(###\___බෞද්ධයින්ට (හලාල්) මස් අකැප ද??___/###)

Resurrection කියන්නේ උත්තානය කියන තේරුම ඒ වචනය හරියන්නේ ජේසුස් වහන්සේ මරණයෙන් පසු(කුරුසයේ ඇන ගැසීමෙන් පසු ) නැවත පැමිණීම හදුන්වන්න .. ඔබතුමා ඉපදෙන කොට ශරීරය කොහොමද හැදුනේ එකට අල්ලා සම්බන්ද උනාද ? ආත්මය තියන ලෝකයට වෙන නමක් තියනවද? ඒ තියන ආත්මයක් ඔය ශරීරයට ආවේ කොහොමද ? අඳ ,ගොළු, බිහිරි අය ඉපදුනොත් ඒ අයට කුරානය ඉගෙන ගන්නවත් අවස්තාවක් නැතිවීම අසාදාරණයි නේද ? පිටසක්වල ජීවීන් ඇතැයි ඔප්පු උනොත් (දැනටත් සැහෙනදුරට ඔප්පු වෙලා තියනවා ) කුරානය බොරු වෙනවා නේද

එහෙනම් ඒක වෙන්නැති හරි සිංහල වචනේ.


ශරිරයට දෙවියන් සම්බන්ධ වීමක් ගැන කොහොමත් නෑ. එය මැවීමක් පමණයි.


ආත්ම ලෝකයට කියන්නේ "ආලමුල් අර්වාහ්" (World of the Souls) කියලා. එය spiritual තලයක ඇත්තෙ. තියෙන්නේ කොහෙද, මොන වගේද යන දැනුම අපට ලබා දී නෑ. එවැනි දැනුමක් මෙලොව ජිවිතයේ අරමුණ ඉටු කරගන්න මිනිසාට අත්‍යවශ්‍ය නොවන එකක්. ඉස්ලාමයේ එවැනි අනවශ්‍ය දැනුම සම්බන්ධව වැඩි සැලකිල්ලක් දක්වලා නෑ. මිනිසාට අවශ්‍ය ටික දන්වලා තියනවා.


මුළු කුරානයම මතකින් කියවන අන්ධයෝ ගැන අපි අහල තියනවා. ඒ කුරානයේ පාරායනය ඇසීම මගින් ඉගෙනගෙන. තමන්ගේ ගොළු භාෂාවෙන් කුරානය ගැන දේශනා දෙන අය පවා අපි දැකල තියනවා. උපතින්ම බිහිරි නම් ගොළුයි. ඒ අයට විශේෂ ක්‍රම අවශ්‍යයි. එහෙම නැති බිහිරි අයට බලා කියවීම මගින් උගන්වා දිය හැකියි. උත්සහයක් තියනවනම් එය කල හැකියි. අනික, වාක්‍ය 6000කට වැඩියෙන් ඇති කුරානය මතකයෙන් සම්පුර්ණයෙන් කියනවා කියන එක ආශ්චර්යයක්. වෙන කිසිම පොතක් සම්බන්ධයෙන් එහෙම කිරීම බෑ. ලංකාවේ සාමාන්‍ය එහෙම අය සිය ගණන් ඉන්නවා. එහෙම ඉගෙනගත් වයස අවුරුදු 12-15 ළමයිනුත් ඉන්නවා.

කුරානයේ කියනවා,
And We have indeed made the Qur'ân easy to understand and remember, then is there any one who will remember (or receive admonition)? (Al-Quran 54:17)
(නියත වශයෙන්ම අප කුරානය ඉගෙන ගැනිමට සහ මතකයේ තැබිමට පහසු කර ඇත. එසේ අනුශාසනා ලබන්නවුන්/මනනය කරන්නන් කවුරුත් සිටින්නේද?)

මෙසේ ප්‍රශ්නයක් ලෙස කියන දේවල් මගින් පවසන්නේ, එම ක්‍රියාවට පෙළඹවීමක්/ධෛර්යය දීමක්. එම ක්‍රියාව අනිවාර්ය කිරීමක් නෙමෙයි.

කෙසේ වෙතත්, මම කලින් පොස්ට් වල කිව්වා වගේ, අඳ ගොළු බිහිරි අයට වරප්‍රසාද වැඩියි (මෙලොව පරික්ෂාව සම්බන්ධයෙන්). වගකීම් අඩුයි. එම අපහසුතාවයම ප්‍රමාණවත් වේවි ඔහුගේ ගැලවිමට.

කුරානයේ කියනවා,
Allah does not obligate anyone beyond his capacity. (Al-Quran 2:286)
(අල්ලාහ්, කිසිම කෙනෙකුට ඔහුගේ හැකියාව ඉක්මවා අනිවාර්ය කරන්නේ නැත.)


පිටසක්වල ජීවින් හිටියත් ප්‍රශ්නයක් නෑ. සියල්ලන්ගේම එකම දෙවියන් අල්ලාහ් යන එකේ වෙනසක් වෙන්නේ නෑ. ඉස්ලාමයේ කියනවා "ජින්" (Jinn) නමැති තවත් ජීවී වර්ගයක් ගැන. ඔවුන් මෙලොවෙත් සිටිනවා, පිටත් සිටිනවා. ඔවුන් මිනිසුන්ට වඩා වෙනස්. ඔවුන් අතරත් හොඳ හා නරක අය ඉන්නවා. මිනිසුන්ට ඔවුන්ව පේන්නේ නෑ. සමහර විට මිනිසුන්ට පෙනෙන විදිහට එක එක රුප ගැනීමේ හැකියාව ලැබෙනවා. උදා: ඔවුන් නයි විදිහට එන්න පුළුවන්. අපට කියන්නේ නයෙක් මරන්න කලින් "උඹ ජින් කෙනෙක්නම් පලයන්" වැනි දෙයක් කිව යුතු බවයි. එවිට ඌ යන බවයි කියන්නේ. ඔබ අහල ඇති "නයාට ගහල පොල්ල වරද්දගත්තා" යන කතාව. බොහෝවිට ඒ ගසා ඇත්තේ නයෙකුට නෙමෙයි, ජින් කෙනෙකුට. ජින්වරු එහෙම ගහල මරන්න පුළුවන් කට්ටියක් නෙමෙයි. යක්කු/හොල්මන් ආදියටත්, යක්කු අවේෂවිම, පේන බැලීම, සමහර හූනියම් ආදියටත් මේ ජින් වරුන්ගේ (නරක අයගේ) සම්බන්ධයක් තියනවා.
 
Last edited:
හලාල් කරන විදිහෙන් සත්වයාට වේදනාව අඩුනම් , ම්නිහෙක් මරනකොටත් අනුගමනය කරන්නේ ඒ ක්‍රමයද ?(බෙල්ල කපන විදිහ ?)

මම හිතන්නේ, ඔබල ඉස්ලාම් විරෝධී වෙබ් අඩවි බලලා, මුස්ලිම්වරුන්ට මිනිස්සු මරණ එක ඇරෙන්න වෙන වැඩක් නෑ කියා ඔබල හිතනවා ඇති කියා. ඒකට ඉතින් මුස්ලිම්වරු යැයි කියාගන්නා සමහරු කරන පිස්සු වැඩත් හේතුවක් වෙන එක හැබෑව.

මිනිසෙක් ඝාතනය කිරීම ගැන ගැන කුරානය කියන්නේ මෙහෙමයි.

For this reason, We decreed for the children of Isra’il that whoever kills a person not in retaliation for a person killed, nor (as a punishment) for spreading disorder on the earth, is as if he has killed the whole of humankind, and whoever saves the life of a person is as if he has saved the life of the whole of humankind. (Al-Quran 5:32)
(මේ නිසා, ඉස්රාඊල් වරුන්ගේ පුතනුවන්ට මෙසේ තීරණය කළෙමු, කවුරු හෝ කෙනෙකුව මරන්නේද, එය මිනීමැරීමට දඬුවමක් ලෙස හෝ පොලව මත කලබල/මැරවරකමට දඬුවමක් ලෙස හෝ නොවන කල, එය මුළු මිනිස් සංහතියම මරණයට පත්කළා වැනිය. කවුරු හෝ කෙනෙකුගේ ජීවිතයක් බේරන්නේද එය මුළු මිනිස් සංහතියේම ජීවිත ආරක්ෂා කළා වැනිය.)

එනිසා මිනිස් ජිවිතයක් පුජනිය බව කුරානය තහවුරු කරනවා. දඬුවමක් ලෙස මිනිසෙකු මරණයට පත් කළ හැකි අවස්ථා දෙකක් මෙහි කියනවා.
1. Intentional killing (murder).
2. Spreading mischief/disorder in the land.

මේවායේ නීති සම්බන්ධ වැඩි විස්තර මම දන්නේ අඩුවෙන්. එවැනි දඬුවම් ස්ථාපිත කළ හැක්කේ හරි ඉස්ලාමිය රජයක් තිබ්බොත් විතරයි. එසේ නොමැති අප වැනි අයට මේවායේ කිසි සම්බන්ධයක් නෑ. ඒවා අපි වැඩිය ඉගෙන ගන්නෙත් නෑ.

දවස් කිපයකට කලින් සවුදියේ සිදුවූ හිස ගසා දැමීම කිසිසේත් ඉස්ලාමයට අනුකුල වෙන්නේ නෑ. ළමයෙකුට කොහොමත් එහෙම කරන්න බෑ. කිසිම සාක්ෂියක් නෑ. Confession එක වැරදියට ගත්ත එකක්. පස්සේ ඒක ප්‍රතික්ෂේප කළා. එනිසා කිසි විටෙකත් මෙය පිළිගත නොහැකියි. සවුදියේ ඇති හැම දෙයක්ම ඉස්ලාමයට අනුකුලයි කියන්න බෑ. එහෙ ඇත්තේ රජ පරම්පරාවක පාලනයක්. එයම ඉස්ලාමයට විරුද්ධයි!

ඔබට ප්‍රශ්නයක් ඇති, ඉස්ලාමයෙහි දැඩි වැරදි වලට මෙවැනි දැඩි දඬුවම් ඇත්තේ ඇයි කියා. මම කලිනුත් තැනක කිව්වා, ඉස්ලාමය තනි මිනිසාගේ සහ සමුහයේ/සමාජයේ යන දෙකෙහිම ශුභසිද්ධිය බලාපොරොත්තු වන බව. යම් විටෙක තනි මිනිසෙකුගේ "ශුභසිද්ධිය" මගින් සමාජයට හානියක් වන්නේ නම්, සමාජය පෙරටු කරනවා.

උදාහරනයකට, හොරෙක් තමාගේ "ප්‍රයෝජනය" සඳහා හොරකම් කිරීම සමාජයට වන ලොකු හානියක්. සමුහයේ සාමය සහ සැනසීම නැති වෙන දෙයක්. එවැනි විටෙක හොරෙකුගේ පැවැත්මට ඉස්ලාමය ඉඩ දෙන්නේ නෑ. හොරකම සම්පුර්ණයෙන්ම සමාජයෙන් තුරන් වෙන විදිහටයි නීතිය ඇත්තේ. සහතිකව ඔප්පු වන ලොකු හොරකම් වලට අතක් කපනවා. ඒක හැම හොරකමකටම අදාල නෑ . බඩගින්නට, වටිනාකම ඉතා අඩු දේ ආදිය හොරකම් කළාට මෙහෙම දඬුවම් දෙන්න බෑ. දෙන්නේ සහතිකව ඔප්පු වූ plan කළ හොරකම් වලට. ලෝකයේ වෙන එක ක්‍රමයක්වත් මෙලෙස හොරකම නැති කරන ක්‍රමයක් බවට පෙන්නේ නෑ. හිරේ ඉඳගෙනත් හොරකම් කරනවා/හොරකම තවත් හොඳින් ඉගෙන ගන්නවා. මදිනාවේ මම දැකල තියනවා පාරේ පේමන්ට් එකේ කඩවල් වහන්නේ රෙදි වලින්. රෙද්දකින් බඩු ටික වහල යනවා, ඊළඟ දවසේ ඒක අරිනවා. ගෙදර ගෙනියන්නේ නෑ. (මේවා ඇහින්ම දැකපුවා, කතා නෙමෙයි). එහෙ පදිංචි අය හොරකමක් ගැන හිතන්නේ වත් නෑ. හොඳින් දන්නවා අහුවුනොත් මොකද වෙන්නේ කියා.
 
Resurrection කියන්නේ උත්තානය කියන තේරුම...

පුනරුප්පත්තිය ගැන කතාවක් ආපු නිසා අහන්නේ. ඒ ගැන පොඩි ප්‍රශ්න වගයක් තියනවා.

කියන විදිහට කර්මය අනුව ඊළඟට ඉපදෙන තත්වය තීරණය වෙන බව අහල තියනවා. (වචන වැරදි නම් හදන්න). මිනිසා ඇතුළුව එවැනි තත්ව පහක් හෝ හයක් ඇති බව Wikipedia එකේ තිබ්බා.

මම දැනගන්න කැමතියි,

1. ආරම්භයේදීම තිබුනේ කොහොමද? එනම්, සියල්ලෝම මිනිසුන්ද? සතුන්ද? අනික් තත්ත්ව ද? මිශ්‍රව ද? නැතිනම් වෙන විදිහකින්ද?

2. මේ පුනරුප්පත්තිය සිද්ධාන්තය අනුව ලොවේ ජනගහනය වැඩිවීම පැහැදිලි කරන්නේ කොහොමද?

එනම්, මිනිසුන්ගේ ක්‍රියා පොදුවේ ගත්විට පින් වලට වඩා පව් සිදුවන බවයි පෙන්නේ. බෞද්ධයින්ගෙන් පවා පන්සිල් පහම සැමවිටම රකින කෙනෙක් හැමදාම දකින්න ලැබෙන්නේ අමාරුවෙන්. අරක්කු බොන අයත් ගොඩක් ඉන්න බව පේනවා. අඩුගානේ පාටියකදී හරි බොනවා. (මේ statistics අනුව නොව observation අනුවයි. ඔබේ මතය වෙනස් නම් කියන්න). විනය දක්වා යන ප්‍රමාණය ටිකයි. සතුන්ගේ level එකේ සිට හොඳ කර්ම ලැබීම, මිනිස් level එකට වඩා අමාරු කියලත් ලියා තිබුනා. එහෙම තත්වයක් තිබියදී මෙහෙම මිනිස් ජනගහනය වැඩි වෙන්නේ කොහොමද? අලුතින් ආත්ම එකතු වෙනවද?
 

121221

Active member
  • Mar 18, 2011
    989
    34
    28

    පුනරුප්පත්තිය ගැන කතාවක් ආපු නිසා අහන්නේ. ඒ ගැන පොඩි ප්‍රශ්න වගයක් තියනවා.

    කියන විදිහට කර්මය අනුව ඊළඟට ඉපදෙන තත්වය තීරණය වෙන බව අහල තියනවා. (වචන වැරදි නම් හදන්න). මිනිසා ඇතුළුව එවැනි තත්ව පහක් හෝ හයක් ඇති බව Wikipedia එකේ තිබ්බා.

    මම දැනගන්න කැමතියි,

    1. ආරම්භයේදීම තිබුනේ කොහොමද? එනම්, සියල්ලෝම මිනිසුන්ද? සතුන්ද? අනික් තත්ත්ව ද? මිශ්‍රව ද? නැතිනම් වෙන විදිහකින්ද?

    2. මේ පුනරුප්පත්තිය සිද්ධාන්තය අනුව ලොවේ ජනගහනය වැඩිවීම පැහැදිලි කරන්නේ කොහොමද?

    එනම්, මිනිසුන්ගේ ක්‍රියා පොදුවේ ගත්විට පින් වලට වඩා පව් සිදුවන බවයි පෙන්නේ. බෞද්ධයින්ගෙන් පවා පන්සිල් පහම සැමවිටම රකින කෙනෙක් හැමදාම දකින්න ලැබෙන්නේ අමාරුවෙන්. අරක්කු බොන අයත් ගොඩක් ඉන්න බව පේනවා. අඩුගානේ පාටියකදී හරි බොනවා. (මේ statistics අනුව නොව observation අනුවයි. ඔබේ මතය වෙනස් නම් කියන්න). විනය දක්වා යන ප්‍රමාණය ටිකයි. සතුන්ගේ level එකේ සිට හොඳ කර්ම ලැබීම, මිනිස් level එකට වඩා අමාරු කියලත් ලියා තිබුනා. එහෙම තත්වයක් තිබියදී මෙහෙම මිනිස් ජනගහනය වැඩි වෙන්නේ කොහොමද? අලුතින් ආත්ම එකතු වෙනවද?


    ජීවීන් ඉපදිය හැකි තල 31ක් බුදු දහමේ විස්තර වෙනවා (නිරයන්, තිරිසන් සතුන් , භූත ,ප්‍රේත ,දෙවි ,බ්‍රහ්ම ) එවායේ ඉන්න ප්‍රමාන අතහැරලා දැම්මත් ලෝකයේ සියලුම ජීවී විශේෂ වල එකතුවට වැඩි සංක්‍යාවක් කෘමීන් ඉන්න බව ඔබ දන්නවද ? දැන් මිනිස් ආත්ම වල ඉන්න අය ගේ පෙර තත්වය දකින්න පුළුවන් රහතන් වහන්සේලා වගේ පුද්ගලයන්ට පමණයි
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    @ anamnlmslmn
    ඔබතුමා මේ සම්බන්ධ උනන්දු නම් බුදුදහමට කෙලින්ම සම්බන්දයක් නැති එඩ්ගා කේසි ගේ පොත් කියවලා බලන්න
     
    ජීවීන් ඉපදිය හැකි තල 31ක් බුදු දහමේ විස්තර වෙනවා (නිරයන්, තිරිසන් සතුන් , භූත ,ප්‍රේත ,දෙවි ,බ්‍රහ්ම ) එවායේ ඉන්න ප්‍රමාන අතහැරලා දැම්මත් ලෝකයේ සියලුම ජීවී විශේෂ වල එකතුවට වැඩි සංක්‍යාවක් කෘමීන් ඉන්න බව ඔබ දන්නවද ? දැන් මිනිස් ආත්ම වල ඉන්න අය ගේ පෙර තත්වය දකින්න පුළුවන් රහතන් වහන්සේලා වගේ පුද්ගලයන්ට පමණයි

    ආරම්භ අවස්ථාව ගැන මොනවහරි කියල තියනවද? ඒ කියන්නේ මේ ආත්ම පටන් ගැනීමක් වගේ දෙයක් ගැන? නැතිනම් ඔය කිව්ව තල දිගටම තිබ්බ ඒවාද?

