Mama Harida? Kiyawalama Balanna

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඔන්න ඉතින් මට වැඩිය පුරුදු නැති වැඩකට අත ගහන්න කියල තමයි හදන්නේ, මේ වැඩේට මට වඩා දක්ෂ සසිලිට්, දත් කිඹුලා වගේ අය ඉන්නවා, එත් අද අහම්බෙන් සිද්ද උණු සිද්දියක් නිසා මට මේක දාන්ඩ හිතුනේ.
    ඒ තමයි, අද මන් ඉන්නේ ගොඩක් අසනීප තත්වෙන් ඉතින් කොම්පීතරේ දාන්නේවත් නැතුව ඇඳට වෙලා පුද්ගලික රේඩියෝ නාලිකාවක සින්දුවක් අහගෙන ඉද්දි ඇහුන ගීතයක් නිසා තමයි මේ සිද්දිය මේ විදියට දාන්ඩ හිතුවේ. සින්දුවක තේරුම ටිකක් අමුතු වෙන තරමට එකේ රසය වැඩිවෙන සිද්ධියක් තියනවනේ ඔය සම්භාව්‍ය සහ සුභාවිත කියන කැටගරි ඇතුලේ. ඉතින් මටත් මේ සින්දුවේ කියන තේරුම ගොඩක් හිතට දැනුන. අත්දැකීමක් වගේ එකක් තිබුනත් මේ දේ අද සමාජේ ආදරය කරන දෙන්නෙක් අතර ගොඩක් දුරට සිද්ද වෙනවා නේද කියන හැගීම මට දැනුන. එහෙනම් අවසරයි දිග අරින්න මගේ සිතුවිලි මාගල.

    හතර වරම් ඔක්කොම කීවට කීවේ නෑනේ සින්දුව මොකද්ද කියල නේද? සින්දුව තමයි දීපිකා ප්‍රියදර්ශනී පීරිස් මහත්මියගේ මට කඳුළු එන්න කලියෙන් කියන ගීතය.
    Y1LgG.jpg


    මට කඳුළු එන්න කලියෙන් මං දමා යන්න
    නෑ හයියක් මට නුඹ දැක දැක පලා යන්න
    මට කඳුළු එන්න කලියෙන් මං දමා යන්න


    ආදරය කරන දෙන්නෙක් කවදාවත් ආදරෙන් හමුවෙනවා මිසක් වෙන් වෙන්න බලාගෙන හමුවෙන්නේ නෑනේ, නමුත් එක්කෙනෙක්ගේ හිතේ තියෙන්න පුළුවන් අද මේ අපි හම්බවෙන්නේ අන්තිම වතාවට නේද කියන දේ. ඉතින් අන්න ඒ වගේ අවස්තාවක මේ ගීතයේ කතා නායිකාව වෙන ගෑනු ළමයත් තමන් ආදරය කරන කෙනාව හම්බවෙන්න එන්නේ ආදරෙන් කාලය ගත කරන්න නෙවේ අදින් පස්සේ අපි හම්බවෙන්නේ නෑ කියන පණිවිඩය කියල යන්න. නමුත් එහෙම කියන්න සිද්දවෙලා තියෙන්නේ කැමැත්තකින් හෝ සතුටකින් නොවෙන බවට අපිට හන්ගීමක් එනවා ගීතයේ පවතින සංගීතමය ගතියට සහ එම පද පේළිවල තියන දුක මුසු වචන නිසා. ඒ බව අසන්නාට දන්වන්න තමයි රචකයා විසින් මට කඳුළු එන්න කලියෙන් මං දමා යන්න නෑ හයියක් මට නුඹ දැක දැක පලා යන්න කියන වචන ටික මනාවට ගලපා ඇත්තේ.

    මේ පුර හඳකට පෝය ලැබෙන අන්තිම මොහොතයි
    හෙට අවපස වී මන් එන කොට අඩන්න නරකයි
    තව එපා ඉන්න...........තව එපා ඉන්න.........
    ඔය ඇස් බැලුවම මට බෑ හෙට තලි අඳින්න


