ඉතින් සහෝදරවරුනි අද මම කියන්නේ යන්නෙත් යතුරුපැදි සම්බන්ධව ඔබ දන්නා කරුණු වලට එහා ගිය යමක් ඔබ වෙතට ගෙන ඒමටයි.
හැමදාමත් යතුරුපැදියක විස්තර කියපු මම ඔන්න අද කියන්නේ යන්නේ යතුරුපැදි පිළිබඳව ඔබ ආස කරන දත්තයන් හා තොරතුරු ය.
ඉතින් ඔබත් දන්නා කියන කරුණු තිබේ නම් මෙහි පලකරන මෙන් ආදරයෙන් ඉල්ලා සිටිමි......

01. ලොව පළමු යතුරුපැදිය
මෙය 1885 දී ජර්මන් ජාතික Gottlieb Daimler සහ Wilhelm Maybach විසින් නිපදවනු ලැබූ අතර එන්ජිමෙහි සමහර කොටස් හැර අනිත් සියලුම දෑ දැවයෙන් (ලී භාවිත කොට) නිර්මාණය කර ඇත. එය ප්‍රථම සාර්ථක යතුරුපැදිය ලෙස හඳුන් වන්නේ එය ඉන්ධන දහනය කිරීමෙන් ලැබෙන බලයෙන් ක්‍රියා කරන ලද නිසා වන අතර තනි පුද්ගලයෙකුට පමණක් යා හැකි පරිදි නිර්මාණය කර තිබුණි.ඔවුන් මෙය හැඳින වුයේ Reitwagen ලෙසයි. එහි තේරුම වන්නේ " පැදිය හැකි කාරයක්" යන්නැයි.
02. දැනට ලොව නිපදවෙන වේගවත්ම සහ ජනප්‍රියම යතුරුපැදිය
ලෝකයේ දැනට වේගවත්ම සහ ජනප්‍රියම යතුරුපැදිය ලෙස සැලකෙන්නේ Suzuki Hayabusa මාදිලියයි.එහි GSX1300R යන මාදිලියේ යතුරුපැදියක් දැනට වේගවත්ම ධාවනයේ ගිනස් වාර්තාවට හිමිකම් කියයි 190 mph (305 km/h). මෙම යතුරුපැදි ධාවන තරඟ සඳහා යොදා නොගන්නා අතර සාමාන්‍ය මාර්ග වල ධාවනයට නිපදවා ඇත.Honda CBR1100XX Super Blackbird යතුරු පැදියට කලින් හිමිව තිබු මෙම කිරුල පසුව Suzuki Hayabusa GSX1300R යතුරුපැදියට හිමි වුණි.
03.ලෝකයේ මිලෙන් අධික යතුරුපැදි අතර මුල් තැන.
ඇමෙරිකාවේ Chrysler සමාගම විසින් නිර්මාණය කෙරුණු Dodge Tomahawk යතුරුපැදිය දැනට ලොව මිලෙන් ඉහලම යතුරුපැදිය ලෙසේ සැලකෙයි. Dodge Viper කාරයේ V10 SRT10 එන්ජිම යොදාගෙන නිපදවූ මෙම යතුරුපැදිය අශ්වබල 500 කින් යුක්ත වෙයි. Honda Hornet 250cc එකක ඇත්තේ අශ්ව බල 40 ක් පමණි.
මෙහි ඉදිරිපස රෝද 2 ක් සහ පසුපස රෝද 2 ක් ලෙස රෝද 4 ක් ඇති අතර දැනට නිඅපදවා ඇත්තේ එකක 9 ක් පමණි. ඔවුන් මෙම යතුරු පැදිය US$ 555,000 කට මිල කර ඇත.
04. ලොව විශාලම ධාවනය කල හැකි යතුරුපැදිය
ඇමරිකානු ජාතික Gory Dunham විසින් ලොව විශාලම ධාවනය කල හැකි යතුරුපැදිය නිපදවා ඇති අතර, මෙය උසින් අඩි 11 වන අතර ටොන් 3 ක් පමණ බරකින් යුතු වෙයි.
05. දැනට ලොව වැඩිම යතුරුපැදි නිපදවන සමාගම.
1959 සිට වර්තමානය දක්වා එකම සමාගමක් පමණක් ලොව වැඩිම යතුරුපැදි ප්‍රමාණයක් නිපදවීමෙහි වාර්තාවට හිමිකම් කියන බව කිවහොත් ඔබ පුදුමයට පත්වේවී. එහි කිරුල අද දක්වා හිමිවී ඇත්තේ Honda සමාගමටයි. 1982 කාල සමයේදී ඔවුන් වසරකට යතුරුපැදි මිලියන 03 ක් නිපදවිය. එය අද වන විට වසරකට 550000 ක් පමණ වුවත් වර්තමානයේ වැඩිම නිපදවීම වාර්තා කරයි.
06. ලොව පළමු EFI යතුරුපැදිය.
1970 දශකයේ ජපානයේ Honda සමාගම විසින් කෙරුණු පර්යේෂණ වල ප්‍රතිපලයක් වශයෙන් 1980 දී පමණ CX500Turbo ලෙස EFI සහිතව සංකීර්ණ නොවන අමතර turbo පද්ධතියකින්ද යුක්ත වුනු අතර මෙම Turbo ක්‍රමය වර්තමානයේ Pulse Secondary Air Injection ලෙස යතුරුපැදි සඳහා යොදා ගනී. වර්තමානයේ වාහන ක්ෂේත්රයේ EFI යන්න නිතර කියෙවෙන අලුත් දෙයක් උනත් Honda සමාගම එය යතුරු පැදි වලට ආදේශනය කලේ 1980 දී බව මතක තබා ගත යුතුයි.
07. පළමු Disk-Brake සහිත යතුරුපැදිය.
1928 දී පළමුව ද්‍රව රෝධක Ascot-Pullin යතුරු පැදි සඳහා යොදාගත්තද, 1969 දී Honda සමාගම විසින් නිපදවූ CB750 යතුරුපැදිය මුල්ම Disk brake සහිත යතුරුපැදිය ලෙස හඳුන්වයි.එම හඳුන්වාදීම තුලින් ඔවුන් විශාල වශයෙන් ප්රචාරනයක්ද ලබාගත අතර CB750 යනු Honda සමාගමෙහි යතුරුපැදි නිපදවීමේ සන්ධිස්තානයක ලෙසද ඔවුන් හඳුන්වයි.
08. කම්පන නිවාරක (shock-absorbers) සහිත ප්‍රථම යතුරුපැදිය.
1934 දී Nimbus නම් ඩෙන්මාර්ක් සමාගමක් විසින් ප්‍රථම වතාවට ද්‍රව භාවිත කොට කම්පන නිව්වරක යොදාගෙන යතුරුපැදි වලට එය සවි කිරීමට කටයුතු යෙදු බව ඉතිහාසයේ සඳහන් වෙයි.නමුත් මෙහි පසුපස සඳහා කිසිම කම්පන නිවාරකයක් නොමැති වූ නමුත් මෙම ඉදිරිපස නිවාරක නිසා ඉතාමත් පහසුවෙන් වලවල් සහිත පාරක වුවුද යාහැකි වුණි.මන්ද ඉදිරිපස කෙටීමකට ලක් නොවන නිසා වෙනි
ඉතින් මෙම ලිපිය පිළිබඳව ඔබගේ අදහස් පලකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටින අතර, ඔබ සතු යතුරු පැදි පිලිබඳ විශේෂ කරුණුද එක් කරන ලෙස ආරාධනා කරමි.......!
==================================================
මගේ වෙනත් යතුරුපැදි සම්බන්ධ ලිපි:
ජපන් බයික් එකක් මිලදී ගැනීමට පෙර.....
Honda VTR250
Honda Hornet CB250F
Honda Jade CB250F

its my style