    ඔබ කියපු පොත ලොකු එකක්ද? ලින්ක් එකක් එහෙම? නැතිනම්, ඔබට එයින් කියන්න හදන දේ ගැන summary එකක් මෙහි දාන්න පුලුවන්ද? (අමාරුනම් එපා).

    Thanks.
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28

    ආරම්භ අවස්ථාව ගැන මොනවහරි කියල තියනවද? ඒ කියන්නේ මේ ආත්ම පටන් ගැනීමක් වගේ දෙයක් ගැන? නැතිනම් ඔය කිව්ව තල දිගටම තිබ්බ ඒවාද?

    ඔබ කියපු පොත ලොකු එකක්ද? ලින්ක් එකක් එහෙම? නැතිනම්, ඔබට එයින් කියන්න හදන දේ ගැන summary එකක් මෙහි දාන්න පුලුවන්ද? (අමාරුනම් එපා).

    Thanks.

    ආරම්භක අවස්තාව ගැන හොයලා වැඩක් නෑ , විශ්වයේ තියන ශක්ති වල ආරම්භක අවස්ථා ව අපට කියන්න පුලුවන්ද ,
    මේ දවස් වල ජනප්‍රිය මහා පිපිරුම් න්‍යාය ගත්තත් මුල්ම පිපිරුම සඳහා ශක්තියක් අවශ්‍ය වෙනවා , එම ශක්තිය වෙනත් ආකාරයකින් කොහේ හරි තිබිලා තියනවා .
     

    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    කුරානය පහල වුනේ එක පාර පොතක් විදිහට නෙමෙයි. අවශ්‍ය තැනදී උපදෙස් ලෙස වාක්‍ය එකක් හෝ කීපයක් පහල වෙනවා. මේ වාක්‍ය ටික පහළ වුනේ ඒ අවස්ථාවට. ඒක හැම අවස්ථාවකටම අදාල නෑ. එනිසා ඔබ කියනවා වගේ අන්‍ය ආගමිකයන් මැරීම කියා එකක් ඉස්ලාමයේ කොහොමත් නෑ. ඒ අයට ආගම ගැන දැනුවත් කළ යුතු බවයි පැහැදිලිව තියෙන්නේ.


    දන්නැති නිසා අහන්නේ...

    දැනුත් අවශ්‍ය තැනදී උපදෙස් ලෙස වාක්‍ය එකක් හෝ කීපයක් පහල වෙනවද?
     

    Insight

    Member
    Nov 8, 2010
    297
    32
    0


    ඒකනම් ඇත්ත වෙන්න ඕන. තනිකර කාලේ නාස්තියක් වෙලා තියෙන්නේ . මේ ත්‍රෙඩ් එක දාල තියෙන කෙනා මේ සේරම පොස්ට් ටික දාල තවත් ත්‍රෙඩ් එකක් දාල තියෙනවා. ඒ ත්‍රෙඩ් දෙකෙන්ම මෙයා එකම ප්‍රශ්නේ අහනවා. එකම ප්‍රශ්නේ තැන් දෙකක එකම කෙනාගෙන් අහන්නේ නැහැ විශේෂ හේතු නැතිව.:yes:

    එයාට ඕන වුනේ අමානුෂික සත්ව ඝාතනය මානුෂිකයි කියන ගමන් එයාගේ ආගම ප්‍රචාරය කරන්න. පොඩි ළමයෙක්ට වුනත් තේරෙන සත්ව ඝාතනයේ ඇති අමානුෂිකත්වය එයා නම් කීයටවත් පිළිගන්නේ නැහැ. තව කියල වැඩක් නැහැ. එල්ලී එල්ලී එයාගේ වැරදි මතේම ඔප්පු කරන්න හදනවා මිසක් කිසි දෙයක් තේරුම් ගන්නේ නැහැ. ඒගොල්ලෝ කියන හැම මුසාවාදෙකටමයි කරන හැම වැරද්දකටම එහෙයි කියන්න ඕනලු. වැරැද්දට වැරැද්ද කිව්වම සනීප නැහැලු. වැරැද්ද දැකල නොදැක්ක වගේ ඉන්න එකලු කරන්න ඕන.:eek:


    මම මෙතෙනට ආවේ බුදු දහම ගැන කියන්න නෙමෙයි. සත්ව ඝාතනය අමානුෂිකයි කියන්න විතරයි. ඒ කියපු වාඛ්‍ය කිහිපේ අල්ලාගෙන බුදු දහම ගැන නිගමන ගන්න හැදුවේ එයාම තමයි. මෙතන කෙනෙක්ගේ පොස්ට් එකකින් දෙකකින් බුදු දහම ගැන තීරණ ගත්තු කෙනා මොන වගේ කෙනෙක්ද? කියන්න වචන නැහැ. එයාට ඕන වුනේ ඒ වාක්‍ය කීපයෙන් බුදු දහම ගැනම වැරදි අර්ථකතනයක් දීල එයාගේ ආගම ඔප්පු කරන්න. ඒක මොනතරම් විහිළුවක්ද? එයා වගේම කෙනෙක් පිළිගත්තොත් ඇරෙන්න කවුද පිළිගන්නේ?

    පුදුම වැඩේ කියන්නේ අහිංසක සත්තු මරල ජීවත් වෙන අය එනවනේ දැන් හරි ආගම මොකක්ද කියල උගන්නන්න. සතෙක්ගේ දුකක්වත් නොතේරෙන අයටළු සේරම තේරෙන්නේ.





    සතාට ජීවත් වීමේ අයිතිය නැති කරලා ඒ සතාගේ පැටියගෙන් වෙන් කලාම පාපයක් සිද්ද වෙන්නේ නැහැ කියපු ආගමක් ඔලුව උඩ තියන් ඉන්න කෙනෙක් එක්කනේ මම මෙච්චර වෙලා වාද කරලා තියෙන්නේ. තව මොනවා කිව්වත් වැඩක් නැහැ. කොච්චර කිව්වත් නවත්තන්නේ නැතිව එල්ලී එල්ලී ප්‍රශ්න අහන එක තමයි කරන්නේ. අනෙක බෞද්ධයෙක්ට කාගේවත් මස් කෑමකට පව් පිරවෙන්නේ නැහැ. මොකද ඒ අය සත්ව ඝාතනයෙන් වලකින නිසා. ගිහි බෞද්ධයෙක්ගේ නිත්‍ය ශීලය තමයි පන්සිල්. එකේ පළමු
    ශික්ෂාපදය තමයි සතු මැරීමෙන් වැළකීම. එහෙම බැලුවොත් මරණ අය කාටවත් බෞද්ධයෙක් කියන්න බැහැ. මේගොල්ලෝ වගේ අය තමයි පව් නැහැ කියා කියා මරන්නෙයි, මරණ අයට අනුබල දෙන්නෙයි.එයාම මස් ඕන කිය කියා ලියල අන්තිමට බෞද්ධයින් මස් ඉල්ලනව කියල දොස් කියනවා. ඒ මදිවට ජන ශූන්‍ය කාන්තාර වල ප්‍රශ්න කියල හරි ම්ලේච්චත්වය ඔප්පු කරන්න හදනවා. ඒ මදිවට ඒගොල්ලන්ගේ ත්‍රස්ත ක්‍රියා අනුමත කරන්න ඊට විරුද්ධ වුන ඇමෙරිකාවටත් දොස් කියල තියෙනවා. මම ඇමෙරිකාව 100% නිවැරදියි කියනවා නෙමෙයි. නමුත් ත්‍රස්ත ක්‍රියා වලට විරුද්ධ වෙන්න ඕන රටකට අයිතියක් තියෙන්න ඕන. කවුරු කලත් ත්‍රස්තවාදය ම්ලේච්චයි :no:




















    කියල වැඩක් නැහැ. ඔන්න ආයේ එල්ලී එල්ලී එකම දේ අහල තියෙනවා. කොටි වල්ගයක් අල්ලා ගත්තා නම් ඔයිට හොදයි. :)
     
    කුරානය පහල වුනේ එක පාර පොතක් විදිහට නෙමෙයි. අවශ්‍ය තැනදී උපදෙස් ලෙස වාක්‍ය එකක් හෝ කීපයක් පහල වෙනවා. මේ වාක්‍ය ටික පහළ වුනේ ඒ අවස්ථාවට. ඒක හැම අවස්ථාවකටම අදාල නෑ. එනිසා ඔබ කියනවා වගේ අන්‍ය ආගමිකයන් මැරීම කියා එකක් ඉස්ලාමයේ කොහොමත් නෑ. ඒ අයට ආගම ගැන දැනුවත් කළ යුතු බවයි පැහැදිලිව තියෙන්නේ.


    දන්නැති නිසා අහන්නේ...

    දැනුත් අවශ්‍ය තැනදී උපදෙස් ලෙස වාක්‍ය එකක් හෝ කීපයක් පහල වෙනවද?



    එහෙම නෑ. කුර්ආනයේ වාක්‍ය පහල වීමට කියන්නේ 'වහී' කියලා. වහී එන්නේ නබිවරුන්ට පමනයි. අවුරුදු 1400 කට පමන කලින් පැමිනි අපේ නබිතුමාට පසු ලෝක අවසානය දක්වා කිසිම නබිවරයෙක් පැමිනෙන්නේ නැති බවයි අපගේ ඉගැන්වීම.
     

    gaveshi

    Member
    May 13, 2009
    129
    38
    0
    කියල වැඩක් නැහැ. ඔන්න ආයේ එල්ලී එල්ලී එකම දේ අහල තියෙනවා. කොටි වල්ගයක් අල්ලා ගත්තා නම් ඔයිට හොදයි. :)

    මෙයා නම් එල්ලෙන්නම හදනවා මිසක් කිසි දෙයක් ඔලුවට ගන්නේ නැහැ. මෙයාට වැඩ නැති හන්ද මටත් ඒ විකාරම කරන්න කියනවා.මම විද්‍යාව ගැන මුකුත්ම නොලියා විද්‍යාව අවිද්‍යාව කරනවා කියල මට දොස් කියල. Hallucination තියෙන්නේ කාටද කියල එකෙන්ම තේරෙනවා. දැන් මස් කඩ කරන අයගෙන් තමයි විද්යාව ඉගෙන ගන්න වෙලා තියෙන්නේ. බෙල්ල කැපීමේ මානුෂික විදි තියෙනවා කියල මෙයා වගේ අයගෙන්ම තමා කාට හරි ඉගෙන ගන්න වෙන්නේ. බුද්ධිමත් කිසි කෙනෙක් බෙල්ල කැපිල්ල මානුෂිකයි කියන්නේ නැහැ මොන විදිහට කලත්. මල කුණක් කන එකෙයි අහිංසක සත්වයෙක්ගේ ජීවිතේ විනාශ කරන එකෙයි වෙනස වත් තේරෙන්නේ නැහැ. නියම බෞද්ධයෝ
    මල කුණු හොයන්නේ නැහැ. මෙගොල්ලෝම තමා හොයල ඒ අයට පව්කාර රස්සාවෙන් මිදෙන්න දෙන්නේ නැත්තේ.
    ඒ මිනිස්සුන්ට කාලකන්නි කිව්වේ එයාම තමයි. මිනිස්සු ගැන නියම කැක්කුමක් තියෙන කෙනා ඒ අයට වරදෙන් මිදෙන්න කියනවා මිසක් අපිට vitamin B ඕන නිසා ඕගොල්ලෝ මරන්න කියන්නේ නැහැ. බඩ පිරවිල්ල තමයි මෙගොල්ලන්ගේ එකම focus එක. ඇමරිකාව ගැන මෙයාගේ හිතේ තියෙන්නේ වෛරයක්. එක පැහැදිලියි. මොනවවුනත් වැඩිහරියක් ත්‍රස්ත කණ්ඩායම් මේගොල්ලෝ තමයි. සත්ව ඝාතනය වැරදියි කියන්න ආපු අයගෙන් බුදු දහම ගැන එල්ලී එල්ලී අහල ඒ මදිවට ඒ අය උගන්නන්න ආව කියලත් බැනල. සත්ව ඝාතනයට විරුද්ධ වෙන එකෙයි බුදු දහම ගැන කියන්න එන එකෙයි වෙනස වත් තේරෙන්නේ නැහැලු. ඊට පස්සේ එල්ලී එල්ලී බුදු දහම ගැන අහන හන්ද පොඩ්ඩක් කිව්වට ඒ පොඩ්ඩවත් තේරිලා නැහැ. තව කියල වැඩක් වෙයිද? එල්ලී එල්ලී එකම දේ අල එකම දේ කිව්වා කියලත් බැනල. එකම ප්‍රශ්නෙට වෙනස් විදිහට උත්තර දෙන්න බෑනේ. එයාටම මතක නැහැ එයා එකම ප්‍රශ්නේ කී සැරයක් අහනවද කියල. මම ලියන දේවල් මතක හිටියිද? ඒ මදිවට එකම ප්‍රශ්නේ එකම කෙනාගෙන් අහල ත්‍රෙඩ් දෙකක දාන්නේ නැහැ සිහි කල්පනාව තියෙන කෙනෙක්.:no:

    අනෙක මේගොල්ලෝ වගේ අය කාන්තාර වල ඕන තරම් ඉන්න නිසා එහෙ යන බෞද්ධයින්ට මල කුණු වලින් නම් අඩුවක් වෙන එකක් නැහැ.
    මේගොල්ලන්ගේ පොතේ හැටියට ගහක් කොලක් නැති කාන්තාර වල හරියට මිනිස්සු ඉන්නවලු. ඒ අයට මරන්න සත්තුත් හරියට ඉන්නවලු.කාන්තාරේ සත්තු ගහක් කොලක් නැතිව ජීවත් වෙන්නේ කොහොමද දන්නේ නැහැ. ඒ සත්තුත් මෙයාගේ පොතේ හැටියට සේරම මාංශ භක්ෂක වෙන්න ඇති.:eek:
     
    • Like
    Reactions: king_pandukabaya
    මෙයා නම් එල්ලෙන්නම හදනවා මිසක් කිසි දෙයක් ඔලුවට ගන්නේ නැහැ. මෙයාට වැඩ නැති හන්ද මටත් ඒ විකාරම කරන්න කියනවා




    ඔය නැවත කියවීම (වෙලාව නාස්තිය) නවත්තලා මම අහපු ප්‍රශ්න වලට focus කරල උත්තර දෙන්න. ඔබ තාම භාවනාව නැවත පටන් ගත්තේ නැද්ද?

    බුද්ධාගම ගැන වැඩිපුර මෙතන ඉගැන්නුවත් කාගේවත් තරහවක් නෑ.

    දෙන්න උත්තට නැති නිසා ඔබ කියපු දේම නැවත විකාශයක් කරන්න අදහසක් ඇත්නම්, කරුනාකරල ඒක වෙන තැනක දාගන්න.

     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113
    කුරානේ දෙවියන්ගෙන් ආව කීවාට එකේ තියෙන්වා ඇබ්‍රොගේටඩ් වර්සස් (Abrogated Verses). ඒ කියන්නේ දෙවියන්ට ශුවර් නැතුව වෙනස් කොරපුවා. හෙහ් හෙහ්.. :lol::lol:
     
    කුරානේ දෙවියන්ගෙන් ආව කීවාට එකේ තියෙන්වා ඇබ්‍රොගේටඩ් වර්සස් (Abrogated Verses). ඒ කියන්නේ දෙවියන්ට ශුවර් නැතුව වෙනස් කොරපුවා. හෙහ් හෙහ්.. :lol::lol:

    ඒ ගැන කුරානය කියන්නේ මෙහෙමයි.

    Whenever We abrogate a verse or cause it to be forgotten, We bring one better than it or one equal to it. Do you not know that Allah is powerful over everything? (Al-Quran 2:106)

    එසේ Abrogate කරන්නේ අණ පනත් සම්බන්ධ වාක්‍යයි. එනම්, දෙවියන්ට කැමති වේලාවට කැමති දේ අණ කරන්න හැකියි. ඔහු සර්ව බලධාරී යන බව කියන තවත් අංගයක් තමයි ඒ. එහෙත් ඔහුගේ අණ වෙනස් කිරීමට වෙන කාටවත් බලයක් නෑ. උදාහරණයක් තමයි අපේ නැමදුම් දිශාව වෙනස් කිරීම. ටික කාලයක් ජෙරුසලම දෙසට නැමදුම කරන්න කියා අණ දී තිබුනා. පසුව මක්කම දෙසට නමදින්න කියා අණ කළා. එසේ කරන්න හේතුව, නැමදුම් දිශාව ගැන තමන්ගේ කැමැත්ත කෙසේ වෙතත් දෙවියන්ගේ අණට යටත් වීම තමයි වැදගත් යන්න ප්‍රයෝගිකව පුහුණු කර පෙන්වීමටයි. (එකල වැඩිදෙනෙකුට ජෙරුසලමට වඩා මක්කමේ දිශාවට කැමැත්ත්ක් තිබුනා). එනිසා, ජෙරුසලම දිශාවට නමදින්න යන අණ, දෙවියන් විසින්ම Abrogate කළ එකක්.

    එලෙස Abrogate කරන අණ පනත් සැමටම පදනම් වූ හේතු තියනවා. එලෙස ඇති වාක්‍ය හරි ටිකයි. එය ප්‍රශ්නයක්/පටලැවිල්ලක් නොවන්නේ, අලුත් අණ ගැනත් එහිම තිබෙන නිසා. විස්තර-Information/ඉතිහාසය සම්බන්ධයෙන් එහෙම Abrogate වෙන්නේ නෑ. තවද, එසේ සිදුවූයේ නබිවරයා ඉන්න කාලේදී (වහී නමැති පහළවීම සිදුවූ කාලේදී) පමණයි.
     
    Last edited: