Online Photoshop [Without any installation]

DonDuli

Member
Oct 23, 2012
1,074
380
0
Nugegoda
ඔන්න එහෙනම් අද ඔයාලට දෙන්න යන්නේ මාරු බණ්ඩයක් .මේක හැමෝටම ගොඩක් වැදගත් වෙන දෙයක් වෙය්.ගොඩක් හොයා හොයා හිටිය දෙයක්.සමහරු නම් දන්නවා ඇති.එහෙනම් මෙන්න නොදන්න අයටය් දන්න අයටය් දැනගන්න කට්ටියම කතාව නවත්තල ඉන්දගනකෝ.අටුවා ටික ඕනේ නැ .කෙලින්ම වැඩේට බහිමු දැන්.

ජායාරූප සංස්කරණය කිරීමට තියන හොදම මෘදුකාංගය මොකද්ද කියලා ඇහුවොත් කවුරුත් කියන්නේ Photoshop කියලයි. ඉතින් Photoshop බාවිතා කරන්න නම් පරිගණකයක එය ස්තාපිත කරලා තියෙන්න ඕනේ. පරිගණකයක ස්තාපිත කරලා නැති වෙලාවක Photoshop ඕනේ උනොත්? මොකද කරන්නේ? ස්තාපිත කරගන්න සෙටප් ගොනුවකුත් නැති නම්?


ඔන්න ඒකට අලුත් විසදුමක් තියනවා. ඒතමයි Photoshop ඔන්ලයින් ආකාරයෙන් බාවිතා කිරීමට හැකි ලෙස පහසුකමක් ලබාදෙන වෙබ් අඩවියක් නිර්මාණය කර තිබීම. ඉතින් මේ ඔන්ලයින් Photoshop හරහා Photoshop මගින් ලබාදෙන් පහසුකම් වලින් 60% වඩා වැඩි ප්‍රමාණයක් අත්විදීමේ හැකියාව පවතිනවා.

මුලින්ම මේ ලින්කුවට යන්න.



http://pixlr.com/editor/


වෙබ් අඩවියට පිවිසුන පසුව පහල රූපයේ ආකාරයෙන් මෙනුවක් දිස් වේවි. ඒ හරහා,

අලුත් ඉමේජයක් සෑදීම
පරිගණකයේ ඇති ඉමේජයක් සංස්කරණය කිරීම
වෙබ් අඩවියක පවතින ඉමේජයක සංස්කරණයට ලබා ගැනීම
පරිගණකයේ ලයිබ්‍රරිය හරහා ඉමේජයන් සංස්කරණයට ලබා ගැනිම
කරගන්න පුලුවන්.



1.jpg



ඉතින් මේ හරහා ප්‍රදාන වශයෙන්
- image format conversion
- Cropping of the images
- Flip / Rotate
- Plenty of filters
- Clone stamp / blur / Hue – Saturation / Brightness / contrast adjustments.

වගේ වෙනස්කම් කරගන්න පුලුවන්.


ඉතින් සංස්කරණය කිරීම් අවසන් උනාට පස්සෙ Photoshop වලින් ජායාරූපයක් සුරක්ශිත කරන අකාරයටම මේ මගිනුත් අපේ පරිගණකයටම අදාල ජායාරූපය සුරක්ශිත කරගන්න පුලුවන්. උත්සාහා කරලා බලන්න් ඔයාලත්!



හොඳය නම් නිකන් යන්න එපා හොඳේ.දන්නේ නැති යට බලාගන්න bump එකක් වත් දාලා යන්න.
අපිට සලකන විදියට අපිත් ඔයාලට සලකනම්කො!
එහෙනම් ඉතින් අපි ගියා .අයෙත් අලුත් දෙයක් ලැබුන ගමන් ඔයාලත් එක්ක බෙදාගන්න එන්නම්කෝ!


:):):):):):)
 

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    බොහොම ස්තුතියි සහෝ... ගොඩාක් වටිනා දෙයක් දීල තියෙන්නේ. :)

    3+