හිම~කුමරි....

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    බින්දු බින්දු පිනිකැට රැදි....
    සීත පිරුනු මද පවනට.....
    මුසු කරන්න හදවත රැදි
    ඔබේ ආදරේ......
    කදු යායම පීරං එන...
    ඒ ආදරබර පවනෙන්...
    අස්වැසුමක් පිරි හුස්මක්...
    ගන්නම් සොදුරේ.........
    ඔබේ ආදරේ...........

    නිල්ල පිරුණු මිටියාවත....
    මැදින් වැටුනු මාවත ඉම.....
    සොයා යන්න දෑගිලි බැද....
    එනවද මිහිරේ....................
    චංචල හදවත සැනසුම....
    සොයා ඇදෙන මට සදහට...
    ඔබේ ලෝකය උරුම වෙන්න
    දෙනවද සොදුරේ..............

    නත්තල් එළඹෙන දිනයක.....
    ඔබ සිහිවන සීත රැයක.....
    ඔබ සමගින් පැතුමක් අයදින්නම් දෙවොලේ...
    සද රැජිනිය මගේ වෙන්න....
    විජිතය විකසිත කරන්න...
    හිම කුමරිට එන්න දෙන්න...
    උදුවප් සුලගේ.............
    9.gif

    my-love.gif

     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නියමයි සංකපාලයෝ මරු මරු....... උඹ හොඳ ග්‍රැෆික් වලට නෙවෙයි........ හිතෙන්නේ නැද්ද කාටහරි දුන්නනම් මේ පදවැලක් සිංදුවක් හදන්න එහෙම..........
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නියමයි සංකපාලයෝ මරු මරු....... උඹ හොඳ ග්‍රැෆික් වලට නෙවෙයි........ හිතෙන්නේ නැද්ද කාටහරි දුන්නනම් මේ පදවැලක් සිංදුවක් හදන්න එහෙම..........
    තෑන්කූ අයියෙ..
    :sorry: දැං කොහොමත් ඒ ජොබ් එක නෑ නෙහ්..
    මේ වැඩේ වත් කරලා බලන්න ඕනෙ :(
     

    *Dinushi9*

    Member
    Oct 18, 2012
    362
    62
    0
    ඔයාගේ අනිත් නිර්මාණ වගේම තමයි :yes: මේකත් හරීම ලස්සනයි...:love::love::love: