ප්‍රශ්න ඇතිවුන කාලයෙ මොවුන් එකිනෙකාට චෝදනා කර ගත්තත් දැන්නම් හතර දෙනාම සහයෝගයෙන් සිටින බවයි පෙනෙන්නේ. සමිතාට අතුලගෙන් දරුවන් සිටින අතර දැන් අමායාට ත් අතුලට දාව දියණියක් සිටිනවා. සමිතා - අතුල එක්ව නව ගීත ගායනා කරනවා සේම දැන් සමිතා අමායාගේ හොදම යෙහෙළියක් වී ඇති බවයි පසුගිය සති අන්ත රිවිර පුවත් පතකට අමායා අධිකාරි අදහස් දක්වමින් කියා සිටියේ.
"මට අතුල මුණගැහෙන කොට වයස 17යි. අතුලගෙ 'ඊමේල් කවිකාරි' කියන ගීතයෙ විඩියො එකේ ඩාන්සර් කෙනෙක් විදිහට මම එකතු වුනා.එතනදී තමයි මුලින්ම හදුන ගත්තේ.පස්සේ අතුලගෙ තව විඩියෝ එකක මේන් ඩාන්සර් විදිහට එකතු වුනා. ඒ කාලේ තමා අපි හොදට දැන හැදිනගත්තේ. අපි ඩාන්සින් ප්‍රැක්ටිස් කලෙ එකට. අපේ ගෙදර අයත් අතුල එක්ක කිට්ටු වුනා.අපි අවුරුද්දක් දෙකක් හොද යාලුවො වගෙ හිටියා. විඩියෝ එකේ ඩාන්සින් ප්‍රැක්ටිස් කලෙ අතුලගෙ ගෙදර. සමිතා අක්කත් සමහර වෙලාවට ඇවිත් අපි එක්ක ඩාන්ස් කරනවා. සමිතා අක්කාත් මාත් එක්ක ගොඩක් යලු වුනා. අතුල සමිතා අතර විරසකයක් නෙමේ, මොකක්ද වෙනසක් තියෙනව කියල හිතුනා. එත් එහෙම දෙයක් ඇගවෙන විදිහට අතුල කතා කලෙ නෑ.
අතුලමයි මට ඒ යොජනාව ගෙනාවේ. මට අකමැති වෙන්න හේතුවක් තිබුනෙ නැහැ. මම එයාලව හදුනගනිද්දීත් එයලා අතර මොකක් හරි ප්‍රශ්නයක් තිබුනා. ඒ දෙවල් ගැන විස්තර කරල කියන්න මම දන්නේ නැහැ. එත් මම හොදටම දන්නවා ඒ දෙන්නා වෙන් වුනේ මම හන්දා නෙමෙයි කියල.
මම හිතන්නේ නැහැ අතුලට වයස පෙනවා කියලා. ඒ දවස් වල එයා කොන්ඩේ කපලා හිටියේ. එතකොට තවත් තරුණ පාටයි.මම කොහොමත් මගෙ වයසට වඩා වැඩිමල් පාටයි. ඒ නිසා අපේ වයස් වල ලොකු වෙනසක් පේන්නේ නැහැ කියල මම විශ්වාස කරනවා.මගෙ ගෙදරින් මුලින් අකමැති වුනා, අතුල දික්කසාද වුනු කෙනෙක් නිසා. පස්සේ මම ගෙදර අය එක්ක කතා කරලා තේරුම් කලා. අතුල නරක කෙනෙක් නෙමේ කියල. එයා ගොඩක් ඉවසීම තියන කෙනෙක්. කවුරුත් එයාට විරුද්ධ නැහැ. සමහර විට එයා වයසින් වැඩි නිසා බලපෑම් කලාට වැඩක් වෙන්නේ නැහැ කියලා හිතුනු නිසා වෙන්න ඇති.
අපි විවාහ වුනේ 2010 අවුරුද්දේ, අතුලට දික්කසාදය ලැබුනට පස්සේ. දැන් අපිට පුංචි දුවෙක් ඉන්නවා, එයාගේ නම අයින්ධ්‍යා අධිකාරි. එයා මගෙ පණ වගෙ. මගෙත් එක්ක ගොඩක් සමීපයි. අපි යාලුවො වගෙ. අතුල ඇත්තටම නිවිච්ච චරිතයක්. එයත් එක්ක ජීවත් වෙන්න හරි ලේසියි. කවදාවත් නිතී දාන්නේ නැහැ. එයාට ඕන දේ තෙරුම් අරං ජීවත් වෙද්දි හරි සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුලුවන්.
සමිතායි මායි තරහ නෑ. අදටත් අපි හොද යාළුවෝ, එයා ගොඩක් හොද යාළුවෙක්.
අමායා අධිකාරි






