ ඒකට කොල්ලො නම් විතරක් නම් කීයක් දාලා තියෙනවද.. ප්‍රජනන පද්ධතිය ඕවා දන්නවා නම් වහ ඩිංගක් කාලා ෆැන්ටා එකක් බොනවා.. මොනවා උනත් කොල්ලන්ගෙ අපබ්‍රංස ප්‍රශ්න වලට උත්තර දෙන ගමන් සේනාරත්න මිස් පාඩම නිරුපද්‍රිතව කරගෙන ගියා. සමහර වෙලාවට මිස්ට දාඩියත් දාලා. ඇයි ඉතිං පැතුමා අහන්නෙ අධිකරණ වෛද්‍ය විශේෂඥයෙක් අහන හරස් පුරස්නනේ. දවසක් සේනාරත්න මිස් පාඩම කරන් යද්දි පැතුම් විද්‍යා පොතේ අන්තිම පිටුවට පිටු දහයකට විතර මෙහායින් මොකක්දෝ අඳන්න ගත්තා. පිටු දහයකට මෙහායින් අඳින්න ගත්තෙ, ඉතුරු අග පිටු නමේම ඌ සිංදු කෑලියි, රටේ නැති කතන්දරයි ලියලා.


    “බෙකම් මේන්..”


    ඇඳලා ඉවරවො ඌ මට රූපෙ පෙන්නුවා.. අමාරුවෙන් හරි ඌ ඇඳලා තිබ්බෙ පුරුෂ ලිංග පද්ධතිය.


    “ඕක මොකටද බං..?”


    “බලපංකො කරන වැඩේ..”


    පැතුමා කොහොම හරි ඒ වෙනකොට කෙල්ලෙක්ගෙන් ආය කට්ටක් ඉල්ලගෙනත් තිබුණා. කතා කරගෙන තිබ්බ විදියට මාධවයා මිස්ගෙන් ප්‍රශ්නයක් අහද්දි, මිස් ඌයි, පැතුමයි ළඟට ආවා. ප්‍රශ්නෙට උත්තරේ සේනාරත්න මිස් කියලා දෙද්දි පැතුමා ක්ෂණිකව ක්‍රියාත්මක වෙලා මිස්ගෙ සාරිපොටේ ඌ ඇඳපු සමස්ත ලංකා චිත්‍ර ප්‍රදර්ශනෙන් පළවෙනි තැන ග්තතු තනිරූල් කොලේ ආට් එක එල්ලුවා. දැන් ටීචර් එකත් එල්ලගෙන එහාට යනවා. මෙහාට යනවා. මුලින් හෙමින් හෙමින් හිනාවචේචි පංතියෙ කොල්ලො කෙල්ලො ටික බක බක ගාලා හිනාවෙන්න ගත්තා අන්තිමට.


    “මොකද ඔය ළමයි හිනාවෙන්නෙ..?”


    එහෙම ඇහුවත් කවුරුවත් කියන්නෙ නෑ. සේනාරත්න මිස්ට දැන් මාර අප්සට්. නිකං ඇඬෙන්නත් වගේ. බැරිම තැන මිස් පන්තියෙන් එළියට ගියා. පීරියඩ් එක ඉවරවෙන්නත් කලින් එතන ඉඳලා වෙච්චි දේවල් අපිට ටිකක් පහුවෙලා තමයි ආරංචි උනේ. පංතියෙන් එළියට ගියත් දකින දකින ළමයා හිනාවෙනවලු සේනාරත්න මිස්ට. දැන් මේක ඉවසගන්න බැරිව, ස්ටාෆ් රූම් එකට ගිහින් වෙන මිස් කෙනෙක්ව හම්බවුනාලු.


    “බලන්නකො අනේ.. මේ ළමයින්ට අද මොනවා වෙලාද මංදා.. මාව දකින දකින ළමයා මට හිනාවෙනවනේ.. ඇත්තමයි මට පිස්සු වගේ..”


    දැන් මේ කතන්දරේ අහපු මිසුත් නැගිටලා, සේනාරත්න මිස් වටේ කරකැවිලා අතින් කට වහගෙන හිනාවෙනවලු.


    “මේ බලන්න ඔයාගෙ සාරිය එල්ලලා තියෙන එක.. ළමයි හිනානොවී කොහොම ඉන්නද..?”


    හප්පට සිරි.. කාලා වරෙන්කො.. සේනාරත්න මිස්ට මේ ආට්වර්ක් එක දැක්කා විතරයි නප්පියයි, තව නප්පි බාගෙකුයි එහාට යන්න තද උනා. මොන තරම් ලැජ්ජාවක්ද..? මොන තරම් නව නිංගිරාවක්ද..? සේනාරත්න මිස් කෙරුවෙ, සාරි පොටේ, පැතුමගෙ ආට් එක තියාගෙනම ප්‍රින්සිපල් සර් ළඟට ගියපු එක.


    “බලන්න සර්.. මේ ඉස්කෝලෙ ළමයින්ගෙ වැඩ.. දන්නෙ නැතුව මං ඉස්කෝලෙ හැම තැනම ඇවිද්දා..”


    සේනාරත්න මිස් පිනා සර්ට කියන්නෙ තරහ උතුරන ගමන්ලු. පිනා සර් තත්පර තුන හතරක් ඉඳලා, පැතුමගෙ ආට් එක ගලවලා අතට ගත්තලු. ඒක දැකපු ගමන් පිනා සර්ට අපූරු හිනාවක් ආවලු.


    “සේනාරත්න මිස්.. මේක කොච්චර වෙලා එල්ලන් හිටියද..?”


    පිනා සර් ප්‍රශ්නෙ අහපුවාම, සේනාරත්න මිස්ට මාර සැටිස්ලු.. ඇයි ඉතිං මේක එල්ලපු එකාට පන්ති තහනමක් කියලනේ මිස් හිතල තියෙන්නෙ. වැඩේ එකෙන්ම ගොඩ.


    “ම්.. මං හිතන්නෙ පැය භාගයක් විතර..”


    “අනේ සේනාරත්න මිස්.. ඔයා ඔය ඕක පැය භාගයක් එල්ලගෙන ඉඳලා.. අපි අපේ මුළු ජීවිත කාලෙම ඕක එල්ලගෙන ඉන්නෙ..”


    පිනා සර්ගෙ කතාවට සේනාරත්න මිස්ට ඇඩ්‍රස් නැති උනාලු. කොල්ලො අතින් දාලද, හදලද මංදා කතාව නම් එහෙම තමයි.. අපි නම් කතාවට තාමත් හිනාවෙනවා.


    “හා.. හා.. මට තාම මතකයි.. මට මතකයි..

    දම් පාට මල්.. මට තාම මතකයි.. හ්ම්.. ම්.. ම්..”

    පැතුම් ඒපාර උගේ සුපුරුදු බෙලෙක් කට හඬට පණ පෙව්වා. ඌට කතන්දරේ අමතක වෙන්න විදියක් නෑනෙ.. ඌනේ ඒ මහා ජාතක කතා වස්තුවෙ නිර්මාතෘවරයා.


    “උඹට මතක් උනාට කමක් නෑ.. උඹල කොරිඩෝ එකේදි හිනාවුනේ ඇයි..?”


    “ආ.. ඒ ඇම්ඩගෙ කතාවකට..”


    “මොකක්ද අනේ ඒ කතාව..?”


    මෙච්චර වො මුල්ලක් අල්ලගෙන හිටපු නිරෝමි ඉස්සරහට ආවා. බලන් ගියහම නිරෝමිත් පැතුම්ගෙ කතාවලට ඉන්ටෙරස්ට් වගේ.


    “ඇම්ඩා කියනවා.. කොල්ලෙක් ඉන්නවලු.. ඌ ඉස්කෝලෙ යන්නම බෑ කියලා එක ලතෝනියයිලු..”


    “ඇයි පැතුමා ඌ ලතෝනි ගහන්නෙ..?”


    “අවුරුදු ගාණක් එකම ඉස්කෝලෙ ඉඳලා එපාවෙලාලු.. ඌ උගේ අම්මත්තෙක්ක කියලා ඉකි ගඟහා බං අඬලා තියෙන්නෙ..”


    “මොකක්..?”


    “ඔව්බං.. ඉස්කෝලෙ කොල්ලො බනිනවලු, හින්ට් ගහනවලු.. කොලොප්පන් කරනවලු.. වැඩිය ඕන්නෑ කල්හාරයා..! ටීචර්ස්ලා හිටන් මේ කොල්ලව ගණන් ගන්නෑලු..”


    “වැඩේ හරි පව් නේද පැතුමා.. කවුද බං ඔය අවාසනාවන්ත කොල්ලා..?”


    “ආ.. පැතුමා ඔය වහුකුණා අපේ මැත්ස් ක්ලාස් වල එකෙක්ද..? නැත්නම් දහය වසරෙ එකෙක්ද..?”


    “ෂුවර් එකටම දෙපාරක් ෆේල් වේචචි එකෙක් වෙන්නැති.. පව් බං.. කවුද ඔය හිඟන්නා..?”


    “කවුරුත් නෙමෙයි බං අපේ ප්‍රින්සිපල්..”


    පැතුම්ගෙ කතාවට හිනාවෙන්න ඕනෙද අඬන්න ඕනෙද කියලා මට හිතාගන්න බැරිවුණා. බලන් ගියහම මූත් එකයි ඇම්ඩත් එකයි. දෙන්නම තකට තක. පන්තියෙ කොල්ලො කෙල්ලො ටික පැතුමව වට කරගෙන හිනාවෙනවා. ඒත් ඒ හිනාවට වැඩි ආයුෂ තිබ්බෙ නෑ. ශුද්ධ ගණිතය උගන්වන සුජාතා මිස් පන්තියට ආවා. එතැන ඉඳලා දිගින් ඳිගටම ඇදිලා ගියේ පොතේ පතේ වැඩ තමයි.


    “බෙකම්..”


    ඉන්ටවල් එකේ බෙල් එක වැදුනා විතරයි මං පන්තියෙන් එළියට පැන්නා. මගේ පිටිපස්සෙන්ම මාධවයි, පැතුමුයිත් පැන ගත්තා.


    “ඇයි..?”


    “ටක් එකටද දුවන්නෙ..? උඹ උදේට කාලා ආවෙ නැද්ද..?”


    “අද ටක් එක පැත්තෙ යන්න වෙලාවක් නෑ.. මේ වෙන ගමනක්..”


    මාධවයි, පැතුමයි මූණින් මූණ බලාගෙන ඉන්දෙද්දි මං කොමර්ස් ක්ලාස් පැත්තට දුවගෙන ආවා. මට ඕන උනේ ඉන්ටවල් එකේදි ඉමාන් අන්තරස්දාන වෙන්න කලින් අල්ල ගන්න. ඉමාන්ගෙ පැටිකිරිය මං මීට කලිනුත් කියල තියෙනවනේ. ඌ තමයි අපේ මුළු ඉස්කෝලෙටම ඉන්න අති දක්ෂ ගායකයා වගේම වාදකයා කියලා. ගුණසිංහ සර්ගෙ හැම නාට්ටියකම සංගීත අධ්‍යක්ෂණයයි, ගායනයයි, උගේ. ඉස්කෝලෙ මොකක් හරි පොඩි උත්සවයක් තිබ්බා නම් බොක්ස් ගිටාර් එක අරගෙන සිංදුවක් කිව්වෙ ඉමාන් තමයි. දොළහ එෆ් පන්තියෙ දොරකඩින් මං එබෙනකොටම මගේ මූණටම හම්බවුණේ දිල්රංගි. එදා නාට්ටියෙන් පස්සෙ මං ඒකිව ඔය දැක්කමද කොහෙද..


    “නවෝද්ට පාර වැරදිලද..?”


    “ඇයි දිල්..?”


    “මේ කොමර්ස් ක්ලාස් එක පැත්තෙ ඇවිත් තියෙන්නෙ..”


    ඔලුව පැත්තකට ලතාවකට ඇල කරගෙන දිල්රංගි මගේ මූණ මැදටම එබුණා. ඒකිගෙ ඇස් දෙක ටීක් බෝල දෙකක් වගේ. මගේ පපුවත් එක්ක මොකක්දෝ වුණා.


    “මං ආවෙ ඉමාන්ව බලන්න..”


    “නැතුව ඉතිං අපිව බලන්න එන එකක්යෑ..”


    “ඔයාව බලන්න ඇවිත් මට දහතුන වසරෙ එවුන් එක්ක මරාගන්න බෑනෙ දිල්..”


    මගේ කතාවෙන් දිල්රංගිගෙ මූණ වෙනස් වුණා. ඒ කලුපාට ලොකු ඇහි පිහාටු කීප සැරයක්ම ළඟ ළඟ වේගෙන් සැලෙන්න ගත්තා.


    “ඒ කතාව මොකක්ද නවෝද්..?”


    කෙල්ල මට තවත් ළං වුණා. නියම ගැහැනු කමක හැඟීම් ඒ ළංවීමෙ තිබුණා. මට එකපාරටම මතක් වුනේ ඉන්කිව. ඒකිගෙත් රිවයින්ඩ් වැඩ නෑනෙ. එක්කො ප්ලේ, එහෙමත් නැත්නම් පාස්ට් ෆෝවර්ඩ් තමයි.


    “ඔයා හොඳ ගෑණු ළමයෙක් දිල්.. ඒත් මට චතුරංගයා දිරවන්නෑ.. ඒකයි කතන්දරේ..”


    බාස්කට් බෝල් ටීම් එකේ ලීඩර් වෙච්චි, චතුරංගගෙ නම මතක් කරා විතරයි කෙල්ල ගැස්සුනා.


    “චතුරංග අයියගෙයි, මගෙයි මොකක්ද නවෝද්.. ඔයා හිතන විදියෙ දෙයක් නෑ..”


    “මං ඕවා දන්නෑ දිල්.. මාත් දන්නෙ ඉස්කෝලෙ ළමයි කතාවෙන දේවල් තමයි..”


    “එතකොට ඔයා මගෙත් එක්ක කතා නොකර ඉන්නෙ චතුරංග අයියා හින්දද..?”


    “ඔව්.. හැබැයි ඒ මෑන්ට ඇති බයකට නම් නෙමෙයි.. ප්‍රශ්න දාගන්න බැරි හින්දා.. අනික මට මිනිහගෙ සමහර වැඩ දිරවන්නෙ නැති හින්දා..”


    “නවෝද්..”


    “ම්..”


    “මට කියන්න පුළුවන්ද ඒ සමහර වැඩ මොනවද කියලා..”


    ජාති ජාතිත් පතාගෙන ආපු තරහකාරයෙක් උනත් බෙකම් කවදාවත් පිරිමි පාර්ශවයක් පාවා දෙන්නෑ.. දිල්රංගි මොන තරම් හැඟීම්බර උනත් තත්වෙ ඒකයි.


    “මං හිතන විදියෙ දෙයක් ඔයාලා අතරෙ නැත්නම්, චතුරංග ගැන හොයන්න ඔයාට උවමනාවක් නෑනෙ දිල්.. මොනව උනත් මං ඔයාට කැමතියි.. ඒක නවත්තන්න චතුරංගට බෑ.. කෝ අපේ සංගීත මාස්ටර් පන්තියෙ නැද්ද..?”


    “නෑ නවෝද්.. ඉමාන් අද උදේ ඉඳලම නෑ.. ආ.. අර බලන්නකො..”


    මගේ උරහිස උඩින් දිල්රංගිගෙ ඇස් දෙක පඩි පෙළ අවසාන වෙලා කොරිඩෝව පටන් ගන්න තැනට යොමුවුණා. මං හිටපුතැනම ඉඳලා හැරිලා බැලුවා. ගිනි විජ්ජුම්බර දෙකයි. කොරිඩෝව පටන්ගන්න තැන හිටියෙ පැතුමයි, මාධවයයි, ඇම්ඩයි, බී එකේ බලයයි. දැන් ඉතිං මුං අහන දේවල් වලට කොහෙන් උත්තර දෙන්නද මංදා.


    “බෙකම්.. මාලුපාන් කෑල්ලක්වත් නොකා පණ දාගෙන දුවගෙන ආවෙ, මේ කිරි හට්ටිය දකින්නද..? ආ..?”


    “ඕං අද තමයි අපේ බෙකම්ගෙ ආදරේ අතටම අහුවුණේ.. බලහල්කො ඉතිං.. මෙච්චර දිවෙන් දිව ගාගෙන හිටියත් මේකා මේ ලෝක සංසාරයක් අපිට කිව්වෙ නැති හැටි..”


    “ඕක තමයි පැතුමා.. එකට කෑවත් උණ්ඩුක පුච්චෙ වෙනස් කියන්නෙ..”


    “මේ පිස්සු කියවන්නෙ නැතුව හිටපියව්.. මං ආවෙ ඉමාන්ව බලන්න..”


    තවත් බලන් හිටියොත් මුං ටික මාව බයිට් එකට විතරක් නෙමෙයි ඩයට් එකටත් ගන්නවා.. ඒක හින්දා ඉක්මන් වෙන තරමට කෝකටත් ගුණදායකයි.


    “ඉමාන් කොහෙද මෙහේ.. ඌ අන්න සංගීත සර්ගෙ කාමරේ.. ආ බෝනික්කියෙ..?”


    කතාවෙ මුල් ටික මට කියලා බලයා දිලරංගි දිහාට හැරුණා.


    “එදා නාට්ටියෙදි සුද්දගෙන් බේරගත්තු එකට දැන් හෙලවිරුවගෙන් බේරෙන්න බැරිවෙලාද..?”


    නාට්ටියෙ කතන්දරේ මතක් කරද්දි දිල්රංගිටත් ලස්සන හිනාවක් ගියා. බලයා ඒ හිනාව දිහා බලන් හිටියෙ වශී වෙලා වගේ.


    “හෙලවිරුවගෙන් නම් ප්‍රශ්නයක් නෑ.. ඒත් ඕගොල්ලගෙන් නම් බේරුමක් නෑ වගේ..”


    දිල්රංගිගෙ කතාවට කවුරුවත් මෙලෝ දෙයක් කිව්වෙ නෑ.. අපි හැමෝම ආපහු එන්න හැරිල තියෙද්දි බලයා ආපහු දිල්රංගි දිහාට හැරුණා.


    “අපෙන් බේරුමක් තියෙනවා දිල්.. ඒත් අර බාස්කට් බෝල් කාරයගෙන් බේරිලා ඉන්න.. මොකද බෙකම් වගේම අපිත් ඔයාට කැමතියි.. තේරුණාද..?”


    කතා කරන්න බැරිව වගේ දිල්රංගි බලාගෙන ඉද්දි අපි කට්ටිය පඩිපෙළ බැහැලා බාස්කට් බෝල් කෝට් එක දිහාට ආවා. එතන ඉඳලා නිකමට වගේ තට්ටු දෙකේ හෝල් එකේ උඩ තට්ටුව දිහා බලද්දි, දිල්රංගි කොට තාප්පෙට හේත්තු වෙලා අපි දිහා බලන් ඉන්නවා මං දැක්කා.


    “උඹ මොකටද ඉමාන්ව හෙව්වෙ..?”


    “පොඩි වැඩකට..”


    “මොකක්ද වැඩේ..?”


    “පොතක් අරන් වරෙන් ලියලා දෙන්න..”


    මං මාධවගෙ මූණටම කිව්වා. උගේ මූණ බලන් ඉද්දිම අවුල් වෙලා ගියා. ඒ එක්කම තමයි පැතුමා කට ඇරියෙ.


    “අඩෝ බෙකම්.. පපුව හෑරෙන කතා කියන්නෙපා ඩෝ.. දැන් ඉන්ටෝල් එකත් ඉවරවෙන්න ළඟටයි.. උඹ දන්නවද බඩේ පනුවො දස අතේ බල්ටි ගහනවා.. උං ස්විමින් කරද්දි තමයි අපි උඹව සොයා ආවෙ.. අම්මපා.. නිරෝමිගෙලන්ච් බොක්ස් එකේ ජෑම් ගාලා පාන් තිබුණා. නෙලුනිගෙ එකේ ඇන්කර් බටර් ගාපු පාන් තිබුණා. ඒ ඔක්කොම මගෑරලා උඹ සොයා ආවෙ.. දැනගනිං.. මංක වදාවත් පාන් පෙත්තක, එක පැත්තක ජෑම් ගාලා, අනෙක් පැත්තෙ ඇන්කර් බටර් ගාලා කාලා නෑ.. උඹ ඒකත් නැතිකරා.. මං යනවා බං..”


    තත්පරේට දෙකට ඒ ටික කියපු පැතුම් බාස්කට් බෝල් කෝට් එකෙන් පන්තිය දිහාට හැරුණා. මං ඌ පස්සෙ යන්න ගියත් ඇම්ඩා මගේ අතින් අල්ල ගත්තා.


    “ප්‍රශ්නයක්ද බෙකම්..?”


    “පැතුමා යනවා..”


    “ඌ ගියාවෙ.. මං අහපු දේට උත්තර දීපන්කො..”


    “නෑ නාලක.. මගේ හිතේ ලොකු වැඩක් තියෙනවා.. ඒකටයි ඉමාන්ව හම්බවෙන්න ගියේ..”


    “අපි ගාව ගන්න බැරි දෙයක්ද..?”


    “ඇයි නාලක උඹ එහෙම අහන්නෙ..? උඹල නැතුව මං මොනව කරන්නද..? උඹලගෙ සහයෝගය මට මේ වැඩේට ඕනෙමයි.. උඹලා වගේ හිත හොඳ යාලුවො ටිකක් නැතුව මං හුස්ම ගන්නෙවත් කොහොමද..?”


    “ආයෙ ටක් එකට යන්න ඕන නෑ.. උඹේ වචන ටික ඇති බඩ පිරෙන්න.. අපෙන් කෙරෙන්න ඒන මොනවද කියහං.. උඹ වෙනුවෙන් නොකරන දෙයක් අපි ළඟ නෑ..”


    “ඔව් බෙකම්.. තව අවුරුද්දකින් මේ හැමදේම දාලා විසිරිලා යන්න අපිට සිද්ධ වෙනවා.. මුළු ජීවිත කාලයටම මතක් කර කර සන්තෝස වෙන්න හරි අඬන්න හරි ඉතුරු වෙන්නෙ මේ ඉස්කෝලෙ කාලෙ ලස්සන මතක කන්දරාව විතරයි..”


    මාධව ඉඳලා ඉඳලා කිව්වෙ ටිකක් හැඟීම්බර කතාවක්.. ඒක පපුවෙ මොකක්දෝ නොදන්නා ඉසව්වක් ආමන්ත්‍රණය කරා කියලා මට තේරුණා. ඒක හරියට කියාගන්න බැරි දුකක හෙවනැල්ලක් වගේ.


    “අපි ඈත්වෙන එක්ක නෑ බං.. අපිට එහෙම වෙන්නෑ..”


    බලයා ඒ ටික කියද්දි ඇම්ඩා මං දිහා බලන් හිටියෙ ඌ කියපු දේවල් වලට මොනවා හරි කියයි කියලා වගේ. ඒ එක්කම තමයි ඉන්ටවල් එක ඉවරවෙන බෙල් එක වැදුනෙ.


    “නාලක.. අද හවස මම ප්‍රැක්ටිස්.. හෙට කලුතර එක්ක මැච් එකනේ.. උඹ කොල්ලො ටිකත් එක්ක ග්‍රවුන්ඩ් එකට වරෙන්.. මං එතකොට කතන්දරේ කියන්නම්..”


    “එතකොට ඉමාන්..?”


    “ඌ අනිවා ඉන්න ඕන..”


    ඉන්ටවල් එකෙන් පස්සෙ මං කෙලින්ම ගියේ සෝමතිලක සර් හම්බවෙන්න.. උදේ ඉස්කෝලෙ පටන් ගන්නකොටම සර් මට පණිවිඩයක් එවලා තිබුණා ඉන්ටවල් එකෙන් පස්සෙ හම්බවෙන්න කියලා..


    “නවෝද්.. හවස ෆුල් ප්‍රැක්ටිස් කියලා ටීම් එකේ හැමෝටම පණිවිඩේ යැව්වද..?”


    මාව දැකපු ගමන් සර්ට මතක් වුණේ ප්‍රැක්ටිස්. ඒත් ටිකක් වෙලා යනකල් සෝමතිලක සර් කතා කලේ නෑ.


    “හැමෝටම යැව්වා සර්..”


    “නවෝද්..”


    සෝමතිලක සර්, වාඩිවෙලා හිටපු තැනින් නැගිටලා මගේ ළඟට ආවා. ඇවිත් ස්පෝර්ට් රූම් එකෙන් එළියට එන ගමන් මාව නතර කරගත්තා.


    “මැචස් තුන හතරකට කලින් ගහපු, රාහුලෙත් එක්ක මැච් එකේ සිද්ධිය ගැන නවෝද් මොකද හිතන්නෙ..?”


    ඔය කියන්නෙ රාහුලෙත් එක්ක මැච් එකේදි පෙත්තාවඩු මගේ ඈන්කල් එකට ගහපු එක ගැනනේ.


    “ඒක එතනින් ඉවරනේ සර්..”


    “නෑ නවෝද්.. ඒක එතනින් ඉවර නෑ..”


    “ඇයි සර්..?”


    “අපි ඒකට පෙත්තාවඩුට දඬුවම් කරානේ.. ඒකට මූලිකවම මැදිහත් උනේ මායි, විනය සර්රුයි.. නමුත් පෙත්තාවඩුගෙ තාත්තා කියන්නෙ, ඒක ක්‍රීඩා කිරීමේදී වෙච්ච අත්වැරදීමක්. තමන්ගෙ දරුවගෙන් පළිගන්න මේ දේ සිද්ධ කරා කියලා.”


    “මොන අත්වැරදීමක්ද සර්.. පෙත්තාවඩු හිතලමයි මට ගැහුවෙ.. ඒක එදා මැච් එක බලපු හැමෝම දන්නවනේ..”


    “ඒක තමයි දරුවො.. කොහොම උනත් ඔයා ටිකක් පරිස්සම් වෙන්න.. ඔයාගෙ ජනප්‍රියකටම, ඔයාගෙ දක්ෂතාවයට අකමැති අයට ඔයාව හිසරදයක් වෙලා තියෙනවා කියලා නම් පේනවා..”


    සෝමතිලක සර් ඒ ටික නම් කිව්වෙ සැහැල්ලුවට නෙමෙයි. මගේ හිතටත් අමුත්තක් දැනෙන්න ගත්තා.


    “දැන් අපි මොකද කරන්නෙ සර්..?”


    “කිසි ප්‍රශ්නයක් නෑ.. ඔයා ඔය කරගෙන ආවා වගේ දිගටම ප්‍රැක්ටිස් කරලා මැචස් ගහන්න..”


    මැචස් ගහන්න කියල කියපු කතාවෙ, අර කලින් දැනුණ අමුත්ත දෙගුණ වෙලා මට දැනුණා.


    “කිසි ප්‍රශ්නයක් නෑ කියලා කිව්වට.. මට පේන විදියට නම් සර්ට මොකක් හරි ප්‍රශ්නයක් නේද..?”


    මං අහපු දෙයින් සෝමතිලක සර් එක පාරටම මං දිහා බැලුවා. සර්ට සමහර විට හිතාගන්න බැරිව ඇති මං කොහොමද ඒක අනුමාන කලේ කියලා.


    “එහෙම මුකුත් නෑ නවෝද්..”


    “නැත්තෙ නෑ සර්.. මට ආපු ප්‍රශ්න මං සර් එක්ක බෙදා ගන්නෙකේ.. සර්ට ප්‍රශ්නයක් ආපු වෙලාවක ඇයි මට නොකියන්නෙ..? පුංචිම පුංචි දෙයක් හරි මට කරන්න පුළුවන්කම ඇතිනේ.. මායි මගේ කොල්ලො ටිකයි ඉන්නවනේ සර්..”


    “මටයි, විනය සර්ටයි අමාත්‍යංශයෙන් එන්න කියලා ලියුමක් එවලා.. මං හිතනවා ඒක මේ පෙත්තාවඩුගෙ කතන්දරේට සම්බන්ධයි කියලා..”


    “ලියුමක් එවලා..?”


    “ඔව් නවෝද්.. මං හිතන විදියට විනය පරීක්ෂණයකට තමයි..”


    “ඒ මොකටද සර්..?”


    “කවුරු හරි පෙත්සම් වගයක් යවලා පුතා.. ඒත් මායි ජයසූරිය සර්රුයි ඕව ගණන් ගන්නෑ.. ඔය විනය පරීක්ෂණ වලට කරන්න පුලුවන් කෙංගෙඩියක් නෑ.. ඕවා තියන තරමට අපි කැමතියි..”


    “මං හින්දා සර්ටත් ප්‍රශ්න..”


    “නෑ පුතා.. ඔයාගෙ තැනට වෙන ළමයෙක් දැම්මා උනත්, පෙත්තාවඩුට චාන්ස් එක දෙනකන් එයාලා, ක්‍රීඩාව නතර කරන්නෑ.. ඔයාට පෙන්නන්න තියෙන එකම දේ අපි කරපු තේරීම ඉතා නිවැරදියි කියන එක.. ඒ වගේ හයිකාරයොත් එක්ක හැප්පෙන්න තියෙන හොඳම විදිය ඒකයි.. මං ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නෙත් ඒ දේ විතරයි.. තේරුණාද..?”


    මං ඔලුව වැනුවා.. සෝමතිලක සර් ගැන මගේ හිතට ආවෙ මහා විශාල භක්තියක්.. මේ වගේ උත්තමයො තමයි ගුරු දෙවිවරු කියන්නෙ..


    “නවෝද් මැච් එකෙන් පස්සෙ සෙනසුරාදට ප්‍රැක්ටිස් දාගන්න බලන්න..”


    සෝමතිලක සර් වෙනමම කතාවකට එන්ටර් උනහම මගේ ඔලුව අවුල් උනා. සෙනසුරාදා ප්‍රැක්ටිස් කරලා කොහොමද හත්තිලව්වෙ.. එදාටනේ සමින්දි අක්කා ගම හරහා තරඟෙ දුවන්නෙ..


    “සර් සෙනසුරාදා ක්ලාස්.. අපි ඉරිදා දාගමු..”


    මං එහෙම කියද්දි සෝමතිලක සර් පුංචි හිනාවක් දාලා ගියා. මං මොකක් හරි මගෝඩි වැඩක් කරන්න සෙනසුරාදට දාගෙන ඇති කියලා සර්ට තේරුණා.. ඒක ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑ..



    Mathusambandai.gif
     
    • Like
    Reactions: maxxaa

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    :):)

    කියන්න බෑ මචං.. තාම මාත් කතාව කියෙව්වෙ නෑ.. ටයිප් කරනගමන් තමා කියවන්නෙ..:)

    ah ela ela mcn ....digatama danna mama kiyawnawa...rep
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හොදයි ඒත් කතාව ටිකක් අස්වාභාවිකයි, කොහොම වුනත් ස්තූතියි
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Niyamai machan...digatama daamu :D
    11.gif
    11.gif

    ko yako ithiri tikaaaaaaaaaaaaaa...............
    දැන් දාන්නම් මචං..

    11.gif

    ah ela ela mcn ....digatama danna mama kiyawnawa...rep
    එලස් මචං.. අනිවා

    හොදයි ඒත් කතාව ටිකක් අස්වාභාවිකයි, කොහොම වුනත් ස්තූතියි
    :lol::lol: එලස් මෝ..

    ane thawa dapanko patta kathawa ban
    දැන් දාන්න හදනනෙ.. ඊයෙ වැඩ වැඩි උනා බං..:(

    මචන් ඉතුරු ටික දාන්නේ නැද්ද???????????
    දාන්න හදන්නෙ මචං..:)

    Ithuru koooo,,mama ube blog eken kiyeuwa eth thawa one..
    තව ොටසක් දැම්මා මචං..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ


    “හනේ.. හනේ.. බත් එකවත් කන්නැතුව නේද ඔය දුවන්නෙ..?”

    කටට දෙකට බත් පිඟාන ඇරල දාලා ගෙදරින් එළියට පනිද්දිම අම්මා කෑගහනවා ඇහුණා. ප්‍රෙට්‍රල් ගහන්නැති මගේ ට්‍රේල් බයිසිකලේ තල්ලු කරගෙන වගේ ඉස්සරහට ගිහින් මං ඒකේ සීට් එක උඩට පැන්නා. පෙට්‍රල් ගහන්නැත්තෙ මොකද කියලද අහුවෙ.. ඇයි හත්තිලව්වෙ පුට් සයිකල් වලට කවුද පෙට්‍රෝල් ගහන්නෙ..?


    මං ග්‍රවුන්ඩ් එකට එනකොටත් කොල්ලො ප්‍රැක්ටිස් පටන් අරගෙන. වටපිට බැලුවත් ඇම්ඩල පේන්න හිටියෙ නෑ. සමහර විට උං හවස්වෙලා එයි. පැයක් එකහමාරක් විතර ඇඟට වගේම හිතටත් දැනෙන්න ප්‍රැක්ටිස් කරල මායි, චමිලුයි ග්‍රවුන්ඩ් එක කෙලවරේ කොට්ටම්බා ගහ යටට ආවා.


    “පෙත්තාවඩු අදත් නෑ බෙකම්..”


    චමිල්ගෙ කතාවට මුකුත් කියන්නෙ නැතුවම මං ඌ දිහා බැලුවා. ඒ තරම් හොඳ මූඩ් එකක් ඒ සියම් පොල් ගෙඩියක් වගේ වෙච්ච මූණෙ තිබ්බෙ නෑ.


    “ඉතිං අපිට ප්‍රශ්නයක් නෑනෙ චමිල්..”


    “නැත්තෙ මොකද බං.. දැන් දිගටම ප්‍රැක්ටිස් එන්නැතුව ඌ හෙට මැච් එකට ප්ලේස් එක ඉල්ලුවොත්..? එතකොට මෙච්චර දවසක් ප්‍රැක්ටිස් ආපු හොඳට ප්ලේ කරන කොල්ලෙක්ගෙ චාන්ස් එකනේ අපතෙ යන්නෙ..”


    “අපි ඒවා ගැන හිතන්න ඕන නෑ මචං.. ඒවා සෝමතිලක සර් බලාගනියි..”


    “හ්ම්.. බලාගනියි.. බලාගනියි..”


    බලයා ඒක කියාපු තාලෙ මට ඇල්ලුවෙ නෑ..


    “ඇයි උඹ එහෙම කිව්වෙ..?”


    “ඔය මහ පෙත්තාවඩුවා පෙත්සන් ගහලලු.. සෝමතිලක සර්ව දුෂ්කර පළාතකට දාන්න කියලා.. සමස්ත ලංකා තරඟවලට යන්න තරම් සුදුසුකම් තියෙන ළමයින්ව කපලා සෙල්ලම් කරන්න බැරි ඈයො තේරුවා කියලලු චෝදනාව..”


    “පට්ට බොරුවක්නේ චමිල්..”


    “ඒක තමයි බං මාත් කියන්නෙ.. තවත් බලන් ඉඳලා බෑ.. පෙත්තාවඩුවට අල්ලගෙන නෙලමු මාසයක් විතර හදිසි අනතුරු වාට්ටුවෙ ඉන්න..”


    බලයා උනත් නිකං කට වාචාලකමට කතා කරන එකෙක් නෙමෙයි. කරන්න බැරි දෙයක් කියන්නෙත් නෑ. කරන්න පුළුවන් දෙයක් නොකර ඉන්නෙත් නෑ.


    “අනතුරු වාට්ටුවෙ කෙසේ වෙතත් මොනවම හරි කරන්න වෙනවා චමිල්.. මහ පෙත්තාවඩුවා අපේ ඉස්කෝලෙට වඳ දෙනවා වැඩියි..”


    “අපි ඇම්ඩගෙන් උපදේසයක් ගමු..”


    කොල්ලො කට්ටියත් එක්ක පිට්ටනිය එහා කොනෙන් මතුවෙන නාලක පෙන්නලා චමිල් කිව්වා. එතන පැතුම්, එක්ක මාධවයි ඉමානුයි හිටියා.


    “බෙකම්..”


    ඇම්ඩලා හෙමීට ඇවිදින් එද්දි ඉමාන් හයියෙන් හයියෙන් ඇවිදගෙන මං ළඟට ආවා. උගේ මූණ ඒ තරම් හොඳ නෑ.


    “බලපං මචං.. අද පොඩි එවුන්ගෙ ක්ලාස් එක. උංට සංගීත තරඟ සදුදා.. මේ ඇම්ඩා මාව බලෙන් ඇඳන් ආවනේ.. හේතුව ඇහුවට කිව්වෙ නෑ.. මට කට කපලා වැඩ බං..”


    බස බස ගගා ඉමාන් කියවගෙන යනවා. එහෙන් මෙහෙන් මියුසික් පාරක් දුන්න නම් ඒ වචන ටිකෙනුත් සිංදුවක් කියතැහැකි. උගේ වොයිස් එක ඒ තරම් ගති. ඌ අර පොඩි එවුන්ගෙ ක්ලාසස් වගයක් ගැන කිව්වෙ, ඌ ඉස්කෝලෙ ඇරිලා කරන අමතර පන්ති ගැන. බලන් ගියාම ඌ ඉගෙන ගන්න ගමන් හම්බ කරන සිරා බුවෙක්.


    “මං උඹව බලන්න ක්ලාස් එකටත් ගියා. උඹ හිටියෙ නෑ.. ඒ ගමන තමයි මං ඇම්ඩට පණිවිඩේ යැව්වෙ උඹව ඇඳගෙන ග්‍රවුන්ඩ් එකට වරෙන් කියලා..”


    ඒ වෙනකොට ඇම්ඩයි, මාධළුයි අපි ළඟට ඇවිත් තිබුණා. ඇම්ඩගෙ මූණෙ තිබ්බෙ සවුත්තු හිනාවක්.


    “ඔන්න බෙකම්.. සියල්ලෝම මෙතන ඉන්නවා.. කියන අටමගලයක් ඉක්මනට කියපං.. මේ ඉමානයට යන්න හදිස්සිය..”


    ෆුට් බෝල් ටීම් එකේ කොල්ලො ටිකට ආයෙත් ප්‍රැක්ටිස් පටන්ගන්න සංඥාව දීලා, මං තණකොල බිස්සෙ වාඩිවුණා. මගේ ගාවින්ම මගේ සමීපතමයො කීප දෙනත් වාඩිවුණා.


    “දැල්ලා අංකල් ගැන උඹලට මොකද හිතෙන්නෙ..?”


    මොකාක් හරි වැදගත් දෙයක් මං කියන්න යන්නෙ කියලා කොල්ලො හැම එකාම දැනගෙන හිටියා. ඒත් මං දැල්ලා අංකල් ගැන කතා කරාම උංගෙ මූණු කුණුවෙලා ගියා.


    “මොනවා කරන්නද..? ඌ කරන්නෙ ටකේ හොල්ලන එකනේ..”


    “හිතන්න තරම් වටිනාකමක් තියෙන එකෙක්ද බං ඌ.. මෙලෝ පිරිසිදුකමක් නැති අපතයෙක්නේ..”


    “ඌ ගැන හිතන එකත් ණයක් බං.. මෙලෝ වගතුවක් ඇති එකෙක් නම් නෙමෙයි..”


    හැමෝම තමන්ගෙ සිතුවිලි ප්‍රමාණයට උත්තර දුන්නත් ඇම්ඩයි, ඉමානුයි කතා කරේ නෑ.


    “උඹ මොකද හිතන්නෙ නාලක..?”


    “මට අලුතින් හිතන්න දෙයක් නෑ බෙකම්.. ඒත් දැල්ලා ගැන උඹ අපෙන් අහන්නෙ, මොකක් හරි හේතුවක් හින්දා.. මං අලුතින් හිතන්න කැමති අන්න ඒ දේ ගැන..”


    “ඉමාන්.. උඹ මොකද කියන්නෙ..?”


    “මට ඒ මනුස්සයා ගැන කණගාටුයි..”


    මගේ කතාවට හොඳම ප්‍රවේශය හම්බ වුණේ ඉමාන්ගෙන්. මං එතනින්ම පටන්ගත්තා.


    “කණගාටුයි නෙමේ ඉමාන්.. දුකයි.. හරිම වචනෙ ඒක තමයි.. අපි හරි නම් ඒ මනුස්සයා ගැන දුක් වෙන්න ඕන.. උඹලට මතකයිනේ.. අපි හැමෝම එක වසරට මේ ඉස්කෝලෙට එද්දිත් ඔය අහිංසක මනුස්සයා ඔය යකඩ කෑලිවලට පතබෑවා.. කොයි තරම් කාලයක්ද..? මං හිතන්නෙ දැල්ලා අංකල් අවුරුදු තිස් පහක් විතර ඔය වැඩේ දිගටම කරනවා.. දැන් මිනිහට හැත්තෑ ගානක්, අර වයසක දිරච්ච අත්වලින් අර යකඩ කෑල්ල උස්සනකොට උඹලට දුකක් දැනුනෙ නැද්ද පැතුමා.. ආ..?”


    මගේ ප්‍රශ්නෙට පැතුම් බිම බලාගත්තා. උගේ මූණෙ පිරිලා තිබ්බ කෙලිලොල් ගතිය මැකිලා ගිහින් හෙණ සීරියස් පාට් එකක් මූණ මැදට ආවා.


    “අවුරදු දහයක්, දොළහක් හැමදාම අපි දැල්ලා අංකල් දැක්කා උනත්, අඩුම ගානෙ, මිනිහා ඉන්නෙ කොහෙද..? මිනිහා කාගෙ කවුද කියලවත් අපි දන්නෑ.. අඩුම ගානෙ මිනිහට වැටිලා ඉන්න ගෙයක් දොරක් තියෙනවද කියලවත් අපි දන්නෑ.. මේ තරම් උදේ හවා දකින මිනිහෙක් ගැන අපි මෙලෝ දෙයක් දන්නෑ කියනෙක මාර දුකක් නෙමෙයිද මාධව..?”


    හැම එකාම මූණින් මූණ බලාගෙන කල්පනා කරන්න ගත්තා මිසක කවුරුවත් වචනයක් එළියට දැම්මෙ නෑ. හරියට ඒ එළියට දාන වචනෙ අල්ලගෙන මං පතුරු ගහයි කියලා වගේ.


    “ඔය ඔක්කොම හරි බෙකම්.. උඹ ඔහොම කතා කරලා අපේ අසමජ්ජාතී හිත්වලට හැඟීම් උපරිමේටම දෙන එකට, මට මාර සතුටුයි.. ඔය ඔක්කොම හරි.. උම දැල්ලගෙ කතන්දරේ මෙතන ඇද්දෙ නිකං වෙන්න බෑනෙ.. ඒක හින්දා උඹේ හිතේ තියන ඒ කතාව අපිට කියපං..”


    එතන ඉඳලා, කලින් දවසෙ දැල්ලා අංකල් එක්ක කරපු කතාබහ, මං කොල්ලො ඉස්සරහා දිගෑරියා. මෙතනින් ඉතිං මොනවම හරි අවකැපෙන වචනයක් කිව්වොත් කියන්නෙ පැතුමා විතරයි. ඒත් ඌ වචනයක් කිව්වෙ නෑ.


    “මෙච්චර අවුරදු ගානකට, හැමදාම දකින මේ අහිංසක මනුස්සයා ගැන, මෙලෝ බලු බල්ලෙකුට නොහිතුන දෙයක් උඹ වගේ නියම ජෙනුඉන් පාට්ස් තියෙන කොල්ලෙකුට හිතන එකම තමා වැදගත්.. උඹම කියපං බෙකම්.. දැන් මොනවද වෙන්න ඕනා..”


    “වෙන්න ඕනා කියන්නෙ ඇම්ඩා.. මේ මනුස්සයා වෙනුවෙන් අපි මොනවම හරි කරන්නෝන.. නිකං ලෙඩෙක් වගේ, කාත් කවුරුවත් නැති අසරණයෙක් වගේ අපේ ඉස්කෝලෙන් දැල්ලා අංකල්ට පිටවෙලා යන්න දෙන්න බෑ.. අඩුගානෙ අපි සල්ලි කීයක් හරිවත් එක්කහු කරලා දෙන්නෝන..”


    “බෙකම්.. සොරි මචං.. මුලින් මට අර වගේ කාලකන්නි කතාවක් කියවුණ එකට.. උඹත් එක්ක ඕනම දේකට අපි ඉන්නවා..”


    මෙච්චර වෙලා කට වහගෙන ඉඳපු පැතුමා කට ඇරියා. පුදුමයි ඌ නොසෑහෙන්න සංවේදී වෙලා. ඒකම මැදෑ පටන් ගැන්මෙම.


    “ඕන තීරණයක් ගන්න. ඕන වැඩක් කරන්න පුළුවන් ස්ප්‍රිරිට් එක මෙතන ඉන්නවා. උඹ කියන ඕන දෙයක් අපිට කරන්න පුළුවන්. උඹ ඉමාන්ටත් එන්න කිව්වෙ මොකක් හරි අදහසක් ඔලුව උඩ තියාගෙන තියෙන හන්දනේ.. අපිට ඒක කියපං..”


    “මෙහෙමයි මාධව.. මගේ ඔලුවට ආවෙ, ඉමාන් ලව්වා ඒක පුද්ගල සංගීතයක් දාන්න.. මොකද හිතන්නෙ..?”


    ඉමාන්ගෙ මූණට බැරෑරුම් පෙනුමක් ආවත්, අනිත් කොල්ලො ටික හුරේ පාරක් දාලා වැඩේ ස්ථිර කරා.


    “නියමයි බෙකම්.. නියමයි.. ඒක අපිට කරන්න පුළුවන් එකක්.. ඉමාන් මොකෝ කියන්නෙ..?”


    “හොඳ වැඩකටනේ චමිල්.. ඒත් වැඩේ බරපතලයි.. අ යන්නෙ ඉඳලම සෙට්ල් වෙන්නෝන..”


    “ඒක හරි.. ඒක හරි.. නැත්නම් වැඩේ කොයි තරම් හොඳ අරමුණෙන් කරත්, සද්දෙ තරමට සංගීතෙ නැති වුනොත් ඉස්කෝලෙටත් හොඳ නෑ. අපිටත් හොඳ නෑ..”


    “මුලින්ම අපි පබ්ලිසිටියක් දෙන්නෝන.. අද ඉමාන් උඹට සිංදු විස්සක් විතර සෙට් කරගන්න පුළුවන්ද..?”


    “මේක අපි ලේසියට ගත්තට, ආයෙ ඉල ඇඳෙන වැඩක්..”


    “සිංදු විස්සක් නම් මං එක දිගට කියලා නෑ චමිල්..”


    හැම එකාම විවිධ කතන්දර කියනවා. ඒත් මං කතාව පටන් ගත්තහම හැමෝම නිෂ්ශබ්ද වුණා.


    “මෙහෙමයි.. මේ වැඩේ අමාරුයි තමයි.. ඒක හන්දම තමයි මං උඹලගෙන් උපරිම සහයෝගය බලාපොරොත්තු වෙන්නෙ.. අනික මේක සම්පූර්ණ බර ඉමාන්ට දෙන්නෑ.. මූට ඒක බර වැඩියි.. ඉමාන්ට සපෝට් එකට කරන්න ඕන දේවල් මොනවද කියල මගේ ඔලුවට ආවෙ දිල්රංගි දැක්කම..”


    “දිල්රංගි දැක්කම අපේ ඔලුවටත් එක එක ඒවා එනවා බෙකම්..”


    “පැතුමා කටවහගනිං.. මේක සීරියස් කතාවක්..”


    “ඇයි ඇම්ඩා උඹ එහෙම කියන්නෙ..? හොඳා උඹට දිල්රංගි දැක්කම මුකුත් හිතෙන්නැද්ද..? ආ.. උඹේ ඉටිපන්දම්ද තියෙන්නෙ..?”


    “අඩෝ පැතුමා.. මං වැදගත් මහත්තයෙක් වගේ ඉන්න වෙලාවට ධාර්මිකව ඉන්න දීපං.. මට කියලා මෙතන තොගේ හිරි ඔතප් බිඳගන්නෙ නැතුව.. හරිද..? මං කියනවට මෙතන පැහිච්ච කතා කියන්නැතුව හිටපං.. උඹට මං හැමදාම කියනවා ලොකු මිනිස්සු කතා කරන තැන්වලට කට දාන්න එන්නෙපා කියලා..”


    “කවුද ඇම්ඩා එතකොට ලොකු මිනිස්සු..?”


    “ඇයි බොල මං..”


    “මේ උඹලා දෙන්නගෙ අ‍ඳෝනාව නවත්තපියව්.. අපි මේ වැඳගත් සාකච්ඡාවක ඉන්නෙ.. උඹල කරන කියන දෙයක් අර පිට්ටනියෙ බවුන්ඩරියෙන් එහාට ගිහින් කරපියව්..”


    ඒ පාර මුං මරාගන්න යනවා. ඇම්ඩට සද්ද වහගන්න කියලා මං ආයෙත් කටහඬ අවදි කරා.


    “ඉමාන් සිංදු කියන අතරෙ, දිල්රංගිට පුළුවන් එයාගෙ ටැලන්ට්ස් වලින් පිරිච්ච ලස්සන නැටුම් ටිකක් දාන්න.. එතකොට වැඩේ කලර්ෆුල්..”


    “දිල්රංගි කැමතිවෙයිද බෙකම්..?”


    “මං කිව්වොත් බෑ කියනෙකක් නෑ.. වැරදිලාවත් කෙල්ල අකමැති වුණොත්, ඉමාන්ගෙ සිංදු අතරට ගුණසිංහ සර්ගෙ නාට්ටි කණ්ඩායම රිංගවමු.. වැඩේ එකෙන්ම ගොඩ..”


    “මාරයි බෙකම්.. මාරයි.. මේ කතන්දරේ හිතනවටත් වැඩිය සාර්ථක වෙනව කියලා මට නම් පට්ට ෂුවර්.. අපි කොහොමද වැඩේට බහින්නෙ..? අපි කොතනින්ද පටන්ගන්නෙ..?”


    “සංගීතෙ පැත්තෙන් කෙරෙන්න ඕන ටික අපි ඉමාන්ට බාර දෙමු.. අනිත් බරපතල වැඩ ටික අපි බෙදා ගනිමු..”


    “බරපතල වැඩ කිව්වෙ බෙකම්..?”


    “මේකනේ මාධව.. මේක සත්ගුණවත් ක්‍රියාවක් උනත්, අපි මේක කරන්නෙ මුදලට.. ඒ කිය්නනෙ අපේ ප්‍රසංගය පෙන්නන්නෙ සල්ලි වලට.. මුලින්ම අපිට මේ ගැන හැඳින්වීමක් දාපු, ටිකට් පොත් ගහන්න වෙනවා.. නගර සභා ශාලාව වෙන් කරගන්න වෙනවා.. පිනා සර්ව දැනුවත් කරන්න වෙනවා.. ඔය වගේ වැඩ කිඩ සම්බාරයක් තියෙනවා..”


    මගේ ඒ කතාවෙ ඉඳලා කොල්ලො ටික ෆුල් සීරියස්ම කතන්දරේට බැස්සා.

    “කිසි ගේමක් නෑ බෙකම්.. කරන්න ඕන ටික අපිට කියපං.. අපි ගේමට බහින්නම්..”

    “ගේම කියන්නෙ චමිල්.. ඉතිං ටිකට් පොත් ටික විකුණ ගන්න එක තමා.. තව ඉමාන්ගෙ කටවුට් ගහපු බෝඩ් දහයක් විතර ග්‍රැෆික් පාරක් දාලා ඕන වෙනවා..”


    “ම.. මගේ කටවුට්..!”


    ඉමාන් පුදුම වෙලා වගේ මං දිහා බැලුවා.


    “ඔව්.. ඕනෙ නම් අපි දිල්රංගිගෙත් දාමු.. දිල්රංගි සිතාරෙ අරන් ඉන්නවා.. උම සුපුරුදු බොක්ස් ගිටාර් එක අරන් ඉන්නවා.. මොකද කියන්නෙ..?”


    “මට මොකක්ද වගේ බෙකම්..”


    “අඩෝ.. සරිගමයා.. උමට මොකක්ද වගේ නම් කටවුට් එකට මං ඉන්නවා.. දිල්රංගිගෙයි, මගෙයි කටවුට් මේ ටවුමෙ හතර කොනේ වැදිලා තියෙනකොට කොහොමද ගතිය ආ.. කාටද ආඩම්බර..”


    “බලයා උඹ කටවහගනිං.. බෙකම් ඉන්දෙද්දි අපි මොකටද යකෝ උඹේ කටවුට් අලවන්නෙ..? ඔය පිස්සු කියවිල්ල නවත්තලා.. මේ වැඩේ කෙරෙන විදියක් බලපං.. ආ.. ඉමාන්.. උම මොකද කියන්නෙ..? අපේ බෙකම්ගෙ වැඩේට උඹ ෆිට් නේද..? ෆිට් නැත්නම් කියපං.. අපි ස්කාගාර සංස්ථාවෙන් හරි එකෙක් ආනයනය කරනවා.. තේරුණාද..?”


    ඇම්ඩා කතා කෙරුවෙ, ඉමාන්ට තර්ජනය කරනව වගේ. ඉමානුත් නිකං ගල්වෙලා වගේ හිටියෙ. ඇම්ඩා උණත් දෙයක් කියන්නෙ බඩ පපුව දාලා යන විදියටනේ. මොනවා උනත් අපි හැමෝම අන්තිමට බලන් හිටියෙ ඉමාන් දිහා. මං උනත් කතන්දරේ කියාගෙන කියාගෙන ගියා මිසක්, ඉමාන්ගෙන් වැඩේට කැමතිද නැද්ද කියල ඇහුවෙ නෑනෙ. අපි හැමෝගෙම මූණු දිහා ඒ කොනෙන් මේ කොනටයි, මේ කොනෙන් ඒ කොනටයි බලලා අන්තිමට ඉමාන් මං ඉන්න දිහාට හැරුණා.


    “බෙකම්.. ඇම්ඩා ඔය මොනවා කියෙව්වත් ඌ මට කැමතියි.. තවත් මේ ගැන හිතන්න දෙයක් නෑ.. බෙකම්.. මං උඹේ වැඩේට කැමතියි.. අපි අහිංසක දැල්ලා අංකල් වෙනුවෙන්, අපේ ඉස්කෝලෙ ඉතිහාසයේ කවදාවත් වෙච්චි නැති ජෙනුඉන් ගේමක් දෙමු.. මං මගේ උපරිමය උඹට දෙනවා බෙකම්.. අපි අදම වැඩේට බහිමු..”


    නිවි සැනසිල්ලෙ ඉමාන් කියාගෙන ගිහින් ඉවර උන ගමන්ම කොල්ලො ටික මහා සද්දෙට හුරේ පාරක් දැම්මා මුළු ග්‍රවුන්ඩ් එකම දෙදරන්න. ඊට ප්සසෙ අපි අත්වලින් පහේ ඒවා දාලා වැඩේ ස්ථීර වශයෙන්ම කරන්න ගිවිස ගත්තා.


    “දැන් නම් ඉතිං ආයෙ ප්‍රැක්ටිස් කරන්න ටයිම් නෑ.. අපි මෙහෙම්ම යමුද බෙකම්..?”


    “උඹට නම් යතෑකි චමිල්.. ඒත් බෙකම්ට නම් යන්න වෙන්නෑ..”


    “ඒ ඇයි ඇම්ඩා..?”


    “ඇ බලහං..”


    ඇම්ඩා පෙන්නපු දිහාට අපි හැමෝම හැරුනෙ තරඟෙට වගේ. අපි කොල්ලො ටික දිහාවට ලතාවකට ඇවිදගෙන ආවෙ ඉන්කි. එයා අද ට්‍රැක් කිට් එකෙන් සම්පූර්ණයෙන්ම අයින්වෙලා. වෙස්ටර්න් ටයිප් ටීෂර්ට් එකකුයි ජින්ස් එකකුයි ඇඳගෙන, කෙල්ලගෙ පපුවයි උකුලයි අවුලක් නැතුවම කැපිලා පේනවා. ඉන්කි ඇවිදගෙන ආපු ඉරියව්වෙත් තිබ්බෙ අමුතුම ගතියක්. අපි හැමෝම ඇස් කටේ දාගෙන ගල්වෙලා බලන් හිටියෙ.


    “මැක්සා බෙකම්.. බලහංකො උඹේ උක්කු අම්මා පාවෙන ලස්සන..”


    “මේ හැඩකාරි කොහෙද හිටියෙ බං මෙච්චර කල්..?”


    “ලොවෙත් නෑ.. ගස්සන ගැස්සිල්ලටයි.. පද්දන පැද්දිල්ලටයි.. මගේ මුලු සරුවාංගෙම කුපිත වෙනවා හත්තිලව්වෙ..”


    කොල්ලො කියන ඒවට මං මුකුත් කිව්වෙ නැත්තෙ මේ අදහස් මගේ හිතටත් මේ වගේම දැනිලා තිබ්බ හින්දා. හුඟාක් වෙලාවට මං ඉන්කිව දැක්කෙ ස්කූල් යුනිෆෝම් එකෙන්. එහෙමත් නැත්නම් ට්‍රැක් කිට් එකෙන්. අද ඒ හැමදේටම වඩා වෙනස් දර්ශනයක් ඇස් ඉස්සරහ ජීවමාන වෙද්දි.. ඉන්කිගෙ මේ හැඩකාරකම මීට ඉස්සරින් මං දැක්කෙ නැත්තෙ ඇයි කියලා මට පුදුම හිතුණා.


    “න..වෝ..ද්..”


    අපි හැමෝම ඉන්කි දිහා බලන් ඉන්නවා වැඩියිද කියලා මට හිතුණෙ එයා පුදුම වෙලා වගේ අපි දිහා බලනකොට.. කොහෙද ඉතිං.. අපේ එවුන්ටත් කෙල්ලෙක් හැඩට ඇඳගෙන එනකොට මදන කුලප්පුවම හැදෙනවනේ.


    “නවෝද්.. ඇයි ඔයාලා කතා නොකරන්නෙ..? මං ඔයාව දැකලයි ආවෙ.. අද ප්‍රැක්ටිස් කරන්නැද්ද..? කට්ටියත් එක්ක චැට් කර කර ඉන්නෙ..”


    “ප්‍රැක්ටිස් කරලයි ආවෙ ඉන්කි.. අපි මේ පොඩි වැඩක් ගැන කතා කර කර හිටියෙ.. ඒක නෙමේ..”


    මං එහෙම කියලා ඉන්කිට ටිකක් ළංවුණා. එයාගෙ මුළු අවධානයම යොමුවෙලා තිබ්බෙ මට. හැමදාම පුරුදු විදියට එයාගෙ දිලිසෙන ඇස් වලින් මගේ මුළු ශරීරයම පිරික්සන විදියටයි බලන් හිටියෙ. ඉන්කි මං දිහා බලන් ඉන්න විදියට කොල්ලො මොනව හිතනවද දන්නෑ.. එයා හැසිරෙන්නෙ මෙතන ඉ්නනෙ හරියට එයයි මමයි විතරයි වගේ.


    “එහෙනම් කෝකද..?”


    “අද මොකද මේ වෙනස් විදියකට..?”


    “ඇයි නවෝද්.. මට මෙහෙම හොඳ නැද්ද..? ඔයා අකමැතියිද ආ..?”


    ආදරේ කරන කොල්ලගෙන්, කෙල්ලෙක් අහන විදියට ඉන්කි එක පාරටම මගෙන් අහද්දි මං හීතල වෙලා ගියා. මේ කෙල්ලට තියේනනෙ පුදුම ආත්ම ශක්තියක්නේ. ඇයි අප්පා ඇම්ඩා, පැතුම්, බලයා වගේ අන්ත මරුමුස් බුවාලා ඉන්න තැනක ඔය වගේ දෙයක් මගෙන් අහන්නත්, කෙල්ලෙකුට මොන තරම් ෆිට් එකක් තියෙන්න ඕනද..? ඒත්, ඉන්කි මගෙන් අහපු ප්‍රශ්නෙට උත්තරේ දුන්නෙ ඇම්ඩා.


    “ඔයා අකමැතියිද කියලා ඇහුවෙ ඇඳුම ගැනද..? නැත්නම් බෙකම් ඔයාට අකමැතියි කියලද ඉන්කි.. ආ...?”


    ඇම්ඩගෙ කතාවට ඉන්කිගෙ මූණ රතු වුණා. ඒ මූණ මැදට ආවෙ, මෙච්චර කාලෙකට මං ඉන්කිගෙ දැකලා නැති කෝමල රේකා තුන හතරක්. එයාගෙ ඇහි පිල්ලම් එක සීරුවට ඇරෙන්න, වැහෙන්න ගත්තා. ඒ ඇරෙන වැහෙන ඇස් අතරින් ඉන්කි මං දිහා බලන් හිටියෙ පුංචි ළමයෙක් වගේ.


    “මේ.. මේ.. උඹල ගල් පිළිම වගේ හිටන් ඉන්නෙ.. අපි අද යන්නැද්ද..?”


    මෙච්චර වෙලා සද්ද වහල ඉඳපු මාධව කඩේ ඇරියා. චමිල්ගෙ නම් ඇස් තිබ්බෙ ඉන්කි ළඟමයි. ඇම්ඩා ආයෙමත් මොනවදෝ කියන්න කට හදනවා මං දැක්කා.


    “ඔයාලගෙ ගෙදර ඉන්න අර බලු තඩියා මොකාද ඉන්කි..?”


    “ආ.. ඇයි ඔයා එහෙම ඇහුවෙ..?”


    “ඒකා එළිවෙනකල්ම උඩු බරනවනේ.. කන් කරච්චලේ බෑ..”


    ඉන්කිගෙ ගෙදර ඉන්න බල්ලා ගැන ඇම්ඩා දන්නෙ කොහොමද කියලා මං කල්පනා කරා. එතකොටයි මට මතක් උනේ, ඇම්ඩා ඉන්නෙත් ඉන්කිලගෙ ගෙවල් ළඟ කියලා. එක පාරක් අර තලපතාගෙ ක්ලාස් එකේ සිද්ධිය ඉන්කි, ඇම්ඩලාගෙ ගෙදරටත් කියලා තිබුණෙ.


    “ඔව් නාලක.. මෙ ්දවස්වල එයාට මොකක් හරි ප්‍රශ්නයක්.. අපිවත් පේන්න බෑ..”


    “ඔයාට කියන්න ඉන්කි.. ඔයාට ඇහුණද මංදා.. ඔයාලා ඉතිං දොර, ජනෙල් වහලනේ.. ඔය බලු තඩියා ඊයෙ රෑ එළිවෙනකල්ම උඩ බිරුවා.. ඔයා දන්නවද ඒක හරිම අසුභ ලකුණක්.. වැරදිලාවත් අදත් රෑ ඌ එළිවෙනකල් උඩු බිරුවොත් ආයෙ දෙකක් නෑ.. මරණයක්ම තමා..”


    “හා..නේ.. කාගෙද දන්නෑ නේද මරණෙ..?”


    “වෙන කාගෙවත් නෙමෙයි.. ඔයාගෙ බලු තඩියගෙ..”


    ඇම්ඩා ඒක සාවධානව කියපු විදියට අපිට බකස් ගලා හිනා ගියා. ඉන්කිටත් ලොකු හිනාවක් ගියා.


    “හනේ.. හනේ.. ඔයා හදන්නෙ අපේ රෝවර්ව මරන්නද..?”


    “නෑ.. ඌව ලෑන්ඩ් රෝවර් එකක් කරන්න.. කරුණාකරලා අද ඌට ස්ලීපින් ටැබ්ලට් එකක් දෙන්න.. නැත්නම් ඉතිං ඔයාගෙ රෝවර් ලොවෙත් නෑ.. තේරුණාද..?”


    “අ.. අනේ නවෝද්.. බලන්නකො.. මේ නාලක ඇත්තටමද කියන්නෙ මේ කතා..?”


    “ඇම්ඩා.. නිකං ඉඳපං.. ඉන්කි බය නොකර.. උඹට ඔය ඉන්කිගෙ රෝවර් ගෙන් ප්‍රශ්නයක් නම් කිරල ඇබ දෙකක් කනේ ගහන් නිදාගනිං..”


    ටිකකින් ඉන්කියි මායි එතන ඉද්දිම කොල්ලො ටික එහාට මෙහාට උනා. ඒක ඉබේම උදාන කොල්ලො ටික හිතලම මාරු උනාද කියලා දෙයියො තමයි දන්නෙ.


    “ඉනික් හදිසියෙන්ම ආවෙ..?”


    “ඇයි මං ආපු එක හොඳ නැද්ද..?”


    “නෑ.. නෑ.. ආපු එක හුඟක් හොඳයි.. මං ඉස්සෙල්ලා ඔයාට කියන්න ගියේ, ඔය ඇඳුමට ඔයා හරි හැඩයි කියලා..”


    “තෑන්ක්ස් නවෝද්..”


    ඉන්කිගෙ මූණ ලොකු හිනාවකින් පිරුණා. ඒ හිනාවෙන්ම එයා මං දිහා බලලා, ඇස් දෙක තද කරලා පියාගෙන ආයෙත් ඇරියා. ඒක නම් ඇත්තටම හිත හිරිවට්ටන ඉඟියක්. කෙල්ල මොනව හිතාගෙන මේ වගේ සෙල්ලම් මං ඉස්සරහ දානවද මංදා.. මොනව උනත් ඉන්කි ඉස්සරහදි මට දැනෙන්නෙ පුදුම සැහැල්ලුවක්. නිරෝමිල, සමින්දිල ළඟදි දැනෙන අපහසුව එක බිංදුවක්වත් මේ හුරුබුහුටි කෙල්ල ඉස්සරහ දැනෙන්නෙ නැති එකනේ වැඩේ කියන්නෙ.


    “ඔයා දන්නවද මං ආවෙ ඇයිද කියන්න..?”


    “ම්හු.. නිකන් නේ..”


    “නෑ.. ඔයාට විෂ් කරලා යන්න..”


    “ඔව්.. ඉතිං මෙන්න මගේ උණුසුම් සුභපැතුම්..”


    ඉනිකි දකුණු අත මගේ දිහාට දික් කරා. මං දෙපාරක් හිතන්නෙ නැතුවම ඒ පුංචි අත අල්ලලා හෙමීට හෙලෙව්වා.


    “ඇයි ඉන්කි මේ..?”


    “හෙට කළුතරත් එක්ක මැච් එක නේද..? හොඳට ප්ලේ කරන්න නවෝද්..”


    “ඔයා කොහොමද දන්නෙ..?”


    “මං කොහොම හරි දන්නවනේ..”


    හෙට මැච් එක කියලා කෙල්ල කොහොම දැනගත්තද මංදා.. හැබැයි හෙට මැච් එකට ඉන්කි විෂ් කරපු එක නම් මගේ හිතට සතුටක් ගෙනාවා.


    “එහෙනම් මං යන්නද නවෝද්.. ඔයාලා තව පරක්කු වෙනවනේ..”


    “හ්ම්.. පරිස්සමින් ඉන්කි..”


    “ඔයත් පරිස්සමින්.. එහෙනම් ගයිස්.. මං යනවා..”


    කොල්ලො හැමෝටම අතත් වනාගෙන ඉන්කි අපි ගාවින් ඈත්වුණා. ඔන්න ඊට පස්සෙ තමයි එක එකාගෙ චැටර් බොක්ස් ටික ඇරුණෙ.


    “ඒකි දාපු කැටයම් ටික නම් මැක්සා.. ආ..”


    “කොහොමද ඇම්ඩා අර අන්තිමට කියපු වාක්‍යය.. බායි ගා..යි..ස්.. මං.. යනවා..”


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    “ඒ වෙලාවෙ කොහොමද අපේ බෙකම්ගෙ මූණෙ තිබ්බ රොමෑන්ටික් ෆීලින්ග් එක.. ආ.. පේන විදියට නම් වැඩේ නැගලම යයි වගේ.. හා.. හා..”

    “මේ.. පිස්සු කියවන්නැතුව ඉඳපල්ලා..”


    “පිස්සු අපිටද බෙකම්.. උඹටද.. ආ.. උඹට කියන්න වෙසක්, පොසොන් කාල වලටවත් මං මේ තරම් දර්ශනීය තොරණයක් සහිත ස්ත්‍රී ශරීරයක් දැකල නෑ බං.. කෝමද පුළුලුකුල.. ලොවෙත් නෑ බං..”


    “හැබෑට පැතුමා.. ගෑනුන්ගෙ ඇඟපත දැකලා අපේ ශරීරෙ මේ තරම් සලිත වෙන්නෙ ඇයි බං..?”


    “මාධවයා.. මට මාව පාලනය කරන්න දීපං.. මං උඹට එදත් කිව්වා.. අදත් කියනවා.. හෙටත් කියනවා.. ඔය වගේ නුහුගුණාලංකාර ප්‍රශ්න අහල, මාව මිණිමරුවෙක් කරන්නෙපා.. ඕව්.. ඕ.. ඉයර්ස්.. ආයෙ කතා කරන්න බැරිවෙන්න මං උඹේ දිව කපනවා.. දිව කපලා ලුනු දානවා.. දැනගනිං.. උඹට ලුනු දාලා වෙඩි තියනවා..”


    “හයියෝ පැතුමා.. මට ඔච්චර හරියක් කරන්නෙ ඇයි බං..?”


    “කරන්නෙ..? උඹ හින්දා මට තුන්වෙනි සිල්පදේ කඩන්න වෙන හින්දා.. දැනගන්.. තොට වෙන්නෙ විසිරුණු මල්පෙති සිංදුව කිය කිය අඬන්න..”


    “මේ උඹල දෙන්නගෙ අඳෝනාව නවත්තගන්නවද..? නැත්නම් අපි නවත්තන්නද..?”


    මෙච්චර වෙලා සාන්ත දාන්තව හිටපු බලයා ඒපාර කරලියට ආවා. පෙනුමෙ හැටියට නම් ඌට මල පැනා වගෙයි. ඇත්ත තමයි.. කතාව පටන් ගත්තෙ කොහෙන්ද.. කතාව ඉවර උනේ කොහෙන්ද..?


    “බෙකම්.. ඒකි මොකද කියන්නෙ..? අපි වගේ පෝරිසාදයො ඉන්න තැනට ඇයි ඒකි බය නැතුව ඇවිත් තියෙන්නෙ..?”


    “මට විෂ් කරන්න නාලක.. හෙට මැච් එකනේ..”


    “මොනව උනත් කෙල්ල උඹ ගැන මාර ඉන්ටරෙස්ට්.. හොඳට හිතල මතල තීරණයක් ගනිං..”


    “මේකා කොහොම තීරණ ගන්නද..?”


    “ඇයි..?”


    “අඩෝ පැතුමා.. ඇයි හුයි ගාන්නෙපා.. බලපං අපේ ක්ලාස් එකේම කෙල්ලො කී දෙනෙක් බෙකම්ට ඇහැ දානවද..? අරහෙ කොමර්ස් ක්ලාස්වල රඟදෙන නිළිය දිල්රංගි.. බාලිකාවෙ නොදන්නා නම් සහිත රුවැති තරුණියො අපමණයි.. ඉතිං ඔය හැමදේම අතරින් හොඳට හිතල මතල, තමන්ට ගැළපෙන ඉටිකිරිස් නාරි ලතාවක් කිට්ටු කරගන්න ඕන..”


    “මොකද බෙකම් උඹ කියන්නෙ..?”


    “ඔය කියපු කෙල්ලොයි, නොකියපු කෙල්ලොයි හැමෝම හිටපුවාවෙ.. ඒවා වෙන වෙලාවක වෙයි බං.. අපි දැන් දැල්ලා අංකල්ගෙ කතන්දරේ ඉවර කරලා දාමු.. ම්..”


    මගේ ජීවිතේට ළංවෙන කෙල්ල කවුද කියලා බලන්න හැමෝම පණ දාගෙන හිතද්දි, මං ඒ චැප්ටර් එක ක්ලෝස් කරල දැම්මා. එතන ඉඳල තවත් පැය බාගයක් විතර අපි කතා කරේ ප්‍රසංගය ගැන. ගන්න බෑන්ඩ් එක මොකක්ද තව අතිරේකව දාන අයිටම් මොනවද.. ඩාන්සින් ඉවෙන්ට් දෙක තුනක්වත් දානවද.. ඔය වගේ නානා ප්‍රකාර දේවල් අපි කතා කරා. කොහොම හරි හැමදේම කතා කරලා, තීරණ අරගෙන ඒවා කොල්ලො හැමෝම අතරෙ බෙඳලා, මං ගෙදර යනකොට රෑ හතටත් ළංවෙලා.


    “යසයි ඉලන්දාරියා ගෙදර එන වෙලාව.. අපි මෙහේ ඇස් රිදෙනකල් බලන් ඉන්නෝන..”


    අම්මා දොරකඬටම වෙලා බලන් ඉන්නවා.. තාත්තත් තාම ගෙදර ඇවිත් නෑ වගේ.


    “ප්‍රැක්ටිස් ඉවරවෙලා අපි යාලුවො ටික පොඩි චැට් එකක් දැම්මා..”


    “ඔය මොනව කරන්නත් විභාගෙ හරියට කරන්නෝන පුතා.. කොතනට ගියත් අධ්‍යාපන සුදුසුකම් බලනවා.. ක්‍රීඩාවත් වැඳගත් තමයි.. ඒ වගේම ඉගෙනීමත් වැඳගත්..”


    “මට මහන්සියි අම්මා..”


    “අනේ.. ඔයාට තිබහත් ඇති.. මං මේ ඔයාව මෙතන හිරකරන් ඔහේ කියවනවා.. අපි යමු ගෙට..”


    අම්මා මගේ කරට අත දාගත්තා. ඒක නම් මාර ෆිට් වැඩක්. ආයෙ දෙකක් නෑ.. හිතට එන්නෙ අමුතුම ගතියක්.. කරට උඩින් අත දාගෙන අම්මගෙ ඇඟට තුරුළු වෙලා ඇවිදගෙන යද්දි, දැනෙන ආදරණිය හැඟීම ගැන ලියන්න වචන කෝටියකුත් මදි. වොස් එකක් දාගෙන, සුප් එකකුත් බීලා, ඒ ළඟටම ප්ලේන්ටියකුත් ගහලා මං ඇඳේ හාන්සි වුණා. පිට්ටනිය හතර කොනයි මැදයි දුවල දුවල සෙල්ලම් කරහම ආයෙ හොදි ඕන්නෑ. තෙහෙට්ටුවත් එක්ක එන්නෙම මාර නිදිමතක්. ඒක නවත්තන්න නම් සක්කරයටවත් බෑ. ඒත් අද ලාවට වගේ ඇස් පියවෙද්දි මගේ හිතට එක පාරටම ඉන්කි ආවෙ ඇයිද මංදා.. එයා මගෙත්තෙක්ක කතා කරත්, අද සමින්දි අක්කා ගැන වචනයක් කතා කරේ නෑ. ඉන්කි ඒ දේ කරේ හිතලමයි කියලා මට පුංචි සැකයකුත් ආවා. කොහොම උනත් බලමුකෝ.. එක හීනෙන්ම හැමදේම එළියට එන්නෙ නෑනෙ.


    “නවෝද්..”


    පහුවෙනිදා මැච් එක පටන් ගන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි සෝමතිලක සර් මගේ ළඟට ආවා. සර්ගෙ මූණෙ තිබ්බෙ ලොකු අධිෂ්ඨානශීලී ගතියක්.


    “මේක කොහොම හරි ගොඩදාගන්න පුතා.. ඔයාට හුඟක් ලොකු වැඩ කොටසක් මේකෙ කරන්න වෙනවා..”


    “අපි දිනනවා සර්..”


    “අන්න හරි.. හොඳට මතක තියාගන්න අපිට තියෙන්නෙ ග්‍රවුන්ඩ් වාසියි, ග්‍රවුන්ඩ් සපෝර්ට් එකයි විතරයි. එන කිසිම චාන්ස් එකක් මිස් කරගන්නෙපා.. නිතරම පාසින් වලින්ම වැඩේ අරගෙන යන්න.. ගුඩ් ලක් පුතා..”


    අවසාන උපදෙස් ටිකත් දීලා, සෝමතිලක සර් පැත්තකට උනා.. දැන් ඉතින් සෙන්ට්‍රල් එකේ, ආඩම්බරෙයි, නම්බුවයි ඔක්කොම තියෙන්නෙ මගේ අතේ කියලා මට හිතුණා.


    “බලයා.. බෝලෙ හුරතල් කරන්නෙපා.. ළඟට ආවද අපේ එකෙක් ළඟට යන්න දීලා ඇදපං..”


    චමිල්ට ඇහැක් වහන ගමන් මං කිව්වා. ග්‍රවුන්ඩ් එක වටේ උනත් ඒ තරම් සෙනගක් හිටියෙ නෑ. හැමදාම ඉන්න කට්ටිය විතරයි. ඒත් ඉතිං සෙනඟ ගැන හිතල වැඩක් නෑ. දැන් තියෙන්නෙ ගේමට බහින්න. පිස්සුවෙන් වගේ එහෙට මෙහෙට බෝල පාස් කර කර දුවලම පළවෙන් හාෆ් එක ඉවර වුණා. ඒකෙදි කලුතර ටීම් එකට චාන්සස් දෙකක් ආවත්, අපේ ගෝලි හිටපු කැලුම්ගෙ ටැලන්ට්ස් හින්දා අවසන් ගමන් යන්නැතුව ඒ ප්‍රහාර දෙකම ගොඩ දාගත්තා. එකක් ඌ අත් දෙකටම අල්ල ගත්තත්, අනික, අත් දෙක උස්සලා ගෝල් බාර් එකෙන් උඩට තල්ලු කරලා දැම්මා. ඒකෙන් පස්සෙ ආපු කෝනර් කික් එකට, මැක්සා විදියටම ගේමට බැස්සෙ මං.. කෝනර් කික් එක්ක විදියට අපේ ගෝල් පෝස්ට් එකට ආපු බෝලෙ හැන්ඩ්ල් කරගෙන කලුතර ටීම් එකේ කෑකීල දෙන්නා ගාවට වෙනකල්ම මං බෝල් එක අරන් ගියා. ඒත් අපේ ටීම් එකෙන් අවශ්‍ය සහයෝගය මට හම්බවුණේ නැති හින්ද, කලුතර ටීම් එක බොහොම ලේසියෙන් මගෙන් බෝල් එක උදුරගත්තා.


    සෙකන්ඩ් හාෆ් එකේදි, මැච් එක ඉවරවෙන්න විනාඩි හයක් විතර වෙනකන්, තරඟය දෙපැත්තටම දෝලනය වෙවී තිබුණා. ඒත් අන්තිම විනාඩි කීපයෙදි චමිල්ගෙ අතපසු වීමකින්, කලුතර ටීම් එකේ, මැදපෙල ප්‍රහාරකයා, බලන්න ලස්සන පහරකින් ගෝල් එකක් අයිති තරගත්තා. ඒ ගෝල් එක ගහලා ඉවරවෙලා උංගෙ තිබ්බ කලර්ස් ටිකනේ බලන්න වටින්නෙ.. ඇදගෙන හිටපු නිල් පාට ටී ෂර්ට් එක ගලවලා, එක අතකින් කරකවන ගමන්, මෑන් පිට්ටනිය වටේ භාගයක් විතර දුවගෙන ගියා. ඒ ටීම් එකේ අනිත් එව්වොත් මෙලෝ සිහියක් පතක් නැතුව ඌ පස්සෙ දුවන්න ගත්තා. මුංගෙ මේ මල ඉලව් ගෝල සැමරීමෙන් අපිට තියෙන චාන්ස් එකයි නැතිවෙලා යන්නෙ.


    කොහොම හරි එතන ඉඳලා මැච් එකේ සම්පූර්ණ වාසියම රැඳිලා තිබුණෙ කළුතර ටීම් එක දිහාට. මං කොයි තරම් උත්සහ ගත්තත්, සෙන්ටර් පොයින්ට් එකෙන් ටිකක් එහාටවත් බෝල් එක ගෙනියන්න අපිට බැරිවුණා. ඒකට තවත් හේතුවක් තිබුණා. ඒ තමයි, කළුතර ටීම් එකේ ප්ලේයර්ස්ලා ගහපු ගෝල් එකෙන් පස්සෙ, නිතරම එයාලා බැලුවෙ බෝල් එක අවුට් ගහන්න. ඒකෙන් කාලය කාලා දාන්න. අපි හැමෝගෙම හිත්වලට ඒ වෙලාවෙ වෙනකොට පරාජයේ සෙවනැලි හොඳටම දැනිලා තිබුණා. ඒත් එක්තරා අහඹු අවස්ථාවක්, හිතුවෙ නැති විදියට මගේ පැත්තට ඇඳිලා ආවා. ඒ වෙනකොට මැච් එක ඉවරවෙන්න තිබ්බෙ විනාඩියක් නැත්නම් දෙකක් විතර.


    කලුතර ටීම් එකේ බැකී, ලයින් එකෙන් අවුට් යන්න කියල හිතල දීලා ඇදපු කික් එකක්, බූට් එකේ සයිඩ් එකේ වැදිලා ආපහු කැරකිලා උඩින්ම සෙන්ටර් පොයින්ට් එකයි, කලුතර ටීම් එකේ ගෝල් පොයින්ට් එකයි අතර දුරේ හරි මැදට වගේ වෙන්න වැටුණා. මං ඒ වෙනකොටත් හිටියෙ කලුතර ටීම් එකේ බැකීත් එක්ක ඇටෑක් වෙන ගමන්. අහම්බෙන් හම්බවෙච්ච චාන්ස් එක, ඇස් පනාපිටම පේන්න තිබ්බ හන්ද මං කෙරුවෙ, ඇඟේ තිබ්බ ශක්තිය සම්පූර්ණයෙන්ම කකුල් දෙකට දීපු එක. තත්පර ගානකින් මං හිටියෙ බෝලෙ ගාව. එතන ඉඳලා හැමදෙයක්ම සිද්ධ වුනේ ඇහැපිය ගහනවටත් වැඩිය වේගෙන්. බෝලෙ පාලනය සම්පූර්ණයෙන්ම මගේ කකුල් දෙක ගනිද්දි මං ආයෙත් මුලින් හිටපු තැනටම ඇවිල්ලා තිබුණා. හැබැයි කලින් පාර මං ගාවට නොතිබ්බ බෝල් එක මේ වෙලාවෙ මගේ ලඟ තිබ්බා.


    තව වැඩිම උනොත් තත්පර විස්සක් හරි පහළොවක් හරි ඇති කියලා මගේ හිත කැගැහුවා. මේ වෙලාවෙ බෝල් එක පාස් කරලා සාමූහිකව ගේමක් දෙන්න බෑ කියලා මං තේරුම් ගත්තා. කරනදෙයක් මේ තත්පරයෙදිම කරන්නෝන. බූට්ස් ළඟ නැවතිලා තිබ්බ බෝල් එක, වම් කකුලෙන් ඉස්සරහින් හෙමීට උඩට ගන්න ගමන්, දකුණු කකුලෙ විළුඹ හරියෙන් මං බෝල් එක මගේ පපුව ප්‍රමාණෙට ගත්තා. මේ වෙලාවෙ කික් කලුතර ටීම් එකේ ප්ලේයර්ස්ලා හිතුවෙ මං බෝලෙ බිම තියෙද්දිම කික් කරාවි කියලා. ඒත් කකුල් දෙක දිගේ හිතාගන්නවත් බැරි විදියට මං බෝල් එක උඩට ගනිද්දි කලුතර ටීම් එක අන්දමන්ද වෙලා හිටියෙ. එතන ඉඳලා මට කරන්න ඒ තරම් දෙයක් තිබ්බෙ නෑ. පපුව හරියට උඩට ආපු බෝල් එකට මං යාන්තමට උඩ පැනලා වම් කකුලෙන් කලුතර ගෝල් පෝස්ට් එක එල්ල කරලා කික් එකක් දුන්නා.


    “වෙල්ඩන් බෙකම්.. වෙල්ඩන්..”


    “මැක්සා කියන්නෙ.. මැක්සගෙත් මැක්සා..”


    මැච් එක බලපු අපේ ඉස්කෝලෙ කොල්ලොයි, ටීම් එකේ කොල්ලොයි මාව වට කරගෙන බදාගත්තා. කලුතර ටීම් එකේ කෝලිට හිතන්නවත් වෙලාවක් නොදී මගේ කික් එක ගෝල් පෝස්ට් එක ඇතුළට ගිහින් තිබුණා. මගේ හිතටත් දැනුණෙ එසේ මෙසේ සතුටක් නම් නෙමෙයි. අන්තිම තත්පරේදි අපේ සෙන්ට්‍රල් එක බේරගත්තු එක මට නම් හීනයක් වගේ වෙලා තිබුණා.


    එතනින් පස්සෙ පෙනල්ටි වලින් තරඟයේ ජය පරාජය තීරණය කරන්න හැදුවත් හතර වටින්ම ගලාගෙන ආපු වැහි අඳුර ඒකට ඉඩක් දුන්නෙ නෑ. ඒක හන්ද කලුතර ටීම් එකත් එක්ක තරඟය ඉවර වුණේ ජය පරාජයෙන් තොරව.


    “ඔයා හොඳට සෙල්ලම් කරා නවෝද්..”


    යූ.සී ග්‍රවුන්ඩ් එකේ යකඩ වැටෙන් මෑත්වුනා විතරයි අඬ අඳුරේ රුවක් මගේ ඉස්සරහට ආවා. මට අදහගන්නත් බැරිවුණා.. මං දකින්නෙ හීනයක්ද කියලා තත්පරේට දෙකට මට හිතුණා.


    “ප්‍රින්සිපල් සර්..”


    මට එකපාරටම කියවුණා. මගෙත් එක්ක ඇවිදගෙන ආපු චමිලුත් ගල් ගැහුණා වගේ එතනම නතර වුණා.


    “ඔයා අපේ සෙන්ට්‍රල් එකට ලොකු ආඩම්බරයක් පුතා.. මං මුල ඉඳන්ම මැච් එක බලාගෙනයි හිටියෙ. කලුතර ටීම් එක පැත්තෙ තිබ්බ වික්ටරි එක ඔයා අපේ පැත්තට ඇදලම දුන්නා. වෙල්ඩන් පුතා.. වෙල්ඩන්.. කීප් ඉට් අප්..”


    පිනා සර්ගෙන් ඔය වගේ වචන ටිකක් අහන්න නම් ආත්ම ගාණක් පෙරුම් පුරන්න ඕන.. අනික ප්‍රින්සිපල් සර් සම්පූර්ණයෙන්ම මැච් එක බැලුවා කියන්නෙ වැඩක්ම තමයි.. ගෝල් එක ගහලා මගේ හිතේ තිබිච්ච ෆිට් එක දෙගුණ තෙගුණ උනා ඒ වෙලාවෙ.


    “තැන්ක්යූ සර්.. මැච් එක බලන්න සර් ආපු එක හුඟක් වටිනවා..”


    “ඒක මගෙන් කෙරෙන්න ඕන යුතුකමක්.. එහෙනම් මං යනවා නවෝද්..”


    “සර්..”


    “ඔව් නවෝද්..”


    “සර්ට හදිසියක් නැත්නම් මට ඩිංගක් කතා කරන්න පුළුවන්ද..?”


    “ඔව් පුළුවන්.. ඇයි පුතා.. ඔයාට මොකක් හරි ප්‍රශ්නයක්ද..?”


    “මේක ප්‍රශ්නයක්මත් නෙමෙයි සර්..”


    මං කියන්න යන්නෙ මොනවද කියලා හිතාගන්න බැරුව බලයා ගල් ගැහිල තවමත් බලන් ඉන්න හැටි මං දැක්කා.


    “එහෙනම්..?”


    “අපේ ඉස්කෝලෙ බෙල් එක ගහන හීන් බංඩා අංකල් ගැන..”


    මෙච්චර වෙලා පපුව ඇතුලෙ තද කරගෙන හිටපු ලොකු හුස්මක්, එක හුස්මට බලයා පිට කරනවා මට ඇහුණා. එතන ඉඳලා මං නිවි සැනසිල්ලෙ ප්‍රින්සිපල් සර්ට, දැල්ලා අංකල් එක්ක වෙච්ච කතාබහයි, අපි කරන්න හිතන් ඉන්න දේ ගැනයි පැහැදිලි කරා. මං කොහොමටත් ප්‍රින්සිපල් සර්ව හම්බවෙන්න යන්න හිටියෙ. ඉතිං මේ මට අහම්බෙන් හම්බවෙලා තියෙන්නෙ කණා චාන්ස් එකක්නේ.. ලා අඳුරෙ උන්නා උනත් ප්‍රින්සිපල් සර්ගෙ මූණෙ මතුවෙච්ච අපූරු හිනාව මං ඊගාවට දැක්කා.


    “හොඳ වැඩක් නවෝද්.. ඉස්තරම් සිතුවිල්ලක්.. මෙච්චර කාලෙකට කවුරුවත් කරල නෑ.. මගෙන් අපේ ඉස්කෝලෙන් වෙන්න ඕන හැම උදව්වක්ම මං කරන්නම්.. ඕල්ඩ් බොයිස් ඇසෝෂියේෂන් එකටත් මං මේක දැනුම් දෙන්නම්..”


    “තැන්ක් යූ සර්..”


    “මැච් එකේදි ඔයා පෙන්නපු දක්ෂතාවලට වැඩිය මේ වැඩේදි මං ඔයා ගැන සතුටු වෙනවා. ඔයා අපේ සෙන්ට්‍රල් එකට ලොකු ආඩම්බරයක්.. මං මේ ගැන එසෙම්බිලි එකේදි ළමයි දැනුවත් කරන්නම්.. ඒ වගේම ගුරුවරුත්..”


    වැඩේ නිකං ඉන්ටර්නැෂනල් විදියටම පත්තු වෙන්නයි යන්නෙ.. මේක මේ තරම් සිරා විධියට ඇදිල යනව කියලා කවුද අප්පෙ හිතුවෙ.


    “බෙකම්.. උඹ දඹුලුත් ගිහින් දඹුල්ලෙ මැච් එකත් බලලා ආව එහෙනම්..”


