දිගු නෙත් හසරැල්ලේ
මා සැනසුන දවසේ
මේ නෙතු නවතා
මගෙ හිත අමතා
හිරු හිනැහුන උදයේදී
ආදරයද මට කීවේ.........
උදේ හවා කළ ගෙවෙන තුරාවෙදි
පටු මාවත් අතරේ
තුරුළිය හෙවනේ සිහිලස ලබමින්
ගතකල සොඳූරු පැයේ
මල් හිනැහුන උයනේදී
ආදරයද මට කීවේ.........
දිගු නෙත් හසරැල්ලේ
හිත රිදවුනු දවසේ
උණුසුම් සුසුමින් නෙතු බොඳ වෙද්දී
සැඩ හිරු නැගි මද්දහනේ
ආදරයද මට කීවේ.........
දෙදෙනා ආ මග අද මා තනිවම
ඔබ නෑ මගෙ හෙවනේ
වෛර කරන්නෑ මං කවදාවත්
සැනසෙනු ඔහු හෙවනේ
ප්‍රේමය රුදු සිහිනයකී
ආදරයයි මට කීවේ........
දිගු නෙත් හසරැල්ලේ
අප වෙන්වුන දවසේ
මා නෙතු හඬවා ඔහු හද සනහා
හිරු වැළපෙන හැන්දෑවේ
ආදරයද ඔබ කීවේ........