“මං යනව නවෝද්.. ගුණසිංහ සර් එක්ක මං මේ ගැන ටිකක් කතා කරන්නම්.. යමු ඉමාන්..”
හිස් කෝප්ප දෙක පැතුමා අතේ ඉතිරි වෙද්දි දිල්රංගියි, ඉමානුයි යන්න ගියා.
“උමට කියන්න බෙකම්.. අම්මපා.. මං බුරිය විකාගෙන මැරෙනවා.. බලපං.. ආදරේ කරන හැම එකාටම හම්බවෙන්නෙ බූට් එකක්.. ඒත් මට හම්බවුණේ ඉන්දරේගෙ හද්ද පරණ පීරිසි කෝප්ප දෙකක්.. දිල්රංගිට වටින්නෑ මට මෙහෙම කරන්න.. ෂෙහ්.. අම්මපා.. මගේ පංච සත්‍යය වගේ මං කාන්තාවො ගැන ප්‍රමේයයක් හදනවා.. ඔන්න බලපංකො බොරුද කියලා..”
පැතුමට හිස් කෝප්ප දෙකත් අරගෙන ටක් එක ඇතුළට යන්න දීලා මං ඒ ලෙවල් ක්ලාස් පැත්තට ආවා.
තට්ටු දෙකේ බ්ල්ඩින් එකේ උඩ ක්ලාස් ටික වෙන්වුණේ මේ අගෝස්තු උසස් පෙළ ලියන දහතුන වසරෙ අයට.. දෙවනි තට්ටුවෙ කොට තාප්පෙට හේත්තු වෙලා චතුරංගයයි, උගේ අපත ගැන්සියයි මං දිහා හොඳට බලන් ඉන්නවා මං දැක්කා. එදා පරණ පාරෙදි බීච් එක ගාවදි ගුටි ඇන ගත්තට පස්සෙ මං චතුරංගයව ඔය දැක්කමයි.. අඩුගානෙ මිනිහා බාස්කට් බෝල් කෝට් එක ඇතුලෙ ප්‍රැක්ටිස් කරනව වත් මං දැක්කෙ නෑ.
අඩුගානෙ මුං සූ සද්දයක්වත් නොදා මං දිහා බලන් ඉන්න ඉඳිල්ල මට දිරෙව්වෙ නෑ.. උං ටික වෙනමම කතන්දරේකට ලෑස්තිවෙන හැඩයි. කමක් නෑ.. අපි බලමුකෝ උං කෙක්කෙන් ආවොත් කෙක්කෙන්.. කොක්කෙන් ආවොත් කොක්කෙන්..
එදා ග්‍රවුන්ඩ් එකේ සිද්ධියෙන් පස්සෙ මං සමින්දිව දැක්කෙම නෑ. අඩු ගානෙ තලපතාගෙ ෆිසික්ස් ක්ලාස් එකේදි ඉන්කිව මීට් වෙන්න බැලුවත් ඒකත් හරිගියේ නෑ. මොකද කියනව නම් ඉන්කි, ෆිසික්ස් ක්ලාස් ආවෙ නෑ. ඉතිං කොහොමද මං සමින්දි ගැන විස්තරයක් දැනගන්නෙ. ඔය අතරෙ දවස් එක සීරුවට ගලාගෙන යද්දි, අපේ ප්රසංගයෙ වැඩ කටයුතුත් අවසාන වෙලා තිබුණ. ඉස්කෝලෙ පොඩි පන්තිවල ළමයි ටිකට් බර ගාණක් විකුණල සල්ලි විනය සර්ට බාරදීලා තිබුණා. ඕල්ඩ් බොයිස් ඇෂෝසියේෂන් එකෙනුත් පට්ට සප් එකක් දුන්නෙ ඇහිල්ලක් බැලිල්ලක් නැතුවම. ඒක අපේ හිත් වලට ගෙනාවෙ මාරම ගතියක්. කොයි තරම් පොඩියට පටන් ගත්තු වැඩක්ද මේ මෙගා සයිස් වෙන්න යන්නෙ.
“අඩෝ බෙකම්..”
ගේට් එකට ටිකක් එහායින් ඉඳපු ඇම්ඩා මට අත වනලම කතා කරා. ගේට් එකයි මහ පාරයි අතරෙ පිරිල හිටපු කොල්ලො කෙල්ලො පීරගෙන මං ළඟට ඇම්ඩා ආවා.
“ටිකට් පොත් කතන්දරේ ඉවරද..?”
