ඇදහැළුණු වර්ෂාවත් සමග මහවැලි හා ප්‍රධාන වාරිමාර්ග ජලාශවල ජල මට්ටම මේ වන විට 85% දක්වා ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍යංශය පවසයි.
ඒ අනුව උල්හිටිය, රත්කිඳ, කණ්ඩලම හා උඩවලව ජලාශ මේ වන විට වාන් දමමින් පවතින බව ජලසම්පත් හා ජල කළමනාකරණ අමාත්‍යංශය කියා සිටියි.
කොත්තමලේ, වික්ටෝරියා, රන්ටැඹේ, කාසල්රී, මාවුස්සාකැලේ, දඹුලූ ඔය , කලා වැව , රාජාංගනය, නාච්චාදූව, නුවර වැව, තිසාවැව, මින්නේරිය, පරාක්‍රම සමුද්‍රය යන ජලාශ වල ජලමට්ටම ද මේ වන විට ඉහළ ගොස් තිබේ.
වර්ෂාව සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් පැවතියහොත් මෙම ජලාශවල වාන් දොරටු විවෘත කිරීමට සිදුවන බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යංශය පෙන්වාදෙයි.
මේ හේතුවෙන් එම ජලාශ හා ගංගා ආශ්රිත ප්‍රදේශ වල ජීවත් වන ජනතාව අවධානයෙන් සිටිය යුතු බව එම අමාත්‍යංශය දැනුම් දෙයි.