    බලයා කිව්වෙ, මේ දවස්වල කොල්ලො අතරෙ ෆේමස්ම කතාව. තලගොයි වෙනුවට ක්‍රිකට් මැච් එක්ක දාගෙන.


    “වැඩේ නැගලා යනව චමිල්.. අපිට තියෙන්නෙ ඉස්සරහට, මොනවද කරන්න තියෙන්නෙ කියල බලන්න..”


    දැල්ලා අංකල් ගැන හිතට ආපු සංවේදීකම, මේ විදියට දැවැන්ත ක්‍රියාවලියක ඇරඹුමක් වෙයි කියලා මං හීනෙකින්වත් හිතුවෙ නෑ. ඉස්කෝලෙ ළමයිනුයි, සර්ලයි, මිස්ලයි මේකට ගාව ගත්තා කියන්නෙ මේක සුපිරිම සුපිරි වැඩක් වෙනවා. ඒකෙ ආයෙ අමුතුවෙන් හෝදන්න දෙයක් නෑ.


    පහුවෙනිදා ඉස්කෝලෙ පැය ගාණක් තිබ්බ කතාව තමයි බෙකම් ගහපු ගෝල් එකේ විස්තරේ. අර කලින් පාරක රාහුලත් එක්ක තිබ්බ මැච් එකේදි ගහපු ගෝල් වලට දෙවනි නෑ මේකත්. හැමෝගෙම අවධානෙ මං දිහාට යොමුවෙලා තිබ්බා. ඒකත් බලන් ගියහම මාර ගතියක් දැනෙන දෙයක් තමා. හරි නම් ජනප්‍රියතම ක්‍රීඩාව වෙච්චි ක්‍රිකට් ප්ලේ කරන කොල්ලො ටිකනේ ඉස්කෝලෙ ෆේමස් වෙන්න ඕන. ඒත් ඒ හැමෝම අභිබවලා බෙකම් ඉස්සරහින්ම හිටියා. සර්ලා, මිස්ලා උනත් අඳුනන්නෙ නැති නංගිලා මල්ලිලා උනත්, මගෙත් එක්ක හිනාවෙලා මොනාම හරි දෙයක් කියල ගියා.


    “මෙහෙම ගියොත් නම් අපේ පන්තියට බෙකම්ව නැති වෙනවා කෙල්ලනේ.. උඹලට හූල්ලන්න තමයි වෙන්නෙ.. අඩු ගානෙ මෙතන එකියෙක්වත් නැද්ද අපේ බෙකම්ගෙ හිත දිනාගන්න පුළුවන් කෙල්ලෙක්..”


    පැතුම්ගෙ තැන කල්හාරයා අරන් තිබුණා. මං වටපිට බැලුවත් පැතුම් පේන්නවත් හිටියෙ නෑ. මේකා නැති උනහම පන්තියත් එක්කම පාලුයි අප්පා.


    “ඈ.. මං අහපු දේට උත්තරයක් දෙන්න බැරිද යකුනේ.. උඹලට ඒකටවත් ගටක් නැද්ද..?”


    කල්හාර ඒ පාර, කෙල්ලො දිහාට හැරිලා මහ හයියෙන් ඇහුවා. ඒත් කවුරුවත් ඌට උත්තර දෙන්න ආවෙ නෑ.. මේකා මේ ගිරිය පුප්පං කෑගැහුවට මං ගැන ඉන්ටෙරෙස්ට් තියෙන එක කෙල්ලෙක්වත් මේ පංතියෙ නැතුව ඇති.


    “හරි.. හරි.. උඹලා නාකි ගෑනු වගේ.. ළඟ තියෙන මැණික දිහා බල බල ඉඳපල්ලා.. පිට ඉස්කෝල වල කොහොම වෙතත්, අර කොමර්ස් ක්ලාස්වල දිල්රංගිම අපේ එකාව දාගනියි..”


    “කල්හාරයා.. කටවහං හිටපං.. මගේ චරිතෙ ඝාතනය නොකර..”


    වැඩේ කියන්නෙ, මං කිව්ව විතරයි කල්කාරයා උගේ සිල්ලර බඩු කඩේ වහගත්තා. ඒ එක්කම තමයි පැතුමා කලබලෙන් වගේ පංතියට කඩාගෙන පාත් වුනේ.


    “අඩෝ.. මාර සීන් එකක් බං.. මැක්සා කතන්දරයක්..”


    “මොකක්ද පැතුමා.. හොඳ දෙයක් නම් විතරක් කියපං..”


    “උඹලට කියන්න මචංලා.. කකුල් දෙකේ හරකෙක් ඉපදිලලු..”


    “මොකක්..?”


    “න්.. නෑහ්..”


    “ආ..නේ.. හරි පව් නේද..?”


    “කොහෙද බං ලංකාවෙද..?”


    පැතුමගෙ කතාවට හැමෝටම පුදුමයි. හැම එකාටම ඒ කතාව නැගලා ගියා.


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    “ඔව් බං.. කකුල් දෙකේ හරකෙක්.. මිනිස්සු වැල නොකැඩි යනවලු ඌව බලන්න.. අපිත් යමුද බං..”

    පැතුමගෙ කතාවට හැමෝම අනුකූලතාවය දැක්වූවත් කල්හාරයා කිව්වෙ අමුතුම කතාවක්.


    “ඕකෙ මොනව බලන්නද බං.. අපේ අක්කව බඳින්න එන කොල්ලව මං හොඳට දැකල තියෙනවා..”


    ඒ කතාවට මුළු පංතියම බක බක ගාලා හිනාවෙන්න ගත්තා. එතකොටමයි මිසිස් ඇක්චුවලි අපේ පන්තියට වේරම්භ වාතය හමාගෙන ආව වගේ, ගලාගෙන ආවෙ.


    “ගුඩ් මෝර්නින් මයි ඩියර් චිල්රන්.. ඇක්චුවලි.. යූ ආ ඒල්වේස් ලාෆින්.. අයි ලයික්.. අයි ලයික්..”


    කොල්ලො කෙල්ලො ටික දඩ බඩ ගගා තම තමන්ගෙ පුටු සොයා යන අතරෙ, ජයමාන්න මිස් කච කචේ පටන් ගත්තා. උදේ පාන්දරම මොන නරි නාටකයක්ද මේ වෙන්න යන්නෙ..


    “බෙකම්.. මාව සලිත වෙනවා මචං.. දැන් තියෙන්නෙ කඩ්ඩ නෙමෙයිනේ..”


    තියෙන්නෙ ඉංශ්‍රීසි නෙමෙයි කියනෙක මාධව විතරක් නෙමෙයි අපි හැමෝමත් දැනන් හිටියා.. යකෝ මේ මනුස්සයා කොඩිවිනේ වගේ වැරදිලාද අපේ පන්තියට ආවෙ.


    “මිස්..”


    එකපාරටම නිරෝමි නැගිටිනවා මං දැක්කා. මේ කෙල්ල මෙනාව කරන්නද යන්නෙ.. මද කිපිච්ච දළ ඇත්තු ඉස්සරහ.


    “ඉයර්ස්.. සෝ හව්.. මයි ලිට්ල් ප්‍රින්සස්.. වට්ස් යුවර් ප්‍රොබ්ලම්..”


    “පැතුමා.. මිසිස් ඇක්චුවලි අපේ නිරෝමිට කුණුහරුපෙන් බැන්නා නේද..? බලහං ගුරුවරයෙක් විදියට කරන කියන දේවල්ද මේවා..?”


    “හෙහ්.. හෙහ්.. උඹට පිස්සුද කල්හාර.. මිසිස් ඇක්චුවලි ඔය ඇහුවෙ උදේට ලිට්ල් ලයන් කේක් කෑවද කියලා..”


    “කෑවද කියලා ඇහුවෙ නෑනෙ බං..?”


    “ඇහුවා බං ඇහුවා.. ඇයි උඹට ඇහුනෙ නැද්ද සෝ හව් කියලා අහනවා..”


    “සෝ හව් කියන්නෙ කෑවා කියනෙකටද පැතුමා..?”


    කල්හාරගෙයි, පැතුමගෙයි දෙබස් ටික අහල මට මැරෙන්න හිනා. මං දෙන්නා මොන ඉංශ්‍රීසිද අප්පා දන්නෙ. මොනව උනත් තව ටික දවසකින් මුං දෙන්නා මිසිස් ඇක්චුවලිටත් කඩ්ඩ උගන්නයි.


    “මිස්.. මේ වෙලාවට තියෙන්නෙ කෙමිස්ට්‍රි.. අපිට හේමන්ත සර් එන්න ඉන්නෙ..”


    අපි හැමෝගෙම හිත්වල තිබ්බ දෙයක් නිරෝමි අවුලක් නැතුව කියලා දැම්මා.


    “අයි නෝ.. චයිල්ඩ්.. අයි නෝ.. ඇක්චුවලි.. ටුඩේ මිස්ට හේමන්ත ඉස් ලීව්.. හී වෙන්ට් ටූ.. කොලොම්බෝ..”


    “හත්තිලව්වේ බං.. මෙයාට අද මුළුමනින්ම ඉංශ්‍රීසි බඩ යනවා.. මොකෝ බෙකම් කරන්නෙ..?”


    “ටිකක් පාඩම කරගෙන යන්න දීපං.. ඊට පස්සෙ ඔය කුණු ප්‍රශ්නයක් අහපං..”


    මං පැතුමට උපදෙස් දුන්නා. හේමන්ත සර්ගෙ පීරියඩ් එකයි, ඉංශ්‍රීසි පීරියඩ් එකයි දෙකම මෙයා අරගෙන අද දවසම වැලේ වැල් නැති කරන්නයි හදන්නෙ.. හනේ මන්දා.. හිටගෙන වගේම වාඩිවෙලත් නින්ද යනවා.


    “මිස්..”


    විනාඩි විස්සක් විතර අමාරුවෙන් ඇඳිලා ගියාට පස්සෙ එකපාරටම පුටුව බරාස් ගාලා පස්සට ඇදලා පැතුම් නැගිට්ටා. ජයමාන්න මිස් පැතුමා දිහා හොඳ ඕනෑකමින් බලන් හිටියා. මේකා එන්න හදන්නෙ මොකාටද කියලා දැනගන්න වගේ.

    “ඉබ්බගෙයි, කැස්බැවගෙයි වෙනස මොකක්ද මිස්..?”


    ජයමාන්න මිස්ගෙ ඇස් දෙක කණ්නාඩියටත් උඩින් උඩ ගියා. ඇත්තනේ හත්තිලව්වෙ.. මේකා සත්ව විද්‍යාව පාඩමේදි අහන්න ඒන ප්‍රශ්නයක්නේ දැන් ඇහුවෙ..


    “වට් ඉබ්බා.. කැස්බෑවා..?”


    “රායිට් මිස්.. ඉබ්බා, කැස්බෑවා..”


    පන්තියෙ හැමෝම බලන් හිටියෙ හිනාවෙන්න. ඇයි ඉතිං දන්නවනේ පැතුමා අහන්නෙ, ඔබද ඔටුවා.. මමද ඔටුවා වගේ නොහොඹිනා ප්‍රශ්න කියලා.. කොහොම හරි ටිකක් කල්පනා කරලා ජයමාන්න මිස් උත්තරේ දුන්නා. ඒ තමයි ඉබ්බගෙ ඇඟ පුරාම ලොකු කට්ටක් තියෙනවය කැස්බෑවට එහෙම එකක් නෑ කියලා.


    “වැරදියි මිස්..”


    පැතුම් එක හෙලාම උත්තරේ ප්‍රතික්ෂේප කරා. මිස්ටත් පුදුමයි.


    “වට්.. ඊස් මයි ආන්සර් රෝන්..”


    “බෙකම් මෙයා මොනවද කියන්නෙ ඇක්සලයක් ගැන..?”


    “ඇක්සලයක් නෙමෙයි.. එයාගෙ උත්තරේ වැරදි ඇයි කියලා අහනවා..”


    “ඕ.. වැරදි තමයි.. මිස්.. වැරදි තමයි.. ඉබ්බගෙයි, කැස්බෑවගෙයි වෙනස තමයි ඉබ්බට යතුරක් තියෙනවා.. ඉබ්බ ඉන්නෙ කොන්ඩි පට්ටම් එකක.. ඉබ්බට පණ නෑ.. නමුත් කැස්බෑවා මුහුදෙ ඉන්නෙ.. ඌ බිත්තර දානවා.. නමුත්..”


    “ඔව් නමුත්..?”


    “ඉබ්බා දාන බිත්තරේකුත් නෑ.. ඌට ඕන යතුරක් විතරයි..”


    පන්තියෙ ඇතුළෙන් ලාවට හිනා සද්ද බද්ද එහෙන් මෙහෙන් ඇහුනත් ජයමාන්න මිස් එවා ගණන් ගත්තෙ නෑ.. පුංචි පහේ හිනාවක් ඒ තාරුණ්‍යය ගෙවිල යමින් තිබ්බ මූණ මැදට ඇවිල්ලා තිබුණා.


    “ඇක්චුවලි.. අයි කැන් ස්පීක් ඉන් සිංහල.. ඒක හින්ද මං සිංහලෙන් කතා කරන්නම්.. මොකද ඔයාලත් කැමති මං සිංහලෙන් කතා කරනවටනේ.. මේ පන්තියට හැමදාම ආවහම මං මොනවම හරි ඉගෙන ගන්නවා. ඒ ඔයාලගෙන්.. නමුත් මම එන්නෙ ඔයාලට උගන්නන්න.. ඒත් වෙන්නෙ ඒකෙ අනිත් පැත්ත.. ඔය පැතුම් අහපු ප්‍රශ්නෙම මට දැන් වෙන කාගෙන් හරි අහලා එයා දෙන උත්තරේ අනුව හොඳට හිනාවෙන්න පුළුවන්.. මේ ටූවෙල් සී ක්ලාස් එකට මං කැමතියි.. ඒ වගේම ඔයාලටත්.. හැමදාම මොනවම හරි අලුත් දෙයක් සිද්ධ වෙනවනේ.. ඔයාලා හරිම ප්‍රියමනාප ළමයි.. නමුත්..”


    නිවි සැනසිල්ලෙ කියාගෙන කියාගනෙ ගිහිල්ලා ජයමාන්න මිස් කතාව නැවැත්තුවා. මෙච්චර දුරකට කතාව අපිට පක්ෂපාතියි.. අහන් ඉන්න ආසයි.. ඒත් මිසිස් ඇක්චුවලිගෙ නමුත් එකෙන් පස්සෙ කොහොම වේවිද මංදා.. හැම එකාම කටවල් ඇරගෙන බලන් හිටියෙ ඒ ගැන අහන්න.


    “නමුත් ඔයාලා ඉංශ්‍රීසිවලටත් අවධානෙ යොමු කරන්න. මගේ දැනුමින් අරගන්න තියෙන දෙයක් ඔයාලා අරගන්න.. ඉංශ්‍රීසි කියන දේ හරිම වැදගත්. ඒක අමාරු විෂයක් නෙමෙයි. ඔයාලගෙ ඉදිරි අනාගතේට, ඔයාලගෙ දියුණුවට ඒක හරියට බලපානවා.. ඒ වගේම වැදගත් වෙනවා..”


    පීරියඩ් එක ඉවර වෙනකල්ම ජයමාන්න මිස්, ඉංශ්‍රීසි වල තියෙන වැදගත්කම, වටිනාකම අකුරින් අකුර කියල දුන්නා. පැතුමා උනත්, එතැනින් පස්සෙ එක අවුංසයක්වත් මිස්ට බාධා කරන්න ගියේ නෑ. කොහොම නමුත්, කෑගගහ දේවල් කේන්තියෙන් කියල දෙනවට වැඩිය පන්තියෙ හැමෝටම මිස්ගෙ කතාව බොක්කටම වැදිලා තිබුණා.


    “මීට පස්සෙ බලපං බෙකම්.. මිස් දෙන ඩික්ටේෂන් ඉස්සෙල්ලම දෙන්නෙ මම.. ආයෙ දෙකක් නෑ.. කණ අතගාලා කණ රත්වෙන්න දුන්නා වගේ මිස්ගෙ කතාව මැක්සා මචං.. ලොවෙත් නෑ ඔහොම ගුරුවරු..”


    පන්තියෙ හැමෝම පැතුමගෙ කතාව අනුමත කළා. ඔව්.. ඉතිං මෙතන ඉඳලා අපිට බලාගන්න බැරියෑ.. තරගෙට ඩික්ටේෂන් දෙන්න මේ පන්තියෙ බුවාලා බුවීලා ටික පොර කන හැටි.


    සති අන්තෙ උදාවෙච්චි හින්දා, මට නින්ද ගියේ සෑහෙන තරමෙ ෆිට් එහෙකින්. හෙටයි අනිද්දයි ඉස්කෝලෙ නෑ. ඇයි සෙනසුරාදයි ඉරිදයිනේ.. ටික්ක දවල් වෙනකල් පැලෙනකන් නිදාගතහැකි. ඒත් පැලෙනකල් නිදාගැනිල්ල කෙසේ වෙතත් නින්ද යාගෙනම එද්දි වගේ ගෙදර ටෙලිෆෝන් එක වදිනවා මට ඇහුණා. මොකාද අප්පා මේ රෑ ජාමෙ දුරකථන ඇමතුම් දෙන ඔඩ්ඩි මස්සිනා. මං වෙලාව බැලුවා. දොළහට ළඟයි. මොකෙක් හරි නින්ද නොයෑමේ රෝගයකින් පෙළෙන අපතයෙක්. ඒකෙ ආයෙ සංස්කරණය කළ යුතු කිසිවක් නෑ. මං ඩිංගක් වෙලා අහන් හිටියා. අම්මා හරි තාත්තා හරි ඇවිත් කෝල් එක ගනීවි කියලා.. මොන.... එයාලට වගේ වගක් නෑ.. පලු පැලෙන්න බුදි. එක පාරක් රින්ගිස් ගිහිල්ලා ඉවර වුණා. මෙන්න යකෝ ආයෙත් මේ හොරණෑව වදින්න ගත්තා.


    “හෙලෝ..”


    නිදිමතේ මම රිසිවරේ කණට තද කරගත්තා.


    “බෙකම් මං..”


    එහා පැත්තෙ හිටියෙ පැතුම්.. දවස පුරා මගෙත්තෙක්ක ඉඳලත් මූට තවත් කතා කරන්න තරම් දේවල් ඉතුරු වෙලා තියෙනවද අප්පා.


    “මොකද බං මේ රෑ ජාමේ.. මොකෝ උඹට නින්ද යන්නැද්ද..?”


    “නින්ද නම් යනවා..”


    “එහෙනම් කතා කරේ..?”


    “මං මේ නිකං කතා කරේ..”


    “නිකං..? උඹට පිස්සුද යකෝ..”


    “තරහා ගන්නෙපා බෙකම්.. මහ රෑ කතා කරනකොට ටැලිෆෝන් ගාස්තු අඩුයිනේ..”


    “අම්මපා පැතුමා.. උඹ මේ අතට අහුවෙන හරියක හිටියෙ නැත්තෙ උඹේ ජන්මාන්තර වාසනාවකට.. නැත්තං මං තෝව යටියන්තොට යවලයි පස්ස බලන්නෙ..”


    “උඹට කේන්ති ගියාද බෙකම්..?”


    “මගෙන් කුණුහබ්බ අහගන්නෙපා යකෝ.. මොන මල අඩේටද තෝ මේ මහ රෑ කතා කරේ..?”


    “හපොයි.. දළ ඇතෙක් කණ ගාව ඉඳන් කුංච නාද කරා වගේ.. ඩිංගක් හෙමින් කතා කරපංකො.. මාත් මනුස්සයෙක්නේ..”


    “යකෝ අමනුස්සයො.. මට දොයිමතයි.. මං මේක තියනවා.. තෝ ඕන කුදයක් ගහගනිං..”


    “හා.. හා.. බෙකම් ඔය තරම් කෝප ගන්ටෙපා.. හෙට අපේ හමුවීමේ වෙලාව මට ඩිංගක් කියනවද..?”


    “මොන හමුවීමද..?”


    “ඇයි හත්වලාමේ හෙට අපි යූ.සී ග්‍රවුන්ඩ් යන්නැද්ද..? අර ස්වභාවික කුසලතා සපිරි හැඩකාර, දඟකාර, වදකාර ළලනාව දුවනවා බලන්න.. උඹ ඒ සත්තලං මොහොත මට නොපෙන්වා ඉන්නද හදන්නෙ..?”


    “එකොළහට විතර වරෙන්.. වදකාරයා..”


    මං රිසිවර් එක හයියෙන් තිබ්බා.. මොන අවමගුලක්ද.. කොහොම හරි එතන ඉඳලා පැයක්, දෙකක් විතර යනකල්මට නින්ද ගියේ නෑ.. සමින්දි අක්කගෙ ආඩම්බරකාර මූණ මට හැම පැත්තෙන්ම මැවිලා පෙනුණා. මොනව කරලවත් ඒ ආඩම්බරේ බස්සන්න බැරි හැටි. හැබැයි ඉතිං හෙට දවාලට නම් උන්දගෙ ආඩම්බරේ කකුල් දෙකටම බහිනවා කියනෙක මට බුදු ෂුවර්.. මොනව උනත් තවත් පැත්තකින් මගේ හිතට සැකයක් තිබුණා, ඒ තමයි කෙල්ල රවුම් සීය දුවයිද කියනෙක. එහෙම උනොත්, සමින්දි අවුල්වෙනවා දැකලා ලබා ගන්න මානසික සහනය බෙකම්ට නැතිවෙනවා.


    හෙට සමින්දි කොහොම එයිද දන්නෑ. සමහර විට ට්‍රැක් කිට් එක ඇඳලා එයි. එයාගෙ තද නිල්පාට බොටම් එකයි, ඉස්කෝලෙ නම ගහපු සුදුයි, නිලුයි මික්ස් වෙච්ච ටී එකයි, සුපුරුදු විදියටම ඇස් දෙක ළඟන්ම බලා ගන්න පුළුවන් වෙයි. තව පැය කීයද..? මං ඇස් දෙක තද කරලා පියාගන්න උතාසහ කරා. ඒ එක්කම තමයි ආයෙත් ෆෝන් එක රින්ග් වෙනව ඇහුණෙ. ඒ පාර මොකෙක්ද හත්තිලව්වෙ..? දැන් ඩිංගකට කලින් එක වහුකුණෙක් මගේ නින්ද කඩල දාලා ගියා විතරයි. තාම නින්ද ආවෙ නෑ.. කොකටත් කියලා මං ෆෝන් එක ඉස්සුවා.


    “බෙකම්..”


    දෙයි හාමුදුරුවනේ.. ආයෙත් පැතුමා.. මූට මොන මළ යකෙක් වැහිලද අප්පා.. මට දැන් මූව මරතැහැකි.


    “මොකෝ යකෝ..?”


    “කේන්ති ගන්නෙපා බං.. අර්ශස් අමාරුව වැඩිවෙයි..”


    “උඹට ඒ මගුලෙන් වැඩක් නෑ.. මොකද කතා කරේ..?”


    “උඹට ගුඩ් නයිට් කියන්න..”


    “මොකක්..?”


    “කලින් ගුඩ් නයිට් කියන්න බැරි උනානේ.. ඒකයි ආයෙම ගත්තෙ..”


    අනේ ඇත්තට... මට මූව මෙතනම යටියන්තොට යවතෑකි.. එනවා මේ පට්ට රෑ ගුඩ් නයිට් කියන්න..


    “අනේ බෙකම් ගුඩ් නයිට් කියපං.. නැත්නම් මට ආයෙ ගන්න වෙයි ගුඩ් මෝනිං කියන්න..”


    ඒකත් ඇත්ත.. හෙට දවස උදාවෙන්නත් තව විනාඩි ගාණයි තියෙන්නෙ.. මූ ඊට පස්සෙ ගනියි ගුඩ් මෝනිං කියන්න.


    “ගුඩ් නයිට්..”


    “බෑ.. බෑ.. බෑ.. උඹ ඒක තරහෙන් කිව්වෙ.. මගේ හොඳ උක්කු අම්මනේ.. ලයාන්විතව කියපං..”


    “පැතුමා.. මගේ යකා ඇවිස්සිලා ඉන්නෙ.. උඹට මං දෙන්නෙ ලය විරේකයක්.. තියපිය ෆෝන් එක..”


    තවත් මුගෙත්තෙක්ක කතා කරොත්, මට කොහිල කොටුවක බහින්න වෙනවා. මං රිසිවරේ පැත්තකින් තියලා ඇඳට පැන ගත්තා. දැන් ඉතිං ගනියකො බලන්න.



    Mathusambandai.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ


    වෙනදා වෙලාවටම උදේ ඇහැරුණත්, හිසේ කැක්කුම යාන්තමට ඇවිල්ල තිබුණා. කිරි එක බීපු ගමන් මං හිස් බඩට කියලා පෙනඩෝල් දෙකකුත් ඇදලා ඇරියා. ඇයි ඉතිං අද සමින්දි අක්කා දුවන හන්ද, අපිටත් පට්ට අව්වෙ පරිප්පු කරන්න වෙනවනේ. කෙල්ල හති දම දමා දුවනකොට කොහොම ගතියක් ඒවිද අප්පා.

    “සුදු පුතා......”


    ටිකක් දවල් වෙද්දි මට අම්මගෙ කටහඬ මිදුල පැත්තෙන් ඇහුණා. මිදුලෙ මල්පැල අස්සෙ එහෙන් මෙහෙන් පැලවෙලා ආතල් පිට ඉන්න වල්පැල ටිකට ගේම දෙන්න මගේ සහයෝගය බලාපොරොත්තු වෙනවද මංදා.. මං කොහොමටත් ස්වභාව සෞන්දර්යය විනාස වෙනවට කැමති නෑ. කොටින්ම මං පරිසරේට හානි කරන්නෙම නෑ. ඔන්න ඔය වාක්‍ය දෙක තමයි මං ඉස්සරහට දාන්නෙ. වල් පැල නෙලීමට ආරාධනා ලබනකොටම. බැහැයි ඉතිං ඕකෙ යටි අර්ථය තමයි ඔය වැඩේට මං කම්මැලියි කියනෙක.


    “සුදු පුතා....”


    “ඇයි.. අම්මා..?”


    “කොහෙද දරුවා ඔයා ඉන්නෙ.. මං කීපාරක් නම් කතා කරාද..? මෙන්න නාලක පුතාලා ඇවිත්..”


    මං උඩ ගිහින් බිම වැටුණා. ඇම්ඩා මොකද යකෝ මේ උදේ පාන්දර.. අනික අම්මා කිව්වෙ නාලක පුතාලා කියලා.. ඒ කියන්නෙ නාලකලා දෙන්නෙක් ඇවිල්ලද..? ඒ එක්කම තමයි මගේ කාමරේ කර්ට්න් එක පැත්තකට විසි වෙලා ගිහින් බඩගෝස්තරවාදී හමුදාව වගේ කාමරේට සම්ප්‍රාප්ත වුණේ. එතන වැඩිය කවුරුවත් හිටියෙ නෑ.. හැබැයි ඉන්න ඕන හැම එකාම හිටියා. ඉස්සෙල්ලාම මං ළඟට ආවෙ බලයා.. ඊගාවට ඇම්ඩයි, මාධවයි. අන්තිමට ඇවිත් දොර ගාවම නතර වුණේ පැතුම්.


    “ගුඩ් මෝනිං බෙකම්..”


    දොර ගාව ඉඳන්ම පැතුම් කියද්දි අනිත් ඈයො හිනා වෙන්න ගත්තා. ඒ කියන්නෙ ඊයෙ ගුඩ් නයිට් සිද්ධිය මූ ඒ ඩිංගට කියලා.


    “මොකක්ද යකෝ, අර ඊයෙ රෑ නටපු සිංදුව..? රෑට ෆෝන් බිල අඩුයි කියලා මූ මට නිදාගන්න දුන්නෑ නාලක.. මූළු මට ඊයෙ හම්බවුණා නම් උඹලෑ ආච්චිගෙ සොහොන් කොත ගාවින්ම මං මූව සතපවනවා..”


    පැතුමා පෙන්නලා මං කියද්දි බලයා මගේ ඇඳේ මැද්දෙන් වාඩිවුණා.


    “ඕකා ඊයෙ රෑ අපිටත් කලා කරලා හෙණ වදයක් දුන්නා බෙකම්. හැබැයි පැතුමා.. උඹ නයාට ගහලා හැපින්න එක්ක සෙට් වුණා කියලා හිතාගනිං.. අපිට නින්දක් නැති කරාට.. උඹට සැනසීමෙන් ඉන්න දෙන්නෑ.. මතක තියාගනිං..”


    “බෙකම් ගනිං කෝල් එකක්... එකසිය දහනමේට කතා කරලා මූව වැලිගම්පිටි යවන්න..”


    “මාධවයා... ඕන මගුලක් කරහං.. ෆෝන් එක අල්ලන්නෙපා..”


    “ඇයි..? ඇයි..? ඇල්ලුවම කරන්ට් වදිනවද..?”


    “ඇයි කියලද ඇහුවෙ..? දැනගනිං.. ගිය මාසෙ ටැලිෆෝන් බිල පන්දාහත් පැනලා..”


    “ආ.. ඒ මේ වටේම ගෙවල්වලත් එක්කනේ..”


    “ගෙවල්..? ආව නම් කඩේ වහල ඉඳපිය.. මගේ ලේ කුපිත කරන්නැතුව.. වෙන කොහේවත් නෙමෙයි යකෝ.. අපේ ගෙදර.. අපේ ගෙදර..”


    “ඔය තරම් සැර පරුෂ විදියට කතාකරන්නෙපා බෙකම්.. මුත්‍රාෂයට හොඳ නෑ.. උඹලගෙ බිල වැඩිවුණේ කොහොමද බං..?”


    “වැඩි උනේ..? උඹලට මතක නැද්ද ගිය මාසෙ එක දිගට මෙතන ඉඳන් රටේ ඉන්න හැම හාල් කෑල්ලටයි, ලස්සනයි කියලා හිතුණ ටීචර්ස්ලටයි, නම්බර් ඉල්ලගත්තු කෙල්ලන්ටයි.. කතා කරලා බිල නැගලා.. ඔන්න අම්මා කිව්වා... උඹලගෙන් රුපියල් එකදාස් පන්සීය ගානෙ අරගෙන බිල ගෙවල දාන්න කියලා..”


    “හ.. හපොයි.. එද්දාස් ප.. පන්සීයක්.. බෙ.. බෙකම්.. මට පපුවෙ අමාරුව වගේ.. මට.. මට වතුර ඩිංගක් දීපංකො..”


    “වතුර..? උඹට වතුර නෙමෙයි දෙන්න ඕන.. ආන්න මේසෙ උඩ ඇති බීපං..”


    “ඔ.. ඕක්.. ඕක්..”


    “ඈ පැතුමා.. මොකෝ ඔය වමනෙ දාන්න යන්නෙ හත්දෙයියනේ.. උඹට එහෙනම් දරු පැටියෙක්ගෙ මූණ බලන්නත් වාසනාව හම්බ උනා.. මං කිව්වා.. උඹට ඔය ටික හූන කියන්න වගේ.. ගිය මාසෙ අමාවක දවසෙ, උඹ බෙකම් ළඟ නිදාගත්තනේ.. අඩෝ බන්ඩි ගෙඩියවත් ලොකු වෙලා නෑනෙ..”


    බලයත් කියවන්න ගියාම මාරයි. උගේ කතන්දරේට පැතුමට උණ ගැනුණා. පරණ තරහකාරයෙක් දිහා බලනව වගේ ඌ මගේ දිහා බැලුවෙ. බලයා හිනවෙනවා.


    “කටවහගනිං... ආ බං බෙකම්.. උඹ මොනවද බං ඒ වතුර වීදුරුවට දැම්මෙ..? තනිකර කුණු කරෝල පල් වෙලා වගේනේ..”


    “ආ.. උඹ ඕක ගණන් ගන්නෙපා පැතුමා.. මං ඊයෙ ඉස්කෝලෙ ඇරිලා ඇවිත් මේස් දෙක ගලවල විසි කරද්දි ඒ දෙකම වැටුණෙ ඔය වතුර වීදුරුවට.. මං අද උදේ තමයි මේස් දෙක අයින් කරේ..”


    “ඉක්.. ඕක්.. ඈක්..”


    එහෙම එකක් සිද්ධ වෙලා නොතිබුණත්, මගේ කතාවට පැතුමට ඇත්තටම වමනෙ යන්න ආවා.


    එතන ඉඳල රටේ නැති වල්පල් තවත් දොඩවල, උදේටත් කාලා බීලා අපි කට්ටියම ග්‍රවුන්ඩ් එකට ආවා.


    “කෝමද බෙකම් රස්නෙ.. ඉරට හැතැම්මයි වගේ..”


    “අර සුදු බඩ්ඩ කොහොම දුවයිද බං..?”


    “ඒකි ඒකිගෙ කකුල් දෙකෙන් දුවයි බලයා.. උඹ උඹේ පාඩුවෙ වැඩක් පලක් කරගෙන හිටපං..”


    “බෙකම්.. උඹ මොකද කියන්නෙ..? මට නම් හිතෙන්නෙම ඕකි රවුම් සීය දුවයි කියලා..”


    සෙනසුරාදා උනත්, ග්‍රවුන්ඩ් එකේ ඒ තරම් කට්ටිය හිටියෙ නෑ.. ඒක අපේ බෙට් එකට ලොකු පහසුවක් උනා කියලයි මට හිතුණෙ. අඩු ගානෙ සද්ද දාලා හූවක් හරි දෙතෑකි.


    “මම නම් කියන්නෙ ඕකි එන්නෑ.. ඇම්ඩා උඹ මොකද කියන්නෙ..?”


    “නිකං ඉඳපං පැතුමා.. ඕකි සුපිරි වාහනයක්.. පට්ට ඇන්ජිම... බොඩි කන්ඩිෂින් සීයට දෙසීයයි.. බ්‍රෑන්ඩ් නිව්.. විහිලුවටවත් තාම එකෙක්වත් පැදල නෑ.. ඒක හින්දම ඕකි එනවා..”


    සමින්දිව වාහනේකට සමාන කරලා ඇම්ඩා කියපු කතාව නම් මරු.. ඌ කිව්වෙත් බොරුවක් නෙමෙයි අප්පා.. සමින්දි කියල කියෙන්නෙ බ්‍රෑන්ඩ් නිව් එකක්ම තමයි.. ඒක තාම එකෙක්ටවත් පැදල නෑ කියලා, උගේ එක්ස්පීරියන්ස් එක්ක කියද්දි මගේ හිතටත් මොනවදෝ වෙලා ගියා.


    “බෙකම්..”


    “ම්..?”


    “මං කියන්නද වැඩක්.. උඹ ඕකිත් එක්ක යාලුවෙයන්..”


    “යාලුවෙලා..?”


    “ඕකිට පට්ට බූට් එකක් තියපං.. ඔය ගණන් ඔක්කොම බහින්න..”


    “උඹ දන්නවනේ මාධව.. මං ගාව ඔය ජරා වැඩ නෑ කියලා..”


    “උඹ ළඟ නැති වුණාට ඒකි ගාව තියෙනවනේ.. ඒකිත් එක්ක සම්බන්ධකම් පවත්වනකොට අපිටත් ඒකි වගේ වෙන්න වෙනවා.. මොකෝ ඇම්ඩා කියන්නෙ..?”


    “උඹේ බෙලෙක්කෙ වහගනිං.. සමින්දි එනවා..”


    දොළහට දහයක් වගේ වෙද්දි, ග්‍රවුන්ඩ් එකේ යකඩ වැට පහු කරලා, සිමෙන්ති වලින් ග්‍රවුන්ඩ් එක වටේටම රවුමට හදල තිබ්බ පඩිපෙල දිගේ බැහැගෙන එන සමින්දිව ඉස්සෙල්ලම දැක්කෙ ඇම්ඩා.


    “යකෝ ඉන්කිත් එනව නේද..? අර තව කෙල්ලො දෙන්නෙකුත් එන්නෙ..”


    සමින්දියි, ඉන්කියි ඇරුණහම එයාලත් එක්ක එන අනිත් කෙල්ලො දෙන්නත් මං අඳුන ගත්තා, ඒ රාහුලෙත් එක්ක මැච් එක තිබ්බ දවසෙ සමින්දිත් එක්ක එකතු වෙලා මගේ බූට්ස් දෙක ඉස්සුවෙ උං දෙන්නා තමයි.. හරියට වැඩක්වත් කරගන්න බැරි ඒ මල හොන්තු දෙක මොකට එක්කං ආවද මංදා.


    “හුරේ.. ඔබතුමියගේ පැමිණිම ගැන මගේ බලවත් ප්‍රීතිය..”


    සමින්දි අක්කා ළඟට ආවා විතරයි, දකුණු අත පපුව මැදින් තියාගෙන වම් අත ඉස්සරහට දාලා චමිල් බාගෙට නැමුනා. සමින්දිගෙ මූණට ආවෙ නම් ඒ තරම් හොඳ පෙනුමක් නෙමෙයි. යකෝ... බෙට් එක කසේ වෙතත් කෙල්ල මගෙත් එක්ක ඇරගන්නයි ඇවිත් තියෙන්නෙ. පැත්තකින් හිටපු ඉන්කි නම් හිතේ කැතක් කුණක් නැතුව මගෙත් එක්ක හිනාවෙද්දි මං එයත්තෙක්ක කට පුරාම හිනාවුණා. ඒක දැකලා සමින්දි, ඉන්කිට රවද්දි තමයි ඉන්කිගෙ හිනාව මැලවිලා ගියේ.


    “ඔයාලගෙ ප්‍රීතිය බොහොම ඉක්මනට නැතිවෙයි..”


    ගහෙන් ගෙඩි එන්න වගේ දඩබඩ ගාලා සමින්දි කිව්වා. හැබැයි ගහේ ගෙඩි හැදෙන වේගෙ වගේ අනන්ත වේගෙකින් ඒ වචන ටික එළියට ආවා කිව්ව නම් තමයි හරි.


    “ඒ මොකද කියලා, අපිව දැනුවත් කිරීමට තරම් ඔබතුමිය කාරුණික වෙයි කියලා අපි හිතනවා..”


    ඒපාර ඇම්ඩත්, චමිල්ට එක්කහු උනා.


    “කාරුණික.. හහ්.. දැනගන්නවා.. මං මේ රවුම් සීය දුවනවා.. එතකොට මට හිනාවෙන්න බලන් ඉන්න මේ නැහැදිච්ච ආඩම්බරකාරයට, හිනාවෙන්න බැරි වෙනවා.. දැන් තේරුණාද..?”


    සට සට ගාලා සමින්දිගෙන් වචන එළියට පැන්නා. මොන අවමගුලක්ද හත්වලාමෙ මේ..? කොහේ තියෙන තරහක්ද මෙයා මගෙන් පිරිමහන්න හදන්නෙ.. කොල්ලො ගාවින් අඩියක් ඉස්සරහට තියලා මං සමින්දි ළඟට ආවා. එයත් මූණ හතරැස් කරගෙන, ඇස් දෙකත් ලොකු කරගෙන මගේ දිහා බලන් හිටියෙ, මට මොනවද කරන්න ඕනෑ කියලා හිතාගන්න බැරිව වගේ.


    “නැහැදිච්ච ආඩම්බරකාරයා කිව්වෙ මටද..?”


    “ඔව්.. ඔයාට තමයි..”


    “මොකක්ද මගේ නැහැදිච්චකම..?”


    “නැහැදිච්චකම..? ඉස්කෝලෙ තිබ්බ ස්ලයිඩ් ටික හොරෙන් පන්නල, ඊට පස්සෙ ඒ ටික අතේ තියාගෙන ආවා මගෙත්තෙක්ක ඔට්ටු අල්ලන්න.. ඒවා නැහැදිච්ච වැඩ නෙමේද..? මහා ලොකු ජනප්‍රිය තරුව.. හුහ්.. සෙන්ට්‍රල් එකේ ඔයිට වැඩිය ජනප්‍රිය තරු නැද්ද මංදා.. ළමයින්ටත් පිස්සුනේ..”


    සමින්දිගෙ කතාවට ප්‍රති උත්තර දෙන්න ඇම්ඩයි, පැතුමයි එක පාරටම කටවල් අරින්න හැදුවත් මං උං දෙන්නව නැවැත්තුවා. ඇටෑක් එක ඇවිල්ල තියෙන්නෙ බෙකම්ට.. බෙකම් කියන්නෙ ලේසියෙන් පස්සට යන කොල්ලෙක් නෙමෙයි.. සමින්දි තාම බෙකම්ගෙ වැඩ දැකල නෑ.


    “නැහැදිච්චකමට අයිතිවෙන්න ඕන ඔය කියපු ටික නම් මට ප්‍රශ්නයක් නෑ..”


    මං කාගෙවත් වගේ වගක් නැතුව කියල දැම්මා. සමින්දිගෙ ඇස් උඩ ගියා. එයාට කොහොමත් මං ඔය කියන හරුප තේරෙන්නෙ නෑ. එයා බබානේ.


    “ඇයි..? ඇයි ඔයාට ප්‍රශ්නයක් නැත්තෙ..?”


    “ඔයත් නැහැදිච්ච කෙනෙක් නිසා..”


    “මං..? මං කොහොමද නැහැදිච්ච කෙනෙක් වෙන්නෙ..? ඒක ටිකක් ඕනවට වැඩි කතාවක්..”


    “ඇයි මතක නැද්ද..? මේ ග්‍රවුන්ඩ් එකේදි මට මැච් එකක් තියෙද්දි, ඒක ගැනවත් හිතන්නෙ නැතුව මගේ බූට්ස් දෙක හොරකම් කරල, ඒක හොයල දෙන්නම් කියලා ඔට්ටු ඇල්ලුවෙ..? ආ.. මං එදා මැච් එක ප්ලේ කරේ වෙන බූට්ස් දෙකක් දාගෙන.. මගේ බූට් දෙක තිබ්බ නම් එදා රාහුලේ ටීම් එක ඔය තරම් වැඩර්ල වෙන්නෙත් නෑ. එතකොට ඒවා මොන වැඩද ආ..? නැහැදිච්ච වැඩ නෙමේ නම්.. ඒවා බලු වැඩ.. එහෙමනේ..?”


    මං සමින්දි එහාට ඇගිල්ල දික් කරල කෑගැහුවා. එයා පුදුම වෙලා වගේ බලන් ඉන්දෙද්දි තමයි ඉන්කි මං ඉස්සරහට ආවෙ. ඉන්කි හිටියෙ හොඳටම අවුල් වෙලා.


    “අ.. අනේ නවෝද්.. මෙතන රණ්ඩු වෙන්නෙපා.. මිනිස්සු පිරුණොත් අපි කාටත් හරි නෑනෙ..”


    “ඒක ඔයාගෙ මහ ලොකු හෙඩ් ප්‍රිෆෙක්ට කියන්න.. මහා ලොකුවට ඉන්න සබ්බ සකලෙම දන්නව වගේ.. ඒ උනාට පුළුවන් ඇටිකෙහෙල් ගෙඩියක් නෑ..”


    “මො.. මොනවද ඔ.. ඔයා කිව්වෙ..?”


    සමින්දිට හොඳටම කේන්ති ගිහින් තිබ්බෙ.. එයා මං දිහාට අතක් උරුක් කරගෙන.


    “අත ඉස්සුවෙ ගහන්නද..?”


    මං සවුත්තුවට වගේ ඇහුවා. ඇම්ඩයි, පැතුමයි එහෙන් මෙහෙන් සමින්දිට නෝන්ඩි කතා කියනවා මට ඇහුණා.


    “ඔව්.. ඇයි බැරිද..?”


    “පුළුවන්ද කියා බලන්න ගහල බලමුකො..”


    “ආ.. ගැහුවොත් වදින්නෙ නැද්ද..?”


    සමින්දිගෙ මූණ සම්පූර්ණයෙන්ම රතු වෙලා තිබුණා. ඒ හිතේ කේන්තියටද, නැත්නම් දවල් දොළහට තියෙන අව්වෙ රස්නෙටද කියලා මට හිතාගන්න බැරිවුණා. කොහොම උනත් මට මොකෝ.. මගේ අතින් පයින් යන්නෑනේ.


    “වදින එකක් නෑ..”


    “ඇයි..?”


    “ඊට කලින් මගෙන් ලෝන්ග් කික් එකක් වදිනවා ඔයාට මේ ගෝල් පෝස්ට් එකේ ඉඳලා, එහා ගෝල් පෝස්ට් එක ගාවට උඩින් වැටෙන්න.. ඒ වැටෙනකොට පස්ස බිම ඇනුනහම ඔයාගෙ මොලේ පෑදෙයි.. මොකද ඔයාගෙ මොලේ තියෙන්නෙ එතනනේ..”


    “ම.. මං.. මං..”


    කියාගෙන සමින්දි අත ගුලි කරන් මගේ මූණට පාරක් ගැහුවා. මේ බෙකම් බලන් හිටියා කියලද උඹලා හිතන්නෙ..? ලොවෙත් නෑ යකෝව්.. මං ඒ සියුමැලි අත, මගේ දකුනු අතින් තද කරලා අල්ලගෙන අනිත් පැත්තට ඇඹරුවා..


    “අ.. අතාරින්න.. අතාරින්න මගේ අත..”


    “මං මේක අල්ලගත්තෙ සඳහටම නෙමෙයි.. ඒත් එහෙම සඳහටම අල්ලගන්න ඕන අතුත් තියෙනවා.. හැබැයි ඔයා වගේ ජරා කෙල්ලෙක්ගෙ නෙමෙයි..”


    “ම.. මට රිදෙනවා.. ඌයි..”


    අත තවත් ටිකක් පස්සට අඹරද්දි, සමින්දි වේදනාවෙන් කෑගැහුවා.. ඉන්කියි, බාලිකාවෙ අනිත් කෙල්ලො දෙන්නයි ගල්වෙලා බලන් හිටියෙ, මගේ කොල්ලො හතරදෙනා නම් සුපිරි ගතියක් ගන්නවා කියලා මට හිතුණා මගේ ක්‍රියා කලාපය හන්දා.


    “මීට පස්සෙවත් අත පය උස්සන්න කලින් හිතනවා කාත්තෙක්කද හැප්පෙන්නෙ කියලා.. මොකද මම බාලිකාවෙ නෙමෙයි.. වැඩිය දැගලුවොත් අත් දෙක කඩනවා බොංචි කඩනව වගේ..”


    “ම.. මට රිදෙනවා.. මාව අතාරිනවා.. නැහැදිච්ච එකා.. අයියෝ...”


    මං සමින්දිගෙ අත තවත් ටිකක් අඹරලා, එයාගෙ පිටට අත තියලා ඉන්කි දිහාට තල්ලු කරලා දැම්මා. ඒ තල්ලු කිරීමට මූලික හේතුව උනේ, නැහැදිච්ච එකා කියලා මට කියපු වචන දෙක. මගේ තල්ලුවෙන් විසි වෙලා ආපු සමින්දිව, ඉන්කි බොහොම අමාරුවෙන් අල්ල ගත්තා. ඒ අල්ල ගත්තු ඉන්කිව පැත්තකට තල්ලු කරල දාලා, සමින්දි මං ඉස්සරහට ආයෙත් ආවා. ඒ ඇස් දෙකේ මං වෙනුවෙන් ඉපදිච්ච කේන්තිය, මහවැලි ගංගාව වගේ දෝරෙ ගලනවා මං දැක්කා. මේකිට දැන් මාව දුන්නොත් අමුවෙන් හරි කනවා. ඒකෙ දෙකක් නෑ.


    “මං.. මං.. ඔයාට කරන වැඩේ බලාගන්නවකො..”


    “මං මොනව කරාටද..?”


    “මොනව කරාටද..? ඇයි මගේ ඇඟට අත තිබ්බට.. මං යනවා පොලීසි..”


    “අපොයි.. එකට දෙපාරක් යනවා.. මට මොකෝ.. අනික දන්න කියන මනුස්සයෙක් ඔය ඇඟට අත තියන්නෑ මං අත තිබ්බට.. ඕකත් ෆිගර් එකක්ද හලෝ.. ආ.. ඔයා හිතන් ඉන්නෙ ඔයා ලස්සනයි කියලද..? ඒවා බාලිකාවට.. තේරුණාද..?”


    මං සමින්දිව කපලම දැම්මා.. ආයෙ කොන්තරාත් ක්‍රමේට පස්සට කෑල්ලක් තියාගත්තෙ නෑ. සමින්දිගෙ මූණ රතු පාටින් දම් පාටට හැරුණා. මං අඹරපු අත, අනිත් අතින් අත ගගා, එයා ගිනි පිටවෙන ඇස්වලින් මං දිහා බලන් හිටියා. ඔහොම යං බෙකම්.. ඔහොම යං.. ඒත් තවත් දුරට මට ඕන හැටියට සමින්දිට කියවන්න හම්බවුණේ නෑ. සුපුරුදු විදියටම ඇම්ඩට බලන් ඉඳලා ඇතිවෙලාද කොහෙද මැද්දට පැන්නා.


    “මේ.. ඔය නෝනා මහත්තයා අද ආවෙ දුවන්නද..? නැත්නම් අපේ බෙකම් එක්ක රණ්ඩු වෙන්නද..? කරුණාකරලා තමන් දාපු බෙට් එක පරාද වුණා නම්, ඒ ගිවිස ගත්තු දේවල් ඒ විදියටම කරනවා.. නැත්නම් බලන් ඉන්න අපිටයි ලැජ්ජා..”


    “ඒකනේ ඇම්ඩා.. බෙකමුයි, අපියි ආවෙ මෙයා පණ කඩාගෙන දුවනවා බලන්න මිසක් රණ්ඩුවෙන්න නෙමෙයිනේ.. අනික ඔය කියවන කතන්දර ගැන හිතන්න තිබ්බෙ, බෙට් එක දාන්න කලින්නේ.. අනේ මංදා මෙයාට කවුරු මේ හෙඩ් ප්‍රිෆෙක්ට් කම දුන්නද කියලා.. යසට ඇති ඉස්කෝලෙ නම්..”


    ඇම්ඩට එහා යන උත්තරයක් මාධව දෙද්දි, සමින්දි අක්කා යටිතොල විකාගන්නවා මං දැක්කා. පොතේ හැටියට නම්, මෙතන එල්ලෙන්න වැලක් තිබුණා නම් කෙල්ල එල්ලෙනවා.. ආයෙ ඒකෙ හිතන්න දෙයක් නෑ..


    “ඉන්කි..?”


    “ඇයි.. ඇයි සමින්දි අක්කෙ..?”


    “ඔ.. ඔයා මගේ රවුම් ගාණ ගණන් කරන්න.. හහ්.. මං.. මං ක්‍රියාවෙන්ම පෙන්නන්නම්.. මගේ ප්‍රිෆෙක්ට්කමට මං සුදුසුයි කියලා.. හ්ම්..”


    තවත් දුරට අපිත්තෙක්ක ඇවිලෙන එක තරම් ගොන්කමක් තවත් නෑ කියලා සමින්දිට තේරෙන්න ඇති. ඒකයි කෙල්ල සියලු දෝෂ නිවාරණයි වගේ, ධාවන පතයට බැස්සෙ.


    “බෙකම්.. මෙන්න මෙයා දුවන්නයි හදන්නෙ..?”


    “හයියෝ.. දෙයියනේ.. බාලිකාවෙ අති උත්තම ප්‍රිෆෙක්ට් නෝනද මේ දුවන්න සැරසෙන්නෙ.. හහ්.. හහ්.. හා..”


    “ඕන ඔට්ටුවක් බෙකම්.. මුන්දෑ රවුම් විස්සක් දුවන්නෑ.. හයියෝ... සල්ලි..”


    සියලු නින්දා අපහාස, ගැරහිලි, නෝන්ඩි, කෝචොක් ඔය සැමදේම අතරින් සමින්දි අක්කා ඉවෙන්ට් එක පටන් ගත්තා. කොල්ලො ටික තාලෙට ක්ලැප් කරද්දි, ඉන්කියි බාලිකාවෙ අනිත් කෙල්ලො දෙන්නයි, කරන්න ඕනි මොනවද කියලා හිතාගන්න බැරිව ගල්වෙලා හිටියා.


    “කමෝන්.. මගේ උක්කු අම්මා.. ඔයා සීදේවි.. ඔය චූටි රෝස පතුල් රිදෙයි.. මගේ හදවත ඌයියා වෙයි.. අයියෝ..”


    “තව ඩිංගයි.. තව ඩිංගයි.. ඔහොම දුවමු.. ඔහොම දුවමු..”


    රවුමක් දුවලා අපිව පහුකරගෙන යන සමින්දිට ඇම්ඩයි, බලයයි නානාප්‍රකාර දේවල් කියනවා.. මූණ හොඳටම සවුත්තු කරගෙන, යටිතොල් විකාගෙන සමින්දි දුවන්නෙ, මාව මරන තරමෙ කේන්තියකින් කියලා මට තේරුණා. ඒත් ඉතිං හත්තිලව්වෙ මේක බලෙන් ඇදගෙන දාගත්තෙ එයානේ..


    “බෙකම්..”


    පිට්ටනිය වටේ රවුම් පහක් විතර සමින්දි දුවද්දි, පැතුම්ගෙ කටහඬ මට ඇහුණා.


    “මේ ඌට නිදහසේ සමින්දිගෙ රංගනේ බලන්න දීපං..”


    “මාධවයා.. උඹ මට නිතරම බාධා කරලා මගෙන් මැරුම් කන්නෙපා.. ඇයි යකෝ.. බෙකම් උඹේ වස්තුවක්ද..?”


    “නෑ.. මගේ නම් නෙමෙයි.. ආන් අර දුවන බඩ්ඩගෙ..”


    “මාධව.. ඕන්නැති කතා නොකිය හිටපං.. ඕක ඇහුණොත් ඇති... සමින්දිට මාව බයිට් එකට ගන්න.. ආ පැතුම්.. උඹ මොකක්ද කියන්න ආවෙ..?”


    “තව පොඩ්ඩෙන් ඒකත් අමතක වෙනවා බෙකම්.. කොහෙද මේ පාංකිරිත්තා මැද්දට පැන්නනේ..”


    “හරි.. හරි.. කියන්න ආපු දේ කියපං වද කාරයා..”


    “උඹට කියන්න බෙකම්.. උඹ සමින්දිගෙ අත අල්ලලා ඇඹරුවනේ..”


    “ඉතිං..?”


    “ඒකි කිව්වනේ පොලීසියට කියනව කියලා..”


    “ඉතිං..?”


    “ඒ කතාව ඇහුණම මට මතක් වුණේ අපේ මාමට වෙච්චි දේ..”


    පැතුමා උගුර පාදගත්තා.. එතකොටම තමයි සමින්දි අක්කා දහ වෙනි රවුම, උට්ඨාන විර්යයෙන් පහු කරගෙන දිව්වෙ. පව් කියලත් හිතෙනවා අප්පා.. ඒත් ඉතිං ඉල්ලගෙන කන ඒවට අපි කියල මොනව කරන්නද හාන්දුරුවනේ..


    “උඹලගෙ මාමා කිව්වෙ..?”


    ඒ පාර මෙලෝ සිහියක් පතක් නැතුව සමින්දි අක්කා දුවන දිහා බලන් ඉඳපු බලයා කතාවට එක්කහු උනා.


    “මාමා..? අපේ ඈතින් අයියා වෙන කෙනෙක්ගෙ.. බාප්පා බැඳපු පුංචි අම්මගෙ නංගිගෙ යාලුවෙක්ගෙ, ලොකු තාත්තා කෙනෙක් ඉන්නවා.. ඒ ලොකු තාත්තගෙ කසාඳ නොබැඳපු දුවගෙ යාලු කොල්ලගෙ අම්මගෙ මල්ලි තමා ඒ මාමා.. හරිය.. දැන් උඹට තේරුණාද බලයා..”


    ඒ නෑදෑකම අහල මගේ ඔලුව මඤ්ඤං උනා. මුගේ කටට මේ වචන කොහෙන් එනවද මංදා.. බලයට නම් මාමව නෙමේ නැන්දවත් එපා වෙන්න ඇති ඒ කතාවෙන්.


    “හරි.. හරි.. ඒ උඹලගෙ මාමා.. ඉතිං ඒ වහුකුනාට මොකද උනේ..?”


    “උඹට කියන්න බලයා.. ඌ උසාවියෙන් දඬයක් කෑවනේ..”


    “ඇයි මෝටර් සයිකලේ සයිකල් ඉන්ෂුවර්න්ස් නැතුව ගිහිල්ලද..?”


    “හෙල්මට් එක අතේ දාන් ගිහිල්ලද..?”


    “සුදු ඉර කපලද..?”


    “පිස්සුද බාං..... ඌ මේ ගෑණියෙක්ව ඉඹලා..”


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පැතුමගෙ කතාව නැගලා යනවා.. අරහෙ සමින්දි අක්කා පණ කඩාගෙන දුවනවා.. මං පැතුමගෙ පැත්තට කණ දික් කරා.

    “මොකක්..?”


    “ඔව් ඇම්ඩා..! රුපියල් දාහකුත් දඩ ගහලා..”


    “ගෑනියෙක් ඉම්ඹට දඩේ දාහද පැතුමා..”


    “නඩුකාරයා හරියටම දාහක් ගහලද දඩේ..?”


    “මුලින් දාහයි..”


    පැතුමගෙ කතාව අංඩර දෙමළයක් උනේ, මුලින් දාහයි කියපු තැන ඉඳලා.


    “මුලින් දාහයි කිව්වෙ..?”


    “නෑ බං.. නඩුකාරයා ඒ ගෑනිව දැක්කට පස්සෙ තවත් දාහක් දඩ ගහලා මාමා බීලා හිටියා කියලා..”


    කොල්ලො ටික ඒ පාර නම් සට සට ගාලා හිනාවෙන්න ගත්තා. මුගේ කතාවෙ අවසාන වචන ටික අනුව නම්, ඒ ගෑනි හිතාගන්න බැරි තරම් අවලස්සන කෙනෙක් වෙන්න ඕන. මොනව උනත් කෙනෙක්ගෙ උපන් කැතට හිතාවෙන එක කැත වැඩක්. ඒක හින්ද මං ඈත දුවන් එන සමින්දි අක්කා දිහා බැලුවා.


    “බෙකම්.. මේකි දුවන විදියට රවුම් දෙසීයක් විතර දුවයි වගේ.. තාම කිසි මහන්සියක් නෑනෙ..”


    “ඒකනේ ඇම්ඩා.. අපේ බෙකම් මෙහෙම හිනාවෙන්න බලන් හිටියට මේ බඩ්ඩ සීයම දුවයිද දන්නෑ..”


    කොල්ලො මට මොනව කිව්වත් සමින්දි තව වැඩි දුරක් දුවන්නෑ කියලා මට තේරුණා. දැනටමත් සමින්දිගෙ මූන අවුල්වෙලා එයා අමාරුවෙන් තමයි ගේම ඇදගෙන යන්නෙ.. කෙල්ල මොන නස්පැත්තියක් කරගනියිද මංදා.


    “කමෝන් මගේ උක්කු අම්මා.. තව ඩිංගායි..”


    පැතුමා තව ඩිංගායි කියලා කෑගැහුවට, සමින්දි තාමත් දුවල තිබ්බෙ රවුම් පහළොවක් විතර.. වෙලාවත් එකට කිට්ටුවෙලා.. ඉර හරියටම අපේ උඩින්ම පායලා.. හෙන සැපක් දෙන්නෙ.. ඇස් දෙකත් එක්ක නිලංකාර වෙනවා.


    “ඔ.. ඔයා.. කට පරිස්සම් කරගන්නවා..”


    දුවන ගමන් පැතුමා ඉස්සරහට ඇවිත් තර්ජනය කරපු සමින්දි ආයෙම දුවන්න ගත්තා. පැතුමා හිනාවෙනවා.. ඌ ඕවා හීනෙන් ගියපු වාතයක් තරම්වත් ගණන් ගන්නෑ.


    “පස්ස ඉරාගෙන දිව්වා උනත් මේකිගෙ උද්දච්චකම තාම අඩුවෙලා නෑ.. බලපංකො තියෙන කැටයම් ටික..”


    “ඔන්න ඊළඟ රවුමෙදි..”


    සමින්දි අක්කා දහ අටවෙනි රවුම අවසාන කරද්දි අපේ එවුන් කට ළඟට අත් දෙක අරන් කැත හූවක් දුන්නා ග්‍රවුන්ඩ් එක දෙදරලා යන්න. දැන් සමින්දිගෙ ඇස් වලින් ගිනි පිටවෙනවා.


    “හූ.. හූ.. හිච්චි නෝනා.. ඔයා බාලිකාවෙ හෙඩ් ප්‍රිෆෙක්ට්ද..? හනේ.. දුකේ බෑ..”


    “අර බලපං.. අර බලපං.. පස්ස පැත්තට පෙට්‍රෝල් ගහපු බල්ලා වගේ ගෑනි කඩාගෙන එන සිරියාව.. දුවන එකත් නවත්තයිද මංදා..”


    ඇම්ඩා කියන එකත් හැබෑව.. අහසට විද්ද ඇපලෝ දහතුන රොකට්ටුව වගේ සමින්දි වේගෙන් ඇවිත් මං ඉස්සරහ නැවතුණා. එයාගෙ මුලු ඇඟම දාඩියෙන් නෑවිලා ගිහින්. දුකේ බෑ.. කෙල්ල දිහා බැලුවමත් හිනා යනවා. පංඩිතකමයි, උද්දච්චකමයි හින්දනේ මේ හැම අවමගුලක්ම.. අපිට උනත් මෙහෙම කට්ට අව්වෙ පිට්ටනියෙ චාටර් වෙන්න වුණේ සමින්දි හින්දනේ..


    “ත... තමුසෙ..”


    සමින්දි මට දබරැගිල්ල උරුක් කරලා, මහා සද්දෙට කෑගැහුවා.. කෙල්ලට නහුතෙටම නැගලා වගේ.. අනේ ඉතිං මං මක්කයි කොරන්නෙ..?


    “ඇයි..?”


    “තමුසෙ මහ කැත මිනිහෙක්.. දැනගන්නවා.. මං මේක ලේසියෙන් අතාරින්නෙ නෑ..”


    සට සට ගාලා මහා සද්දෙට කියවගෙන යන ගමන් සමින්දි හති ඇරියා.. කෙල්ල රෙස්ට් එකක්ද මේ ගන්නෙ..?


    “මොකක්ද මං කරපු කැත වැඩේ..?”


    “ඇයි මං දුවනකොට හූ කියන්නෙ..? මොකද කෙල්ලෙක්ගෙ දැකලා නැති මොනාහරි මගේ පේනවද..? ආ.. ලැජ්ජ නැති සතා..”


    ආන්න.. ආන්න.. ඒ වචන ටිකට නම් බෙකම්ට තද වෙනවා.. ලේඩීස් ෆස්ට් කියල කිව්ව එකාගෙ හතර හන්දි ගලවල, හංදියෙ ලණුවලින් එල්ලන්න හිතෙන්නෙ මේ වගේ වෙලාවල් වලට තමා. ඇයි යකෝ මොන තරම් අමන කතාවක්ද මේ සුහද හින්දරේ ඉන්න වෙලාවෙ මේකි කිව්වෙ.. ඉඳපංකො දෙන්න සරුවාංගෙටම උණ ගැනෙන්න.


    “මේ.. තමුසෙ දැන් මෙතන නතර උනේ හති අරින්නද..? තවත් නෝන්ඩි නොවී බෙට් එක බාර ගත්තා නම් දුවනවා ඕයි.. තමුසෙට මෙතන කරන්න ඇති කෙං ගෙඩියක් නෑ.. ලැජ්ජ නැති එකී..”


    “මො.. මොනවද තමුසෙ කිව්වෙ..?”


    “කිව්වෙද..? කෙල්ලෙක්ගෙ දැකලා නැති දේවල් මගේ ජීවිතේ නෑ.. ඒක දැනගන්නවා.. අනික තමුසෙගෙ දකින්න තරම් මොනවද ඕයි තියෙන්නෙ.. තමුසෙට වැඩිය හොඳ ලස්සන ෆිගර් තියෙන කෙල්ලො ඕන තරම් මං දැකලා තියෙනවා.. හැබැයි ඒ ඇඟේ එක නූල් පොටක්වත් නැතුව.. තේරුණාද..? දැන් ඉතින් කයිය නවත්තලා ආයෙම දුවනවා..”


    අංග සම්පූර්ණ ස්ත්‍රී ලාලිත්‍යයෙන් පරිපූර්ණ වෙච්චි සොඳුරු රුවැත්තියක් දිහා බලාගෙන මං එහෙම කිව්වා. කොටින්ම කෙල්ලට මගේ අමු හිංගල කතාව දිරවගන්න බැරි උනා කියලා මට තේරුණා. ඉන්කි උනත් වෙනද වගේ මගෙයි, සමින්දිගෙයි රංඩු බේරන්න මැද්දට පැන්නෙ නෑ. සමහර වෙලාවට සමින්දි මගදිම එන්න ඇති ඉන්කිට කට පියන් ඉන්න කියලා.


    “කැ..ත සතා.. මං තමුසෙව මර..න..වා..”


    යාංතමට තොල් මතුරල ඒ ටික කියලා, ආයෙ දුවන්න ගත්තත් මට හොඳටම ඒ කියපු වචන ටික ඇහුණා.


    “බෙකම්.. ඇහුණද පඩත්තරී කියපු කතාව..”


    ඇම්ඩා මගේ ඉස්සරහට ආවා. උගේ මූණ හොඳ නෑ.. ඇස් දෙකත් ගිණියම් වෙලා වගෙයි.. මේකා ආවේස වුණොත් මෙතන මිනී පෙට්ටි දෙක තුනක්ම උස්සන්න වෙනවා.


    “මට ඇහුණා ඇම්ඩා.. මේ කතන්දර එකෙන්ම ඉවර වෙන්නෑනේ.. අපි බලමුකො..”


    “තවත් මොනවා බලන්නද බං.. බලපු දේවල් හොඳටම ඇති.. ඕකිට මතක හිටින පාඩමක් උගන්නන්න ඕන.. උන්දෑ දන්නෑ මේ ඇම්ඩගෙ හැටි..”


    “ඇම්ඩා..! ඒකි මේ කන පරිප්පුව හොඳටම ඇති..”


    “ඒක ඉතිං ඉල්ලං කාපු එකක්නේ.. ඕකි මේ දාන කැටයම්වලට වැලිගම්පිටිම යවන්නෝන..”


    “අතෑරලා දාපං..”


    “අතාරින්න.. හහ්.. ඒකි උඹව මරණවා කිව්වා.. උඹට කැත සතා කිව්වා.. මං ඊට කලින් ඒකිට ෂොට් එක දෙනවා..”


    “ඇම්ඩා.. මෙතන යන්නෙ මැච් එකක්.. දැන් ගේම් එක ඔන් වෙලයි තියෙන්නෙ. උඹ දෙයියනේ කියලා පැත්තකට වෙලා හිටපං.. මොකද උඹ කරන දේවල්වල වාසියක් නැත්නම් සමින්දි ගනියි.. දැන් ටිකකට කලින් උනත් දැක්කනේ.. හූ කිව්වට කෙලින්ම අල්ල ගත්තෙ මාවනේ..”


    මං කිව්ව දේට ඇම්ඩා මෙලෝ දෙයක් කිව්වෙ නෑ. දෙකයි පනහෙ සවුත්තු හිනාවකුත් මූණ මැදට අරන් ඌ ඈතින් දුවන සමින්දි දිහා බැලුවා.


    “නවෝද්..”


    ඒපාර ඉන්කි මට අඬගහනවා.. මං කෙලින්ම එයා ළඟට ගියා. කෙල්ලගෙ මූණෙ කැටයම් ගොඩයි. මගෙත්තෙක්ක හිනාවෙන්නද, නැත්නම් අඩන්නද කියලා හිතාගන්න බැරිවයි කෙල්ල ඉන්නෙ.


    “ඇයි..?”


    මං ටිකක් රස්නෙට ඇහුවා. කෙල්ලට ඒක පටස් ගාලා තේරුණා.


    “අනේ ඇයි නවෝද්.. මගෙත් එක්කත් තරහින් වගේ..”


    “ඔයාට දැන්නෙ මගෙත්තෙක්ක කතා කරන්න මතක් උනේ.. ඇත්තටම ඔයා සමින්දිට ඔය තරම් බය මොකද..?”


    “එහෙම එකක් නෑ නවෝද්.. මං ඔයාට කතා කරේ පුංචි බඩ්ඩක් ගෙන්නගන්න..”


    “බඩ්ඩක්..?”


    “ඔව්.. ග්ලූකෝස් පැකට් එකක්..”


    “ඇයි අර කැත විදියට කතා කරන නෝන හාමිටද..?”


    “අනේ එයත්තෙක්ක රංඩු වෙන්නෙපා නවෝද්..”


    “මමද ඉන්කි එයත්තෙක්ක රණ්ඩු වුණේ..? එයානේ පිස්සු හැදිච්ච එකෙක් වගේ මාවම හපන්න පැන්නෙ..”


    “ඒ උනාට ඔයාලා එයාට හූ කිව්වනේ..”


    “ඔය අම්මන්ඩිට හූ කියන්නැතුව නළවන්නද ඔයා කියන්නෙ..?”


    මං අහපු ප්‍රශ්නෙන්, මෙච්චර වෙලා අඳුරු පාට වෙලා තිබ්බ ඉන්කිගෙ මූණ වතුසුදු මලක් වගේ ලස්සනට පිපුණා. ඒක නම් ඇත්තටම අව්‍යාජ හිනාවක්. නෙලාගෙන ගිහින් හැමදාම උදේට දකින්න කාමරේ ඇඳ ළඟින් තියාගන්න තරම් වටිනවා.


    “නවෝද්..”


    “ම්..?”


    “ඔයා නළවනවා නම් සමින්දි අක්කට හරි ආස හිතෙයි..”


    ඉන්කි ඇදල පැදල ඒක කිව්ව තාලෙට මටත් හිනාවක් ආවා.


    “බෙකම්.. ඔතන මොනවද කරන්නෙ..? මෙහෙ වරෙන්.. ඔය ඉන්නෙ ප්‍රතිවිරුද්ධ පිලේ තරඟකාරයො..”


    නලවන කතාවට තවත් හොද කතාවක් මගේ කටින් පිටවෙන්න හදද්දි මාධවගෙ කටහඬ මට ඇහුණා.


    “ඇහුනද ඉන්කි.. මාධව කියන දේ..?”


    “ඒ උනාට ඔයයි මමයි යාලුයිනෙ නේද..?”


    ඔලුව ඇල කරල ඉන්කි බොහොම අපූරු ඉරියව්වකට ඇවිත් මගෙන් ඇහුවා. වෙලාවකට ඉන්කිත් මාර කැටයම් තමයි දාන්නෙ. හැබැයි ඒ හැම කැටයමම දාන්නෙ බර ගානක් සෙනග ඉන්නකොට තමයි. කෙල්ලට බයයිද දන්නෑ.. මගෙත් එකක් තනියෙම ඉන්න වෙලාවට වැඩි කැටයම් දාලා බෙකම්ගෙන් ඉල්ලං කන්න.


    “පොහ්.. පොහ්.. අනේ සුජු ජුවේ.. බොලා හයියෙන් දුවපියෝ.. උඹ බාලිකාවෙ හෙඩා නේද..?”


    ආයෙත් පැතුම්ගෙ වාචාල කටහඬ ටික්ක සද්දෙට ඇහුණා. ඔහොම ගියොත් සමින්දි ආපහු නතර වෙලා මට කෑගහන්න පුළුවන්. හැබැයි ගිය පාර වගේ නම් මේ පාර ඉවසන්නෙ නෑ පුතෝ.. සුදු කකුල් දෙකට අලි බඳික කඹයක් දාලා එල්ලනවා බාලිකාවෙ ගේට්ටුවෙම.. මට හයිරන් පාට් දාන්න ආවොත් හෙම.


    “චමිල්.. දැන් කීවෙනි රවුමද..?”


    “තාම විසි හතර බෙකම්.. මං ඕන ඔට්ටුවක් අල්ලනවා.. ඕකි රවුම් තිහක් දුවන්නෑ.. පේන් නැද්ද, බෝල් ජොයින්ට් ගියපු ලොරිය වගේ ඒ පැත්තටයි මේ පැත්තටයි කූරියා ගගහා එන හැටි..”


    ඒ විත්තය නම් මාත් හොඳටම දැක්කා. මුලින් තිබ්බ ජවය, උද්දච්චකම දැන් නම් සමින්දිගෙ මූණෙ බිංදුවක්වත් නෑ.. හතර පස් දෙනෙක්ගෙන් ගුටි කාපු මනුස්සයෙක් දුවන දිවිල්ලයි දැන් එයා දුවන්නෙ.


    “අනේ අම්මපා.. තියෙන කොස් ඇටයක් බැඳන් කාලා බාලිකාවට වෙලා පාඩුවෙ ඉන්නැතුව, ආවා මෙතන අපිට කලර්ස් දාන්න.. හු.. හූ.... මොකෝ දුවේ ගමන ස්ලෝ වුණේ..”


    සමින්දි අපි ගාවින් දුවන හැම වාරයකදිම මොකක් හරි අව කැපෙන කතාවක් අපේ එකෙක්ගෙන් පිටවුණා. කලින් කලින් අපිව පහු කරද්දි සමින්දි මගේ දිහා බලන් දිව්වෙ මරාගෙන කන්න උනත් පුළුවන් ගාණට. ඒක් පස්සෙ පස්සෙ එයා දිව්වෙ බිම බලාගෙන.


    “මාධව.. උඹ ගිහින් ග්ලූකෝස් එකකුයි, ලීටරේ වතුර බෝතලේකුයි අරන් වරෙන්..”


    මං මාධවට සල්ලි දික් කරා. කොල්ලො හැම එකාම මූණින් මූණ බලාගත්තත් මේ ලෝකෙ දෙයක් කිව්වෙ නෑ. ඇත්තම කතාව නම් එතන කියන්න තරම් දෙයක් තිබුණෙ නෑ.


    “බෙකම්.. තාම කිසි ගතියක් නෑ බං.. මේ පට්ට අව්වෙ අපි කබ්බො වගේ පිච්චෙනවා.. තාම ඒකි අවුලක් නැතුව දුවනවා..”


    “ඒකනේ බෙකම්.. ඇම්ඩගෙ කතාව සක්සුදක් සේ පැහැදිලියි.. අනේ.. මේ ලෝ පාලනය කරන දෙවියොවත් අපි දිහා බලලා, ගතියක් ගන්න වැඩක් සෙට් කරන්නෙ නැත්තෙ ඇයි අප්පා.. හයියෝ සල්ලි..”


    පැතුමට කතාව හරියකට ඉවර කරන්න බැරිවුණා. ඉන්කි කෑගහන සද්දෙ ඊගාවට අපිට ඇහුණා.


    “න..වෝ..ද්..!! සමින්දි අක්කා වැටුණා..”


    මං සමින්දි අක්කා දිහා බලද්දි ඉන්කියි, අර අනිත් කෙල්ලො දෙන්නයි පණ කඩාගෙන සමින්දි ළඟට දුවන හැටි මං දැක්කා. හත්තිලව්වේ.. මොන අවමගුලක්ද ඒ සිද්ධ වුණේ..?


    “හුටා බෙකම්.. ඒකි බිමට පත බරියං වුණා නේද..?”


    “වැටිච්ච පාර හැටියට නම් සොරිම තමා.. ආයෙ දෙපයින් නැගිටිනවා බොරු..”


    “හොඳම වැඩේ ඔය අලුගුත්තේරු වාහෙට..”


    “ආවා මෙතන අපි ඉස්සරහ පොරවල් වෙන්න..”


    “ඒකෙත් හැටි බලපං මාධවයා.. මං දෙයියන්ට කිව්වා විතරයි.. පෙරේතයා පොළොවෙ ගැහුව වගේ ඔය යස අගේට වල කජ්ජ ගැහුවෙ..”


    කොල්ලො විවිධ අර්ථ කතන දෙද්දි, මාධවගෙන් වතුර බෝතලේ උදුරගෙන මං සමින්දි ළඟට දුවගෙන ගියා. ඒ වෙනකොටත් ඉන්කි එතෙන්ට ගිහින් හිටියා.


    “අ.. අනේ නවෝද්..! සමින්දි කතා කරන්නෙ නෑනෙ..”


    ඉන්කිගෙ මූණ බයෙන් සුදුමැලි වෙලා. මං සමින්දි ළඟට පහත් වුණා. ඇත්තටම කෙල්ලගෙ කිසිම හැල හොල්මනක් නෑ. මුළු ඇඟ පුරාම වතුර ගලල වගේ දාඩිය ගලන්නෙ. මටත් නිකං බයක් වගේ හැඟීමක් කොහෙන්දෝ ඉඳලා ගලාගෙන ආවා.


    “ස.. සමින්දි අක්කෙ.. සමින්දි අක්කෙ..”


    ජීවිතයේ ඉස් ඉස්සෙල්ලම වතාවට, මං සමින්දිගෙ සුදු මූණ ස්පර්ෂ කරා. හතර අතින්ම දාඩිය දාලා තිබ්බා උනත්, පුදුම සනීපදායක බවක් එයාගෙ කම්මුල්වල තිබ්බෙ.


    “සමින්දි.. සමින්දි.. ඔයාට මොකද උනේ..?”


    මං ආයෙත් සමින්දි අක්කව උරහිස් වලින් අල්ලලා හෙලෙව්වා. ඒත් එයාගෙන් තාම නෝ ආන්සර්.. අඩුගාන හුස්ම ගන්න පාටක්වත් පේන්න නෑ.


    “බෙකම්.. ඕකි මැරිලද..?”


    ඒ කට කැඩිච්ච කතාව ඇහුවෙ නම් පැතුම්.. මං ඌ දිහාට රවල බලලා ආයෙත් සමින්දි දිහා බැලුවා. මං මෙතෙන්ට එනකොට අරන් දුවන් ආපු වතුර බෝතලේ මට මතක් උනේ එතකොට. ඒ තත්පරයෙම ඉන්කිටත් ඒක මතක් වෙලා තිබුණා. අපි දෙන්නගෙම අත් වතර බෝතලේට ගියත් මං ඉස්සර වුණා. පැකින් කරල තිබ්බ සීල් එක කටින් කඩල, මූඩිය ඇරල මං සමින්දිගෙ මූණට වතුර ඉස්සා. අල්ල වකුටු කරල, වතුර අල්ලට අරගෙන මං සමින්දිගෙ මුළු මූණෙම ගෑවා. ඔන්න එතකොට තමයි කෙල්ල යාංතම් කෙඳිරි ගාන්න ගත්තෙ.


    “බෙකම්.. අපි මෙයාව පැවිලියන් එකට අරන් යමු.. මෙතන මෙයා හොඳට කරවෙනවා..”


    චමිල්ගෙ කතාව හරියටම හරි කියලා අපි හැමෝටම තේරුනා. ඒක හන්දම ටිකකින් සමින්දිවත් උස්සගෙන අපි පැවිලියන් එකට ඇවිත් ඒකෙ සිමෙන්ති පොළොවෙ වාඩිවුණා. පිට්ටනියෙ ඉඳලා සමින්දිව උස්සන් එද්දි, මං අල්ලගෙන ආවෙ සමින්දිගෙ ඔලුව පැත්තෙන්. කිහිලි දෙක යටින් අත් දෙක දාලා එයාව උස්සන් එද්දි මට දැනුණෙ පුදුමාකාර හැඟීමක්. මට එයාව තුරුළු කරගන්න හිතුණා.


    “ඒකි ෆේන්ට් වෙලා බං..”


    “අම්මපා..?”


    “ඇයි උඹ හිතුවෙ මොනව වෙලා කියලද..?”


    “උඹට කියන්න මාධවයා.. මේක වෙන කාටවත් හෙම කියනවා නෙමෙයි ඔන්න..”


    “හරි.. හරි.. කියහංකො බලන්න..”


    “මං හිතුවෙ ඒකිට දරු සම්පත්තියක් ලැබෙන්න යනව කියලා..”


    “තොට පිස්සුද පැතුමා.. ඒකි තාම ඉස්කෝලෙ යන, අපිට වැඩිය අවුරුද්දක් වැඩිමල් කෙල්ලෙක්..”


    “ඒකි ඉස්කෝලෙ ගියාට.. ඒකි අපිට වැඩිය අවුරුද්දක් වැඩිමල් උනාට.. ඒකිගෙ අවයව පී.එච්.ඩී එකක් කරලා.. තේරුණාද..?”


    ඇත්තටම පැතුමටයි, මාධවයටයි නම් සහලෝලම පිස්සු තමා. වැඩක් තියෙන දෙයක්ද අප්පා මුං මේ කතා කරන්නෙ..?


    “ස.. සමිනදි.. ඔයාට කොහොමද දැන්..?”


    මගේ උකුල උඩ ඔලුව තියාගෙන හිටපු සමින්දිගෙන් මං පහත්වෙලා ඇහුවා. එහෙම පහත්වෙනකොට මගේ මූණයි එයාගෙ මූණයි අතරෙ පරතරේ අඟල් භාගයක් විතර ඇති. ඇම්ඩයි, බලයයි, මායි සමින්දියි ඇස්වලින් පෙන්නලා ඉගි කරගන්නවා මං දැක්කා.


    “ආ.. මං මේ කොහෙද ඉන්නෙ..?”


    රෝස පාට තොල් පෙති දෙක දිවෙන් තෙත් කරන ගමන් සමින්දි ඇස් ඇරියා. ඒ සුදු මූණ දැන් පරවුණ මලක් ගානයි. මං තවත් වතුර බිංදු කීපයක් එයාගෙ තොල් පෙති උඩට වැක්කෙරුවා. සමින්දි පුදුමාකාර ආශාවකින් ඒ වතුර බිංදු කීපය කට ඇතුළට ගත්තා.


    “මං.. මේ.. කොහෙද.. ආ..හ්..ම්..ම්..”


    “ඔයා ඉන්නෙ මෝචරියෙ ජුවේ..”


    “දැනට ලංකාවෙ තියෙන ජනප්‍රියතම, විශ්වාසවන්තම, සුරක්ෂිතම ප්‍රයිවට් හොස්පිට්ල් එකක තමයි ඔයා ඉන්නෙ..”


    ඇම්ඩගෙ කට කැඩිච්ච කතාවට හිනායන්න ආවත් මං යටි තොල හපාගත්තා.


    “මෙ.. මේ.. මොකද මේ.. මාව උකුලෙන් නිදි කරවගෙන.. ආ.. හ්හ්.. දෙයියනේ මට මොනවද ඔයාලා කරේ.. හයියෝ..”


    පිස්සුද හැටිද මංදා.. සමින්දිගෙ කතාවට මාත් හොල්මං උනා.. ඇයි යකඩො.. අපි බලෙන් තියාගත්තා වගේනේ මේ කතාව.


    “කරේ..? අපිට නම් මුකුත් කරන්න බැරි උනා.. ඒ අපි අසමජ්ජාති වැඩ කරන්නෙ නැති හින්දා..”


    “ඔව් බෙකම්.. බලපං.. මෙයාගෙ අමනුස්ස කතාවෙ හැටි.. දෙන්න හිතෙනවා හොම්බට හැටක් විතර..”


    ඒ වෙනකොට ඉන්කියි, අනිත් කෙල්ලො දෙන්නයි යථා තත්වෙට ඇවිල්ලා තිබුණෙ. සමින්දි විතරයි අවුල් වෙලා හිටියෙ.


    “ස.. සමින්දි අක්කෙ..”


    “අනේ ඉන්කි.. මෙයාලා මට මොනවද කරේ..?”


    මගේ උකුල උඩින් ඔලුව ඈත් කරගන්න ගමන් සමින්දි, ඉන්කිගෙ අතේ එල්ලුණා. මං ඒ අතරෙ දනිපනි ගාලා නැගිට ගත්තා.


    “නවෝද්ලා ඔයාට මුකුත් කරේ නෑ අක්කි.. ඔයා දුවනකොට ෆේන්ට් උනා.. නවෝද් තමයි ඔයාව පිට්ටෙනියෙ ඉඳලා මෙතෙන්ට උස්සගෙන ආවෙත්..”


    “ආ.. ඇත්තද..? ඒත් මෙයා මාව උස්සන් එනකං ඔයාලා බලන් හිටියද ඉන්කි..? හසිද්දියෙ ප්‍රින්සිපල් මැඩම්වත් දැක්ක නම්.. මං ඉස්කෝලෙ ගිහිල්ලත් ඉවරයි..”


    සමින්දි මගේ මූණ දිහා හොඳට බලන ගමන් කිව්වා. ඔන්න බලපංකො ඉතිං.. මේවට තමයි කියන්නෙ අපි අපිටම ගහගන්න ඕන කියලා.. මොන තරම් අසමජ්ජාති කතාවක්ද අප්පා.


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    “බෙකම්.. මොනවද බං මෙයා මේ කියවන්නෙ..? බලපං.. පෙරේතයා පොලේ ගැහුව වගේ වැටිච්ච හින්දා ඔලුව කොහේ හරි හයියෙන් වැදිලද කියලා..”

    චමිල් අපි ළඟට ඇවිල්ලා කිව්වත්, ඒකට ඌන පූරනේ දුන්නෙ නාලක.


    “ඔලුව නෙමේ බං පස්ස පැත්ත. එතනින්නෙ මෙයා තීරණ ගන්නෙ..”


    “මේ වගේ එව්වොන්ට නම් පාරෙ මැරිලා හිටියත් මෝචරියටවත් ගිහින් දාන්න හොඳ නෑ.. කෙලෙහි ගුණයක් දන්නැති එවුන්..”


    “අපි යමු බෙකම්.. මේ වගේ ගඳයො ඉන්න තැන්වල හිටියහම අපි නිකම්ම ගඳයො වෙනවා..”


    වැඩේ කියන්නෙකොල්ලො සෙට් එක මේ තරම් දේවල් කියද්දිත් සමින්දි වචනයක්වත් කතා නොකරපු එක. එයාගෙ ඇස් මාරුවෙන් මාරුවට අපි අතරෙ පාවෙලා ගියා. ඒත් ඒ වෙලාවෙ නම් ඒ මූණෙ තරහක් නෑ කියලා මට හිතුණා.


    “එහෙනම් අපි යනවා.. ඔයාගෙ බෙට් එකෙන් ඔයා හොඳටම පරාදයි.. තේරුණාද..? අඩුගානෙ ඔයාට රවුම් විස්සක්වත් දුවගන්න බැරි උනා, රවුම් සීය කෙසේ වෙතත්.. අනික ඔයා මතක තියාගන්න.. පිට්ටෙනියෙ ඔයා වැටිලා ඉද්දි පැවිලියන් එකට උස්සගෙන ආවෙ මනුස්සකමට මිසක් ආතල් එකක් ගන්න නෙමේ කියලා.”


    “ඔ.. ඔයාලා මට බැන්නනේ.. හූ කිව්වනේ.. මං ඔයාලත් එක්ක තරහෙන් හිටියෙ.. දැ.. දැන් උනත් මං හිතුවෙ මං දුවනකොට ඔයාලා මට මොනව හරි කරන්න ඇති කියල.. මොකද මං ජීවිතේට ෆේන්ට් වෙලා නෑ.. මීටත් වැඩිය අව්ව සැර වෙලාවල් වල මං ග්‍රවුන්ඩ් එකේ ඉඳලා තියෙනවා..”


    කොල්ලො ටික ඒ වෙනකොටත් පැවිලියන් එකෙන් එළියට ගිහිල්ලා තිබුණා. ඇම්ඩයි, පැතුමයි නම් සිරාවටම සමින්දි එක්ක මල පැනලා හිටියෙ. උං මට එන්න එන්න කියලා අතින් කතා කරද්දිත් මොන හේතුවකටද මංදා සමින්දිත් එක්ක තවත් ටිකක් කතා කරන්න මට හිතුණා.


    “අව්ව සැර වොලාවල් වල ඉන්න ඇති.. ඒත් ඒ වගේ වෙලාවල් වල මේ වගේ දුවලා තිබුණෙ නෑනෙ.. තේරුම් ගන්න.. තමන්ට පුළුවන් වගේම බැරි දේවලුත් තියෙනව කියලා.. තමන්ගෙ උද්දච්චකමට ඒ වගේ බැරි දේවල් පුළුවන් කියලා කරන්න ගියාම ජීවිතේ උනත් නාස්ති වෙලා යන්න පුළුවන්.. ඒක මෙතෙන්ට විතරක් නෙමෙයි.. ඔයාගෙ ඉදිරි ජීවිතේට ඒ දේ වැදගත් වෙයි.. තමන්ට බැරි නම් බෑ කියලා පැත්තකට වෙන එක ඔහොම පිට්ටෙනි ගානෙ වැටෙනවට වැඩිය නම්බුකාරයි..”


    සමින්දි අක්කා ඇහිපිල්ලමක්වත් ගහන්නෙ නැතුව මං දිහා බලන් හිටියා. ඒ ඇස්වල තියේනනෙ මිත්‍රශීලී හැඟීමක්ද එහෙමත් නැත්නම් හිස් බවක්ද කියලා මට හිතාගන්න බැරිවුණා. ඉන්කියි අර අනිත් කෙල්ලො දෙන්නයි ඒ වෙනකොටත් පැවිලියන් එකේ බිම වාඩිවෙලා හිටියෙ. හිටගෙන හිටියෙ මායි සමින්දියි විතරයි.


    “එ.. එතකොට ඔයා කියන්නෙ ජීවිතේට එන චැලේන්ජ් බාරගන්න එපා කියලද..?”


    “බාරගන්න..! හැබැයි ඒ එන දේවල් අතරෙ අපිට කරන්න පුළුවන් වගේම බැරි දේවලුත් තියෙනවා. අපි ඔලුව පාවිච්චි කරල බැරි දේවල් වලින් අයින් වෙන්නෝන.. නැත්නම් අපි විනාස වෙලා යනවා..”


    මහා දාර්ශනික, උගත් පඬිවරයෙක් වගේ මං කියවන් ගියා. සමින්දි වගේම ඉන්කිත් කට ඇරගෙන අහගෙන ඉන්න හැටි මං දැක්කා. ඔය තියෙන්නෙ කෑවයි.


    “කොහොම උනත් ඔයාගෙ උත්සාහයට මං ගරු කරනවා. හැබැයි ඉතිං මං ඔයාව උස්සගෙන ආපු එක ඔයාගෙ ප්‍රින්සිපල් මැඩම් දැක්කා නම් කියලා ඔයා බයවෙලා කෑගැහුවට, අර මං කලින් කිව්ව වගේ ඩිංගක් හරි හිතල තිබ්බා නම් එහෙම බයවෙන්න ඕන නෑ තේරුණාද..?”


    ගල් පිළිමෙ සහ හිටි පිළිමෙ වගේ සමින්දි අක්කා මං දිහා බලන් හිටියා මිසක වචනයක්වත් කිව්වෙ නෑ.


    “එහෙනම් ඉතිං අපේ සියලු ගණුදෙනු අවසානයි. මම යන්නයි හදන්නෙ. ඔයාට ගෙදර යන්න පුළුවන්ද..? මං ත්‍රීවිල් එකකට එන්න කියන්නද..?”


    ඒත් තාමත් සමින්දිගෙ ඇස් තිබ්බෙ මගේ මූණෙ. එයා වශි වෙලා වගේ ආතක් පාතක් නැතුව බලන් හිටියෙ.


    “මේ හලෝ.. මොකද වෙලා තියෙන්නෙ..?”


    මැද ඇඟිල්ලයි, මාපටඟිල්ලයි එකට වද්දලා එයාගෙ මූණ ඉස්සරහින් අසුරු ගහන ගමන් මං ඇහුවා. මෙච්චර වෙලා හිටපු නින්දකින් ඇහැරුනා වගේ පුදුමයට පත්වෙච්චි ගතියක් ඒ මූණෙ තිබ්බෙ. ඒ කියන්නෙ මං තලපතා වගේ දීපු ධර්ම දේශනාව මෙයාගෙ උගුරෙන් පහලටවත් ගියේ නැද්ද අප්පා. අර පැතුමා නිතරම කියනව වගේ, මටත් කියන්න වෙන්නෙ අයියෝ සල්ලි කියල තමා.


    “මේ.. මං ත්‍රීවිල් එකකට එන්න කියන්නද..?”


    මං ආයෙත් පාරක් සමින්දිගෙන් ඇහුවා. ඒත් එයා වචනයක්වත් කතා කරේ නෑ. මං ඊගාවට බැලුවෙ ඉන්කි දිහා.


    “ඉන්කි..! මොකද මෙයාට වෙලා තියෙන්නෙ.. මගේ කතාව දිරවගන්න බැරි වෙලාද ආ..?”


    “දන්නෑ නවෝද්.. ඔයාලා යන්න.. අපි සමින්දි අක්කි එක්ක එන්නම්..”


    තවත් පාරක් සමින්දි දිහා බලලා මං පැවිලියන් එකෙන් එළියට ආවා. ඒ එන ගමනුත් මං හැරිලා බලද්දි සමින්දි මං දිහා බලන් ඉන්නවා මං දැක්කා.


    “මොන අල ගෙඩියක් කරාද බං මෙච්චර වෙලා..?”


    මං දැක්කා විතරයි බලයා කඩාගෙන පැන්නා.


    “මං අරකිට හොඳට කියලා දීලා ආවෙ..”


    “කියලා දීලා..? අනේ නිකං ඉඳපං බෙකම්..”


    “ඇයි ඇම්ඩා..?”


    “ඕවා මහ වාත වැඩ.. කොයි වෙලාවකවත් කෙල්ලොන්ව දැනුවත් කරන්න යන්නෙපා.. ඒක හිතට වගේම ඇඟටත් ගුණයි. උංට දේවල් කියල දීලා, උංව හරි මගට අරගෙන, උං ඒ විදියට හැඩ ගැහෙනකොට අපිට එල්ලෙන්න වැලක්වත් නැති වෙනවා..”


    බලන් ගියාම ඇම්ඩගෙ කතාවෙ ඇති වැරැද්දකුත් නෑ.. මං කට වහගත්තෙ ඒකයි.. ඒ එක්කම තමයි පැතුම් කට ඇරියෙ..


    “එහෙනම්.. මහා සරඹ සංදර්ශනය අවසානයි. මෙතනින් එහාට ජීවිතේ කොයිබටද හිතවත් මිත්‍ර බලයා...”


    “ස්තුතියි මගේ සහයක පැතුමා.. අපි ශතවර්ෂ ගණනාවක් ආපස්සට ගොස් හැරී බැලූ කල, අපිට සිහියට නැගෙන්නේ මොනවද..? අපේ ගතට දැනෙන්නේ මොනවද..?”


    “මොන මල හත්තිලව්වක්වත් නෙමේ බලයා.. බඩගින්න.. සුදහ ගින්නදර.. මා හිත මිතුරනි.. දැන් අපි රහුමානියා හෝටලයට නොයා, මෙතන සිට කුමන අල ගෙඩියක් කරන්නේද..?”


    ඇත්තටම මුංට පිස්සු.. ඒත් බලයයි, පැතුමයි කතාවෙච්ච විදියෙ බඩගින්නක් නම් මටත් තිබුණා.


    “එහෙනම් ඉතිං යමල්ලා.. හැබැයි තොපිට ඔන්න මං මුලින්ම කිව්වා.. මගේ අතේ නම් තඹ දොයිතුවක්වත් නෑ.. සල්ලි ඉල්ලලා මගේ ඊරිමාංසෙ කන්නෙපා..”


    පැතුමා කලිසන් සාක්කු දෙක එළියටම ඇද්දා.. තඹ දොයිතුවක් තියා, මොන මල ඉලව්වක්වත් ඒකෙ තියෙන්න විදියක් නෑ.. ඇයි කිව්වොත් සාක්කු දෙකේම මහා පත හිල් දෙකක්. අපි පස්දෙනා පරණපාර දිගේ හෙමි හෙමීට ඇවිදගෙන ආවා. ඇත්තටම මේ ගෙවන ජීවිතේ අපට ගත කරන්න වෙන්නෙ තව කොයි තරම් ඩිංග කාලයක්ද..? අපි සමාජයට ගියහම අපිට වගකීම් වැඩිවෙනකොට, සල්ලි පස්සෙ අපි වෙලාවක් කලාවක් නැතුව දුවනකොට, මේ ගෙවිල යන ආදරණිය ජීවිතේ, මේ පරණ පන සේ ඉන්න ආදරණිය යාළුවා.. කොයි තරම් ඈතකට විසිවෙලා යයිද.. මට හිතාගන්න බැරිවුණා.


    “බෙකම්.. මොකෝ කල්පනාව..”


    “කල්පනා කරන්න දේවල්ද මාධවයා ඌට නැත්තෙ.. බාලිකාවෙ හෙඩ් ප්‍රිෆෙක්ට් හිටියෙ උගේ කකුලෙ.. අනේ ඔන්න උඹල මගෙන් කැත ප්‍රශ්න අහන්නෙපා.. ඒකි කකුලෙ ඉඳගෙන බෙකම්ට මොන සුර සැපක් දුන්නද කියල.. අම්මප.. මට හරියට ලැජ්ජ හිතෙනවා.. මේ බලාපියව්.. මගේ මයිල් කෙලින් වෙලා..”


    “පැතුමා.. උඹේ මයිල් කෙලින් උනේ... අර ඉන්කිත් එක්ක ආපු වහතු කෑලි දෙක දැකලනේ.. අපිට නිකං මොත්තෙ දාන්නෙපා හරිය..”


    “අඩෝ ඇම්ඩා.. උඹ මාව ස්ත්‍රී දූෂකයෙක් කරන්නෙපා හරිය.. මං උඹව දූෂණය කරලා වැලිකඩ යනවා.. තේරුණානේ.. ඒක හන්දා කට වහගෙන සිද්ධවෙන දේවල් දිහා ඇහැ කන පියාගෙන හිටපිය.. නිකං පව් පුරෝගන්නැතුව..”


    “හැබෑට බෙකම්.. ඒකි උඹේ කකුල් දෙක උඩ ඉන්නකොට උඹට මොකද හිතුණෙ..?”


    “මොනවද බලයා.. පට්ට සැප තමා.. නැද්ද බෙකම්..?”


    කතා කරන්න ඕන දේවලුයි, නැති දේවලුයි හැමදේම කියවලා අන්තිමට මගෙන් වඳුරු කුණුහරුප අහනවා.. මං අහක බලාගත්තා..


    “කොහොම උනත් දාඩිය ගලලා තියෙද්දි ඒකිගෙ ඇඟ මාර ගති නේද බෙකම්..? ඉස්ම යන්න ආදරේ හිතෙනවා.. මට සහලෝලා උණ ගන්න වගේනේ බං..”


    “පැතුමා.. ආයෙ උඹ සමින්දි අක්කා ගැන එක වචනයක් කතා කරොත් මං උඹගෙ කලිසම ඔලුවෙන් ගලෝනවා.. තේරුණානේ..?”


    “හොඳටම තේරුණා බෙකම්..”


    පරම හතුරක්කාරයා වුණත් මිත්‍ර සමාගම ඇතුළෙ සමින්දිව තව තවත් සවුත්තු කරන්න ඕන නෑ කියලා මට හිතුණා.


    “අ..ඩෝ..ව්..”


    පරණ පාරෙ ඉඳලා බීච් එකට යන අතුරු පාරක කොනකින් ආපු ඒ ආතල් වචනෙත් එක්කම අපි පස් දෙනා නතර වුණා. ඒ සුහද ආමන්ත්‍රණේ කාගෙද අප්පා.


    “චතුරංගයා නේද..?”


    “හ්ම්.. මූ කණ පැලෙන්න බීලා වගෙයි..”


    “යකෝ.. මේ පට්ට දවාලෙ බොන්නෙ, මුගේ අන්ඩ කොෂෙ මොකක් හරි අවුලක්ද..?”


    අතුරු පාරෙ හිටියෙ චතුරංගයයි, උගේ බාස්කට් බෝල් ටීම් එකේ කොල්ලො හතර දෙනෙකුයි.. චතුරංගයා වගේම උනුත් සලුවෙලා කියලා මට තේරුණා.


    “ඌ ගේම ඉල්ලන්න වගේ බෙකම්.. මොකෝ කියන්නෙ..? ඕන නම් කට්ටියටම කැඩුම් බිඳුම් වෙද මහත්තයා ගාවට යන්න දෙමු..”


    “ඕන්නෑ නාලක.. අපි යමු.. ඌ අපිට නම් කියල කතා කරේ නෑ..”


    කොහොමටත් චතුරංග එක්ක පටලැවෙන්න මගේ කිසිම අදහසක් තිබ්බෙ නෑ.. අපි පස්දෙනාම ආයෙත් පරණ පාර දිගේ ඉස්සරහට ආවා. ඒ චතුරංගයව සත පහකටවත් ගණන් ගන්නැතුව.. ඒත් අපි හිතුවෙ නැති විදියට චතුරංග, වෙනින් අතුරු පාරකින් ඇවිල්ලා අපේ ගමන හරස් කරා.


    “බෙකම්.. බලුවැඩ කරන්නෙපා ඩෝ..”


    ඇස් ගෙඩි දෙක ගොරකා මද දෙකක් වගේ තද රතුපාට කරගෙන වචනත් එහෙට මෙහෙට පටලවගෙන චතුරංග මගේ මූණට එබුණා. ඒ එක්කම තමයි කොල්ලො ටික චතුරංගයව වට කරේ.. ලොවෙත් නෑ.. අද මූට කන්න වෙනවා..


    “මොකක්ද මං උඹට කරපු බලු වැඩේ..? අද දහයෙ පංතියෙ නිලංකාව සෙට් කරගන්න නොදීපු එකද..?”


    “ඔව්.. ඔව්.. ඒක තමයි.. උඹ හින්ද තමයි ඒකි මට අකමැති.. අඩෝ බෙකම්.. මට බාල්දි දාන්න එපා යකෝ.. මාත් කොල්ලෙක්.. උඹ වගේම මාත් ආසයි කෙල්ලෙක් එක්ක ඩිංගක් විනෝද වෙන්න..”


    තුන් හතර පාරක් කාර කාර බිමට කෙල ගහන ගමන් චතුරංග කියනවා.. මූට නම් ඇත්තටම පිස්සු.. ඇම්ඩා නම් බලන් හිටියෙ ඌට එක වචනයක් වරදිනකං..


    “නිලංකා උඹට අකැමැති මං හින්දා නෙමෙයි.. ඒකිගෙ කොල්ලා මිලාන් හින්දා.. තේරුණාද..? නිකං ඇදගෙන නාන්නෙපා ඩෝ.. කෑවා බීවා නම් ගෙදර පල.. අපිට පව් දෙන්නැතුව..”


    “මොනවද ඩෝ උඹ කිව්වෙ..?”


    චතුරංග ඉස්සරහට ඇවිත් මගේ කොලර් එකෙන් අල්ලන්න හැදුවා. ඒත් ඊට කලින් ඇම්ඩයි, පැතුමයි ඉස්සර උනා. වැඩිම උනොත් විනාඩියක් දෙකක් යන්නැති.. බාස්කට් බෝල් ටීම් එකේ පස්දෙනාගෙන් චතුරංගත් එක්ක තව දෙන්නෙක් බිම. අනිත් එව්වො දෙන්නා පැනලා දිව්වා. අඩුගානෙ කටක් ඇරලා ගහන්නෙපා කියල කියන්නවත් මට වෙලාවක් තිබ්බෙ නෑ.


    “අපි ඉන්නකන් බෙකම්ගෙ ඇඟට මැස්සෙක්වත් වහන්න දෙන්නෑ ඩෝ.. ඒක දැනගනිං..”


    බිම වැටිලා හිටපු චතුරංගගෙ කට වැහෙන විදියට මූන මැද්දෙන්ම අල්ලලා ඇම්ඩා කෑගැහුවා.


    “උඹ දැන් දවස් ගාණක්ම ඔය ටික කරගන්න හැදලුවා.. හොඳට දැනගනිං.. කෙල්ලෙක් නිසා කොල්ලෙක් එක්ක ඇරගන්න එන්නෙ නපුංසකයො කියලා.. යකෝ මුස්පේන්තුවා.. උඹට අපේ ඉස්කෝලෙ බාස්කට් බෝල් ටීම් එකේ ලීඩර් ෂිප් එක දුන්නෙ කවුද.. උඹව ගේම ගඳයෙක් වෙන්නැති..”


    ඒ පාර පැතුම් සොරොව්ව ඇරියා. චතුරංග මොනවදෝ කියන්න කට අරිද්දිම ඇම්ඩා පහත්වෙලා චතුරංගව කෙලින් කරලා ගත්තා.


    “තෝව අතාරින්නෙ, බෙහෙතකට හරි අපේ ඉස්කෝලෙ කොල්ලෙක් වුණ හින්දා..මොනවද යකෝ.. දැන් ලංකාවෙ එක කොල්ලෙකුට කෙල්ලො දහයක් විතර ඉන්නවා.. ඔය දහය වසරෙ බටු ඇට බහින්නැතුව හොඳ දාර එකකට බැහැපිය.. කාලකන්නියා..”


    ඇම්ඩයි, පැතුමයි කොයි තරම් බැන්නත්, චතුරංගගෙ ඇස් තිබ්බෙ මගේ මූණෙ. ඌ මොනවදෝ කියන්න හදනවා.


    “බෙකම්..”


    “ඇයි..?”


    “උඹ හේනම් කෙල්ලෙක් හන්ද, කොල්ලො දාලා මට ගැස්සෙව්වෙ.. ආ..?”


    “චතුරංග.. උඹ ඉල්ලං කෑවා මිසක මම උඹට ගැස්සුවෙ නෑ.. හැබැයි එකක් මතක තියාගනිං.. ඉස්කෝල වැදගත් ක්‍රීඩාවක ඉහල තනතුරක් දරන උඹ වගේ එකෙක් අපේ විනය සර්ට හරි පිනා සර්ට හරි මේ විදියට ඉන්නවා අහුවුනොත් උඹේ ක්‍රීඩාවට සොරි ඩොට් කොම් කියලා..”


    බාගෙට ගුටි කාලා මල පෙරේතය වගේ හිටියත්, මගේ කතාවෙන් චතුරංගයගෙ ඇස් ඇරුණා.


    “ඒ කියන්නෙ උඹ මේක විනයටයි, පිනාටයි කියනව.. ඈ.. උංට කියල උඹ මට කොරයි..”


    “චතුරංග මේ.. උඹ හිතුවද මාත් උඹ වගේ නපුංසකයෙක් කියලා.. ආ.. මට කාටවත් කියලා උඹට කොරන්න ඕන නෑ.. දැනගනිං.. මට යස අගේට පුළුවන් උඹට හතර ගාතෙ දාලා බිමට ඇඳන් වැටෙන්න දෙන්න..”


    මගේ සැරත් එක්කම චතුරංග සද්දෙ වහගත්තා.. උගේ කට කොනකින් ලේ බිංදු දෙක තුනක් එළියට ඇවිල්ලා තිබුණා. සමහර විට කට ඇතුළ පුපුරල ඇති.


    “හොඳයි මං පස්සෙ බලාගන්නම්කො..”


    “මොනවද ඩෝ පස්සෙ බලන්නෙ.. බලාගන්න දෙයක් දැන්ම බලපිය..”


    ආයිත් ඇම්ඩා මැද්දට පැන්නා. මං බොහොම අමාරුවෙන් ඌව ෂේප් කර ගනිද්දි චතුරංග ඇවිත් කොල්ලො දෙන්නෙක් එක්ක ආයතේ බීච් එක පැත්තට ගියා.


    “ෂිහ්.. ඌට තව දෙකක් ඇනගන්න බැරි උනානේ.. කොහෙද.. මේ බෙකම් පනිනවනේ අතේ පයේ හිරි ඇරගන්න හදනකොටම..”


    පැතුම්, තාමත් විස්සෝප වෙනවා.. චතුරංගයා ගියේ හිතේ කේන්තියෙන් කියල දැනුනත්, අපි කවුරුවත් ඒක ගණන් ගත්තෙ නෑ. ඌට පුලුවන් දෙයක් ඌ කරපුවාවෙ.. ආයෙ ශිල්ප දක්වන්න ආවොත් දෙන එක දෙනවා, මාසයක් කැඬුම් බිඳුම් වෙද මහත්තයෙක් ගාවඉ න්න.


    “බෙකම්..”


    රහුමානියා හෝටලේදි තෝසෙ දෙකකට එක පාර වග කියන ගමන් ඇම්ඩා තවත් කට ඇරියා. කටේ කෑම පුරවගෙන ඉන්න හන්ද කියන මගුලක් තේරෙන්නෑ.. අනික මට පරාණ බයයි මූට තෝසෙ කෑල්ලක් හිරවෙලා වැලිගම්පිටි යන්න වෙයි කියලා.


    “කරුණාකරලා කතා කරපං..”


    දැන් ඩිංගකට කලින් චතුරංගයට නැවකට නෙළල මූ සාන්ත දාන්තව ඉන්න අපූරුව.


    “බෙකම්.. ටිකට් පොත් ටික හෙට හම්බවෙයි..”


    කටේ කෑම තියාගෙන උනත් ඇම්ඩා කිව්වෙ හද පිනා යන කතාවක්. මං කීයටවත් හිතුවෙ නෑ මේකා මේ තරමට ක්‍රියාශීලී වෙලා ඇති කියල.


    “නියමයි නාලකයා.. අපි ඊට පස්සෙ ඕවා ක්ෂණිකව අලෙවි කරන්නෝන..”


    එතැන ඉඳලා අපි අතරෙ කතාවක් ගියේ දැල්ලා අංකල් වෙනුවෙන් එකතු කරන සල්ලි වලින් අපි කරන දේවල් ගැන. එක එකා විවිධ දේ කියද්දි මාධව තමයි වැදගත්ම කාරණාව කිව්වෙ. ඒක නම් නැගලම ගියා.


    “දැල්ලගෙ අතට කීයක් හරි දෙමු.. ඒත් ඊට කලින් අපි දැල්ලගෙ ගෙවල් පැත්තෙ ගියොත් නරකද..?”


    “ගෙවල් පැත්තෙ යන්නෙ දැල්ලගෙ ගේවත් හදල දෙන්නද..?”


    “ඔව් චමිල්.. එහෙම අදහසකුත් තියෙනවා.. අපි ඔලුවෙ කොනකින් තියාගමුකො..”


    “හෝල් එක බුක් කරන එක මං බලාගන්නම්..”


    “බලාගන්නම් නෙමෙයි ඒක අදම කරපං පැතුමා.. නැත්තං ඉතිං ෂෝ එක පෙන්නන්න වෙන්නෙ මහ පාරෙ..”


    “ඇම්ඩා උඹ ටිකට් පොත් අරන් ටවුමෙ කඩවල් වලට ගියොත් මොකද..? අපිට මේ ඉස්කෝලෙ ඇතුළෙ විතරක් විකුණන එක වාතයක්නේ..”


    “උඹල බයවෙන්නෙපා.. පොත ගහන ප්‍රේස් එකේ නලීන් අයියට මං පොත් පහක්ම දෙන්නයි සෙට් කරලා තියෙන්නෙ.. තව අපේ පැත්තෙ ගමේ එව්වොන්ටත් මං දෙනවා.. උං ආවත් එකයි, නාවත් එකයි..”


    ඇම්ඩගෙ කතාවෙන් කොල්ලො ටිකට මාර ගතියක් ආවා.


    “ඉමාන්ගෙ වැඩේ මොකද බෙකම්..?”


    “උගේ අවුලක් නෑ.. ඌ ගානට වැඩේ දීගෙන යනවා..”


    “ඌ වැඩේ කරයි.. මං ඇහුවෙ උගේ සංදර්ශනේ අතර මැද්දෙ තියෙන අයිටම් ගැන.. ඒවා ගැනත්වද වෙන්න ඕනනේ..”


    “උඹ දිල්රංගි එක්ක අපේ කතන්දරේ කතා කළා නේද බෙකම්..?”


    “තාම නෑ පැතුමා.. ගෙට ගුණසිංහ සර්රුයි, දිල්රංගිවයි හම්බවෙනවා..”


    “ඕනෙ නම් දිල්රංගිගෙ ගෙදර යතෑකි..”


    හෙමින් සීරුවෙ ඇහැක් වහන ගමන් මාධව කිව්වා. ඒ කිව්ව කතාවෙත් මාර ගතියක් තිබ්බා.


    “ඇයි දිල්රංගිලගෙ ගෙදර යන්නෙ..?”


    “ඒකිව බලන්නනේ..”


    “මාධවයා මේ.. උඹ හදන්නෙ බෙකම්ට ගෑනු එපා කරන්නද..? ආ.. ඌ හෙට උදේට දිල්රංගිව හොඳට බලාගනිං.. ඒ ගැන උඹ වදවෙන්න ඕන නෑ.. තේරුණාද..?”


    “එහෙනම් මචංලා.. තව හරියටම සති තුනකින් දැල්ලාද් හොප් ක්‍රියාත්මකයි..”


    චමිල් කතන්දරේට නමකුත් දාලා.. ඔව් ඉතිං.. ඒකෙ ඇති වැරැද්දකුත් නෑ..


    “මට උඹලට දෙයක් කියන්න තියෙනවා..”


    එකා තෝසෙ හතර හතර විතර කාලා රහුමානියා එකෙන් එළියට බැස්සා විතරයි, ඇම්ඩා කතාව පටන් ගත්තා. විහිලුවක් කරන්න වගේ පැතුම් කට හැදුවත් ඇම්ඩගෙ මූණෙ තිබ්බ සීරියස් ගතිය දැකලා ඌ ඒ අදහස උපන්ගෙයිම ලොප් කර ගත්තා.


    “මේ වැඩේ කරනකොට එහෙන් මෙහෙන් ලෙඩ වැටෙන්න පුළුවන්. සමහර විට චතුරංගයල, පෙත්තාවඩුල ගේමට එන්නත් පුළුවන්. අපි හැමෝම එකා වගේ ඒ හැමදේටම මූණ දෙමු. හොඳට හිතා ගනිල්ලා.. මේක කරලම තමයි පස්ස බලන්නෙ.. මොන කරදරේ ආවත් අපි කට්ටිය එකට ඉඳිමු.. දාපල්ල පහට පහක්..”


    අපි හැමෝම ආයෙත් පාරක් ගිවිස ගත්තා.. ඇම්ඩගෙ කතාව අපි හිත්වලට ලොකු ශක්තියක් උනා.


    “තව දෙයක්..”


    අපි හැමෝම එක එකා වෙන්වෙලා යන්න තිබ්බෙ බොහොම පුංචි වෙලාවයි.. ඇම්ඩගෙ මූණ කලින් තිබ්බ සීරියස් ගතිය මැදින් මං මෙච්චර කාලෙකට දැකල නැති, පරාජිත කමක් ඇවිල්ලා තියෙනව මං දැක්කා.


    “බෙකම්..! උඹ තමයි අපේ ෆිට් එක.. උඹ කොයි තරම් හොඳ එකෙක්ද කියලා අපි හැමෝම දන්නවා.. මේ වැඩේ උනත් මුලින්ම පත්තු වුණේ උඹේ ලස්සන හිතේනේ.. උඹේ හීනෙ අපි හැබෑ කරනවා.. හුඟක් වෙලාවට.. හුඟක් වෙලාවට තව අවුරුදු ගාණකින් අපි හැමෝම ඈත් වුණාම අපි හැමෝම එකතුවෙලා කරපු වැඩ අතරෙ, මෙන්න මේ දැල්ලාස් හෝප් එක මහා ලොකු තැනක් ගනියි.. අපිට ඒ ගැන හිතලා හුඟක් සන්තෝස වෙන්න පුළුවන් වෙයි.. ඇත්තටම මේක ලස්සනම ලස්සන මතකයක් වෙයි..”


    ඇම්ඩගෙ කටහඬ, ජනාකීර්ණ නගරෙ මැද්දෙ ගලාගෙන යද්දි, අපි හැමෝම ගල් ගැහල බලාගෙන හිටියා. ඒ කියපු හැම වචනයක්ම, හැම අකුරක්ම අපේ පපුව ඇතුලෙ යකඩ කිලෝ දාහක විතර බරක් තියපු හින්ද, ඇම්ඩා වගේ දඟම දඟ දඩබ්බරයෙක්ගෙන් මේ වගේ වචන ටිකක් ගලාගෙන ආපු එකම, කොල්ලො ටිකට මාර විදියට වැඳුණා. ඉස්කෝලෙන් අයින්වෙලා අවුරුදු විස්සක්, තිහක් ගියත්, ඒ ලස්සන මතකය සිහිපත් කරද්දි හදවත තාමත් නොඉඳුල් විදියට උණුසුම් වෙනවා කියලා හුඟ දෙනෙක් කියන කතාව, මට ඉස්කෝලෙ කාලෙදිම දැනිලා තිබුණා. ඒක හරියට කියනවා නම්, ඒ දැනීම මහා වේදනාත්මක මිහිරි මතකයක් කියලා තමයි කියන්න වෙන්නෙ.



    Mathusambandai.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ


    සඳුදා සෙම්බිලි එකේදි ප්‍රින්සිපල් සර් අපූරු කතාවක් කරා. සුපුරුදු පරිදි හැමදාම කියන දේවල් ටික කියල ඉවර කරල තමයි පිනා සර් ඒ ඉතිහාස කතාව කිව්වෙ. ඒ වෙනකොට හිටගෙන ඉඳලත් මට ඇතිවෙලා තිබුණෙ.


    “මේ ළමයින්ට මං දැන් කියන්න යන දේ, සිකුරාදා ස්ටාෆ් මීට්න් එකේදි සමස්ථ ගුරු මණ්ඩලයම දැනුවත් වුණ දෙයක්. ඇත්තටම මේ කියන කාර්යය මහා පිනක් විදියටයි මම දකින්නෙ. ඔය දරුවො හැමෝම හැමදාම දකිනවා ඇති.. අපේ ඉස්කෝලෙ කාල පරිච්ඡේද වෙන් කරන්න බෙල් එක ගහන හීන් බංඩව. මෙච්චර කාලෙකට කවුරුවත් කිසිම කෙනෙක්ව ඒ හීන් බංඩා ඉන්නෙ කොහෙද, ඒ මනුස්සයා කාගෙ කවුද, ජීවත් වෙන්නෙ කොහොමද කියලා හිතලා තිබුණෙ නෑ. මට කියන්න ලැජ්ජයි.. මාත් අවුරුදු ගාණක් මේ ඉස්කෝලෙ විදුහල්පති දූරය දැරුවා. අඩු ගාණෙ මටවත් හිතුණෙ නෑ.. ඒත් දැන් මට කියන්න සතුටුයි.. මේ ඉස්කෝලෙ එකම එක ශිෂ්‍යයෙක්ට ඒ හීන්බංඩා ගැන ඔය කිව්ව දේවල් හිතිලා තිබුණා.”


    බොහොම වැදගත් විදියට සාවධානව කරගෙන ගියපු කතාව ප්‍රින්සිපල් සර් තත්පරේකට දෙකකට නතර කරලා තමන් ඉස්සරහ හිටගෙන ඉන්න ගුරු මංඩලයයි, ළමයිනුයි දිහා බැලුවා. ඒ අතරෙ යාංතමට යාංතමට කසු කුසු ඇහෙන්න ගත්තා ළමයි අතරෙ. ඇයි ඉතිං හැමෝම හිතනව ඇතිනේ කාටද මේ මනුස්ස කරුණාව පහල උනේ කියලා. ඔය අතරෙ මට ඉස්සරහ පේළියෙ හිටපු බලයයි, ඊට එහා පේලියෙ හිටපු ඇම්ඩයි හැරි හැරි බලද්දි මං අහක බලාගත්තා. තව ටිකකින් ළමයි ඔක්කොම මේ පැත්ත බලයි. ආයෙ ඒකෙ හෝදන්න දෙයක් නෑ.


    “අපි කවුරුවත් විහිලුවට වත් නොහිතපු හීන් බංඩා ගැන ඒ ශිෂ්‍යයා හුඟක් දේ හිතලා තිබුණා. මට වැඩියක්ම සතුටු ඒකයි. මොකද කෙනෙක් එගැන දේවල් හිතලා, දුක්වෙලා, පැත්තකට වෙලා ඉන්න ඕනම කෙනෙක්ට පුළුවන්. ඒත් මේ අපේ ශිෂ්‍යයා.. අපේ මේ වීරයා.. එයාගෙ ඒ පපුවට දැනිච්ච දේ දැන් ක්‍රියාවට නංවමින් පවතිනවා.. ඒකයි මං කලින් කිව්වෙ මට වැඩියක්ම සතුටු හිතෙන්නෙ මේ දේ හින්දයි කියලා. හීන් බංඩා උන්නැහේට තව වැඩි කාලයක් මේ බෙල් රස්සාව කරන්න බෑ කියලා අපි හැමෝම දන්නවා.. එයා අවුරුදු හැත්තෑවකට ආසන්න වෙච්චි මනුස්සයෙක්. ඒකයි මං කලින් කිව්වෙ මේක උදාතර කටයුත්තක් කියලා. අපි හැමෝටම හිතෙන්න තිබ්බ දෙයක් තනි හිතකට මේ දහස් ගාණක් අපි අතරෙ, ඒ තනි හිත ගැන අපි ආඩම්බර වෙන්නෝන..”


    පිස්සු නැත්නම් මඤ්ඤොක්කා කොල මක්කටෙයි ඇහුවලු. පිනා සර් ඕල් රවුන්ඩර් කෙනෙක් වෙලා හතර වටේටම නෙලනවා. දැන් නම් මටත් ටිකක් දාඩිය දාගෙන එනව වගේ. ඇම්ඩා නම් බලන් ඉන්නෙ, චාන්ස් එක්ක ආපු ගමන්ම හුරේ පාරක් දාන්න කියනෙක උගේ හතර පැත්තට කර කැවෙන ඇස් දෙක දැකපු ඕනම එකෙකුට කියතෑකි. එතන ඉඳලා ප්‍රින්සිපල් සර්ගෙ කතාවට පාදක වුණේ අපි කරන්න යන මියුසිකල් ප්‍රෝග්‍රෑම් එක ගැන. ඒකට අවශ්‍ය උදව් අනිවාර්යෙන්ම දෙන්න ඕන කියන දේ පිනා සර් අවධාරණය කරා. අන්තිමට තමයි පිනා සර් වැදගත්ම කොටසට ආවෙ.


    “දැන් ඔන්න මම හැමදේම මගේ දුවා දරුවොන්ට විස්තර කරල ඉවරයි.. මේක අපි හැමෝගෙන්ම වෙන්න ඕන යුතුකමක් කියලා හිතන්න.. කෙනෙක් අපි ගාවින් ගියාට පස්සෙ, කෙනෙක් මැරුණට පස්සෙ උදව් උපකාර කරල, අගය කරල වැඩක් නෑ. ඒ පුද්ගලයා අපි ළඟ ඉන්දෙද්දි, ජීවත් වෙලා ඉන්දෙද්දි තමයි ඒ දේ කරන්න ඕන.. ඉතින් දැන් හැමෝම බලනව ඇති මං මේ කරපු කතාවට වස්තු බීජය සපයපු ශිෂ්‍යයා කවුද කියල දැනගන්න.. තමන්ගෙ නොවන කෙනෙක් වෙනුවෙන් පපුව උණුවෙච්ච නිරහංකාර හදවත හිමි කවුද කියලා දැනගන්න.. ඒ තමයි...”


    ප්‍රින්සිපල් සර් කුතුහලය අවුස්සන්න වගේ තත්පර දෙක තුනකට කතාව නතර කලා. ඒ තත්පර දෙක ඇම්ඩට මදැයි.. ඌ වක්කඩේ ඇරියා..


    “ඒ තමයි අපේ බෙකම්... කමෝන් බෙකම්.. කමෝන්..”


    එසෙම්බ්ලි එකට හිටපු හැමෝම නිශ්ශබ්ද වෙලා තියෙද්දි ඇම්ඩගෙ කටහඬ ලව්ඩ්ස්පීකර් සද්දයක් වගේ දෝර ගලාගෙන ගියා. මං හිතන්නෙ මේ සෙන්ට්‍රල් එකේ පළවෙනි වතාවට වෙන්නැති එසෙම්බ්ලි එකකදි ශිෂ්‍යයෙක් ඔය ඇම්ඩා කරා වගේ වැඩක් කරේ.. ටිකකින් මුළු ඉස්කෝලෙම අය මං වෙනුවෙන් අත්පුඩි ගහන්න ගත්තා. ඒක ඇත්තටම පුදුමාකාර තරම් ආස්වාදයක් ගෙනත් දීපු අවස්තාවක්. මගේ හිතේ තිබ්බ නිහතමානීකම පුපුරල ගිහින්, නිකං අමුතු ගැම්මක් ආව කිව්වොත් ඒක වැරදි නෑ.


    “ඔව්.. ඔව්.. මං කියන්නත් කලින් අපේ ශිෂ්‍යයෙක්ගෙ කටින් ඒ නම පිටවුණා. අපේ ඉස්කෝලෙ ජනප්‍රියතම ශිෂ්‍යයා වුණ නවෝද් රත්නායක තමයි මේ හැමදේටම මුල් උන කෙනා.. අපේ පාසලට පාපන්දු ක්‍රීඩාවෙන් ඉතා උසස් මට්ටමේ ජයග්‍රහණ ලබා දීමට මුල්වෙනව වගේම මේ වගේ දේවල් වලිනුත් ඔහු මේ පාසලට ණය ගැති නොවන දරුවෙක් කියලා පෙන්වනවා..”


    ප්‍රින්සිපල් සර්රුත් කතා කරන්න ගියාම ආයෙ ඉතිං පැතුමට මයික්‍රෆෝන් එක අහුවුනා වගේ තමයි. වෙන කාටවත් දීමක් නම් නෑ. කොහොම හරි එසෙම්බ්ලි එක ඉවර වෙනකොට දෙවැනි පීරියඩ් එකෙනුත් බාගයක් විතර ගෙවිලා.. පන්තියට ආපු ගමන්ම නිරෝමි මං ළඟට ආවා. ඒ ඇස් තෙත් වෙලා වගේ තියෙන හැටි මං දැක්කා.


    “න.. නවෝද්..”


    “ඇයි නිරෝමි..?”


    “ඔ.. ඔයා හරිම හොඳයි නවෝද්.. ඔයා හරිම හොඳයි.. ඔයාට තියෙන්නෙ පුදුම තරම් ලස්සන හදවතක්..”


    “බලාගෙන බෙකම්.. හා.. හා.. බලාගෙනයි.. දෙතොලේ කටු ඇනෙයි.. සිප ගන්නේ ඔය මල් බලාගෙන හොදේ..”


    කොහෙද ඉතිං දෙයක් කතා කරන්නෙ.. මොකක්දෝ සිංදුවක් කියාගෙන පැතුම් අපේ ළඟට ආවා.


    “ඔයා හරි නරකයි පැතුම්..”


    “හා..! මං නරකයි.. බෙකම් හොඳයි.. මේ නිරෝමි.. ඔයා මගේ පිත්තාශය කෑවා කියල හිතාගන්න හොදේ.. ඇයි යකෝ.. මේ ඉස්කෝලෙ ඉන්න කෙල්ලො ඔක්කොම බෙකම්ටද..? ඔන්න අහගන්න නිරෝමි.. මං මේ වෙච්චි හිතේ අමාරුවට, ඇල්බට් අයින්ස්ටයින් වගේ තියරි එකක් හදනවා.. දැනගනිල්ලා..”


    “මං යනව නවෝද්.. පැතුම්ට පිස්සු තදවෙලා..”


    “ඔව් නිරෝමි.. ඔව්.. මට පිස්සු.. උමට කියන්නෙ බෙකම් මේ අවස්ථාවේ මට ගීයක් සිහිපත් වෙනවා.. මා එය ගායනා කරන්නද..? උඹ කැමතිද..?”


    කැමතියි කියන්නැතුව වෙන මොනවා කියන්නද අප්පා.. මේකා ඉතිං අපි අකමැති උනත් සිංදු කියන එකානේ..


    “කැමතියි..”


    “හොඳා.. හොඳා.. එහෙනම් මා ප්‍රිය සොඳුර නිරෝමි ඔබ වෙනුවෙන් වැලපෙන මගේ හදවතේ රාවය අසන්න..”


    මං කලිනුත් කිව්වෙ.. පැතුමට මයික්‍රෆෝනය අහුවුනා වගේ කියලා ප්‍රස්ථා පිරුලක්.. ඒක ඉතිං බොරු නෙමෙයිනේ..


    “පැතුමා තව ටිකකින් චේතනා මිස් එනවා.. ඒක හින්දා කරන නව නිංගිරාවක් කරපං.. අපිට බලන් ඉන්න බෑ..”


    අන්තිම පේලියෙ හිටපු කල්හාරයා කෑගැහුවා.. පැතුමා එකපාරටම ගුරු මේසය ළඟින් ගිහින්, මයික් එක වගේ අත ගුලි කරගෙන සිංදුව පටන්ගත්තා.


    “මගේ.. සිත තව රිදවලා.. යන්නෙ කිම ඔබ සැඟවිලා..

    විඩාබරයි දැන්.. ඔබේ සෙනේ.. ඈත්ව යන්නට අවසරයි..
    නිරෝමී.. නිරෝමී.. නිරෝමී..”

    කොල්ලො ඩෙක්ස්වලට තාලෙට ගහද්දි, ලා හොටු කොල්ලාස් ගෘප් එකේ පැතුමා සජීවීව ගායනා කරා. ඇත්තමයි අපරාදෙ කියන්න බෑ.. ඌ ලස්සනටම කිව්වා. මං හිතුවෙ මේකා ජෝක් එකට මොනවා හරි ඇදල අරී කියලා.. බැලුවහම මූ සීරියස්ම ගේමට බැස්සනේ.. කොහොම හරි අන්තිමට උනේ, නිරෝමි ඩෙස්ක් එකේ මූණ ඔබා ගත්තෙකයි. ඒ එක්කම තමයි චේතනා මිස් කලබලෙන් වගේ පන්තියට ආවෙ. සමහර විට, එසෙම්බ්ලි එක හන්ද පීරියඩ් එකෙන් බාගයක් විතර කට් වුණ නිසා වෙන්නැති.


    “අපි අන්තිමට කොහෙන්ද නැවැත්තුවෙ..?”


    ඉස්සරහම පේළියෙ හිටපු නෙලුනිගෙන් ඇප්ලයිඩ් පොත අරගන්න ගමන් චේතනා මිස් ඇහුවා.


    “බෙකම්..?”


    මාධව මගේ පැත්තට ළංවුණා. ඇයි කියල අහන්න වගේ මං ඌ දිහාට හැරුණා.


    “කවද හරි බඳිනව නම් ටීචර් කෙනෙක්ව බැඳපං..”


    “ඒ මොකෝ බං..?”


    “නෑ ඉතිං.. කොයි වෙලාවෙත් එයාලා අන්තිමට කොතනින්ද නැවැත්තුවෙ කියල අහල එතනින්නෙ පටන්ගන්නෙ..”


    මුගේ කට කොටියම කන්න ඕනි. ඌ කිව්වෙ තනිකරම කුණුහරුපයක්නේ.. කොහොම හරි නවත්තපු තැන ඉඳලා පටන් අරගෙන ඕන්නම් චේතනා මිස් විනාඩි විස්සක් පන්තිය කරන්න ඇති. පීරියඩ් එක ඉවර වෙන්නත් ඒ තරම් වෙලාවක් තිබුණෙ නෑ. හැමෝම හිටියෙ චේතනා මිස් බ්ලැක්බෝඩ් එකේ හදන ඇප්ලයිඩ් ගානක් දිහා බලාගෙන. බ්ලැක් බෝඩ් එකේ ලිය ලිය හිටපු මිස් එක පාරටම පන්තිය දිහාට හැරුණා. ඊට පස්සෙ මිස්ගෙ ඇස් පන්තියෙ කොල්ලො කෙල්ලො වටේ රවුමක් ගියා. ගිිහ්න ඒ ඇස් නතර උනේ පැතුම් ළඟ. හත්වලාමයි.. මේකා හිටු කියලා මොනවදෝ ලියනව නේද..?


    “ඕකා ස්ත්‍රී පජනක පද්ධතිය අඳිනවද කොහෙද..?”


    මගේ ළඟ ඉඳපු මාධව කෙඳිරුවා. මිස්ගෙ ඇස් දෙකයි, මුළු පන්තියෙම කෙල්ලො කොල්ලන්ගෙ ඇසුයි උගේ දිහාට යොමුවෙලා කියලා පැතුම් තාම දන්නෑ. අනේ කුණු සංසාරෙ ඌ දිව විකාගෙන ගජරාමෙට ලියනවා.. එහෙමත් නැත්නම් අඳිනවා..


    “පැතුම්...”


    චේතනා මිස්ගෙ කටහඩ සංගීතයක් වගේ කණ ළඟින්ම ඇහුණත්, පැතුමත් ඌට නෙමෙයි වගේ කොලේ ලියාගෙන යනවා. මේකා කවදාවත් නැතුව ලව් ලෙටර් එකක්වත් ලියනවද මංදා. මූට ඇති කෙල්ලෙකුත් නෑ.. හිතෙයි ඇඟෙයි තියෙන ලව් මාන්මට ඕවා ලියලා නෝන්ඩි උනොත් විනයා ගාව තමයි..


    “ඕකගෙ කකුල පාගපිය..”


    මං මාධවයට කිව්වා. කියපු ගමන් මාධවයා අමාරුවෙන් කකුල දික් කරල වැඩේ කරත්, පැතුමා ඌ දිහා හොඳට බලලා රවලා ආයෙත් දිව හපාගෙන ලියන්න ගත්තා. පේන විදියට නම් මූ අද හොඳ එකෙන්ම කනවා.


    “පැතුම්.. ඔයා මොනවද කරන්නෙ ආ.. මං කතා කරනෙක ඔයාට ඇහෙනවද..?”


    චේතනා මිස්ගෙ කටහඩේ සද්දෙට පැතුම් ගැස්සුණා. ඌ ලිය ලියාද, ඇඳ ඇඳද හිටපු කොලේ අතට ගුලි කරගත්තා.


    “කෝ දෙනව බලන්න ඔය අතේ තියෙන කොලේ..”


    චේතනා මිස් විදිල්ල වගේ පැතුමා ළඟට ආවා. චේතනා මිස් මොන දේට සමාව දුන්නත් පාඩම කරන අතරෙ අහන් හිටියෙ නැත්නම් කිසිම සමාවක් නෑ කියනෙක අපි හැමෝම දැනන් හිටියා. අනික පන්තිය භාර ගුරුතුමිය වශයෙන් එයාට අපේ හැම අලකොළ මැල්ලුමක් ගැනමත් අවබෝධයක් තිබුණා.


    “අනේ මිස් ඒක නම් ගන්නෙපා..”


    පැතුමා නිකං නෝන්ඩි තාලෙට වගේ කතා කරන්න ගත්තා. හරියට චේතනා මිස්ව බයිට් කරන්න වගේ.


    “පැතුම්.. මං විනය සර්ට එන්න කියන්නද..? නැත්නම් ඔය අතේ තියෙන කොලේ දෙනවද..?”


    දැන් පන්තියෙ හැම කොල්ලා කෙල්ලම මේ සිද්ධ වෙන්න යන විසානෙ දිහා කැත නැතුව බලන් ඉන්නවා.


    “අනේ මිස්..”


    “අනේ මිස් නෙමේ.. දෙනවා මෙහාට..”


    චේතනා මිස් පැතුමගෙ අතේ කොලේ උදුරගෙන කියවන්න ගත්තා. නිකං උඩින් පල්ලෙන් කියවගෙන ගියපු මිස්ගෙ මූනට හිනාවක් ආවෙ කවුරුත් බලාපොරොත්තු නොවුණ විදියට.


    “මං මේක පංතියටම ඇහෙන්න කියවනවා.. ආ.. පැතුම් හිතුවෙ මේක බුද්ධාගම පාඩම කියලද..?”


    මොකක්ද බං ඒ අසමජ්ජාති කතාව.. මං මගෙන්ම අහගත්තා. මාධවත් මගේ මූණ දිහා බලලා මිස් දිහා බැලුවා. උසස් පෙළට කොයින්ද බුද්ධාගම.. මිස්ටත් අවුල් වෙලාද මංදා.. ටිකකින් මිස් පැතුමගෙ රචනාව කියවන්න ගත්තා. ඇත්තටම ඒ රචනාවට හිනා නොවුණ එකෙක් පන්තියෙ නොහිටියත් පැතුමා ලියලා තිබ්බෙ සීයට පන්සීයක් ඇත්ත..


    “මගේ පංච සත්‍යය”


    චේතනා මිස් පටන් ගත්තා. එහෙනම් මිස් බුද්ධාගම ගැන මතක් කරේ ඔය පංච සත්‍යය කියන වචන දෙක දැකල වෙන්නැති.


    “මේකෙ පැතුම් කරුණු පහක් දක්වලා තියෙනවා.

    අංක එක : අපි කැමති කෙල්ලන් අපට කැමති නැත.
    අංක දෙක : අපට කැමති කෙල්ලන්ට අපි කැමති නැත.
    අංක තුන : ඇතැම් කෙල්ලන් අප කැමති කාලයෙදී අපට කැමති නොවී අකමැති කාලයෙදී අපට කැමති වෙතී.
    අංක හතර : කවදාවත් සිතක් පහල නොවේ යැයි සිතූ කෙල්ලන් ගැන පසු කාලයෙදී සිතක් පහළ වීම.
    අංක පහ : මේක තමයි අවාසනාවන්තම කරුණ. කෙල්ලද කැමතිය, අපද කැමතිය, එහෙත් වෙනත් සාධක නිසා එකතු විය නොහැකිය. උදා, කෙල්ලට කොල්ලෙකු සිටීම..”

    පිස්සු නැත්නම් හොඳයි.. බලන් ගියාම පැතුමට විතරක් නෙමෙයි අපේ චේතනා මිස්ටත් පි්සසු.. ඇයි දෙයි හාමුදුරුවනේ සමස්ථ විලිලැජ්ජා බය හිතෙන එකෙක් මේ වගේ තැනක ඕව කියවයිද..? හනේ මංදා.. ඒත් මං එහෙම හිතුවට පස්සෙ තමයි හොඳ වැඩේ උනේ.


    “පැතුම්.. දැන් ඔයා මේ පංච සත්‍යයත් අරගෙන පන්තියෙන් එළියට වෙලා ඉන්න පීරියඩ් එක ඉවරවෙනකන්.. මගේ පීරියඩ් එක ඇතුලෙදි වෙන වෙන දේවල් කරනවට මං ඩිංගක්වත් කැමති නෑ.. ඒක තේරුම් ගන්න..”


    ඕක තමයි කියන්නෙ ඔලුව අතගාලා ටොකු අනිනවා කියලා. පැතුමා මූණත් හතරැස් කරගෙන පුටුවෙන් නැගිට්ටා. මේකව නම් ඇත්තටම එලියට දාලා වැඩක් නෑ. ගියත් බී එකේ බලය එක්ක කතාවක් දාගනියි.. බී පන්තියටත් වැඩක් නෑ.. ඒත් හිතපු විදියට පැතුමට පන්තියෙන් එළියට යන්න බැරිවුණා.. මොකක්දෝ බාධකයක් පාටයි.


    “හල්ලෝ.. හීන් බංඩා අංකල්.. ඔයා මොකද මෙහේ..?”


    මං ඩිංගක් විතර එක්සයිට් වුණා.. ඒ දැල්ලා අංකල් පන්තිය ගාවට ආව කිව්වහම.. ඇයිද දන්නෑ මේ මනුස්සයා ආවෙ.. චේතනා මිස් පන්තියෙ ඉන්නව කියල, වගේ වගක් නැතුව පැතුමා හෙණට කතාව.


    “ඇයි හීන් බන්ඩා අංකල් ඔයා අර බෙල් තඩියට තඩි බෑවෙ නැත්තෙ.. ඔයාට වෙලාව වැරදිලාද..? මං මේ පන්තියෙන් එළියට යන්නෙ බෙල් තඩිය ගහන්න.. අපේ චේතනා මිස් කියනවා.. වෙලාව වැඩියෙන් ගිහිල්ලා කියලා..”


    මේකගෙ කට නම් කෑවත් මදි කියල අපේ මිස්ට හිතෙන්නැති.. පැතුමට හොඳ හැටි රවන ගමන් මිස්, හීං බංඩා අංකල් දිහා බැලුවා.


    “හීන් බංඩා මොකද මේ වෙලාවෙ..?”


    “ම.. ම.. මං මිස්.. නවෝද් පුතාව හම්බවෙන්න ආවෙ..”


    “නවෝද්..?”


    “ඔව් මිස්.. මංවත් දැනන් හිටියෙ නෑ මං වෙනුවෙන් මේ තරම් ලොකු දෙයක් කරන්න හදනව කියලා.. අනේ මට ඩිංගකට හම්බවෙන්න දෙන්න මිස්..”


    “කිසි ප්‍රශ්නයක් නෑ.. හීන් බංඩා අංකල් අපේ බෙකම් ගාවින් වාඩිවෙලා ප්‍රශ්නෙ විසඳගන්න..”


    “පැතුම්.. ඔයාට මෙතන කතාවක් නෑ.. යනවා පන්තියෙන් එළියට මගේ කාලෙ කන්නැතුව.. හ්ම් නවෝද්.. ඔයා ඩිංගක් එලියට ඇවිල්ලා මේ හීන් බංඩා මොකද කියන්නෙ බලන්න..”


    කියන පරක්කුවටම මං පන්තියෙන් එළියට ආවා. මාව දැකපු ගමන් දැල්ලා අංකල් මගේ අත් දෙකෙන් අල්ලගත්තා. ඒ වියපත් ඇස් වලට කඳුලු ගංගාවක්ම ඇවිල්ලා.


    “ඇ.. ඇයි අංකල් මේ..?”


    “තිස් තුන් කෝටියක් දෙවිවරු ඉන්නවා කියලා මහං අහලා තියෙනවා පුතා.. ඒත් මං දැකල තිබ්බෙ නෑ.. ඒ නොදැකපු දෙවියන්ගෙන් කෙනෙක් තමයි ඔයා.. ඔ.. ඔයාට හුඟක් පින් නවෝද් පුතා.. හුඟක් පින්.. මං වෙන්වෙන් මේ වගේ දෙයක් කිසිම කෙනෙක් කරන්න හදල නෑ.. මට වාවන්නෙම නැත්තෙ ඒකයි.. හ්ග්.. හ්ග්..”


    දැල්ලා අංකල්ගෙ ඇස්වලින් කඳුලු බිංදු පේලි දෙක්ක එක සීරුවට ගලාගෙන ගියා. මට ඩිංගක් එහායින් ඉඳපු පැතුම් වගේම පන්තිය ඇතුළෙ හිටපු චේතනා මිසුත් ගල්වෙලා වගේ බලන් ඉන්න හැටි මං දැක්කා.


    “මේක ඒ තරම් දෙයක් නෙමෙයි අංකල්.. ඔයා යන්න.. මං පස්සෙ ඔයාව හම්බවෙන්න එන්නම්..”


    “ම.. මට මේ කරන දේට පුතාට ජාති ජාතිත් පිං සිද්ධ වෙනවා.. ඔය රත්තරං හදවතේ තෙතමනේ හැමදාටම, ඔහොම්මම තියාගන්න.. පු.. පුතාට කවදාවත් වරදින්නෑ.. හැමදාම හරියනවා.. හැමදාම හරියනවා..”


    මුළු පංතියම බලන් ඉද්දි දැල්ලා අංකල් මට අත් දෙකම එකතු කරලා වැන්දා.. මං ඒක නවත්තන්න හැදුවත් දැල්ලා අංකල් මාව මගෑරලා පඩිපෙල පැත්තට ඉක්මනට ගියා.. හිතට ආපු අවුලක් වගේ හැඟීම හින්දම මං එහෙම්මම හිටගෙන හිටියා.


    “නවෝද්.. මං ඔයාව එළියට දාලා නෑ..”


    චේතනා මිස් හයියෙන් කියද්දි පන්තියෙ එවුන් ටික ඩෙස්ක් වලට හෙමීට තට්ටු කරන ගමන් හීනියට සූ සද්දයක් දැම්මා. පැතුමා මට මහපටඟිල්ල උරුක් කරලා ෆිට් තමයි කියද්දිම චේතනා මිස්ගෙ පීරියඩ් එක ඉවර වෙන බෙල් එක වැදුණා. මිස්ට නිකං සවුත්තුවට වගේ හිනාවෙන ගමන් පැතුමත් මං එක්ක පන්තිය ඇතුළට ආවා.


    “නවෝද්.. ඇයි මාව හම්බෙන්න ඕන කිව්වෙ..?”


    ටක්ෂොප් එකේ දැල් අස්සෙල් එල්ලිලා පොඩි පන්තිවල ළමයි එක එක ජාතියෙ දේවල් ඉල්ලනවා. බිත්තර පාන් එකක්, වඩේ දෙකක්, ප්ලේන්ටි පහක්, බනිස් එකක්, පළතුරු බීම එකක්, ලැවරියා එකක්.. ඔය වගේ අනේක දේවල්.. අන්න ඒ සමස්ත දේවල් අතරින් තමයි මට දිල්රංගිගෙ කටහඬ ඇහුණෙ. හැරල බලද්දි එයත් එක්ක ඉන්න ඉමාන්වත් දැක්කා.


    “ටිකක් බරපතල කතාවක් තියෙනව දිල්..”


    වඩේ කෑල්ලක් දිල්රංගිටයි, ඉමාන්ටයි දික් කරන ගමන් මං කිව්වා. ප්ලේන්ටි දෙකක් ගේන්න ටකේ ඇතුළට ගිය පැතුමා තාම නෑ.. මගේ කතාවෙන් කෙල්ලගෙ ඇස් දෙක ලොකු උනා. මොනව උනත් මේ කෙල්ල මූණෙන් පෙන්නන එක්ස්ප්‍රෙෂන් නම් මාරයි අප්පා.


    මේ විදියෙ මූණකට නම් ඕන කොල්ලෙක් කැමතියි කියන එකට ඕන කැටයක් ඔට්ටු අල්ලන්න මට පුළුවන්.


    “නවෝද් ඔයා මාව බය කරනවා..”


    “ඉමාන්.. උඹ දිල්රංගිට කිව්වෙ නැද්ද අපේ වැඩේ ගැන..?”


    “මෙයා මුකුත් කිව්වෙ නෑ නවෝද්.. ඔයාගෙ පණිවිඩේකට කියල මාවත් ඇඳගෙන ටක්ෂොප් එකට ආවා මිසක.. මොකක්ද නවෝද්..?”


    මං එතන ඉඳලා බොහොම ඉක්මනට දැහැමෙන් සෙමෙන් දිල්රංගිට අපේ වැඩේ ගැන පැහැදිලි කරා. කෙල්ලගෙ ඇස් දෙක සංතෝසෙන් දිස්නෙ ගහන හැටි මං දැක්කා.


    “අනේ හරිම ෂෝක් නවෝද්.. හරිම ෂෝක්.. ප්‍රින්සිපල් සර් මේ ගැන නේද එසෙම්බ්ලි එකේදි කිව්වෙ..?”


    “ඔව් දිල්.. හැබැයි අවුලකට තියෙන්නෙ කාලය මදිකම විතරයි.. ඉමාන්ගෙ සිංදු කීපයකට හරියන්න නැටුම් කීපයක් සෙට්ල් කරගත්ත නම් වැඩේ ගොඩ.. මොකද කියන්නෙ දිල්..?”


    “ඔයාගෙ දේකට කිව්වත් නැතත් මං එනව නවෝද්.. මේක ඉතිං කොහොමත් සත්ගුණවත් ක්‍රියාවක් කියලා ප්‍රින්සිපල් සර්ම කිව්වනේ.. ඔයා බයවෙන්නෙපා.. මමයි, ඉමානුයි කතා කරගෙන වැඩේ ලස්සනට කරන්නම්..”


    “තෑන්ක්ස් දිල්.. ඔයාගෙ වචන ටික මට ලොකු හයියක්..”


    “හපොයි බෙකම්.. ඉන්දරේට මේ තේ දෙක දාන්න වරුවක් ගියා.. හා.. බෝනික්කියෙ කොහොමද..? අපේ බෙකම් ඔයාට වඩේ කැව්වද..?”


    සුපුරුදු විදියට අපේ කතාව මැද්දට පැතුමා පැන්නා. ටක් එකේ ඉන්දරේගෙන් අරගෙන ආපු ප්ලේන්ටි දෙකෙන් එකක් දිල්රංගිට දික් කරලා අනිත් එක ඉමාන්ට දික් කරා.


    “ඕක ඔයයි ඉමානුයි බොන්න.. මායි නවෝදුයි මේක බොන්නම්..”


    දිල්රංගිගෙ කතාවෙන් පැතුමා විතරක් නෙමෙයි මාවත් හොල්මන් වෙලා ගියා.. ඉමාන්ට නම් ලාවට හිනාවක් ගියා.


    “ආ...”


    දිල්රංගි උණු උණු තේ එකෙන් ඩිංගක් තොල ගාලා මට දුන්නා. පැතුම් නක්කලේට වගේ කට කොනින් හිනාවෙද්දි මං තේ එක බොන්න ගත්තෙ දිල්රංගි දිහා බලන ගමන්.


    “මෙන්න පැතුම්..”


    ඉමානුත් තේ එකෙන් බාගයක් විතර බීලා පැතුම්ට දික් කරා. පැතුමා පටාස් ගාලා අහක බලාගත්තා.


    “උඹේ කුණු කෙල තැවරුණ තේ ඉලව්ව බොන්න මට පිස්සු නෑ සරිගමයා.. ඔන්න දිල්රංගිවත් දුන්නා නම් සලකල බලන්න තිබුණා..”


    “ඔයාට දෙන්න මට පිස්සු නෑ පැතුම්..”


    “ඔව් ඉතිං.. ඔයා දෙන්නෙ බෙකම්ටනේ.. නේද බෝනික්කියෙ..”


    කතාව වෙනමම පැත්තකට ඇදිල යනව වගේ කියලා මට තේරෙද්දි ඉන්ටවල් එක ඉවර වෙන බෙල් එක ගැහුවා.