photography with amilaboy

dial1

Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    මම මේ නූල දාන්නෙ මගේ පෝස්ට්ද මොනවද කියන ඒව 2000ක් සම්පූර්න වීමේ අහවල් එක වෙනුවෙන් :) :lol: සහ රෙප් පවර් කියන එක 8ක් වීමේ සතුට වෙනුවෙන්.
    (කන්ග්‍රැට්ස් වත් කියපන් ඉතින්..) :rofl::rofl::P
    මේකට කමෙන්ට් කරල මට රෙප් දෙන අයට මගෙ අලුත් රෙප් පවර් එකෙන් රෙප් දෙනව. ඕන් කිව්ව.. :yes::yes::yes:

    අනික මේ නූලෙ තියෙන කිසිම දෙයක් කිසිඳු බ්ලොගයකින් උස්සපු එකක් නොවන බවත්,කිසිඳු ව්‍යාපාරයක් promote කිරීමක් නොකරන බවත්,හුදෙක් අන්තර්ජාලය මාර්ගයෙන් මම 60D කැමරාව ගැන කරන ලද සමීක්ෂණ අණුසාරයෙන් හා මාගේ කලින් තිබූ මේ කැමරාව ඔපරේට් කිරීමෙන් මා ලද අත්දැකීම් අනුව සකසන ලද්දක් බව කරුනාවෙන් සලකපන්. :frown::frown:
    (අපරාදේ මගෙ කැමරාව,වික්කනෙ..අයියෝ සල්ලි.. ගත්ත එකාට දෙයියන්ගෙම පිහිටයි කියන්න එපා ඕං.ඒක මම පාවිච්චි කලෙත් දවස් 20ගානයි..) :love::love::love:



    ඉතින් මේ පෝස්ට් එක හොඳ DSLR කැමරාවක් ගන්න බලාපොරොත්තු වෙන අයටයි. (Canon ගැන තමයි ඉතින් කියන්න යන්නේ)

    කැමරාව : Canon EOS 60D (crop sensor APS-C -22.3 x 14.9 mm)

    canon-60D-US.png


    මම මේ කැමරාව ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ විශේෂ කාරනා කීපයක් නිසා. (මේ කාරනා අනෙක් කැමරාවලත් තියෙන්න පුළුවන්. ෂුවර් නෑ හැබැයි 1වෙනි කාරනේ ගැන නිකොන් කැමරා වල නම්.)

    1. Integrated Speedlite Transmitter
    2. Pentaprism Viewfinder (and Pentamirror viewfinder)

    අනික් specs හැමදේම වගේ කස්ටිය දන්නවනෙ ඉතින් කියන්න ඕන නෑනෙ.. දන්නෙ නැත්තං ඕං ලින්කුව > මෙතනින් ගියානං..

    1. Integrated Speedlite Transmitter ඉස්සෙල්ලම බලමු මේක කොහොමද වෙන්නෙ කියල.. ඇතුලත ස්පීඩ්ලයිට් ට්‍රාන්ස්මීටරය

    mABli.jpg


    මේකෙන් වෙන්නෙ කැමරාවෙ hot-shoe එකට කිසිම ස්පීඩ්ලයිට් එකක්/රේඩියෝ ට්‍රාන්ස්මීටරයක් සම්බන්ධ නොකර කැමරාවේ ඇතුලත ඇති සෙන්සරය එහෙමත් නැත්නම් ට්‍රාන්ස්මීටරය හරහා ස්පීඩ්ලයිට් පාලනය කිරීමයි.(මේක පිහිටල තියෙන්නෙ කැමරා එකේ pop-up flash එකට පිටිපස්සෙන්,ඒ කියන්නෙ hot-shoe එක යටින්.) හැබැයි මෙහෙම පාලන කරන්න නම් ස්පීඩ්ලයිට කැමරාවට පෙනෙන දුරින් (ඒ ඒ ස්පීඩ්ලයිට් එක පාලනය කරන්න පුලුවන් යම් දුර ප්‍රමානයක් තියෙනව.ඒක දැනගන්න නම් ඒ ස්පීඩ්ලයිට් එකේ අත්පොත කියවන්න වෙනව ඕං.) එහෙමත් නැත්නම් එකිනෙක මුහුනලා හෝ පිටලා තිබිය යුතුයි. (බිත්තියක් එහා පැත්තෙ තිබ්බට බඩු වැඩ කරන්නෙත් නැ ඕං..)

    ඉතින් මේකට සම්බන්ධ කල හැක්කේ Canon 430EX II සහ Canon 580EX II ETTL Mode එකෙන්.

    bzO31.jpg


    මේ විදියට ෆ්ලෑෂ් ගෲප් 2ක් හෝ ඊට වැඩි ගනනක් සම්බන්ධ කරගෙන අපිට අවශ්‍ය වැඩේ කරගන්න පුළුවන් කැමරා එකේම තියෙන ස්පීඩ්ලයිට් ට්‍රාන්ස්මීටරයෙන්. (සල්ලිත් ඉතුරුයි ඕං.)

    vcAoR.jpg


    ඔය පහසුකම active කරන්න ඕන.නැත්තම් නිකංම එන්නෙ නෑ බොල..


    මෙහෙමයි කරන්නෙ..
    මෙනු බොත්තම එබුවම කැමරාවෙ,පලවෙනි මෙනුවෙ,යටින්ම තියෙනව මෙන්න මෙහෙම..
    4Z8py.jpg


    ඕක මෙහෙමයි..
    Flash Control > built-in flash function settings > wireless function > enable

    කෙටියෙන් කිව්වෙ කස්ටිය අනාගන්න නිසයි. 60D තියෙන කස්ටිය ඉන්නවනම් කියන්න radio flash කරන හැටිත් කියල දෙන්නම්කො. :P:P:P


    Pentaprism Viewfinder

    මේ ඔප්ශන් එක නිසා තමයි කැමරාව ටිකක් මිල වැඩි වෙලා තියෙන්නෙත් බර වැඩි වෙලා තියෙන්නෙත්, ඒ මොකද මේ තාක්ෂණය යොදාගන්නෙ ප්‍රෝ කැමරා වලට වීම නිසයි. සාමාන්‍යයෙන් අපි එදිනෙදා දකින 450D,500D,550D,600D,650D වගේ කැමරාවල යෝදාගෙන තියෙන්නෙ pentamirror kiyana තාක්ෂණයයි. ඒ කැමරා මිලෙන් අඩු වෙන්නෙ ඒ නිසයි.

    දැන් බලමු මොනවද මේ කියන තාක්ෂණ 2,මොනවද මේ දෙකේ වෙනස කියල.. (pentaprism & pentamirror)

    Pentaprism.jpg


    Pentaprism කියන්නෙ මෙහිදී පාවිච්චි වෙන්නෙ ඝණ වීදුරු කුට්ටියක්,මෙහි පැති 2ක හැර අනෙක් සියලුම පැතිවල රසදිය ආලේපයක් තියෙනව (දර්පන.) මෙහිදි ආලෝකය එක් පැත්තකින් ඇතුලුවී, ඇතුලතදී එම ආලෝකය පරාවර්තනය වීමක් සිදුවෙනව එය එලියට පැමිනෙන්නෙ අර මම කලින් කිව්ව රසදිය ආලේප නොකරපු පැත්තකින්. ඉතින් මෙහිදී කාර්‍යයන් 2ක් සිදුවෙනව. ආලෝකය ප්‍රිස්මයට ඇතුලුවෙනව, පසුව ප්‍රිස්මයෙන්ම ආලෝකය පිටවෙනව. මෙහිදී ආලෝකය නාස්තිවීමක් සිදුවෙන්නෙ බොහෝම අඩුවෙන් නිසා තත්වයෙන් හොඳ ඡායාරූපයක් බිහිවෙනව.:P:P

    Pentaprism.svg

    Pentaprism

    Pentamirror කියන්නෙත් මේ සංසිද්ධියම මදක් වෙනස් ආකාරයකින්.. එය එක් එක් දර්පන තල එකට එකතු කිරීමෙන් සෑදූ ප්‍රිස්මයක්.මෙහි මධ්‍යයේ වීදුරු කුට්ටිය වෙනුවට වාතය තිබෙන්නෙ.මෙහිදී වායුවෙන් යම්කිසි බලපෑමක් මේ එක් එක් දර්පන තල වලට සිදුවෙනව. ඒ නිසා ඒ දර්පන තල වලින් ලබාගන්නා …ආලෝකය බොහෝ දුරට අඩුවීමක් වෙනව. ඒ කියන්නෙ තත්වයෙන් බාල ඡායාරූපයක්. :no::no:
    ඒ නිසා තමයි මේ කැමරාව මුදලින් අඩු වෙන්නෙත්, බරින් අඩු වෙන්නෙත්.:yes::yes:
    SLR_Pentamirror.png

