1/5
ඉස්ලාමය universal ආගමක්. මේ පොළව මත සිටින සෑම මිනිසෙක්ම සැලකිල්ලට අරන් තියනවා. මස් කන හා නොකන දෙගොල්ලන්වම ගැන හිතීම එක උදාහරණයක්. ඔබ දෙදෙනා කියන විදිහට (මෙසේ ඔබ දෙදෙනා යයි කිව්වේ ඇයි කියා පසුව බලන්න) බුද්ධාගමේ මස් නොකෑම ගැන කියා නෑ, දෙනවනම්/අවශ්‍ය නම් කන්න පුළුවන්. ඒත් ඒ ගැන වැඩිපුර මග පෙන්වා නෑ. එහෙනම් එය බුද්ධාගමේ එක අඩුපාඩුවක් ලෙසයි මම දකින්නෙ. ඔබ දෙදෙනාට අනුව බුද්ධාගම cater කරන්නේ සුළු පිරිසකට පමණයි. බෞද්ධයින් බහුතරය මස් කන බව කවුරුත් දන්නවා. ඒ අයට කිසි මග පෙන්වීමක් නෑ. මස් කන නිසානේ සත්තු මරන්න වෙන්නේ. එතකොට සත්තු මරණ කාලකන්නි බිහිවිමට/පැවතීමට හේතුවක් වන, මස් කන බෞද්ධයින් කාලකන්නිද? ඔබ දෙදෙනා කියන්නේ සිද්ධාන්තයක් පමණයි පැහැදිලිවම එහි ප්‍රයෝගිකත්වය අල්පයි.
ඔබ දෙදෙනාට අනුව බෞද්ධයින්ට කාන්තාරයේ හෝ අයිස් රටවල් වල ජිවත් වෙන්න බෑ. මොකද, සත්තු මරන්න බෑනේ. එළවලු වවන්නේ අහසෙද? ඉතින් සියදිවි නසාගන්න තමයි වෙන්නේ. ඔය අගේට පෙන්නේ ඔබ දෙදෙනාගේ theory එකේ මානුෂිකත්වය!
==>>> 2/5
එකම දේ නැවත නැවත කීමෙන් පලක් නැ. නියම බෞද්ධයෝ කවදාවත් මස් හම්බුනේ නෑ කියල මරාගෙන කන්නේ නෑ. එතකොට උඹ ඔය කියන මස් කඩ කාරයෝ කඩවල් වැහුව කියල අපිට ප්‍රශ්නයක් නෑ. හැබැයි මස් පරිභෝජනය කෙරීම නිසා උන්ට පැවැත්මක් ඇති වෙනවා .එක කෑදර කමින් මස් හොය හොයා කන එවුන්ගේ කෑදර කම නිසා වෙන දෙයක් . තෘෂ්ණාවෙන් මස් විතරක් නෙමෙයි මොන මගුලක් කෑවත් අකුසලයක් සිද්ද වෙනවා. බුදු දහම දේශනා කරන්නේ මෙන්න මේ තෘෂ්ණාව නැති කරන්ඩ .
කාන්තාරයක නෙමෙයි කොහේ හිටියත් සතෙක් මරණ එක පවක්. එවැනි තත්වයක් මොකෙක් හරි ඉපදෙන්නෙත් උගේ කර්මානුරූපී පාපකර්ම නිසා. ඔය කාන්තාර වල අයිස් රටවල් ඉපදෙන්ඩ අනිවර්යේන්ම පෙර කරන ලද පව් තමයි හේතු වෙන්නේ. මේ වගේ බුදුදහමේ ලස්සනට පැහැදිලි කරනවා විවිද පුද්ගලයන් විවිද විවිද විදිහට ඉපදෙන වෙන හේතු කරනා.එවන් ජීවිත් ලැබුනොත් පව් කිරීමට පෙලබෙන සම්භාවිත්වය වැඩිවෙනවා.එකෙන් මිදෙනඩත් උට ඔන්නේනම් පුළුවන්. පෙර කර්මේ කියා කියා ඉඳල හරියන්නේ නෑ. මට එත කොට කියපන් බලන්ඩ උඹලගේ ආගමේ විදිහට මිනිස්සු මෙහෙම විවිද විදිහට ඉපදෙන්නේ . අල්ලාහ්ට තිබුනනේ සියල්ලන් එක සමාන ලෙස මවන්ඩ සමහරු පොහොසත් වෙලා, සමහරු දුප්පත් වෙලා ඉපදෙන්නේ ඇයි.සමහරු අන්ධ ,ගොළු , බිහිරි වෙලා උපදින්නේ ඇයි.අල්ලාහ් මාර අසාදාරණයි නේ බන්. අන්ධ ,බිහිරි එකෙකුට උඹලගේ කුරාණේ තියෙන ඒවා වත් ඉගෙනගන්ඩ බැරි වෙනවනේ බන්. මන්ද බුධ්දිකයෙක් වුනත් එහෙමයි. ඌට judgment day එකේදී මොනවද කියන්ඩ තියෙන්නේ.


ඔන්න මාත් මගේ ප්‍රශ්න ටික ඉදිරිපත් කරනවා. හැබැයි අහල වැඩක් වෙයිද මන්දා? එයා පටන් අරන් තියෙන්නෙම පිළිගන්න බැරි උත්තරේකින්. දැන් මේ ලෝකේ හැමේකටම හේතුව පරීක්ෂාවක් කියන එක මට නම් එකග වෙන්න බැහැ. මොකද දැන් අල්ලාතුමා නම් අපිව මැව්වේ එතුමාට එතුමාගේ නිපැයුම් ගැන සැකයක් ඇතිවෙන්න බැහැනේ. එතුමාට අවශ්‍ය විදිහට සේරම මවන්න තිබුනානේ. ඔන්න සමහර මනුස්සයින්ට නම් තමන්ගේම නිෂ්පාදන ගැන විශ්වාසෙ නැති නිසා ආයේ ආයේ පරීක්ෂා කරලා බලනවා. හැබයි දෙය්යන්ටනම් එහෙම වෙන්න බැහැනේ. මොනවා වුනත් අපේ දරා ගැනීමේ හැකියාව, තේරුම් ගැනීමේ හැකියාව, ඉවසීම ආදී ඔය කියන පරීක්ෂා කරන හැම ගුණාංගයක්ම අපිව මවන වෙලාවේම දෙය්යන්ටම දෙන්න තිබුනානේ. ඒ නැතත් ඕවා සේරම තේරුම් අරන් හදා ගන්න පුළුවන් විදිහේ බුද්ධි මට්ටමක් මවන වෙලාවේම දුන්නානම් අපි සේරම හදා ගන්නවනේ. බුද්ධි මට්ටම වෙනස් නිසානේ සේරම ප්‍රශ්න. දැන් වෙනස් විදියට මැව්වම වෙනස් විදිහට තමයි අපි පරීක්ෂණයට මුහුණ දෙන්නේ. ඉතින් ඇයි මේ විදිහට අඩුපාඩු ඇතිව මවල එකට අපිට දොස් කියල අපායට යවන්නේ? ඔන්න මම උදාහරණයක් ගන්නවා මේක තේරුම් කරන්න. මම අඩන්න බෝනික්කෙක් නිෂ්පාදනය කළා කියමු. එත් මේක අඩන්නේ නැතිව හිනාවෙනවානම් මගෙනේ වැරැද්ද. එත් දෙය්යන්ට වරදින්න විදිහක් තියෙනවාද?
දෙය්යන්ට ඕන විදිහේ හැකියාවන් තියෙන කෙනෙක් මවන්න තිබ්බනේ.