“නෑ නාලක.. තවත් ටිකක් තියෙනවා.. දෙන්න එකෙක් නෑ..”
“දෙන්න එවුන් නම් ඕන තරම් ඉන්නවා.. ගෙදර ගිහින් තුනට විතර අපේ ගෙවල් පැත්තෙ වරෙන්..”
ඇම්ඩා ඒ පාර මොන නාටකේ නටන්නද යන්නෙ..? ම නම් මූව තඹ සතේකට විශ්වාස නෑ..
“කවුද බං දෙන්න ඉන්නෙ.. දෙන්න ඕන හැම එකාටම විකුණපිය කියලා දුන්නා.. ආයෙ දෙනව නම් දෙන්න තියෙන්නෙ දීපු එවුන්ටම තමා..”
“උඹ හවසට වරෙන්කො..”
තවත් වචනයක්වත් කියන්නැතුව ඇම්ඩා ගියා. ඌට පිස්සුද කොහෙද..? ටවුමෙයි, දන්න කියන හැම තැනටමයි ටිකට් පොත් විකුණන්න කියලා තියෙන්නෙ.. තවත් කාට දෙන්නද අප්පා.. කොහොම උනත් හවසට ඇම්ඩා හම්බවෙන්න මං හිතාගත්තා.
“ඔයයි දිල්රංගියි දැන් හොඳටම යාලුයි නේද..?”
කහ ඉර පනින්න ඔන්න මෙන්න කියලා තියෙද්දි මගේ ළඟට ආපු නිරෝමි කිව්වා. එයා ළගින්ම පස්සෙන් ආවෙ නෙලුනි. මේ කෙල්ලටත් ඇත්තටම ඇම්ඩට වගේම පිස්සුද කොහෙද.. ඉස්කෝලෙ අර තරම් ළඟන් එක පන්තියක ඉද්දි නොකියන දේවල් දැන් මේ දෙනෝදාහක් දෙනා කලබල වෙලා බඩගින්දරේ දුවන වෙලාවෙ කියවනවා.. කාට කියන්නද සන්දුක්කාරේ.
“මායි දිල්රංගියි..?”
“ඔව්.. ඔයයි එයයි තමා.. බලාගෙන ආ..?”
“ඇයි..?”
“එයා ටිකක් එක විදියයි නේ.. ඔයාගෙ ඇඟේ එල්ලෙයි නවෝද්..”
“පිස්සු කියවන්නැතුව ඉන්න නිරෝමි..”
“ඔව්.. මට දැන් පිස්සු..”
“මොනවද නිරෝමි.. ඔයා මේ කියවන්නෙ..?”
දැන් නෙලුනිත් අපේ කතාවෙ කොටස්කාරියක් වෙන තරමටම ලංවෙලා.. එයාටත් මේ හැමදේම ඇහෙනවා.
“මගේ ළඟින්ම තියෙන දේ රටේ ඉන්න හැම කෙල්ලටම අත පත ගාන්න දීලා බලාගෙන ඉන්නයි මට වෙලා තියෙන්නෙ.. මේක මහ පුදුම ලෝකයක්..”
“නිරෝමි.. තේරෙන දෙයක් තේරෙන බාසාවකින් කියන්න.. මට පරක්කු වෙනවා..”
“ඔයාට මං දැන් කතා කරන එකත් වදයක්ද..?”
වදයක් නෙමේ හත්තිලව්වෙ.. මහා මල ඇනයක් කියලා කියන්න කටට ආවත් මං සද්දෙ වහ ගත්තා.
“ආ.. නවෝද්.. කියන්න.. ඔයාට මාව වදයක්ද.?”
බැගෑපත් විදියට මං දිහා බලන ගමන් නිරෝමි ඇහුවා. ඒත් මං බැලුවෙ නෙලුනි දිහා. ඒකි සං සං ගාලා අහක බලා ගත්තෙ මාව ජීවිතේටවත් දැකපු නැති විදියට.
“පිස්සු කියවන්නෙපා නිරෝමි.. මේ බඩගින්දර එකසිය හයයි දශම පහට නැගල තියෙන වෙලාව.. ඔයා හොඳටම දන්නවනේ හීන් බංඩා අංකල්ගෙ කතන්දරේ අත ළඟටම ඇවිල්ලා කියලා.. ඉතිං මාව දන්න කියන හැමෝම මට උදව් කරනවා.. මේක සාර්ථක කරගන්න.. දිල්රංගිත් මේකෙ ලොකු රෝල් එකක් කරනවා.. ඉමාන් වගේම.. ඒ දෙන්නා තමයි මේකෙ වැදගත්ම චරිත දෙක.. ඉතිං මට එයාලත් එක්ක නිතරම ගණුදෙනු කරන්න වෙනවා.. ඒක තේරුම් ගන්න..”