    Pentamirror

    තවත් කියනවනම් pentaprism කැමරාවල viewfinder එක pentamirror කැමරාවල viewfinder එකකින් පේනවට වඩා පැහැදිලියි. …:yes::yes::yes:



    ඒක නිසා ගන්නවනම් හොඳ බඩුවක් එක පාර ටිකක් සල්ලි වියදම්කරල ගනින්. මම වගේ.. :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:



    2006 ඉඳල ඉබි ගමනින් ආපු මට මේ ගමනෙදි සහය දීපු සැමට, රෙප්+ දී මාව දිරිමත් කරපු හැමෝටම, රෙප්- දී මා හට අහවල් එක කරපු අයට, අවුරුදු 1.5ක-2ක නිහැඬිතාවයකින් පසු දැනට අවුරුදු 2කට ඉහතදී මාගේ එලකිරි මුරපදය මතක බැරිවී එය නැවත ලබාගැනීමට සහය දුන් ඇඩ්මින් සහෝදරයාගේ අහවල් එකට (නම දන්නෙ නෑ බොලව්.ස්ක්‍රිප්ට් එක මම හිතන්නෙ..) සහ එකී මෙකී නොකී සෑම සියළු දෙනාටමත්, අපවත්වී වදාළ අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන්වහන්සේටත්, අපවත්වී වදාළ පූජ්‍ය සෝම ස්වාමීන්වහන්සේටත්, මාගේ දහම් පාසල වන ශ්‍රේෂ්ඨ සිරි වජිරඤාණ ධර්මායතනයේ වැඩසිටිනා සෙල්මුවා පිලිමවහන්සේගේ ආශිර්වාදය ලැබේවා..

    බුදුසසුණ බැබලේවා... සාධු සාධු සා...ධු.

    pentaprism and pentamirror gana mama liyapu post ekak :yes::yes:
     
    • Like
    Reactions: cresendo

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    මචං. .
    NIKON JAPAN දැන් එන්නේ නෑ නේද ???? :eek: :eek:

    උබ කියන කතාවෙ ඇත්තක් නැත්තෙමත් නෑ
    සමහර nikon models ජපානේ දැන් ගහන්නේ නෑ
    විශේශයෙන් DX cameras.
    හැබැයි මිලෙන් ගොඩක් වැඩි FX cameras තාම ජපනයේ ගහනවා (Sendai plant )
    උදාහරනයක් විදියට දැන් D7000 එක ගහන්නේ තායිලන්තේ
    හැබයි බයවෙන්න දෙයක් නෑ Nikon සමාගම හොදට quality එක පරීක්ශා කරල තමයි මාර්කට් එකට දාන්නෙ
    made in china නම් මගේ පැහැදීමක් නෑ

     
    Last edited:

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113


    වෙනස්කම් ගොඩක් තියෙන්වා.

    මුලින්ම මේ දෙකෙන් P510 ඉදිරියෙන් ඉන්න කාරනා ටික කියන්නම්
    වෙගයෙන් පින්තුර ගන්න පුලුවන්- තත්පරයකට පින්තූර 7ක් (D5100 එකේ 4යි )
    panoramas පින්තූර ගන්න පුලුවන් (D5100 බෑ )
    records high-speed movies 120 fps
    3d පින්තූර ගන්න පුලුවන්
    මිළ අඩුයි

    දැන් බලමු d5100 වාසි

    auto focus වෙගය වැඩියි Phase detection (P510 එකේ Contrast detection)
    external mic ගහන්න පුලුවන් (p510 එකේ බෑ )
    සෙන්සර් එක විශාලයි APS-C 23.6x15.6mm (p510 එකේ 1/2.3" 6.2x4.6mm)
    16.1 MP (p510 එකේ 9.7mp)
    බැටර්යි ආයුකාලය දිගයි පින්තූර 660 (p510 එකේ 200යි )
    ලෙන්ස් මාරුකරන්න පුලුවන් (p510 එකේ බෑ ) මේක තමයි ඉතාම වැදගත් කාරනය
    raw වලිනුත් පින්තුර ගන්න පුලුවන් (p510 එකේ JPEG විතරයි )
    වෙනමම flash guns හයි කරන්න පුලුවන් (p510 එකේ බෑ )
    viewfinder එක Pentamirror එකක් (p510 එකේ ඩිගිටල් එකක් )

    මං ඔය රතු පාටින් දාලා තියෙන්නේ අතිශය වැදගත් කරුනු

    මේ උදාහරනයේදී d5100 ට වඩා p510 වාසි කිහිපයක් තිබ්බත් ඒවා ඒවා සාපෙක්ශයි
    හැම වෙලාවෙම DSLR එක ඉස්සරහින් ඉන්නෙ




    thankz macho wisthara kirimata
     

    SMJ

    Junior member
  • Dec 9, 2008
    320
    20
    18
    BinaryLand 0,1
    Guys Im a Noob In DSLR Photography ! I'm gonna Start from the Scratch so Can anybody recommend the better Camera Out of These two

    Nikon D3200 | Nikon D5100 :yes::yes:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ


    උබ කියන කතාවෙ ඇත්තක් නැත්තෙමත් නෑ
    සමහර nikon models ජපානේ දැන් ගහන්නේ නෑ
    විශේශයෙන් DX cameras.
    හැබැයි මිලෙන් ගොඩක් වැඩි FX cameras තාම ජපනයේ ගහනවා (Sendai plant )
    උදාහරනයක් විදියට දැන් D7000 එක ගහන්නේ තායිලන්තේ
    හැබයි බයවෙන්න දෙයක් නෑ Nikon සමාගම හොදට quality එක පරීක්ශා කරල තමයි මාර්කට් එකට දාන්නෙ
    made in china නම් මගේ පැහැදීමක් නෑ


    Nikon China එකක් එන්නෙත් නෑ මම දන්න තරමින්..
    තායිලන්ඩ් විතරයි.. .
    මම දන්න විදිහට නිකොන් දැන් තායිලන්තේම විතරයි...
    ජපන් නෑ..
    කැනන් වල නම් ජපන් එකක් එනවා..
    ඒත් ලංකාවේ දුර්ලභයි... :lol::lol:
     

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    Nikon China එකක් එන්නෙත් නෑ මම දන්න තරමින්..
    තායිලන්ඩ් විතරයි.. .
    මම දන්න විදිහට නිකොන් දැන් තායිලන්තේම විතරයි...
    ජපන් නෑ..
    කැනන් වල නම් ජපන් එකක් එනවා..
    ඒත් ලංකාවේ දුර්ලභයි... :lol::lol:

    nikon Fx camera japan gahanawaa
    "Sendai plant" wala
     

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    Nikon China එකක් එන්නෙත් නෑ මම දන්න තරමින්..
    තායිලන්ඩ් විතරයි.. .
    මම දන්න විදිහට නිකොන් දැන් තායිලන්තේම විතරයි...
    ජපන් නෑ..
    කැනන් වල නම් ජපන් එකක් එනවා..
    ඒත් ලංකාවේ දුර්ලභයි... :lol::lol:

    ඒ මචන් උබ දන්න දන්න විදියටනේ

    මෙතනින් බලා ගනින් ඔක්කොම විස්තර
    link
    ජපානේ Sendai Nikon කියන factory එකේ කැමරා කිහිපයක් ඇරෙන්න අනිත්වා හදනවා


    9eda8fcddbbac5e90a5d670.jpg

    1nikonwholeview3.jpg


    50mm f1.4 and f1.8 lenses 2කම china

    ken7466rear.jpg

    d3s5236bottom.jpg
     
    Last edited:

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    Nikon ද canon ද
    ප්‍රවීණයන්ගෙන්ම අහල බලමු




    ඔයාලගේ අදහසුත් මෙතන දාන්න
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    machan mama photography subject ekata asi eth camara wak na mata tiakak photography studay karnna:cool::yes: ona eka normal digital camera ekakin pulwanda? mama digital camera ekak ganna inna ekai
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    machan mama photography subject ekata asi eth camara wak na mata tiakak photography studay karnna:cool::yes: ona eka normal digital camera ekakin pulwanda? mama digital camera ekak ganna inna ekai
    normal compact ewai oya settings godak hariya na so eken igenaganna ba
    adu gane bridge (superzoom) ekak one dslr ekak thama wadiya honda
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    Machanla D90 ekada Honda D5100 da ?

    Cameras deke Wadi Deference ekak nam na...
    But Price eke Loku wenasak thiyanwa.


    advantages.png

    ඒක ඔයා තීරණය කරන්න..
    5100 එකේ බොඩි එකේ ෆෝකස් මෝටර් එකක් නෑ..
    90 එකේ තියෙනවා.. .

    5100 එකේ පික්සෙල් ගාන චුට්ටක් වැඩී.. 16ක්ද කොහේද..

    මම නම් කියන්නේ 5100 එකක් ගන්න..
    ඒකෙ කිසි අවුලක් නෑ..
    :yes: :yes: