අනේ අපි fly කරමුකෝ අය්යෝ

බන්ටු

Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    අනේ අපි fly කරමුකෝ අය්යෝ

    එළකිරි යාළුවන්ට දැනුමට වැදගත් නූලක් අරගෙන ඔන්න බන්ටුව ආයිත් ආව . හැමෝටම welcome කිව්වා ඕන් :D. අද මම කියන හදන දේ හා හා පුරා කියල රට යන්න බලාගෙන ඉන්න කට්ටියට ගොඩක් වැදගත් වෙයි කියල හිතනවා. Plane එකේ නැගල ඉන්දියාවට හරි ගිහින් එන්න ඇත්නම් කියල ආසාවෙන් ඉන්න යාලුවෝ කොච්චර ඉන්නවා ඇතිද නේද?:yes: උත්සහ කරොත් ඊට වඩා දුර උනත් ගිහින් එන්න බැරිකමක් නෑ .:cool: පලවෙනි පාර රට යන්න ඉන්න කට්ටිය විතරක් නෙමයි හිසේ කෙස් ගානට ගිහින් තියන කට්ටිය පවා සමහර කරුණු කාරණා දන්නැතුව ඇදගෙන නාපු අවස්ථා අම්බානට ඇති. එහෙනම් වැඩේ පටන් ගමු.

    මාතෘකාව හරියටම කිව්වොත් "ගුවන් තොටුපොලේදී අපි දැනගත යුතු කරුණු කීපයක්".. ඔඉකේ?:eek:

    රට යන්න මුලිකවම මොනවද ඕන?

    visa-passport_01.jpg

    පිටකොටුවට යන්න වගේ නිකන් airport එකකට ගිහින් වැඩක් නෑ , plane එකට නගින්න දෙන්නේ නෑ .
    පිටරට යන්න අපිට මූලික සුදුසුකම් 2ක් සම්පුර්න කරගන්න වෙනවා.
    ඒ තමයි,
    1. වලංගු විසා සඳහන් කරන ලද ගමන් බලපත්‍රය හෝ ඒ ඒ රටට අදාළ වෙනත් වලංගු ලියවිල්ලක් ඇතොත් (උදා: ID card).
    2. ගමනට අදාළ ගුවන් ටිකට් පත.


    මේ 2 හරිනම් වැඩේ ගොඩ. රටකින් රටකට යන්න විසා එකක් හදා ගන්නවා කියන එක ලේසි පාසු නෑ . මේක වෙනම පුළුල් subject එකක්. ඒවගේම රටින් රටට කලාපයෙන් කලාපයට නීති රීති වෙනස් වෙනවා. එක මෙතන කතා කරලා බෑ . කතා
    කරන්නෙත් නෑ . කොහොමහරි කමක් නෑ මේ 2ම හරි කියල හිතාගෙන වැඩේට බහිමු.;)


    සූදානම මොන වගේද?
    මම මේ කතා කරන්නේ කටුනායක ඉඳන් යනවා කියල උපකල්පනය කරගෙන. ඔයාලත් එහෙම හිතන්න:yes:. මේ ක්‍රියාදාමය ඕන තැනක බොහෝ දුරට සමානයි.
    අන්තර්ජාතික ගුවන් ගමනක් යන්න අඩු තරමේ පැය 3ක්වත් වේලාසනින් airport එකට එන්න වගබලාගන්න. එහෙම නොඋනොත් අපහසුතා රැසකට මුනදෙන්න සමහරවිට flight එක miss වෙන්න උනත් පුළුවන්:sorry:.
    ඒවගේම ticket එක book කරනකොට ඔබට ගෙන යා හැකි උපරිම බර සඳහන් කරලා තියනවා. එය ගොඩක් වෙලාවට අතේ ගෙනයාහැකි සුළු බර ප්‍රමාණයක් (5-7Kg ) සහ baggage (30Kg පමණ) ලෙස සලකන්න පුළුවන්. බර සුළු ප්‍රමාණයක් එහා මෙහා උනාට කමක් නෑ . ලොකු ප්‍රමාණයක් වැඩිකරගන්න එපා. එහෙම උනොත් නිකරුනේ ගාස්තු ගෙවන්න වෙයි. මේක ලියන බන්ටුටත් බරගනන් ගෙවන්න සිද්ද වෙලා තියනවා.
    ඒ වගේම තවත් වැදගත්ම දේ තමයි ගෙන යා හැකි ද්‍රව්‍ය මොනවද කියල වැටහීමක් ලබන එක. නීති විරෝධී හා තහනම් ද්‍රව්‍ය කියල ජාතියකුත් තියනවා කියල අමතක කරන්න එපා. උදාහරණ ලෙස කිව්වොත් C 4, අවි ආයුධ (පිහි වැනි ද්‍රව්‍යද ඇතුළුව), ගිනි ඇවිලෙන සුළු සහ පිපුරුම් ඇති කරන දේ, ලී කැබලි ගල් මුගුරු වැනි දැ , pornography, හෙළි නොකළ මුදල්, etc .
    ඊට අමතරව අතේ ගෙන යාහැකි ද්‍රව්‍ය අතරට සුවඳ විලවුන් හා cream වර්ග (ස්වල්පයක් හැර ), වතුර බෝතල්, battery සහිත උපකරණ, පිසින හෝ බෝතල් කරන ලද ආහාර වැනි දේ රැගෙන යාමෙන් වලකින්න. එවැනි දේ ඔබේ ලොකු ගමන් බෑගයට දා ගන්න.

    3A7D314A25434A5FBA3FB75610FEED45.ashx


    ඒවගේම විලවුන් වර්ග මේ විදියට ට්‍රාන්ස්පේරන්ට් බෑග් එකක දා ගන්නවානම් කරදර අඩුයි.

    625337-1228201261700pm.jpg




    මතක් කරලා මේ බෑග් හැම එකකටම ඉබ්බෙක් සහ යතුරක් තියාගන්න. ඒ වගේම ඔයාගේ ටිකට් එකයි passport එකයි අතේ තියාගන්න. මොකද ඒ 2 ඇතුළු උන වෙලාවේ අවසානය දක්වාම ඕන. ඉස්සර වගේ නෙමයි ticket එකත් එක්ක boarding pass කියල එකකුත් දැන් දෙනවා. ඒ නිසා airport එක ඇතුලේ රස්තියාදු වෙන්න අවශ්‍ය නෑ . ටිකට් එක agent කෙනෙක්ගෙන් ගන්නවානම් embarkation සහ disembarkation form කියල එකකුත් දෙයි, එකත් ගෙදරදීම fill කරලා තියාගන්න. :cool:



    පළමු දොරෙන් ඇතුලට යමු.

    සාමාන්යෙන් ගුවන් තොටුපලක ගුවන් තොටුපල නිලධාරීන්, ගුවන් සේවා නිලධාරීන්, රේගු නිලධාරීන්, ආරක්ෂක අංශ වැනි කාර්ය මණ්ඩලයකින් සැදුම්ලත් ඒවගේම කාර්යබහුල වටපිටාවක් දැක බලාගන්න පුළුවන්. මුල්ම පිවිසුම් දොරටුවේදී ඔවුන් අසන ප්‍රශ්න වලටත් ඒවගේම passport හා ටිකට් ඉල්ලු විට එය සැපයීමටත් අප වග බලා ගන්න ඕන. ඒ විතරක් නෙමෙයි අනවශ්‍ය ලෙස හැසිරීමත්, සැක උපදවන ලෙස හැසිරීමෙනුත් වැලකි සිටිය යුතුයි. එනම් පුළුවන් තරම් නිහතමානි වෙන්න.

    ඔව්න් කියන විට ගමන් බෑගයන් scan පරික්ෂාව සඳහා ඒ අදාළ බෙල්ට් එක තුලට දාන්න. පසුව එය පිවිසුම් දොරටුවෙන් ඇතුලට ගිය පසු එකලස් කරගෙන ට්‍රොලියක් මත තබා රැගෙන යාම කරන්න පුළුවන්. ආ .. කියන්න අමතක උනානේ. ගොඩක් වෙලාවට කවුරුහරි රට යනවනම් පවුලේ හිතවතුනුත් airport එක ඇතුලට යාම සාමාන්‍ය සිරිතක් වෙලයි තියෙන්නේ. එකට අවශ්‍ය ටිකට් එළියේ පිහිටි counter එකකින් ගන්න වෙනවා. මන් හිතන්නේ එක්කෙන්ට රුපියක් 150 ක් විතර වගේ මුදලක් වෙයි. :nerd:


    ඉතින් ඊට පස්සේ?

    අපි දැන් ගුවන් තොටුපල ඇතුලට පිවිසුනා විතරයි. තව වැඩ ගොඩක් තියනවා. රේගු සහ ආරක්ෂක නිලදාරීන් ඔබේ ලියවිලි සහ ගමන් මලු පරික්ෂ කිරීමක් දෙවැනි දොරටුවේදී සිද්ද වෙනවා. මේක ටිකක් සිරාවට කෙරෙන වැඩක්. යම් සැකයක් ඇති උනොත් බෑග් ඇරලා check කරනවා විතරක් නෙමෙයි flight එකට නගිනකම්ම හොඳට ඇහැ ගහගෙන ඉන්නවා . ඒ නිසා නීති විරෝදී දේ රැගෙන යාමෙන් වලකින්න. ආගමන විගමන නීති වලට අනුව ඔබ රැගෙන යාහැකි විදේශ මුදල් උපරිමයක් තියනවා. බැංකු මගින් නිකුත් කරන විදේශ මුදල් පිළිබඳව passport එකේ සඳහන් කරනවා. එනිසා ප්‍රශ්නයක් නෑ . ඊට අමතරව ඔබ වෙනත් තැනකින් ගත මුදල් විශාල ප්‍රමාණයක් තියනවනම් රේගුවට හෙළි කරලා බදු ගාස්තු ගෙවල නිදහස් වෙලා යනවනම් කොයිකටත් හොඳයි. හදිසියෙවත් අහු උනොත් රාජසන්තක තමා. බඩු බනිස්.:shocked:

    13275486586VWml4.jpg



    Check-in කරමු?

    බඩුබාහිරාදිය ගැන අවුලක් නැත්තම් security checked කියල පොඩි ස්ටිකර් එකකුත් ඔයාලගේ බෑග් එකේ ගහල දෙයි අර කලින් කියපු security මාමල. දැන් එහෙනම් යන්න තියෙන්නේ check in කරන ස්ථානයට. ඒ කියන්නේ අපි යන්නේ SriLankan Airline එකේනම් එකට අදාළ service counter එකක් තියනවා. එකේ වැඩ කරන අයට කියන්නේ ground officers ල කියලයි. ඒ වගේ තමන්ට අදාල airline එකේ counter එකට යන්න ඕන. ගිහින් ටිකට් passport දීල අපේ බඩු ටික දාන්න ඕන. එතෙන්දි එයාලත් බර කිරනවා. අපි අවුලක් නැතුව ගෙදරදී බර කිරාගෙන (බඩුවල බර හරිද :confused: ) අවනම් කිසි ප්‍රශ්නයක් නෑ . ලෝඩ් වගේ ඉන්න පුළුවන්. සමහර රටවලනම් self check in නුත් තියනවා. බොහෝවිට මෙතෙන්දි මෙයාල gate pass එකත් දෙනවා (
    හැබැයි දැන්නම් gate එක මොකක්ද කියල boarding pass එකේ ගහල තියන නිසා වේලාසනින්ම දැනගන්න පුළුවන්, මෙයාලගෙන් එක අවශ්‍ය නෑ). Gate pass කියන්නේ අපි යන්න ඕන මොන පර්යන්තයටද කියන එකයි. ගුවන් තොටුපොළක පර්යන්ත කීපයක් තියනවා. අපේ ගුවන් යානය තියෙන්නේ මොන පර්යතයේද කියන එක අපිට මෙතෙන්දි දැන ගන්න පුළුවන්. බෑග් ටික බාරදුන්න නිසා අත් 2 වන වන ඉතුරු වැඩ කොටස කෙරෙනකන් ඉන්න පුළුවන්. මේ ටිකත් මෙහෙම කරලා ඇතුලට යද්දී ගුවන් තොටුපල නිලධාරියෙක් ticket , passport & embarkation form එක ඉල්ලයි. එතෙන්දි එයා passport එකේ stamp එක ගහල දෙයි.

    passport_stamps.jpg




    Gate open ද?
    දැන් වැඩ වලින් බාගයක් ඉවරයි. ගිහින් බලන්න තමන්ට අදාළ gate එක ලඟට (1,2,3,4 කියල gate අංක ගහල තියනවා) ඒක open කරලද කියල? ඔයා වේලාසනින් ගිහින්නම් ගොඩක් වෙලාවට open කරලා නොතිබෙන්න පුළුවන්. එතකන් ටිකක් ඉන්න. අතේ කහන සල්ලි ටිකක් තියනවනම් Duty free පැත්තේ උනත් ගිහින් අවට කමක් නෑ :lol:. බඩු ගන්නම නෙමෙයි බඩු බල බල උනත් ඉන්න පුළුවන්නේ :baffled:. හැබැයි මොන දේ උනත් announcement වලට කන් දීගෙන ඉන්න. නැත්තම් තොපිල දාල plane එක ගිහින් තියෙයි :rofl:. Gate එක open කරා කියල announce කරලා කියයි. එතකොට ඇතුලට යන්න. අත්ත මුත්තා කඩාගෙන දුවන්න එපා, වෙලව ඕනතරම් තියනවා. අපි මෙතනින් ඇතුලට ගිහින් boarding room කියල එකකටයි ඇතුල් වෙන්නේ.


    Boarding room එකේ මොකක් කරයිද?


    5460286637_23eb2d34d2_z.jpg


    එපාම කරන වැඩේ මෙතෙන්දියි කරන්න තියෙන්නේ. ඔරලෝසු, මාල, වළලු, belt , සපත්තු ආදී එකී නොකී මෙකි ඔක්කොම ගලවන්න ඕන. :angry:රෙදි ගැලවෙනවා අප්පා. එපා වෙනවා. මේවා ගහවල පොඩි බාස්කට් එකකට දල අපි scan පරීක්ෂාවක් සඳහා දොරටුව හරහා යන්න ඕන. පොඩි උපදෙසක් දෙන්නම්. Fashion පැත්තක තියල සැහැල්ලු ඇඳුමින් එකට සුදුසු විදියට යන්න check කරනකොට ලේසියි. දුරගමනාන්තයක්නම් සැහැල්ලු ඇඳුම වඩාත් ලේසියි. ඊට අමතරව ඔයාලගේ passport ,විසා documents තියුණු පරීක්ෂාවක් මෙතෙන්දි සිද්ද කරනවා. නගින්න ඔන්න මෙන්න තියලත් බදු මාට්ටු උන අය ගැන news වල අහල ඇතිනේ නේද?
    අනේ ඉතින් ගලවපු ඔක්කොම ඇඳගෙන සපත්තු දාගන්නකොට හොඳ පන ගිහින්. Seat numbers වලට අදාලව board කරන්නේ. එතකන් රැඳී ඉන්න. ආයුබෝවන් ටටා බායි කියල plane එකට නගින එකයි ඇත්තේ. පොඩි දෙයක් අමතක උන seat number එක boarding pass එකේම print කරලා තියනවා.

    දැන් ඉතින් දෙය්යනේ කියල යන එකයි ඇත්තේ. :D


    තව පුංචි දෙයක් ඔබේ වැඩ කටයුතු අවසානයිනම් form පුරවන වගේ ඒවාට කව්රුහරි උදව් ඉල්ලුවොත් උදව්කරන්න පැකිලෙන්න එපා. මැදපෙරදිග ගෘහසේවය වගේ රැකියා කරන අකුරු බැරි සමහරුත් මට මුණ ගැහිලා තියනවා. එහෙම කෙනෙක්ට උදව් කරන එක පිනක්.

    එහෙනම් මමත් ගිහින් එන්නම්. මේ වැඩේට ගොඩක් මහන්සි උන. මෙව්වා එකක් දාල යන්න. :D :D


    බන්ටු :D
     
    Last edited:

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    බන්ටු;14160410 said:
    Honest -Killer ඇහුව transit ගැන. ඉතින් පොඩි විස්තරයක් කියන්නම්.:yes:

    ට්‍රාන්සිට් එකක් කියන්නේ අපේ ගමනාන්තයට ළඟ වීමට පෙර ගුවන් මාර්ගයේ සිදුකරන මාරු කිරීම් වලටයි. උදාහරණයක් විදියට කිව්වොත් A කියන ස්ථානයෙන් පටන්ගෙන අපේ ගමනාන්තය C නම් B කියන නැවතුම් පොළ හරහා ගුවන් යානය වෙනස් කිරීමක් කරයි කියල උපකල්පනය කරොත් එය ට්‍රාන්සිට් එකක් යයි සලකන්න පුළුවන්.:confused: ඔබ සතුව Airport Transit Visa (ATV) හෝ වෙනත් Entry permit එකක් නොමැතිනම් එම ආගන්තුක ගුවන් තොටුපොලින් එම රට තුලට ඇතුළු වීමට සම්පුර්ණයෙන් තහනම්. :no:සමහර විට ට්‍රාන්සිට් එකකට වඩා වැඩි ගණනක් උනත් තිබෙන්න පුළුවන්:yes:. ටිකට් එකක් දා ගන්නකොට ට්‍රාන්සිට් එකකුත් තියනවනම් (බොහෝවිට nonstop යන ඒවාට වඩා ට්‍රාන්සිට් තියනවනම් ටිකට් cost 1 අඩුයි, එනිසා ගොඩක් දෙනා මේ ක්‍රමය අනුගමනය කරනවා) කොපමණ වෙලාවක් එම ආගන්තුක ගුවන් තොටුපොළේ රැඳීමට සිදුවෙනවදයි කියන කාරණය සම්බන්දයෙන් සැලකිල්ල යොමු කරන්න. උදාහරණයකට කිව්වොත් කටුනායක සිට ලන්ඩන් ඔබ යනවනම් කටාර් හිදී ට්‍රාන්සිට් එකකුත් තියනවනම් කටාර් airport හිදී කොපමණ වෙලවක් ඉන්න තියනවද කියන එක ගැන පොඩ්ඩක් බලන්න. එය පැය 8-10 වගේ දිග කාලයක්නම් අනිවාර්යෙන් journey එක ඉවරවෙනකොට හොඳපන ගිහින් තියෙයි:shocked:. මේ කාලය පැය 3ක් වගේ අඩු කාලයක් දක්වා අඩු කරගන්න බලන්න. මෙය ගොඩක් වෙලාවට තීරණය වෙන්නේ airline එක සහ availability එක අනුව. ඕනෑතරම් options තියනවා රස්තියාදු නොවී යන්නනම්.

    දෙවනුවට ගොඩ වීමට ඇති ගුවන් යානය මොකක්ද කියල screen එකෙන් හෝ, දනුම්දීමකින් හෝ නිලධාරියෙක්ගෙන් අසා හෝ දැනගන්න පුළුවන්. Flight no එකෙන් අහන්න, එක ලේසියි.:cool:
    ට්‍රාන්සිට් වීමේදී මුලදී වගේ බඩුමුට්ටු උස්ස උස්ස security check කර කර යන්න අවශ්‍ය නෑ . අතේ ගෙන යන මළු ඇරෙන්න අනික් සියල්ල පළමු ගුවන් යානයෙන් දෙවැනි ගුවන් යානයට මාරු කරනවා, එනිසා අපිට ඒගැන බය වෙන්න දෙයක් නෑ . කලින් වගේම මේකෙදිත් terminal එක open ද යන වග දැන ගත්තහම ඇති. එය නිවේදනය කරලා කියයි. සාමාන්යෙන් පැය බාගෙකට වගේ කලින් boarding gate එක ළඟ හිටියොත් ඇති. හැබැයි boarding passes (onward) ready කරලා තියාගන්න. නැත්තම් අයිත් ආපස්සට ගිහින් ඒවා කරන් එන්න වෙයි. හැබැයි මොන දේ උනත් අතේ තියන බඩු සහ ශරීර පරික්ෂවනම් සිදුකරනවා. :growl:


    සමහර වෙලාවට ගුවන් මලු miss වෙන වෙලාවලුත් වෙනවා. එතකොට කලබල නොවී ගෙදර ඇවිත් airline එකට දැනුම් දෙන්න. නොවැරදීම බඩු හම්බවෙනවා.:sorry:

    ඔන්න ඔය වගේ සරල සිද්දියක් මෙතන තියෙන්නේ. හැබැයි මමනම් මලාට ට්‍රාන්සිට් ගන්න ආස නෑ :no:. මල කට්ටක් ඒක . :growl:
    එහෙනම් හරිනේ? :D


    ;):D;):D;):D;):D
     
    Last edited:

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    බන්ටු;14156008 said:
    එහෙම ඇහුවේ මගේ කලින් thread නිසා නේද?
    ගිහින් නෑ සහෝ , යන්න අසාවෙන් ඉන්නවා.

    ela giyoth visthara danna.
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    පට්ට පට්ට වටින ත්‍රෙඩ් එකක්.:yes::yes::yes:
    උඹ airport එකේද බන් බන් වැඩ කරන්නේ
    :D:D:D;)
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    මම කට්ටා;14156101 said:
    පට්ට පට්ට වටින ත්‍රෙඩ් එකක්.:yes::yes::yes:
    උඹ airport එකේද බන් බන් වැඩ කරන්නේ
    :D:D:D;)

    අපෝ නෑ මචන්. අත්දැකීම් වලින් ලිව්වේ කාටහරි ප්‍රයෝජනයක් වෙයි කියල.
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    බන්ටු;14156120 said:
    අපෝ නෑ මචන්. අත්දැකීම් වලින් ලිව්වේ කාටහරි ප්‍රයෝජනයක් වෙයි කියල.

    :D:D:D:yes::yes:එලකිරි එලකිරි.....:yes::yes::D:D:D