“ඒ උනාට ඔයයි දිල්රංගියි එකට එකතුවෙලා කතාබහ කරනකොට මට මහා මොකක්දෝ වෙනවා..”
යකෝ මේ දොළහ සී එකේ පන්ති නායිකාව නේද..? මේ කෙල්ලට මොන ඔඩ්ඩි මස්සිනා වැහීගෙන එනවද අප්පා.. තවදුරටත් කතාව ඇදගෙන ගියොත් ආරණිය කෙම්ට සදා සොත්ති භවන්තුතේ තමයි.
“මං යනව නිරෝමි.. මට බඩගිනියි..”
මේ පට්ට බඩගින්දරේ ඉඳගෙන විරහ ගීත අහන්න පුළුවන්ද හත්තිලව්වෙ.. මේකිට මේක තේරෙන්නැද්ද මංදා..
“දිල්රංගි එක්ක කතා කරාට, ආස්සරේ කරාට කමක් නෑ නවෝද්.. හැබැයි එයත් එක්ක යාලුවෙන්න නම් එපා..”
“මොකක්..?”
“වෙන ඕන කෙල්ලෙක් එක්ක යාලුවෙන්න.. හැබැයි දිල්රංගි එක්ක එපා..”
“ඔයාගෙ වයර් ෂෝට් එකක් නිරෝමි.. අදම ගිහිල්ලා ඒක චෙක් කරගන්න.. මං යනවා..”
කහ ඉර උඩ අඩමානෙට ඉඳගෙන තවත් කලර්ස් දාන්න ගියොත් මට මෙතනම ත්‍රීවිල් බාප්පොච්චෙක් ගෙන් මරු වැළඳ ගන්න වෙනවා.. නිරෝමිට ඕන බම්බුවක් ගහගන්න කියලා මං ගෙදර එන්න ආවා.
සුපුරුදු විදියටම උඩින් පල්ලෙන් කෑම එකට වග කියලා මං ගෙදරින් පැනගත්තා. උඩින් පල්ලෙන් වග කිව්වා කියලා කිව්වට, අන්තිමට ඉතුරු අනේ පිඟාන විතරයි.. ඇයි හත්වලාමෙ ඒකෙ තිබ්බ ඔක්කොම මගේ බඩ ඇතුළෙනේ.
“බෙකම්..”
ඇම්ඩලගෙ ගෙවල් වලට යන පාරට හරවන්න උනේ නෑ. මෙන්න තවත් කොල්ලො දෙන්නෙක් එක්ක ඇම්ඩා මගේ ඉස්සරහින් මතුවුණා. හිපියො වගේ ආතක් පාතක් නැතුවම කොන්ඩ වවාගෙන, මාල, මුදු, බ්‍රේස්ලට්, වළලු වගේ රටේ නැති ඒවා පොරවගෙන හිටපු කොල්ලො දෙන්නා මගේ ජීවිතේටවත් දැකපු එවුන් නම් නෙමෙයි. ඇම්ඩට මොකක්ද මේ වගේ නසරානි සංස්කෘතියක එවුන් එකක් තියෙන ගණුදෙනුව.
“එහෙනම් උඹලා ගාණට වැඩේ දීපල්ලා.. මං පස්සෙ එන්නම්..”
ඇම්ඩා කොල්ලො දෙන්නට කියනවත්තෙක්කම උං පටාස් ගාලා මාරුවෙලා ගියා.
“කවුද බං ඒ මරුමුස් ඈයො දෙන්නා..?”
බයිසිකලෙන් බැහැලා, ඇම්ඩත් එක්ක උංගෙ ගෙවල් පාරෙ ටිකක් දුර ඇවිදන් එද්දි මං ඇහුවා. උගේ මූණට පුංචි හිනාවක් ආවා.
“උඹ හිතන්නෙ කවුරු කියලද..?”
“මංදා බං.. කාට හරි ගේමක්වත් දුන්නද..?”
ගාණට වැඩේ දීපල්ලා කියන වචන ටික මට ඇහිච්ච හින්දා මං ඇහුවා.. ඇම්ඩගෙ හිනාව තව ඩිංගක් වැඩි වුණා.
“නෑ බං.. ඔය අපේ ස්ටේජ් එක අලංකාර කිරීම සඳහා ඉන්න සපෝටර්ස්ලා.. ෂෝ එක වෙලාවෙදිම බලපංකො.. ආයෙ ඉතිං ලොවෙත් නෑ..”
“උඹ හුඟක් දේ ගැන හිතනවා ඇම්ඩා..”
“එහෙම තමයි බෙකම්.. උඹ වෙනුවෙන් නොකරන දෙයක් මගේ ළඟ නෑ..”
ඇම්ඩගෙ ඒ වචන ටිකේ තිබ්බ ශක්තියට, මගේ ඇඟේ හැම ලේ නහරයක්ම හිරි වැටිල ගියා.. ඇත්තටම ඉතිං ඇම්ඩා වගේ යාලුවෙක් ළඟින් ඉන්නකොට මොන තරම් ශක්තියක් හිතට දැනෙනවද..?
“හ්ම්.. ඔතනින් ඇතුළට යමු..”
ඇම්ඩලගෙ ගෙදරට තව දුර යන්න තියෙද්දි ඌ මගේ අතින් ඇද්දා.
“මේ කොහෙද බං..?”
ඇම්ඩයි මායි නතර වෙලා හිටියෙ, සාගරයක් වගේ ලොකු තට්ටු දෙකේ ගෙයක් ගාව. ඒක ඇතුළට යන්න තියා ගේ දැක්කහමත් නිකං කිචි කිචි වගේ.
“ආ.. ඇම්ඩා අපි මේ කොහෙද යන්නෙ..?”
කතාවක් බහක් නැතුව ගේට්ටුවෙ යකඩ කොක්ක පන්නන ඇම්ඩගෙන් මං ඇහුවා. මේකා මුංගෙ ගෙදර යකඩ කොක්ක පන්නනව වගේනේ මෙතන රඟන්නෙ.
“දිවිය ලෝකෙට බෙකම්.. දිවිය ලෝකෙට..”
ඒක නම් ඉතිං ඇම්ඩා කියන්න ඕන නෑ.. ගේ දැක්කම නිකම්ම එහෙම හිතෙනවා.
“ඇම්ඩා බලාගෙන..! පත දඩෝරියෙක්ගෙ බිරුම් සද්දයක් එනවා..”
මං මඟ නතර උනා. මොකද කියනවනම් දඩෝරියන්ට කියල හපාගන්න මං කැමති නෑ. වැරදිලාවත් හපල තිබුණොත් බුරිය වටේටයි, පස්ස පැත්තටයි, ඉන්ජෙක්ෂන් කීයක් විතර වදියිද දන්නෑනෙ..
“මං ඌ තමයි මරන්න ගියේ..”
“මොකක්..?”
මට නම් දැන් ඇම්ඩා කියන කතන්දර අංඩර දෙමළ ගාණයි.
“ඔව් ඔය බලු තඩියව මට පේන්න බෑ.. ඌ මගේ දෑහට නොපෙනී ඉන්න එකමයි කාරිය..”
මොන නොපෙනී ඉන්නවද..? මහා පත සයිස් දඩෝරියෙක්ගෙ බිරුම් සද්දෙ කණ ගාවින්ම ඇහෙනවා. සද්දෙ හැටියට නම් ඌ අපිටත් වැඩිය උස මහත බලු තඩියෙක් වෙන්න ඕන.
“ඇම්ඩා..! මෙහේ කවුද ඉන්නෙ..?”
“ඉන්න එවුන් ගැන මං කියන්නම්.. ඊට කලින් ඔය බොන්සායි ගස් පේලිය අයිනෙන් බලපං..”
කියන පරක්කුවට මාත් එබිල බැලුවා. මගේ සන්තෝ.. ගෙදරක කාමරයක සයිස් එකට හදල තිබ්බ කූඩුවක හිටියෙ හයේ හතරෙ සයිස් කලු බල්ලෙක්.. දැක්කහම ඇඟ හිරිවැටෙනවා.
“ඇම්ඩා මේ..? උගේ එක කටකට අපි දෙන්නම මදි.. පිස්සු නටන්නැතුව යමං.. නිකං හරි කූඩුව ඇරගෙන ආවොත් සොරිම තමයි..”
“උඹට කියන්න බෙකම්.. මං ඔය රෝවර් තඩියා තමයි මරන්න ගියේ..”
කට කොනට ලාවට හිනාවක් ගන්න ගමන් ඇම්ඩා කිව්වා. රෝවර් කියපු ගමන්, මගේ ඔලුවට පටාස් ගාලා ආවෙ දවස් ගානකට කලින් ඇම්ඩයි, ඉන්කියි අතර උන කතාව. රෝවර් උඩු බරන තාලෙට ළඟදිම අවමගුලක් ෂුවර් කියල ඇම්ඩා කටේ තෝලේ නොගෑවී කීව්වෙ.. ඒ අවස්ථාවයි, මේ අවස්ථාවයි එකට සම්බන්ධ වුණාම හැටේ වේගෙන් මට උත්තරේ හම්බවුණා. ඒ මේ අපි ඇවිල්ල ඉන්නෙ කොහෙටද කියනෙක.
“ඇම්ඩා.. මේ ඉන්කිලගෙ ගෙදරද..?”
එහෙම කියලා මට කට ගන්න හම්බවුනේ නෑ.. ඉන්කිගෙ කටහඬ උඩ තට්ටුවෙ බැල්කනි එකෙන් ඇහුණා.
“දෙයියනේ.. නවෝද්..”
සතුටයි.. පුදුමයයි දෙකම පිරුණු කටහඬින් මහා සද්දෙට කෑගහන ගමන් ඉන්කි බැල්කනි එකෙන් අයින් වුණා. එයා ගේ ඇතුළෙන් එළියට එන්නයි හදන්නෙ.. මං ඇම්ඩා දිහා බැලුවම ඌ මෙලෝ සංසාර දෙයක් දන්නැති තොත්ත බබෙක් වගේ මං දිහා බලන් හිටියා. ඇත්තටම ඉතිං මේකව මැරුවත් මදිනේ මේ ලෝකෙ දෙයක් කියන්නැතුව මාව ඉන්කි ළඟටම එක්කං ආපු එකනේ වැඩේ කියන්නෙ.
“අ..නේ නවෝද්.. හරිම පුදුමයි.. හරිම පුදුමයි.. ඔයා අපේ ගෙදර..”
ඉස්සර මහ විසාල දොරෙන් එළියට දුවන් ඇවිල්ලා ඉන්කි මගේ අතේ එල්ලුනා. යකෝ.. මේ කෙල්ලගෙ අම්මල තාත්තල නැද්ද අප්පා.
“ඔව් ඉන්කි.. මං ඇම්ඩත් එක්ක ආවෙ.. මෙතෙනක්ට එනකන් මං දන්නෑ මේක ඔයාලගෙ ගෙදර කියල..”
“අනේ ඇත්තද නාලක.. ඔයා නවෝද්ට මුකුත් නොකියද එක්කන් ආවෙ..?”
මගේ අතේ එල්ලිලා ඉන්න ගමන් ඉන්කි හුරතල් වෙනවා.. කවදාවත් නැති විදියට කැටයමුත් ගොඩයි.. කෙල්ලගෙ හිතේ මොනව තියෙනවද මංදා.. මේ විදියට හැසිරෙන්නෙ.. අත ඉන්කිගෙන් ගලවගන්න මට හිතුණත් ඉන්කිගෙ හිත රිදෙයි කියල මං ඒ දේ කෙරුවෙ නෑ.
“ඔව්.. බෙකම්ට නම් මුකුත් කිව්වෙ නෑ.. හැබැයි ඉන්කි අර ඔයාගෙ රෝවර් තඩියට නම් මං වැඩක් දෙනවා.. ඌට කියන්නකො ඩිංගක් හෙමීට බුරන්න කියල..”
“ඔයාම කියන්නකො නාලක.. ඉන්න මං ඌව කූඩුවෙන් එළියට දාන්න..”
විහිලුවටද ඇත්තටමද මංදා ඉන්කි එහෙම කියද්දි මගේ ඇගේ මයිල්, ඉස්මයිල් උනා. ඇම්ඩගෙ මූණත් කරත්තෙට අහුවෙච්චි රෙඩ් බුල් කෑන් එකක් වගේ උනා.
“ඉන්කි මේ.. ඔයාට ඕන අපේ හත් දවසෙ දානෙත් මෙතනම දෙන්නද..? ආ.. මායි බෙකමුයි ආවෙත් වැදගත් වැඩකට.. ඒක ගැනවත් අහන්නෙ නැතුව මේ තරම් පත ගෙයක මිදුලෙ අපිව තියාගෙන විලි ලැජ්ජාවක් නැතුව දඩෝරියෙක් ලිහන්න හදනවා.. අම්මප කැතයි හොදේ ඕවා නම්..”
