.: Flowers Of War (Heart Touching Story) :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    යුද්දයක් කියන්නේ අමිහිරි මතකයක්, කුරිරු අතීතයක්....ඒක කවදා කොහේ කාට වුනත් එකයි...අපිත් ඒ වගේ කුරිරු අතීතයක ජීවත් වෙච්ච මිනිස්සු....මතකද යකඩ ගුලි වලින් මිනිස් ජීවිත පසාරු වෙච්ච ඒ යුගය....?:( සමහරුන් නම් ඒ අතීතය ලේසියෙන්ම අමතක වෙලා ගිහින් වගේ හැසිරෙනවා ඒත් ඒ දේ ඇත්තටම අත්දැකපු මිනිස්සුන්ට නම් කවදාවත් ඒ අමිහිරි මතකය මොහොතකටවත් අමතක කරන්න පුළුවන් කමක් නෑ.....:no: මේ කියන්න යන්නෙත් ඒ වගේ කුරිරු යුද්දයක අමිහිරි මතක සටහනක් පාදක කරගෙන නිර්මාණය වෙච්ච චීන චිත්‍රපටියක් ගැන....:(

    l_1410063_3b8f18b5.jpg

    මේ යුද්දේ ඇති වෙලා තියෙන්නේ ජපානය සහ චීනය අතර, මම දන්න විදියට ජපානය විසින් චීනය ආක්‍රමණය කිරීමක් තමයි සිද්ද වෙලා තියෙන්නේ.....:yes: මේ ආක්‍රමණය ඉතාම කුරිරැ විදියට සිද්ද වෙච්ච එකක්, චිත්‍රපටයේ පෙන්වන විදියට එක චීන වැසියෙක්වත් ඉතුරු නොකොට ඝාතනය කිරීමක් තමයි ආක්‍රමණිකයින්ගේ අරමුණ වෙලා තියෙන්නේ....:( ඒ නිසාම ගැහැණු පිරිමි , කුඩා ළමුන් කියල භේදයක් නැති සාහසික ඝාතනය කිරීමක් සිද්ද වෙනවා.....ඒ වගේම ගැහැණු උදවිය මරා දාල තියෙන්නේ වධ දීල දුෂණය කරාට පස්සේ.....:( ඉතින් මේ වගේ මිලේච්ඡ යුද්දයක් අස්සේ පල්ලියක සිටින ශිෂ්‍යාවන් පිරිසක් මේ කුරිරැ ජපන් හමුදා භටයින්ගෙන් බේරාගැනීමට දරන වෑයමක් තමයි මේ චිත්‍රපටයේ තියෙන්නේ.....හැබැයි මේ ගලවාගැනීමේ මෙහෙයුම සිද්ද කරන්නේ චීන හමුදාවෙන් නම් නෙවෙයි(මුලින් චීන හමුදා සොල්දාදුවන් කීප දෙනෙක්ගේ සහයත් ලැබෙනවා), මේකට මුලික වෙන්නේ ඇමරිකානු ජාතිකයෙක් සහ ඒ ප්‍රදේශයේ ඉන්න ගණිකාවන් පිරිසක්.....මෙතනදී සංවේදීම පරිත්‍යාගය වෙන්නේ මේ ගණිකාවන්ගෙන් සහ කුඩා පිරිමි ළමයෙක්ගෙන්.....:(

    3d3d4fab1.jpg


    159223_trailer-christian-bale-in-the-flowers-of-war.jpg


    The_Flowers_of_War_79019_Medium.jpg


    යුද්දයේ සැහැසි බව, කුරිරු බව වගේම ආදරය සහ පරිත්‍යාගය ගැනත් පෙන්නල දෙන ඉතාම සංවේදී චිත්‍රපටයක්....:yes: