ශොපින් ගියෙමි

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පාටියකට ඇදුම් ගන්න
    ලස්සන කිට මරලා යන්න...
    ආසා හිතිලා මටත් ඔන්න...
    ගියා ශොපින් කරලා එන්න....
    3.gif


    ශර්ට් එකක් ගන්න ඕන...
    කලිසමකුත් ගන්න ඕන...
    බෝට්ටුවක් වගේ තියෙන...
    ශුස් දෙකක් ගන්න ඕන...:cool::cool:

    සෙන්ට් එකක් ගන්න ඕන...
    බෙල්ට් එකක් ගන්න ඕන...
    ඔක්කොම එක තැනක තියෙන..
    කඩයකට්‍ම යන්න ඕන....:cool:

    හායි ඩලා අද හවසට...
    යන්න ඕනෙ ශොපින් වලට...
    මගෙ තනියට ආදරයට....
    එනවද මා එක්ක යන්ට...
    9.gif


    හරි හරි ඈ එනවා කිව්වා....
    හවස් වරුවෙ එනවා කිව්වා...
    ඇගේ ලගට සිතින් දිව්වා...
    සිහින හතක් දවල් මැව්වා...:cool:
    9.gif


    බයික් එකේ යනවාදෝ...
    බස් එකකින් යනවාදෝ...
    පාකිං ෆුල් වෙලා හවස..
    මල මගුලක් සෙට් වෙයිදෝ....

    පායනකොට අද හවසට
    ඇදුමක් දාගෙන එළියට...
    ගිහිං එන්න යමි විගහට...
    දහදාහක් ගෙන අතකට... :cool::cool:

    පාට පාට ලයිට් ගොඩයි...
    ජාති ජාති ෆැශන් ගොඩයි..
    කොන්ඩ කපයි කොන්ඩ වවයි
    කොල්ලා කෙල්ල වෙලා හැඩයි...:rofl:

    සෙනග මැදින් ඇවිදින්නේ...
    ශොපින් මෝල් දිස් වෙන්නේ...
    අතින් ඇදන් ඇය යන්නේ...
    මං පස්සෙං ඇවිදින්නේ.....:baffled::dull:

    මේ ස්කර්ට් එක නියමයි....:shocked:
    බ්ලව්ස් එකට තිතට කැපෙයි...:baffled:
    ඉයර් රිංග්ස් හරි පරණයි :dull:
    ඒකත් ගත්තොතිං හොදයි...:shocked::baffled:

    ජින්ස් හතයි මට තියෙන්නෙ....:eek:
    ශිහාරාට ඊට වැඩිනෙ.....:oo:
    මං කොහොමද සෙකන්ඩ් වෙන්නෙ...:dull:
    ඔයාටමනෙ ලැජ්ජා වෙන්නෙ...:sorry:

    ජින්ස් එකට තුන්දාහයි...:baffled:
    බ්ලව්ස් එකට එක් දාහයි...:baffled:
    ඉයර් රිංස් අරවා මේවා...:baffled:
    අරුමෝසම් තුන් දාහයි....:(

    අනේ සුදූ ඇති නේදෝ...
    මමත් ඇදුම් ගන් නැද්දෝ...
    වෙඩින් එකට යන් නැත්දෝ...
    මගෙ පර්ස් එක හින්දයිදෝ...

    අරුමෝසං දිසිසෙන්නේ...
    කුරුමානං අල්ලන්නේ....
    තව තව කඩ සෙට් වෙන්නේ
    මගෙ සායම් දියවෙන්නේ...

    ශර්ට් එකක් අරගන්නේ...
    දෙදාහක්ම වැය වෙන්නේ...
    ඒක අරං මං එන්නේ...
    ඇයට සැටිස් නැති වෙන්නේ...

    දවල් ඉදං බඩගින්නේ....
    මොනවද දැං මම කන්නේ....
    ඔයා ඉතිං හැන්ඩ්සම් නේ...
    පීසා එකක් අරගන්නේ... :baffled:

    හදිස්සියට තියං ඉන්න...
    පර්ස් එකේ නවං ඉන්න...
    සල්ලි අරං ඇයට කන්න...
    පීසා එකක් අරං දෙන්න...

    සල්ලි මිටිය ඉවර වෙන්නෙ...
    ජල්ලි නැටුම නතර වෙන්නෙ...
    පුල්ලි ගොනා කර ගහන්නෙ...
    ඈ ඇරලං ගෙදර යන්නෙ...

    යුවති පතුනි අහගන්නේ....
    ඔබ දෙපලට ජය වෙන්නේ....
    සාදය හොද හැටි ගන්නේ...
    මං ඕවට නෑ එන්නේ..... :dull::no::no:



    ඔබේ අදහස් සතුටින් බාරගනිමි...
    3.gif

     
    Last edited: