ආවා සස්ලිට් බලන්නට....
දැක්කෙම නෑ ඌ බේතකට....
කිඹුලත් ඇවිත්ලු හීනියට...
මගෙ විස්තර පවසමි දැනට....
හැතැක්ම ගානක් දුර ගෙවලා...
කෙල්ල බලන්නට ආස වෙලා
ගියෙ ලොකු සැලසුම් හෙම ගහලා
ගියාම ඒකිට මෙව්වා වෙලා...
අයියෝ අයියෝ දැං මොකද......
ඔයාට දැං මොකවත් බැරිද.....
අතින් අල්ලගෙන නටන්නද....
ආයෙත් මං හැරිලා යමිද.......
ඔය අතරේ නැන්දා ආවා.......
මාමත් පිලිකන්නෙං ආවා....
බෑනෝ බෑනෝ හඩ ලෑවා...
සසා එතන බිම හිදවූවා......
කොහොමද බෑනෝ සනීපද.....
ගමනට හරි වෙහෙසත් ඇතිද....
දෝනි ඇන්ද අපෙ ලස්සනද....
හෙට අනිද්දටම බදිනවද....
වැහි වැහැලා අතු පැල කැඩිලා......
හේනත් කුඹුරත් පාළු වෙලා.....
ලක්ස අගං අපි ණය වීලා....
ඒ මදිවට මාමත් බීලා.........
ට්‍රැක්ටරයත් ඇරියස් වීලා......
මාමා කියයි වම් කන කසලා.....
පිලිකන්නේ අඹ ගහ බලලා....
බෝතලයක් ගෙන සොලවාලා.....
බෑනා හොද බව තේරෙනවා.....
මේවත් හොද බඩු පෙන එනවා....
සිය රට දේ සිරි සැප දෙනවා....
පොල් කට්ටක් ඇති වෙරි වෙනවා.....
සස්ලිට් බොන්නට බැරි කුකුලා.....
අඹ ගහ මුදුනේ ඉන්දවලා......
මාමන්ඩිගෙ මව් සිහි කරලා...
බෝතලෙ ශොට් හතරෙං කෙලලා....
ඔය විදිහට දවසක් ගෙවුනා.....
නැන්දයි මාමයි ශේප් උනා.....
සසාට කසිප්පු රස දැනුනා......
ඉතින් වැඩේ ෆුල් සෙට් කෙරුනා......
කෙල්ලත් ඉද හිට හිනැහෙනවා....
සස්ලිට් පැනගෙන රගදෙනවා.....
නැන්දත් කිංකිනි සොලවනවා....
මාමා බෝතල් ගෙන එනවා......
කෙල්ලට කියලා බයිට් හදං...
මාමයි බෑනයි මිදුලෙ ඉදං....
ගම වට කොල්ලන් කථා කරං...
අන්න බලං උං ගහන තරං......
ටික ටික කාලය ගත වෙනවා.....
සස්ලිට් බෑනා කිච වෙනවා....
ගෙදර දොරේ වැඩ පැවරෙනවා...
ඒවත් නියමෙට කෙරවෙනවා....
සස්ලිට් ගෙදරට වැඩ දෙනවා....
නෝනා ටීවී නරඹනවා.....
එළකිරි කට්ටිය වොරි වෙනවා....
උං එහෙ රෝදය කරකනවා...
අපෙ කවියා දැං කෙට්ටු වෙලා.........
අතපය වැඩ කරලම ගෙවිලා.....
උගෙන්ම ගෙපැලක් කප්පවලා....
බලහං ගේකුත් ඇත හදලා........
දෙන්න ලගයි දැං දුව කියලා.....
සල්ලි අතේ නෑ අපෙ කියලා....
සසාගෙ බඩු උගසට තියලා...
මගුලේ වැඩ ටික සෙට් කරලා....
උදේ හයට නැග්ගොත් ම පුත....
හවස හයට ඔබ යනවා ඇත..
හද්ද වන්නියක ලදක් අත
ඇයි තැබුවේ සස්ලිට්ගෙ හිත....
කොළඹ, කොටුව, ගල්කිස්ස දිහා.......
මහරගමේ,කොට්ටාවෙ දිහා.......
මොරටුව,කළුතර,මහර දිහා.........
කෙල්ලො ලකේ වෙන නැද්ද මෙහා.....
හරිම දුකින් දැං ඌ ඉන්නේ.....
අද හෙටදිම පොර බැදගන්නේ....
මාත් දුකිනි දැන් පසු වෙන්නේ...
කොහොමද මගුලට අපි යන්නේ.....
සස්ලිට් කෙල්ලෙක් බැන්දාම....
ආයෙක් කොළඹට ආවාම.....
එළකිරියට ලොක් වූවාම....
පිලිගන්නට සෙට් වෙමු සැවොම.....
එපා වෙලා මේ කවි ලියලා.....
ලෙඩත් ඩබල් වෙයි මෙහෙ ඉදලා...
අපෙ සෙට් එකටම ජය පතලා....
මං යනවා හරහට වැදලා......
උරුම ළිඳ















