(###\___බෞද්ධයින්ට (හලාල්) මස් අකැප ද??___/###)
කතාව මේකයි.
මම 'හලාල් ක්‍රමයට සත්ව-ඝාතනය වේදනා සහගතද? A Scientific Study.' යැයි ත්‍රෙඩ් එකක් ඇරියා.
ඒකෙදී සමහරු කලබල වුනා. ඒ සත්ව කරුණාව නිසා. එහි වැරැද්දක් නෑ, එය ස්වභාවිකයි.
එනිසා, එම ත්‍රෙඩ් එකේ අරමුණ පැහැදිලි කරන ලෙසින් මම මෙහෙම reply කළා.
ඒකට දෙන්නෙක් මෙහෙම reply කළා. ඔවුන් බුද්ධාගම ගැන දැනුවත් කිරීමකුත් කළා.
ඒවාට මම උත්තර වගයක් දුන්නා. ඊලඟ පොස්ට් පහේ තියෙන්නෙ ඒ පිළිතුරයි. මේ subject ගැන දැනුවත් වෙන්න කියා ගුග්ල් කරපු සමහරකුත් ඒකෙ දැම්මා. තවදුරටත් දැනුවත් වෙන්න කියා ඒවා වෙනම ත්‍රෙඩ් එකකට ගත්තා. එහි continuation එක තමයි මේ. දැනුම ඇති බෞද්ධයින් මෙහි පොසට් කළ හැකියි. අනෙක් අයටත් සමහරවිට ඒවා ප්‍රයෝජනවත් වේවි.
කතාව මේකයි.
මම 'හලාල් ක්‍රමයට සත්ව-ඝාතනය වේදනා සහගතද? A Scientific Study.' යැයි ත්‍රෙඩ් එකක් ඇරියා.
ඒකෙදී සමහරු කලබල වුනා. ඒ සත්ව කරුණාව නිසා. එහි වැරැද්දක් නෑ, එය ස්වභාවිකයි.
එනිසා, එම ත්‍රෙඩ් එකේ අරමුණ පැහැදිලි කරන ලෙසින් මම මෙහෙම reply කළා.
ඔබලා කලබල වෙන්න අවශ්‍ය නෑ. ඔබලාගේ සත්ව කරුණාව අගය කළ යුතුයි. ඒත් හැම එකකම ප්‍රායෝගික පැත්තක් තියනව. යතාර්ථයක් තියෙනව මුහුණ දෙන්න. ඔබලාගේ සිද්ධාන්තය හොඳයි. ඒත් ඒක ප්‍රයෝගිකද කියා බැලිය යුතුයි.
1. මිනිසා ශාක හා සත්ව ආහාර දෙකම ගන්න හැඩ ගැහිල තියෙන්නෙ. ඔහුගේ දත් වල පිහිටීම සහ බඩවැලේ ඇති එන්සයිම හොඳ සාධකයක්. මිනිසාට සත්ව හා ශාක ආහාර දෙකම ජීරණය කල හැක. ඒත් සමහර සතුන්ට එහෙම බෑ. මැරෙන්න යන සිංහයෙකුට තනකොල දුන්නත් කන්නෑ. එසේම, හරකට මාංශ දුන්නට කන්නෑ. ඒව ජීරණය කරන්න එන්සයිම නෑ.
කවුරු හෝ මාංශ ආහාර වලින් වැළකී vegetarian වන්නේ යැයි තීරණය කලොත් එය ගෞරව යුතුයි. ඒත් එවැනි අයට වැලඳිය හැකි යම් රෝග තත්ව තියනවා. උදා. විටමින් B12 ඌනතාවය නිසා Megaloblastic anemia (ලේ අඩුකම) හා Subacute combined degeneration of cord (ස්නායු දුර්වලතාවය). හේතුව B12 ලැබෙන්න ඕනෙ මාංශ වලින්.
2. ඉස්ලාමය ගත්තොත්, ශාක සහ සත්ව ආහාර දෙකම කන්න අනුමැතිය තියනවා. මාංශ කෑම අනිවාර්ය නෑ. Vegetarian වෙලා ඉන්නත් පුළුවන්. හැබැයි මස් කනවනම්, සතා මැරිය යුතු ක්‍රමය පෙන්වා තිබෙනවා. ඒකට ප්‍රායෝගිකව මඟ පෙන්වල තියෙන්නෙ. මේ පරීක්ෂණයෙන් පෙන්වා තියෙන්නෙ ප්‍රායෝගික ක්‍රම වලින් සුදුසුම ක්‍රමය මෙය බවයි. එකක්, කිව යුතුයි. ඉස්ලාමයේ ඉගැන්වීම්වල මෙම ක්‍රමයට සතා මරන විට වේදනාවක් නැති බව කෙලින්ම කොතැනකවත් කියා නෑ. එය මේ පරීක්ෂණයේ එක සොයා ගැනීමක්. එය ඉස්ලාම් ආගමේ සත්‍යතාවය හා ප්‍රායෝගික බව තහවුරු කරන එක් සාධකයක් පමණයි.
3. ඔබලාගේ කතාවෙන් තේරෙන්නෙ ඔබලා vegetarian බවයි. එයට හේතුව සත්ව කරුණාව නම් එයට ගෞරව කළ යුතුයි. එසේ නැතුව බුද්ධාගම නිසා යැයි කියනවනම් මට එය පැහැදිලි මදි. සමහරු මෙහෙමත් කියනවා.
මේකෙ ඇත්ත නැත්ත පැහැදිලි කිරීම ඔබේ කාර්යයක්. මෙය ඇත්ත නම්, එසේ බුද්ධාගම අනුව මාංශ කෑ හැකි නම්, සතා මරන්නෙ කොහොමද කියා මඟ පෙන්වීමක් තියනවද? එසේ නැත්නම් කෑ හැක්කේ ස්වභාවිකව මැරුණු ඒවාද? ප්‍රායෝගිකව අපි දකින ගොඩාක් සිංහල බෞද්ධයන් මස් කනවා. ඒ අයගෙන් ඇහුවම කියන්නෙත් බුද්ධාගමේ මේකට පැහැදිලි තහනමක් නෑ කියලා. මේ ගැන පහදන්න හැකි නම් හොඳයි.බෞද්ධයොන්ට මස් කන්ඩ තහනම් කියල දැනගත්තෙ අද!
දේවදත්ත කියන කෙනා සියලු "භික්ෂුන්" (භික්ශුන්-උපාසකයින් නෙවෙයි ) නිර්මාංශ විය යුතුයි කියන කොට බුදුන් එය ප්රතික්ශේප් කලේ එවැනි අන්තවාද පිටුදකින ශ්රේෂ්ඨ් දහමක්-දර්ශනයක් නිසායි. අදත් නිර්-ආගමික වුවත් මගේ සිතේ ගෞරවයක් ඇත්තෙ ඒ ආගමට තමයි.
4. වානිජ වශයෙන් නිපදවෙන ආහාර සහ භාණ්ඩ බොහෝමයකට සත්වයන්ගෙ දේවල් එකතු වෙනවා. Ice cream/යෝගට් එකේ සිට බිස්කට් එක දක්වාත්, තීන්ත බුරුසුවේ කෙඳි වල සිට ඇඟේ ගාන සබන් එක දක්වාත් සත්ව දේවල් එකතු කරල තියෙන්නෙ. නොදැනුවත්ව හෝ අකමැත්තෙන් ඒව පාවිච්චි වෙනවා. ඔබලා කියන විදිහට නම් මේවා සියල්ල වර්ජනය කල යුතූයි. ඒත් ප්‍රායෝගික නෑ. ඉස්ලාමයෙන් දීල තියෙන්නෙ එයට ප්‍රායෝගික පිළිතුරක්.
Western medicine ගත්තොත් සෑම පරීක්ෂණයකට වාගේ සතුන් යොදා ගන්නවා. ඔබේ සත්ව කරුණාවෙ ඔබ ස්ථිරයි නම්, එයත් ඔබ වර්ජනය කළ යුතූයි. ඉස්පිරිතාල වසන්න යැයි විරෝධතා රැලි පැවැත්විය යුතූයි. ඒත් ඒව ප්‍රායෝගික නෑ.
එනිසා, මෙහිදී පෙන්වා දී තිබෙන්නෙ ඉස්ලාමය විසින් ඉගැන්වූ ප්‍රායෝගික පිළිතුරක සුදුසුබව තහවුරු කරන එක් විද්‍යාත්මක පරීක්ෂණයක විස්තරයක් පමණයි. ඔබේ කලබල වීම අනවශ්‍ය එකක් බවයි මගේ අදහස.
ඒකට දෙන්නෙක් මෙහෙම reply කළා. ඔවුන් බුද්ධාගම ගැන දැනුවත් කිරීමකුත් කළා.
මුල ඉදන්ම කිව්වොත් උඹ පටන් ගත්ත point එකම බොරු නේ . හලාල් ක්‍රමයට සතෙක්ට වේදනාවක් නොදී මරනඩ පුළුවන් කියන එක බොරු බව ඔප්පු වෙනවනේ එහෙම මරණ සත්ත්සත්තුන්ගේ vedios ,photos දැක්කම . උන් වේදනාවෙන් විලාප තියෙන හැටි උඹට ඇහෙන්නේ නැද්ද තේරෙන්නේ නැද්ද කියන එක මම දන්නේ නෑ.
ඊළඟට ස්වාභාවිකවම මිනිසා සර්ව භාක්ෂකයෙක් කියන point එක ගමුකො. ස්වාභාවිකව හැදිච්ච විදිහට ජීවත් වෙන්ඩ නම් මනුස්සයෙක් වෙනඩ ඕනේ නෑ. මනුස්සයෙක් හැදිලා තියෙන්නේ එක ගැනියෙක් එක්ක ජීවිත කාලෙම ඉන්ඩ නෙමෙයි.සත්තු අතරත් ශක්තිවන්ත පිරිමි සතාට තමා වැඩි වශයෙන් ගැනුසත්තුත් එක්ක එකතු වෙනඩ අවසථාව හම්බෙන්නේ.එතකොට තමා දුර්වල ජාන යට ගහලා ශක්තිමත් ජාන ඉදිරියට පවතින්නේ. එහෙම කියල අපි ගැනියෙක් ගන්ඩ මරාගන්නේ නැ නේ හොඳ ජාන හොයන්ඩ කියල.එක එක ගෑනු ගාවට යන්නෙත් නැ නේ . එකට තමා මනුස්සය කියන්නේ.ස්වභාවිකව වෙන විදිහටම ඉන්ඩ කියල නියමයක් නෑ.
බුදු දහමේ සතුන් මැරීම අනුමත කරන්නේ නෑ කියල අමුතුවෙන් කියන්නද ඕනේ නෑ නේ.හැබැයි නිර්මාංශික වෙනඩ කියල අන්තගාමී වෙන්නෙත් නෑ. අර දේවදත්තගේ කතාවෙන් එක තෙරෙනේවනේ. උඹට තියෙන පරශ්නේ ප්‍රයෝගිකව මස් කන්නේ කොහොමද කියන එකනම් .....ලෝකේ කවදාවත් හැමෝම හොඳ මිනිස්සු විතරක් හිටියේ නෑ. බුදු හාමුදුරුවෝ වැඩ හිටපු දෙව්රම් වෙහෙරේ අල්ලපු වටේ හිටියෙත් " චුන්ද" කියල උරෝ මරණ එකෙක්.දැන් කාලෙත් ඕන තරම් කාලකන්නි ඉන්නවනේ සත්තු මරණ . ඉතින් උඹ ඔය කියන බෙහෙතකට හරි ඔය අත්‍යාවශය දෙයකට හරි ඒවගේ කාලකන්නියෙක් හිටියම හොඳටම ඇති.එකට ඉස්කොලේ පොඩි ළමයට පවා සත්තු මරණ ක්‍රමය කියාදෙන ආගමක් අමුතුවෙන් අවශ්‍ය නෑ .
බුදදහම කිසි විටකත් මස් අනුභවයට අනුබල දෙන්නේ නැ. බුදුන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට දේශනා කරන්නේ කොහේ හරි දානයක් සඳහා වැඩම කරන විට මාංශ පිලිගන්ව්‍යිද ..ඒවා තමන් වෙනුවෙන් මැරූ සතෙක් ගේ බවට සැකයක් ඇතිවෙයි නම් ඒවා වැළඳීම අකැප බවයි.එසේ නොවන මස් අනුභවයෙන් ඒ භික්ෂුවට පව් සිද්ද වෙන්නේ නෑ කියලයි තියෙන්නේ.
වානිජ වශයෙන් නිපදවෙන ආහාර සහ භාණ්ඩ බොහෝමයකට සත්වයන්ගෙ දේවල් එකතු වෙනවා කියන එක ඇත්ත වෙනඩ පුළුවන් ඉතින් ඒවා පාවිච්චි කරා කියල පාවිච්චි කරන එවුන්ට පව් සිද්ද වෙන්නේ නෑ . හැබැයි ඒවා හදන එවුන්ට පව් සිද්ද වෙයි.
මම මෙතන කාටවත් කිව්වේ නැහැ මල කුණු කන එක නවත්තල vegetarian වෙන්න කියල. කරුණාකරලා ලියපු දේවල් ආයේ හොදට කියවන්න. මම කිව්වේ සත්ව ඝාතනය අමානුෂිකයි කියල. ඊට පස්සේ කිව්වා එහෙම අමානුෂික දෙයක් මොනයම් අයුරින් හෝ මානුෂිකයි කියල කියන්න මෙවැනි ෆෝරම් එකක දාපු එක වැරදියි කියල . මොනවා වුනත් කාටහරි උවමනානම් සත්ව ජීවිත බේරා ගැනීමට vegetarian වෙන්න ඒක එයාට ප්‍රායෝගිකව කරන්න පුළුවන්. අවුරුදු 100 ට වඩා ජීවත් වුන vegetarian ල ගැන මම අහල තියෙනවා. අනෙක ඉන්දියාවේ ගොඩක් ඉන්නවා මාංශ අනුභවයෙන් වැළකෙන අය
ඔය තර්කය පුහු එකක්. දත් තිබ්බ පලියට හපන්න පුළුවන් හැම එකම හපන්නේ නැහැ. දිරවනවා කියල දිරවන හැම දෙයක්ම කන්නේ නැහැ. උදාහරණයක් විදිහට මනුස්ස මස් මනුස්සයන්ට දිරෙව්වට ඒවා කන්නේ නැහැ දියුණු මිනිස්සු.
විටමින් B 12 ලැබෙනවා කිරි ආහාර වලින්. කිරි ආහාර වලට සත්ව ඝාතනයක් වෙන්නේ නැහැ. කිරි ආහාරයෙනුත් වලකින අයට තියෙනවා විශේෂිත ධාන්‍ය වර්ග හා සෝයා කිරි
ඔය ක්‍රමයට පුළුවන්ද මැරෙන සතාගේ පැටවාට නැතිවෙන මව් පිය සෙනෙහස දෙන්න? අන්න සත්‍ය
බුදු දහමේ vegetarian වෙන්න කියල නැහැ. හැබැයි ගිහි බෞද්ධයෙක්ගේ නිත්‍ය ශීලය වන පන්සිල් වල පළවෙනි ශික්ෂාපදය තමයි පණ ඇති සතුන් මැරීමෙන් වැලකීම
බුදු දහම වැනි උත්තරීතර දහමක් තියෙන්නේ සතුන් මරණ හැටි කියන්න නෙමෙයි. සතුන් මැරීමෙන් වැළකීමේ ආනිශංශයි, මැරීමේ ආදීන ගැනයි නම් බුදු රජාණන්වහන්සේ දේශනා කරලා තියෙනවා. අනෙක ගිහි බෞද්ධයින්ට කන දේවල් ගැන කිසිම නීතියක් දාල නැහැ. හැබැයි එකෙන් කියන්නේ නැහැ බුදු දහමට අනුව මස් කනවා කියල. කන්න කියල කියලත් නැහැ එපා කියලත් නැහැ. මොකද ඒ වටිනා දහම කන බොන දේවල් කියනවට වඩා ගැඹුරු දේවල් ගැන කියවෙන දර්ශනයක්. ඒ නිසා ගිහි අයට නිදහස තියෙනවා ඕන දෙයක් කාල ඒ ගැඹුරු දහම ඉගෙන ගන්න
ආයෙත් කියන්න තියෙන්නේ ඔහොම දෙයක් කවුරුත් කියල නැති බවයි. අනෙක් අය ලියවපුව කියවන්නේ නැතිව ඔහොම කාලේ නාස්ති කරන්න එපා. අනෙක කන බොන අදින පළදින දේවල් ගැන නීති ගිහි බෞද්ධයින්ට නැහැ. ඕගොල්ලෝ වගේ මරණ අය ඉන්න නිසා ඔවැනි භාණ්ඩ වෙළද පොළට එන එක නවතින්නේ නැහැ. තනිකර ඕවයින් වලකින්න ඕන අයට දැන් මේ වගේ විදි තියෙනවා http://www.veganstore.com/
ඒ අය ලජ්ජා නැතිව මෙහෙම ෆෝරම් වල ත්‍රෙඩ් දාන්නේ නැහැනේ අපි හරි මානුෂික විදිහට සත්තු මරනවා කියල. ඕගොල්ලෝ තමයි හිරිකිතක් නැතිව එහෙම කරන්නේ. අන්න ඒ හිරිකිත වැඩේ ගැන තමයි මම නම් ලිව්වේ. ඔයා ලෝකයක් මවා ගෙන අපේ කාලේ කනවා හැබැයි එවැනි ඖෂද වලින් වලකින ඇතැම් අය ඉන්නවා
http://www.vegansociety.com/healthcare/GPs/animal-free-medications.aspx
අමානුෂික දෙයක් මොනයම් හෝ අයුරින් මානුෂිකයි කියල මෙවැනි ෆෝරම් වල ත්‍රෙඩ් දැමීම පහත් ක්‍රියාවක්.
ඒවාට මම උත්තර වගයක් දුන්නා. ඊලඟ පොස්ට් පහේ තියෙන්නෙ ඒ පිළිතුරයි. මේ subject ගැන දැනුවත් වෙන්න කියා ගුග්ල් කරපු සමහරකුත් ඒකෙ දැම්මා. තවදුරටත් දැනුවත් වෙන්න කියා ඒවා වෙනම ත්‍රෙඩ් එකකට ගත්තා. එහි continuation එක තමයි මේ. දැනුම ඇති බෞද්ධයින් මෙහි පොසට් කළ හැකියි. අනෙක් අයටත් සමහරවිට ඒවා ප්‍රයෝජනවත් වේවි.
Last edited:
. 