    මෙතැනදී රචකයා වගබලාගෙන තියනවා කතා නායිකාවගේ හෙටින් උදාවෙන ජීවිතය මොන වගේද කියල පෙන්නුම් කරන්න. මොකද මෙහි සඳහන් කරලා තියනවා මේ පුර හඳකට පෝය ලැබෙන අන්තිම මොහොතයි කියල, ඒ කියන්නේ තමන් පුර හඳක්නම් ඒ පුර හඳට ලැබෙන අන්තිම පෝය අද දවසයි, මේ මොහොතින් පස්සේ හෙට සිට මගේ ජීවිතයට අමාවක ලබනවා නමුත් එහෙම උනා කියල ඔයා අඩන්න දුක් වෙන්න එපා කියල තමන්ගේ ආදර වන්තයගේ ජීවිතේ ලස්සන කරන්න පුංචි හරි උත්සහයක නිරත වෙනවා අවසාන මොහොතේදීත්. ඒ වගේම ඇය විසින් ගත්තාවූ තීරණයේ තව දුරටත් ස්ථාවර වන්නට බැරි වෙයි කියල හිතෙන නිසා පෙම්වතාගෙන් බැගෑපත්ව ඉල්ලා සිටිනවා තව එපා ඉන්න කරුණාකරලා දැන් යන්න ඔයාගේ ඇස් දිහා, ඔයා දිහා බලන් හිටියොත් මට බැරිවෙයි හෙට අකමැත්තෙන් උනත් දෙමාපියන්ගේ කැමැත්තට ඉඩ දෙන්න කියල.

    සඳ වෙන අහසක සුදු සීතල සැමදා නුඹටයි
    අපි හිනැහී ඉමු හැමදාකම අපි අප ළඟමයි
    දැන් ඉතින් යන්න.......දැන් ඉතින් යන්න.....
    අතැඟිලි වැටුනම බැරිවෙයි මුදු පලඳවන්න්න


    ඔන්න ඉතින් දැන් තමයි නරකම වැඩේ. මේක මොන තරම් නරක සහ මොන තරම් සමාජ අසම්මතයක් උනත් මේ වගේ ජීවිත ඕනේ තරම් අද සමාජයේ අපි අතර තියනවා, එත් ඒවා පිට ලෝකෙට හැමදාම රහස් විතරයි. නමුත් දෙතැනක ඉඳගෙන හිත් වලින් ආදරය කරන අය අප්‍රමාණව මේ සමාජේ ඉන්නවා.
    ඉතින් මේ කතාවේ ගෑනු ළමයත් කියනවා එයාගේ ප්රේමවන්තයාට සඳ වෙන අහසක සුදු සීතල සැමදා නුඹටයි කියල. ඒ කියන්නේ සඳ පායන අහස වෙන එකක් උනාට එහි සිසිලස, සඳ එලිය හැමදාමත් ලැබෙන්නේ ඔයාට විතරමයි කියල. අපි දුක් නොවී හිනාවෙලා ඉම්මු කවුරු කොහොම අපිව වෙන් කරන්න හැදුවත් අපි අපේම විතරයි කියල. ඉතින් එක නිසා දැන් අපි වෙන් වෙලා යමු අපිට අපි නැතිවෙන්නේ නැති නිසා. මොකද අපේ අතැඟිලි එකතු උනොත් හෙට මුදු පළඳින්න බැරි වෙයි කියල.


    මට කඳුළු එන්න කලියෙන් මං දමා යන්න
    නෑ හයියක් මට නුඹ දැක දැක පලා යන්න
    මට කඳුළු එන්න කලියෙන් මං දමා යන්න

    මේ පුර හඳකට පෝය ලැබෙන අන්තිම මොහොතයි
    හෙට අවපස වී මන් එන කොට අඩන්න නරකයි
    තව එපා ඉන්න...........තව එපා ඉන්න.........
    ඔය ඇස් බැලුවම මට බෑ හෙට තලි අඳින්න

    සඳ වෙන අහසක සුදු සීතල සැමදා නුඹටයි
    අපි හිනැහී ඉමු හැමදාකම අපි අප ළඟමයි
    දැන් ඉතින් යන්න.......දැන් ඉතින් යන්න.....
    අතැඟිලි වැටුනම බැරිවෙයි මුදු පලඳවන්න්න


    පද රචනය ආනන්ද හේවා රන්හින්දගේ
    තනුව මහින්ද බණ්ඩාර
    ගායනය දීපිකා ප්‍රියදර්ශනිපීරිස්


    ඉතින් ඔන්න ඕක තමයි මේ සින්දුවේ අන්තර්ගතය කවුරුත් දනන්වනේ ඉතින් සෝමපාල අයියට බෑනේ ඔය සරල සොඳුරු සිංහල භාවිත කොරන්ඩ. ඉතින් අතරින් පතර ජහර කතා ටිකකුත් වැටිලා ඇති එකට සමාව මෙව්වා කොරන්ඩකෝ කස්ටියම.



    හරි එහෙනම් ඔන්න කොටලා ඉවරයි අසනීප තියාගෙන මේක ලීවේ මොකද පස්සට දැම්මොත් ආයේ කවදාවත් මේක ලියන්න වෙන්නනේ නැති නිසා. මහන්සියට සලකනවානම් ඉතින් හිස නමා ආචාර කරනවා
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මු දැන් හෙන සාහිත්‍ය කාරයෙක් වෙලානේ
    බලමු බලමු
    දතා සහ සසාට කෙලවෙයිද දන්නෙ නෑ
     
  • Jul 6, 2012
    10,680
    2,904
    113
    එළකිරි සෝමෙ අයියා
    කොල්ලා නියමෙට ගීතය විස්තර කරලා තියෙනවා
    ඔබට මගේ ආචාරය
    කියවලා බලලා තමයි කිව්වෙ හරිය නැත්තම නිකන්ම දැම්මා කියලා කියන්න එපා
    :lol:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    එල එල
    කොල්ලත් පව් බන්
    කෙල්ලත් පව් බන්
    දෙන්නම පව් බන්
    :(
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මු දැන් හෙන සාහිත්‍ය කාරයෙක් වෙලානේ
    බලමු බලමු
    දතා සහ සසාට කෙලවෙයිද දන්නෙ නෑ

    :shocked::shocked: pissunam kiyawanna epa un dennage ahalakata enna bha ban mata. man meka ahan iddi matath mekama sidda wela thiyana nisa saha danatath koragena yana nisa daanama hithune
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    එළකිරි කොල්ලෙක්;14044479 said:
    එළකිරි සෝමෙ අයියා
    කොල්ලා නියමෙට ගීතය විස්තර කරලා තියෙනවා
    ඔබට මගේ ආචාරය
    කියවලා බලලා තමයි කිව්වෙ හරිය නැත්තම නිකන්ම දැම්මා කියලා කියන්න එපා
    :lol:

    :lol::lol::lol: ela ela thanks
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    "පස්සට දැම්මොත් ආයේ කවදාවත් මේක ලියන්න වෙන්නනේ නැති නිසා"

    සෝමපාල උන්නැහේ මේ වචන ටිකේ අඩංගු වෙලා තියනවා සෑහෙන දෙයක්. මේක හොද කලාකරයෙකුගේ ලක්ෂණයක්.

    දන්නවා ඇති අපේ රටේ විශිෂ්ට නිර්මාණ සමහර වෙලාවට (පස්සට දැම්මොත් ආයේ කවදාවත් මේක ලියන්න වෙන්නනේ නැති නිසා) සිගරට් පැකට් එකේ එහෙම නැත්නම් ඊයම් කොලේ බිහිවෙලා තියනවා. :yes: :yes: :yes: Rep++
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මම කට්ටා;14044506 said:
    එල එල
    කොල්ලත් පව් බන්
    කෙල්ලත් පව් බන්
    දෙන්නම පව් බන්
    :(

    මම කට්ටා;14044520 said:
    වටේ යන්නලු

    ela ela wate gihin warenko ehenam

    kolla kella witharak newe ban ohoma una okkomala paw me maath athuluwa
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    "පස්සට දැම්මොත් ආයේ කවදාවත් මේක ලියන්න වෙන්නනේ නැති නිසා"

    සෝමපාල උන්නැහේ මේ වචන ටිකේ අඩංගු වෙලා තියනවා සෑහෙන දෙයක්. මේක හොද කලාකරයෙකුගේ ලක්ෂණයක්.

    දන්නවා ඇති අපේ රටේ විශිෂ්ට නිර්මාණ සමහර වෙලාවට (පස්සට දැම්මොත් ආයේ කවදාවත් මේක ලියන්න වෙන්නනේ නැති නිසා) සිගරට් පැකට් එකේ එහෙම නැත්නම් ඊයම් කොලේ බිහිවෙලා තියනවා. :yes: :yes: :yes: Rep++

    thanks bonzi
    ow eka aththa ehema bihi wena dewal godak lassana nirmaana mokada ewa hitha matha karapu dewall newe ahamben una dewal nisa