Astrophotography for Beginners (සිංහලෙන්)

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    Astrophotography for Beginners (සිංහලෙන්)

    Astrophotography for Beginners

    Astrophotography කියන්නෙ කෙටියෙන්ම කිව්වොත් රෑ අහසෙ ඡායාරූප ගන්න එක,
    අපි ඡායාරූප ගන්නෙ හඳ, තරු, ඉර(දවල්ට), ග්‍රහලෝක, නෙබ්යුලා, චක්‍රාවාට (galaxy), තරු පොකුරු(cluster) දූමකේතු/වල්ගා තරු වගේ දේවල් වෙන්න පුළුවන්.
    මේ ඔක්කොම Astrophotography වලට අයිතියි.
    හැබැයි ඔය හවසට ඉර බහින ඡායාරූප වගේ දේවල් නම් Astrophotography වෙන්නෙ නැහැ.
    මෙතනදි මම ගොඩක් කතා කරන්නෙ long exposure Astrophotography ගැනයි.


    මෙතනදි අපි කතා වෙනව wide field සහ deep sky කියන ආකාර දෙකෙන් ඡායාරුප ගන්න විදිය,
    වැඩි ගැජට් නැතුව ගන්න ඕනෙ නම් Wide Field Astrophotography තමයි.


    පොදුවෙ අවශ්‍ය උපකරණ

    1. DSLR/CCD camera
    2. Telescope or Lenses
    3. Mount /Tripod
    4. Auto guiding motor drive (optional)
    5. රු වෙත් කාවස්තු ති ස්ථාසුවෙන් දුනාගැනීට google skymap හිත smartphone එකක් හෝ Stellarium කි PC software එ
    මේව තමයි මූලික උපකරණ.

    Wide Filed Astrophotography

    කැමරාවක් සහ ලෙන්ස් එකක් සමග ඕනෙම tripod එකක් හරි කුමක් හෝ කැමරාව රදවගන්න තැනක් තියෙනවනම් අපිට පුළුවන් Wide Filed photo ගන්න,
    wide field කිව්වම නමෙන්ම තේරෙනව ඇතිනෙ ඡායාරූපවල ලොකු ප්‍රදේශයක් අහුවෙනව කියල.
    ඒක අපේ මන්දාකිණිය වන ක්ෂීරපථයෙ (milky-way) ලොකු ප්‍රදේශයක් වෙන්න පුළුවන් , නැත්නම් තරු රාශියක් වෙන්න පුළුවන්,
    නැත්නම් Deep sky object කීපයක එකතුවක් වෙන්න පුළුවන්.
    හොදම උදාහරණය ළින් ලාගන්පුළුවන්. මේ අරන් තියෙන්නෙ
    18mm වගේ බොහොම කුඩා focal length එකකින්.

    wide-field range එක මිලිමීටර 18 වගේ ඉදන් 300 වගේ දක්වා වෙන්න පුළුවන්.


    564484_402261379829857_42648218_n_zps29dad4fc.jpg

    © 2013 දිලීප රාජපක්ෂ

    18mm , F3.5, D3100 + 18-55mm lens
    Milky Way - Our Home Galaxy, contains 200 to 400 Billion Stars

    523470_402262153163113_988384710_n_zpse7e19b1f.jpg

    © 2013 දිලීප රාජපක්ෂ

    18mm , F3.5, D3100 + 18-55mm lens
    Milky Way

    link to the facebook album:
    https://www.facebook.com/media/set/?set=a.402259349830060.96489.100001379952523&type=1


    මේ ත් එවැනිඡායාරූප කීපයක්

    Album Link:
    https://www.facebook.com/media/set/?set=a.3353322798972.2165861.1445970836&type=3

    AFAIK taken with 18-105 lens

    547820_4409696327650_366016747_n_zpsc51076b1.jpg

    © 2013 හර්ශජි අසේල



    මේ ඡායාරූප දෙ බලන්න
    star tails ගොඩක් වෙලාවට අපිට කරදරයක් උනත් මෙතනදි ඉතා අලංකාර
    ඡායාරූපයක් මවල තියෙනව. මේ ආකාරයට ඡායාරූප ගැනීමත් astrophotography
    වල අංගයක්. tripod නැතත් කනුවක් උඩ camera එක තියල හරි මේ දේ කරන්න
    පුළුවන්.


    NEW: මේවගේ ඡායාරූපයක් ගන්න එක ලේසියි සාපේක්ශව,
    මම කරනවනම් කරන්නෙ මෙහෙමයි.
    in full manual mode
    set ISO to 100 or lowest possible, exposure/shutter speed to maximum possible in your DSLR or if you have the option, set to "BULB" mode.
    in bulb mode you can keep the shutter open as long as you need.
    set aperture to max possible 2.8/3.5 etc.
    mount the camera on a tripod or in a steady place and shoot the photo for about 5 minutes.
    you can also try with different settings.
    if you cant keep your DSLR exposure times more than 30 sec , increase ISO up to 400-800
    then take about 10 photos continuously and stack them in Deep Sky Stacker.
    You can find how to do it in the latter part of this post.

    20098_10200406031100449_1557354464_n_zps68a68b4e.jpg


    532560_10200233690872051_403452724_n_zps52e19615.jpg


    © 2013 හර්ශජි අසේල

    ......


    ඉහත තියෙන්නෙ තනි තනිව ගත්ත ඡායාරූප,
    මීට අමතරව wide-field astrophography වලදි උනත් ඡායාරූප කීපයක් එකතු කරල
    එහෙම නැත්නම් stack කරල ගන්න පුළුවන්, ඒව ගැන වැඩි විස්තර ලිපිය අන්තිමට
    ඇති.


    මේ පහලින් තියෙන්නෙ මම ඡායාරූපගතකර stacked එහෙම නැත්නම් ඡායාරූප
    කීපයක් stack කරපු wide-field photos. උපරිම focal length එක 300mm
    (450mm with crop factor) ඉක්මවන්නෙ නෑ.


    widefield_zpsd416a1ca.jpg

    © 2013 geethq

    150mm, F4.8, D5100 + 55-300mm Lens
    Orion Belt and Sword


    rosette_zpsf3ea2432.jpg

    © 2013 geethq

    300mm, F5.6 D5100 + 55-300mm Lens
    Rosette Nebula

    Deep Sky Astrophotography

    දුරදක්න සහ mount ඕනෙ වෙන්නෙ deep-sky එහෙම නැත්නම් ඉතා දුරින් තියෙන,
    ඇහැට පේන්නැති nebula, galaxy, star clusters වගේ දේවල් ඡායාරූපගත කරන්න.

    මේ වැඩේ තමයි වියදම් අධික වැඩේ.
    දුරදක්නයක්, හොද mount එකක් සහ පුළුවන් නම් auto guided motor උපකරණ මේ
    සදහා අවශ්‍යයි.


    2850_zpsafc1fbe9.jpg

    © 2013 geethq

    Orion Nebula
    Telescope+D5100 1125mm effective focal length

    දුරදක්නය (Telescope)

    දුරදක්නයක් භාවිත කරල අපි බලාපොරොත්තු වෙන්නෙ මේ දේවල්

    1. ඈත වස්තු වලින් එන අඩු ආලෝකය එකතුකරගැනීම.
    2. ලොකු focal length එකක් තියෙන නිසා ඈත වස්තු ලගට කරල දැකගැනීම

    දුරදක්න තෝරගනිද්දි දුරදක්න බටය (optical tube) අවම ලෙස අඟල් 4 (106mm) ක
    විශ්කම්භය තියෙන එකක් විය යුතුයි හොද ප්‍රතිඵයක් ලබා ගන්න. focal length එක
    ඕනවට වඩා වැඩි වෙන්න හොද නෑ aperture එක අඩු වෙන නිසා. මේක ගොඩක්
    බලපාන්නෙ Astrophotography වලට. පියවි ඇසෙන් බලද්දි නම් ලොකු focal
    length එකක් තිබ්බට ඒක බලපානව අඩුයි.


    Aperture එක ගැන මෙතන අයට වැටහීමක් තියෙනවනෙ, මම ඉතින් basic
    photography concepts මෙතන කියන්න යන්නෑ. දුරදක්නෙක aperture එක
    හොයාගන්නෙ ඒකෙ optical tube (OTB) එකේ විශ්කම්භය focal lengh එකෙන්
    බෙදීමෙන්.


    අපි කියමු අඟල් 6 මහත focal lengh එක 750mm ක දුරදක්නයක් කියල , මම භාවිත
    කරන්නෙ එම දුරදක්නය.


    Aperture = Focal Length / OTB Diameter
    = 750mm/150mm
    = 5
    උත්තරේ F5යි.

    මීට අමතරව දැං ජනප්‍රිය reflector වර්ගයේ දුරදක්න තමයි, මම භාවිත කරන්නෙත්
    මම recommend කරන්නෙත්. මේට අමතරව අතීතයේ ජනප්‍රිය refactor කියන
    වර්ගයෙ ඒව භාවිතය දැං අඩුයි.

    වැඩි විස්තර කියවගන්න
    http://en.wikipedia.org/wiki/Telescope



    2013-01-15-1424_zpse92276f3.jpg

    this is what im using: Visionking 6" F5 +D5100




    Mount ( නැංවුම)

    tripod ගැන හැමෝම දන්නව ඇතිනෙ, දුරදක්න වල tripod වලට කියන්නෙ mount කියල,
    මම භාවිත කරන්නෙ මගෙ දුරදක්නෙට එන Equatorial 3 (පොදු නම) කියන වර්ගෙ mount එකක්.
    පෘථිවිය කැරකෙද්දි තරු ගොඩක් වෙලා ඡායාරූපගත කරොත් ඇතිවන star-tails
    නැති කරන්න mount එක ස්වයංක්‍රීයව පෘථිවිය කැරකෙන වේගයට අනුව
    කැරකෙනව ඒකෙ තියෙන auto guiding උපාංගයකින්.
    ඒවගෙ පහසුකම් නැත්නම් තමන්ගෙ tripod එක හරි භාවිත කරන්න පුළුවන් හැබැයි
    එතකොට එක ඡායාරුපයක් තප්පර 30 වගෙ ලොකු වෙලාවක් ගන්න බෑ,
    උපරිම තප්පර 5 පුළුවන් වෙයි මේ focal length එකත් එක්ක බලනකොට.
    focal length එක වැඩි වෙන්න වෙන්න උපරිම තප්පර ගානත් අඩු වෙනව.


    උදාහරණයක් ගත්තොත්.
    මට කෙලින්ම telescope එකෙන් ඡායාරූප ගනිද්දි පුළුවන් උපරිමය තප්පර 15 auto guided mount එක තිබිලත්.
    mount එක නැතුව හෝ tracking උපකරණ off කරල නම් 1.6 - 2 sec වගේ තමයි.

    ඒවගෙම wide-field 18mm වලින් නම් auto guiding නැතුව උනත් තප්පර 10-15
    වගේ පුළුවන් මොකද focal length අඩු නිසා.


    5_zps8b5daea5-1_zpsda70a808.jpg

    guiding motor drive එක සවි වන්නේ මෙතෙන්ට



    2_zps3630c125-1_zps01b58c56.jpg


    Mount and OTB

    දිග කේබල් වගේ තියෙන්නෙ සියුම් සීරුමාරු

    mount එකක් ගන්නකොට සැලකිලිමත් වෙන්න ඕනෙ කරුනු තමයි සවි ශක්තිය,
    සියුම් සීරුමාරු තිබීම සහ auto guided උපකරණ සම්බන්ද කිරීමේ හැකියාව.

    EQ2 (equatorial 2) හෝ ඊට අළුත් mount වලතිහත ඔය පහසුකම් එනව.
    මම සවිශක්තිය විශේෂයෙන් සදහන් කරේ එක නැතුවම බැරි නිසා. බර වැඩි උනාම
    ස්ථායී වැඩි, නැත්නම් හුලගටත් හෙල්ලෙනව, ඒ වගේම mount එකට හැකියාව
    තියෙන්න ඕනෙ OTB එක සහ DSLR එක දරාගන්න.

    සියුම් සීරුමාරු තිබීමෙන් අපිට ලේසියෙන් අදාල ආකාශ වස්තුව දෙසට දුරදක්නය
    යොමුකරගතහැකියි. ඒවගෙම මේව එහා මෙහා කරද්දි mount එක සෙලවීම ඉතා
    අවමයි. දුරදක්නයක් භාවිතා කරද්දි තේරේවි මම කියන දේවල් වල වැදගත්කම.


    ආයෙත් තමන්ම කියවගත්තනම් හොඳා
    http://en.wikipedia.org/wiki/Telescope_mount



    Guiding motor drive

    මෙය භාවිත කරන්නෙ ඇයි කියල mount යටතෙ කියල ඇති. මම භාවිත කරන EQ3
    mount එකට සවි කර ඇති RA single axis auto guided motor උපකරණය 70$
    වගේ මුදලක් වෙනව. 30$ වගේ සිට මේව මිලදීගතහැකි උනත් අපේ mount එක
    සමග ඒවායේ ගැලපීම පරීක්ශා කරන්න ඕනෙ.




    tls_acc_m4_01_zps4ec098b8.jpg

    RA Motor Drive



    තව GOTO mount උපකරණ තියෙනව සම්පූර්ණ ස්වයංක්‍රීයයි,
    මම භාවිතා කරන motor එක තනි අක්ශයයි නිවැරදි කරන්නෙ, ඒත් GOTO mount
    fully computerized. අක්ශ 2ම නිවැරදි කරන නිසා ගොඩක් වෙලා long exposures
    ගන්න පුළුවන්, ඒවගෙම ඇහැටවත් පේන්නෙ නැති මේ ආකාශ වස්තු හොය හොය
    ඉන්න ඕනෙ නෑ පාලක බොත්තම් ටිකක් තද කරාම ස්වයංක්‍රීයව අදාල
    nebula,galaxy etc. වෙත යොමුවෙනව. ඒව එක්ක හරිම ලේසියි කට්ට කන්න ඕනෙ
    නෑ, හැබැයි ගාන 400$ සිට වගේ ඉහලට තමයි.




    NexStar5SE-L.JPG


    GOTO Mount


    මීට අමතරව mount එක හරියට දිශානති කරගෙන එක අක්ශයක් සදහා
    (declination) පෘථිවියෙ කැරකීමෙන් සිදුවන star-tails අවම කරගන්න පුළුවන්
    mount එක "align" කරගැනීම මගින්. පෘථිවි අක්ශයට සමාන්තරව mount එක
    දිශානති කිරීමයි මෙහිදී වන්නෙ.

    Polar and Drift කියල alignment දෙකක් තියෙනව. වැඩිදුර කියවගන්න මෙතනින්

    http://www.astronomyforum.net/wiki/Polar-Alignment
    http://www.astronomyforum.net/wiki/Drift-Alignment

    කෙසේ වෙතත් RA අක්ශය (Right ascension) නිවැරදි කිරීමට auto guiding උපකරණ අනිවාර්යයි.

    read more about RA / DEC
    http://en.wikipedia.org/wiki/Right_ascension


    DSLR එක Telescope එකට සවි කරන ආකාරය

    මේ සදහා අපිට අවශ්‍යයි T-Adapter and T-Ring කියන accessories දෙක. ebay link
    එක්කම මිල ගණන් මේ ලිපිය අන්තිමට ඇති. Telescope එකේ focuser එකට තමයි
    DSLR එක attach කරන්න ඕනෙ. ගොඩක් focuser 1.25" වර්ගයේයි. පින්තූරය
    බලන්න.


    පිළිවෙලින් focuser > T-Adapter> T-Ring > DSLR එකිනෙක සවි කරන්නෙ
    DSLR එකේ ලෙන්ස් එක ගලවා ඒකට T-Ring එක attach කරනව,
    ඒකත් ලෙන්ස් වගේ ඕනෙම වෙලාවක ගලවන්න පුළුවන් නිසා බය වෙන්න ඕනෙ
    නැහැ. Canon , Nikon වගේ බ්‍රෑන්ඩ් එකට අනුව බලල ගන්න ඕනෙ fit වෙන එකක්.

    ඊට පස්සෙ T-Ring එක සවිකරනව Universal T-Adapter එකකට. Universal එකක්
    තෝරගත්තම ලේසියි ඒව ඕනෙම 1.25 focuser එකකට හෝ T-Ring එකකට වි
    කරන්න පුළුවන් නිසා.

    ඊට පස්සෙ ඔය සෙට් එක ටෙලස්කෝප් එකේ focuser tube එකට සෙට් කරනව.
    ඒව හදල තියෙන්නෙ ඉක්මනින් ගාල සෙට් කරන්න/ගලවන්න පුළුවන් විදියට.

    සාමාන්‍ය compact camera උනත් මේවගේ සවිකරගන්න පුළුවන් ඒවට වෙනම
    adapter තියෙනව ebay එකේ. compact camera වලින් long exposure photography
    බැරි උනාට හඳේ, ග්‍රහලෝක වල ඡායාරූප ගන්න පුළුවන් ඉතා පැහැදිලිව.



    1430_zps6f2583ec.jpg


    දැන් අපි බලමු Photo ගන්නහැටි සහ ඒව නිසි ලෙස සකසගන්න හැටි.

    ඡායාරූප ගැනීම. (taking photos through the scope/lens+DSLR)

    අපට ඡායාරූප ගැනීමට අවශ්‍ය ප්‍රදේශය හෝ වස්තුවේ ඡායාරූප ගැනීම තමයි මීලග පියවර.
    සාමාන්‍ය විදියට මම කලින් කිව්ව focal length සහ exposure times එක්ක ඡායාරූප හැකිතාක් ප්‍රමාණයක් start-tails නැති වෙන්න ගතයුතුයි.
    මෙහිදී DSLR එක අනන්තයට/infinity එකට focus කරගන්න එක හරි වැදගත්.
    auto focus නම් භාවිතා කරන්න එපා, viewfinder එකෙන් zoom කරල දීප්තිමත්
    තරුවක් දිහා බලාගෙන manually focus කරගන්න. VR, IS වැනි තාක්ශණ තියෙන
    ලෙන්ස් වල ඒව අක්‍රීය කරන්න.


    Processing photos

    Deep Sky photography වලදි බොහෝමයක් දේවල් පියවි ඇහැට පේන දේවල් නෙවෙයිනෙ,
    වෙන එකක් තියා කැමර එකකටත් ගොඩක් වෙලා යනව මේවයින් එක ඉතා සුළු
    ආලෝකය එකතුකරගන්න, පුළුවන් තරන් ආලෝකය එකතුකරගන්නව කියන්නෙ
    ලස්සන ප්‍රතිථලයක් කියන එක.
    අපිට නිකන් කැමර එකේ photo එක වදින්න දාල ගොඩක් වෙලා තියන්න බෑ අර මම කියපු startails කතාව නිසා,
    පෘ‍ථිවියෙ භ්‍රමණය නිසා වෙන තරු විස්තාපනය ගැන මම කලින් කියල ඇතිනෙ.
    ඒක නිසා මේවගේ තප්පර 30 ඒව 50 එකතු කරල (මම දැනට ගන්න උදාහරණය)
    හෙවත් stack කරල තමයි අවසාන ප්‍රතිඵලය අරගන්න ඕනෙ.
    ඒකට විශේෂ උන software තියෙනව. ඒවයින් automatically අපෙ අරෙහෙ මෙහෙ
    වෙච්ච පින්තූර ටික එක උඩ එක තියල (stack කරල) final output එක දෙනව,


    Deep Sky Stacker(DSS) තමයි මම භාවිතා කරන්නෙ, ඒක විශේෂයෙන්ම හදල
    තියෙන්නෙ මේ වැඩ වලට තමයි. ගොඩක් සංකීරණයි settings ගොඩයි. ඒත් tutorial
    එකක් බලාගත්තම මුල් ටික දැනගන්න පුළුවන්.


    3664223928_8270426028.jpg


    DSLR එකෙන් ගත්ත පින්තූර 50 තියෙනව කියමු වෙන වෙනව,
    RAW format එකෙන් ගන්නවනම් වඩා හොදයි. ඒත් මට නම් සාර්ථක Fine JPG.
    ඔබේ කැමැත්ත.


    අපි ගත්ත Photo ඔක්කොම එක වගේ නෑ නෙ පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා
    තියෙන්නෙ, ඉතින් මේ සොෆ්ට්වෙයා එකෙන් ඔක්කොම align කරනව Photo ටික.

    තරු කීයක් තියෙද කියල අදුනගන්නව, rate කරනව photo කොච්චර හොදද කියල,
    අපිට හොදම ටික තෝරල එකතු කරන්න (stack කරන්න) ගන්න පුළුවන්.

    settings එහෙම වෙනස් කර කර බලන්න පුලුවන්. තව stack වෙලා ඉවර උනාම
    color එහෙම හදන්න පුළුවන්, තව settings මහ ගොඩක් තියෙනව.


    output එක 100~MB for JPG and 600MB~ for RAW වගේ වේවි.

    DeepSkyStacker ගැන මම ගොඩක් ඉගෙනගත්තෙ මේ tutorial එකෙන්.
    http://flintstonestargazing.com/2009/06/26/my-quick-deepskystacker-tutorial/

    DeepSkyStacker භාගත කරගන්න
    http://deepskystacker.free.fr/

    Final Tweaks

    DSS එකෙන් එන output එක Photoshop වගේ image editor එකකින් තව ලස්සන
    කරල resize /crop එහෙම කරල ගන්න පුළුවන්.


    මේ තියෙන්නෙ ඒකටත් tutorial එකක්.
    http://goo.gl/PHJic


    තව බොහොම වැදගත් දේවල් මේ thread වල තියෙනව
    http://goo.gl/WTk34

    http://goo.gl/6nmnP


    උපකරණ වල මිළ ගණන්

    (මගේ ලින් thread එකෙන් උපුටාගන්නා ලදී)

    Basic Astrophotography setup (without DSLR ) will cost you about 50,000
    rupees (400$) and additional 80$ for eyepieces. Im recommending all these
    items.


    1) 290$ (with 20$ shipping) Visionking 6" (150mm) 750mm EQ3 Reflector Newtonian Telescope
    http://www.ebay.com/itm/251169628554
    Main telescope, comes with 25,10mm eyepieces and 2X barlow
    ***You have to fix the focuser like in this post (following link) to attach the
    DSLR or it wont focus correctly. or you have to pay twice for other major
    branded astrophotography optimized scopes.

    http://www.elakiri.lk/forum/showpost.php?p=14281030&postcount=39

    2) 68$ RA Telescope Motor Drive + Hand Controller for EQ3 Mounts
    http://www.ebay.com/itm/380400124490
    this is the single axis motor im using to track deep sky objects. this will fit all
    EQ3 type mounts


    3) 34$ Celestron Universal 1.25-inch Camera T-Adapter
    http://www.ebay.com/itm/230889313434 this is universal, you can use with
    any telescope with 1.25" focuser and with any DSLR


    4) 5.58$ T2 Mount Lens to Nikon DSLR Camera Adapter Ring
    http://www.ebay.com/itm/170938568889
    this is the T -Ring that connects the DSLR with the T- Adapter above you have
    to find one to fit your camera type (nikon , canon etc)

    .................................................

    මේ ලින් ලිව් ත් ලිපියක්
    තාරකා විද්‍යාවේ අපූරුම ඡායාරූපය
    http://www.elakiri.lk/forum/showthread.php?t=1418617

    දැනගන්න දේවල් තියෙනම් අහන්න:yes:
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    000204AE.gif




    අනේ මන්දා ගීතෝ ,,,,
    මට උබ ගැන මාරම පුදුමයි බන්.
    මම හිතාගෙන හිටියේ උබ දන්නේ ෆෝන් ගැන විතරයි කියලා.
    දැන් බලද්දී උබ තාරකා විද්වතෙක්නේ බන්.
    මේක මමත් ආසම විශයක් බන්.
    දැනුත් ඉගනගන්න තියනවානම් මාරම ආසයි.
    මේ ත්‍රෙඩ් එක මම එළකිරියේ කියවපු හොදම ත්‍රෙඩ් වලින් එකක්.
    බොහොම ස්තුතියි යාළුවා මේ දැනුම ලබාදුන්නාට.
    පුළුවන් උනොත් පෙබරවාරි 15 අර පෘතුවිය ලගින් යනවා කියන එකේ
    ෆොටෝ ටිකක් ගහලා දාන්න............
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    000204AE.gif




    අනේ මන්දා ගීතෝ ,,,,
    මට උබ ගැන මාරම පුදුමයි බන්.
    මම හිතාගෙන හිටියේ උබ දන්නේ ෆෝන් ගැන විතරයි කියලා.
    දැන් බලද්දී උබ තාරකා විද්වතෙක්නේ බන්.
    මේක මමත් ආසම විශයක් බන්.
    දැනුත් ඉගනගන්න තියනවානම් මාරම ආසයි.
    මේ ත්‍රෙඩ් එක මම එළකිරියේ කියවපු හොදම ත්‍රෙඩ් වලින් එකක්.
    බොහොම ස්තුතියි යාළුවා මේ දැනුම ලබාදුන්නාට.
    පුළුවන් උනොත් පෙබරවාරි 15 අර පෘතුවිය ලගින් යනවා කියන එකේ
    ෆොටෝ ටිකක් ගහලා දාන්න............
    ela ela machan :) ill try to do it:yes:

    :shocked:
    WOW!
    i actually took my time to read this :) i love to learn about space
    thanks nangi :)

    tfs, +rep
    ela machan +15 :)
     
    • Like
    Reactions: Cj live22

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මචං..
    තරු ටික තියන තැන හොයාගන්නේ කොහොමද ????
    huta honda prashnayak :shocked:
    ekath mama liyannam

    mama use karanne mage android smartphone ekata dapu google skymap
    eka ahasata point karama ethana thiyena tharu wala details ganna puluwan.

    anith eka Stellarium kiyana desktop program eka, install karan balanna grahalokagare wage thamai :D
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    රෙප් + ... මේවට දෙන්නෙ නැති රෙප් අල කන්නද.. :D නියමයි මචන්..:yes: මමත් ආසම සබ්ජෙක්ට් එකක් තමයි wild photography. මං මාර ආසාවකින් හිටියෙ wild photography ඉගෙනගන්න. ඒත් ඉතින් $ මෙවුව තමයි ප්‍රශ්නෙ. :( පට්ට ත්‍රෙඩ් එක මචන්.. :love:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    huta honda prashnayak :shocked:
    ekath mama liyannam

    mama use karanne mage android smartphone ekata dapu google skymap
    eka ahasata point karama ethana thiyena tharu wala details ganna puluwan.

    anith eka Stellarium kiyana desktop program eka, install karan balanna grahalokagare wage thamai :D



    අපිට ඇන රොයිඩ් නැනේ..
    වෙන සිස්ටම් එකක් නැද්ද ගොඩ යන්න .. :O :O
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda


    අපිට ඇන රොයිඩ් නැනේ..
    වෙන සිස්ටම් එකක් නැද්ද ගොඩ යන්න .. :O :O

    ahsk123 උයා... :shocked: ආෆ්ටර් ලෝන්ග් ටයිම්. :D උඹ බයික් පැත්තක දාල ෆොටෝ ගහන්නද යන්නෙ.. :P