Puppy Care - බලු පැටියෙක් හදනවනම්

niruz87

Member
Mar 28, 2012
29
53
0
38
Puppy Care - බලු පැටියෙක් හදනවනම්

එලකිරියෙ දාලා තිබුණු බලු පැටවු ගැන thread එකකට comment කරන්න ගියාම කියන්න දේවල් ගොඩක් තියෙන නිසා මේ විදියට බලු පැට්ටෙක් හදන්න කලින් හිතන්න ඕන දේවල් ගැන මගේ පළවෙනි එලකිරි thread එක දාන්න හිතුවා.. මගේ ලඟත් මාස 4 1/2ක ඩොබර්මන් බලු පැටියෙක් ඉන්නවා. එයාව ගන්න කලින් හොයල බලපු දේවලුත්, ගත්තට පස්සෙ ලැබුණු experience වලිනුත් තමයි මේ ලියන්නෙ. බලන කාටම හරි වැදගත් වෙයි කියල හිතනවා. :)

මගේ බලු පැටියා. මාස එක හමාරෙදි
bnew.jpg

අපේ රටේ ජනප්‍රියම large breed බල්ලො වර්ග විදියට Boxer, Dalmatian, Doberman, German shepherd, Golden Retriever, Labrador Retriever, Rottweiler කියන breeds ගණන් ගැනෙනවා. මේ විස්තර තියෙන්නෙ මෙන්න මේ කියන breeds වල බල්ලො හදනවනම් සැලකිලිමත් වෙන්න ඕන දේවල් ටිකක්.

ඔය කියන ජාතියෙ බලු පැටියෙක් නම් ගන්න කලින් හිතන්න ඕන පළවෙනිම සහ වැදගත් ම දේ තමයි , තමන්ට බල්ලෙක් ව නඩත්තු කරන්න පුළුවන් ද කියනඑක..නිකන් බල්ලො වගෙ නෙමෙයි, හොද ජාතියක බල්ලෙක්ට නම් සෑහෙන වියදමක් යනවා..

එයාලට මාස තුන වෙනකල් සති දෙකෙන් දෙකට කරන්න vaccine course එකක් තියෙනවා. තව දිගටම calcium සහ multi vitamin දෙන්න ඕන.. ඊට අමතරව skin coat එකටත් supplements දෙන්න පුලුවන්නම් හොදයි. ලොකු වුණාම මාස තුනකට සැරයක් පණු බෙහෙත් දෙන්න ඕන..

අනික මේ වර්ගවල බල්ලො ස්වභාවයෙන් ම හරිම active.. කුතුහලය වැඩියි.. විශේෂයෙන් ම පොඩි කාලෙදි. හැම දේටම හොම්බ දානවා.. ඉතින් එක එක ඒවා ගිලිනවා..අනතුරු, තුවාල කරගන්නවා.. ඒව ගැන සැලකිලිමත් වෙන්න ඕන.. නිතරම වගේ vet ගාවට යන්න වෙනවා. තමන්ට වාහනයක් තියෙනව නම් හොදයි, නැත්නම් ඒ හැම වෙලාවකම ත්‍රීවිල් එකක් වත් හයර් කරන්න වෙනවා.

අනික කෑම.. මේ කියල තියෙන බල්ලො ඔක්කොම ශරීර ප්‍රමාණයෙන් සෑහෙන විශාල අය.. large breed dogs කියලයි කියන්නෙ. ඉතින් එයාලගෙ උපරිම වැඩීමට එන්න නම් පොඩි කාලෙදි හොදට කෑම දෙන්න ඕන.. බලු කෑම (pedigree/eukanuba) ම දෙන්න පුළුවන්නම් හොදයි. ඒත් වියදම වැඩියි. අනික සාමාන්‍ය බල්ලෙක්ට දෙන කෑම දීලත් බැහැ. ඒයාගෙ පෝෂණ අවශ්‍යතා ගැන සැලකිලිමත් වෙලා විශේෂයෙන් වෙනම ම කෑම හදන්න ඕන.. කියන්නෙ මස්/මාලු කොටස් 1/2, බත් කොටස් 1/4, එලවළු/පලා/ධාන්‍ය කොටස් 1/4 mix කරලා දෙන්න කියලයි.. ගම්මිරිස්, ලුණු, මිරිස් කුඩු, තුනපහ පමණයි. කුළුබඩු නැතුව.. මාස 4 1/2ක් වෙන මගේ ඩොබර්මන් බලු පැට්ටා දැනට එක වේලකට සාමාන්‍ය පිරිමි කෙනෙක් වේලකට කන කෑම ප්‍රමාණය වගේ දෙකක් කනවා..

මාස තුන හමාරෙදි
dsc0016new.jpg


හැබැයි මේ බල්ලන්ට නිතර නිතර කෑම දෙන්න ඕන නෑ.. මාස 4 වෙනකල් වේල් 4ක්, 6 වෙනකල් 3ක් සහ 6න් පස්සෙ 2ක් දවසකට දුන්නම ඇති. ඒ දෙන එක ඉතින් උපරිමෙන් දෙන්න ඕන. මේගොල්ලන්ට විතරක් නෙමෙයි, ඕනම හොද වර්ගයේ බල්ලෙක්ට කිසිම වෙලාවක සීනි, චොක්ලට, පැණිරස, ලූණු දෙන්න හොද නැහැ..කොයි තරම් එයාල ආස වුණත්.

මෙයාලගෙ එච්චර දිග ලොම් නැති නිසා පිරිසිදුව තියා ගන්න නම් ලේසියි. ඒත් දිනපතා පිහිදාල බ්‍රෂ්කරන්න ඕන. එතකොට තමයි ලස්සන shiny coat එකක් එන්නෙ. සතියකට දවසක් හෝ දෙකක් නෑව්වම හොදටම ඇති.

අනිත් දේ ව්‍යායාම.. මෙගොල්ලො ස්වභාවයෙන් ම හරිම ශක්තිමත් බල්ලො. හුරතලේට ගේ ඇතුලෙ තියාගෙන අතපත ගාල හදන සත්තු නෙමෙයි. working dogs, utility dogs, gundogs කියන categories වලට වැටෙන්නෙ. ඉතින් මෙයාලට ගොඩක් ව්‍යායාම ඕන. ඇයි ඉතින් කන තරමකට වෙන දෙයක් තියෙන්නත් එපැයි. අඩුම දවසකට පැයක් වත් හොද ව්‍යායාම ඕන. ඇවිදිනවා, දුවනවා, පීනනවා වගේ දේවල්. අවශ්‍ය තරම් ව්‍යායාම නොලැබුණාම එයාලා නොසන්සුන්. එක්කො control කරන්න අමාරුයි.. එහෙම නැත්නම් කම්මැලි වෙනවා.. අන්තිමට අස්ථි වල, හමේ එක එක ලෙඩ හැදෙනවා.. අන්තිමට ලෙඩ ගානෙ ඉන්නෙ unhappy බල්ලෙක් ඉතුරු වෙන්නෙ.

තවත් වැදගත්ම දෙයක් තමයි එයාලගෙ කීකරු කම. හොදට හැදෙන අඩි තුනකට වඩා උස යන, කිලෝ 40කට වඩා බරවෙන බොහෝම ක්‍රියාශීලී බල්ලෙක් කියන දේ අහන්නෙ නැති වුණාම වෙන කරදර ගැන හිතලා බලන්නකෝ..ඒත් මෙයාලා සාමාන්‍ය බල්ලන්ට වඩා බොහෝම බුද්ධිමත් නිසා ලේසියෙන්ම train කරන්න පුළුවන්, හැබැයි නියම technique එකට නියම කාලෙදි පටන් ගන්න ඕන. කල් ගියාම අමාරුයි. තමන්ගෙ ස්වාමියාගෙ එක බැල්මට කීකරු වෙන තරමට, daily schedule එකකට මෙයාලව train කරන්න පුළුවන්.

තවත් දෙයක් , පවුලේ අයගෙ, විශේෂයෙන් තමන්ගෙ ස්වාමියාගෙ අවධානය කියන දේ මෙයාලට අත්‍යවශ්‍යයි.. එහෙම නොලැබුණාම මෙයාලව control කරන්න අමාරු තරම් විනාශකාරී වෙන්න පුලුවන්. ප්‍රමාණය විශාල නිසාත්, ශක්තිය වැඩි නිසාත් මෙයාට ගෙදර දොරේ ඕනම ලොකු බඩුමුට්ටුවක් වුණත් විනාශ කරන එක සිම්පල්. ඒත්ඉතින් ස්වාමියාගෙ daily life style එකට මෙයාලවත් හැඩගස්වා ගන්න නම් පුළුවන්. කොහොම වුණත් දවසකට අඩුම පැය බාගයක් වත් එයා එක්ක සෙල්ලම් කරන්න, කතා කරන්න, හුරතල් කරන්නම ඕන..

dsc0014new.jpg

ඔය විශේෂයෙන් Boxer, Dalmatian, Doberman, German shepherd, Golden Retriever, Labrador Retriever, Rottweiler වගේ බල්ලො හදනවනම් සැලකිලිමත් වෙන්න ඕන කරුණු වලින් වැදගත් ම දේවල් කීපයක් විතරයි. ඉතින් මේවට තමන්ගෙ කාලය, ධනය, ශ්‍රමය අවශ්‍ය තරම් වැය කරන්න අමාරුයි නම්, බල්ලෙක් හදන එක ගැන දෙපාරක් හිතන්න. නැත්නම් හදන්න ගන්න බල්ලත් පවු. ඔයත් පවු.

( මමේ කියල තියෙන්නෙ උඩ කියල තියෙන වර්ගවලින් බලු පැටියෙක් ව හොදට හදන්න ඕන කරන දේවල්.. මේව ඔක්කොම නොකලත් ඉතින් ඌ ජීවත් වෙයි, ඒත් උගේ උපරිමෙන් ම නිරෝගී, ලස්සන, ක්‍රියාශීලී, ප්‍රයෝජනවත්, සතුටෙන් ඉන්න බල්ලෙක් වෙන එකක් නෑ)
 
Last edited:

*Dinushi9*

Member
Oct 18, 2012
362
62
0
ඉතින් මේවට තමන්ගෙ කාලය, ධනය, ශ්‍රමය අවශ්‍ය තරම් වැය කරන්න අමාරුයි නම්, බල්ලෙක් හදන එක ගැන දෙපාරක් හිතන්න. නැත්නම් හදන්න ගන්න බල්ලත් පවු. ඔයත් පවු.

True..:yes: rep +
 

Dinuka44

Well-known member
  • Apr 8, 2008
    1,141
    47
    48
    thnx,, math ballek hadanna hitiye,, eth meka kiyauwahama hadana 1 atha ariya,, mokada mechchara kepawemen hadanna amarui mata ekai :(
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    mama nam machan personally ballo hadanna kemahi ne. E mokada e aya hariyata ape family eke kenek wage apita close wenawa. Kawada hari e balla merunahama apita godak duka hithei :(:(