ඇම්ඩා නිල බලලා ගහපු හින්ට් එකට ඉන්කිගෙ මූනට ලැජ්ජාවක් වගේ හැඟීමක් ආවා. ඒක හින්දා කෙල්ල මගේ අතින් ඇඳගෙන ගේ ඇතුළටම ගියා. ඇම්ඩත් වටපිට බල බලා මායි ඉන්කියි පස්සෙන් ආවෙ, රෝවර් දඩෝරියා කොයි මුල්ලකින් හරි මතුවෙයිද කියලා දන්නෑ වගේ.
“ඔයාලා ෂෝක් දවසෙ ආවෙ නවෝද්..”
සාලෙ මායි, ඇම්ඩයි වාඩි උනාට පස්සෙ ඉන්කි කිව්වා.
“ඇයි ඉන්කි..?”
“අද ගෙදර කවුරුවත්ම නෑ..”
“බෙකම්.. ගෙදර කවුරුවත්ම නැත්නම්, අපි ආපු වැඩේට බහිමු.. මොකෝ කියන්නෙ..?”
“මොන වැඩේද නවෝද්..?”
“මං දන්නෙත් නෑ.. ඇම්ඩා තමයි මාවත් ඇදගෙන ආවෙ..”
“ඇත්තටම කතන්දරේ මේකයි ඉන්කි.. මං බෙකම්වත් ඇදගෙන මෙහේ ආවෙ, ඔයා බෙකම්ට හුඟක් හිතවත් කියල මං දන්න හින්දා.. බෙකම් සාමාන්‍යයෙන් ආවට ගියාට කොහේවත් යන කොල්ලෙක් නෙමෙයි.. ඒත් මං අඬගැහුව ගමන් ආවා. ඒ මං විශ්වාස හින්දා..”
ඇම්ඩා ඒපාර මොනවද මේ කියවන්නෙ.. මට හිතාගන්න බැරිවුණා, කොයි තරම් අපත වැඩ කරත් මේකා සීරියස් වෙන්න ගත්තම, පට්ට සීරියස් වෙනවනේ..
“සමහර විට ඔයා දන්නවත් ඇති, නොදන්නවත් ඇති.. අපේ බෙකම් පොඩි වැඩක් පටන්ගත්තා.. දැල්ලාස් හෝප් කියලා..”
එතන ඉඳලා මං හීනෙකින්වත් හිතපු නැති විදියට ඇම්ඩා ඉන්කිට දැල්ලාස් හෝප් එක මුල ඉඳල අඟටම විස්තර කරා. ඒක ඇත්තටම සර්ව සම්පූර්ණ විස්තරයක්. ඌ කියවන් ගිය විදියට මං ඒක ඇතුලෙ කෙනෙක් උනත්, මටත් ආස හිතුණා.
“ඔයාලට මොනවද නාලක මගෙන් කෙරන්න ඕන..? නවෝද් වෙනුවෙන් මට හුඟාක් දේ කරන්න පුළුවන්..”
ඉන්කි මගේ දිහා බලාගෙන කිව්වා. ඇත්තමයි කෙල්ලෙ ඒක නම් ටිකක් බරපතල කතාවක්. මගේ හිතත් නිකං මොනවදෝ වෙලා ගියා..
“බෙකම්..! ඔය ටිකට් පොත් ටික ඉන්කිට දෙන්න..”
ඔන්න දැන් තමයි මට වැඩේ නිට්ටාවටම තේරුණේ.. ඇත්තටම ඉතිං.. බාලිකාවෙ බොහොම ලේසියෙන් මේ ටිකට් පොත් ටික විකුණලා දාන්න පුළුවන්.. ඒකට හොඳම කෙනත් ඉන්කිම තමයි.. එයා බොහොම ලේසියෙන් මේ වැඩේ කරයි.. මට ඇම්ඩා ගැන යාලුකමට වඩා මාර භක්තිමත් හැඟීමක් ආවා.. ඌ කොයි තරම් මේ වැඩේ ගැන හිතනවද..? මොන තරම් කැපවෙනවද..?
“සිම්පල් කේස් එකක්නේ නවෝද්.. මීට වඩා බර වැඩක් බාරගන්න ඔය ප්‍රොජෙක්ට් එකේ මට නැද්ද..?”

thanks buddiyo ithuru tikath ikmanata dapanko
rep 5+