අපි බලමු දැන් කාලේ අපිට ගන්න තියෙන හොද Mirrorless කැමරා මොනවද කියල.
මොකද දැන් DSLR කැමරාවල කාලේ ඉවරයි.
මම කතා කරන්න යන්නේ Nikon | Canon | Sony brandවලින්
Crop sensor සහ Full Frame කැමරා ගැන
මම කියන්නේ නෑ ඔයාලට මේ Brand එකට යන්න මේ Brandඑක හොද නෑ කියල. Brandඑක තේරීම ඔයාලගේ අතේ තියෙන්නේ එත් මම කියන්නම් මන් හිතන විදියට එක එක Brandවල හොද නරක අන්තිමට
වර්තමානයේ වෙළදපොලේ තියෙන APS-C (crop sensor) කැමරා Overall විදියට බැලුවම ගන්න තියෙන හොද කැමරා තමයි
Canon : EOS R7 | EOS R10
Nikon : Z50
Sony : a6100, a6700
මේ කැමරාවලින් Entry level කැමරා විදියට Canon R10 | Nikon Z50 | Sony a6100 ගන්න පුළුවන්. මේ Models වලින් Sony a6100 සහ Canon R10 Camera ගොඩක් හොදයි ගන්නවානම්. මේ Camera සාමාන්‍යයෙන් Photography වලට ආස Photography ඉගෙනගන්න කැමති අයට හරියන Models.
මේ Camera වලින් එහාට ගිහින් Mid Range එකේ APCS-C Camera ගන්න ඕන කෙනෙක්ට හොද Camera තමයි Canon R7 සහ Sony a6700.
මේ Model දෙකෙනුත් Canon R7 එක හොදයි. (dual UHS-II SD card slots, 33MP Sensor, හොද IBIS system එකක් (in body stabilization) weather sealing body)
වගේ දේවල් තියනවා
අපි ඊළගට බලමු දැනට Market එකේ තියෙන
හොද Full Frame Mirrorless Camera
මොනවද කියල
Canon : EOS R | EOS R6 | EOS R6 mk2 | EOS R5
Nikon : Z6ii | Z7ii | Z8
Sony : a7 iii | a7iv | a7r5
[ මේ Brands වල තව High end Models තියනවා ගන්නවානම්. හැබැයි ඒවා ගොඩක්ම මිල අදිකයි ]
මම උඩ දාල තියෙන Models වලින් අඩු මුදලට ගන්න පුළුවන් Camera තමයි Canon EOS R, Nikon Z6ii සහ Sony a7 iii. මේ Models වලිනුත් එක Canon R6, Sony A7 iii ගොඩක් හොදයි. Fast Auto Focus, හොද IBIS system එකක් (in body stabilization) තියෙන කැමරා එකක් තමයි මේක.
අපි දැන් තව ඉස්සරහට ගිහින් බැලුවොත් Canon R6 mk2, R5 සහ Sony a7iv, a7r5 ඒ වගේම Nikon Z7ii, Z8 මේ Models තියනවා අපිට ගන්නවානම්.
මේ වලත් යටින් තියෙන Camera විදියට R6, Z6ii සහ A7iii ගන්න පුළුවන්. ඔයාල Professional වැඩ වලට Full Frame Camera ගන්න හොයනවනම් මුලින් මේ Models ගන්න පුළුවන්. (dual card slots, weather sealed body සහ good auto focus systems තියනවා මේ හැම කැමරාවකම)
ඒ වගේම අපිට වැඩි Resolution එකක් අපේ වැඩවලට ඕනෙනම් මේ High end Models වලට යන්න පුළුවන් . Canon R5, Sony a7r5, Nikon Z8 කියන්නේ සුපිරිම High end Camera Models.
මේ කැමරාවලිනුත් හොද Auto Focus systems තියෙන්නේ Canon සහ Sonyවල තමයි. Nikon Z6ii, Z7ii Cameraවල තාම අනිත් Brandවල Camera Modelsවලට සාපේක්ෂව Auto Focus Accuracy මදි. ඒත් ඔයාලට සුපිරිම Nikon Auto Focus System එකක් ඕනෙනම් Nikon Z8 එකට යන්න පුළුවන්.
මම දැන් උඩ කතාකරපු හැම Camera Modelsවලම තියෙන Specs ගොඩක් දුරට සමානයි ඒ වගේම එක එක Brandවලට සාපේක්ෂ හොද දේවල් වගේම නරක දේවලුත් තියනවා.
ඔයාල දැනට මොකක්හරි Brand එකක් use කරනවානම් ඒ Brand එකෙන්ම ඔයාලට ඔයාලගේ Camera upgrade කරගන්න පුළුවන්. එහෙම නැත්නම් Brand එක මාරු කරලා වෙන Brand එකකට යන්නත් පුළුවන්. මේ හැම Brand එකකින්ම හොද Mirrorless Camera දැන් වෙලදපොලේ තියනවා.
මම දැන් කියන්නම් මට දන්න විදියට එක එක Brandවල Mirrorless Cameraවල තියෙන හොද සහ නරක මොනවද කියල
CANON
good : දැනට වෙලදපොලේ තියෙන හැම කැමරාවකම ගොඩක් හොද Auto Focus System එකක් තියනව. ඒ වගේම Canon Colors තමයි මම අසම කරන්නේ අනිත් Brandවල Colorsවලට වඩා
Bad : Canonවල දැනට මට තියෙන එකම නරක දේ තමයි මෙයාල මෙයාලගේ RF Mount වලට Thirdparty Companyවලට Lenses හදන්න දෙන එක නවත්වල තියෙන්නේ. ඒ නිසා Thirdparty Company වලින් (mirrorless ) RF Mount එකට Lenses හදන එක නවත්වල තියෙන්නේ. මේ නිසා Sigma, Tamron, Samyang වගේ Brandවල RF Lenses අපිට මිලදී ගන්න නෑ. ඒ වගේම Canon RF L series Lenses පට්ට ගණන්. අපිට තියෙන්නේ දැන් එක්කෝ Canon RF Lenses මිලදී ගන්න එක හෝ පරණ EF Lenses Adaptor එකක් හරහා දිගටම පාවිච්චි කරන එක.
SONY
good : මෙයාලගේ මම දකින විදියට තියෙන හොදම දේ තමයි Thirdparty Company නිසා ගොඩක් ලොකු ඒ වගේම ගොඩක් හොද Lense Colleciton එකක් තියෙන එක. ඒ වගේම හැම කැමරාවකම ගොඩක් හොද Accurate Auto Focus System එකක් එනවා.
Bad : මට තියෙන ලොකුම අවුල තමයි Sony කැමරාවල Body Size එක. A7ii, A7iii Body මගේ අතට හරියට සෙට් වෙන්නේ නෑ. Camera Body sizes ගොඩක්ම පොඩියි. Body shape එක මට සෙට් වෙන්නේ නෑ. Grip ඒක මදි.
ඊලග එක තමයි Sony Colors. Canon සහ Nikon වලට සාපේක්ෂව Sony Colors මට හරියන්නෙම නෑ
NIKON
Good : මම දන්නා විදියට මේ අනිත් Camera Brandවලට වඩා තාමත් Camera Durability එක අතින් ඉස්සරහින් ඉන්නේ Nikon Camera. ඒ වගේම Nikon Colors සුපිරි. ගොඩක් අය කැමති Nikon Colors වලට. මෙයාලගෙත් දැන් ගොඩක් Z Mount Thirdparty Lenses මාකට් එකට එන ගමන් තියෙන්නේ. ඉස්සරහට Sonyවලට වගේ ගොඩක් හොද Thirdparty Z Mount Lenses ගන්න පුළුවන් වෙයි
Bad : නරකට තියෙන්නේ ඉතින් අනිත් Brands එක්ක බලනකොට මෙයාලගේ Mirrorless Camera Auto Focusing System එක තියෙන්නේ ටිකක් පහලින්. හොදම Nikon Auto Focus System එකක් ඕනෙනම් ඔයාලට Nikon Z7ii හරි නැත්නම් කෙලින්ම Z8එකකට යන්න ඕනේ. Z7 ii එකෙත් Firmware Update එකකින් Focusing Sytem එක Improve කරලා තියනවා කියල මම දැක්කා
(හැබැයි Z8 කියන්නේ වෙනම Level එකක කැමරා එකක්
)මෙන්න මේ ටික තමයි සාමාන්‍ය විදියට දැනට තියෙන Mirrorless Camera ගැන ඔයාලට අදහසක් ගන්න දෙන්න පුළුවන් විස්තර. මිටවඩා මට තව ගැබුරට විස්තර කරන්න පුළුවන් එත් මම බැලුවේ පුළුවන් තරම් සරල විදියට ඔයාලට මේ ගැන කියල දෙන්න.
මම හිතනවා ඔයාලගේ මේ Thread එකෙන් ගොඩක් ලොකු අදහසක් ගන්න පුළුවන් වෙන්න ඇති කියල.
තව ඔයාලට මොනවහරි අමතර දේවල් දැනගන්න ඕනෙනම් අහන්න
මම පුළුවන් විදියට උත්තර දෙන්නම්

මම මේ විස්තර ඔක්කොම ලිව්වේ මේ හැම Camera Model එකක්ම පාවිච්චි කරලා නෙමේ. හැබැයි මම මේ Brand තුනේම Camera පාවිච්චි කාරා.

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ හැම Brand එකකින්ම හොද කැමරා තියනවා. රැල්ලට යන්නේ නැතුව හරියට විස්තර හොයල බලල ගන්න.
ඒ වගේම කියන්න ඕනම දෙයක් තමයි ඔයාල නිකන් ආසාවට වගේ පොටෝ ගන්න හිතන් DSLR හරි Mirrorless Camera ගන්න එපා. සල්ලි අපරාදේ. එහෙම හිතන් ඉන්න කට්ටියට කියන්න තියෙන්නේ හොද පෝන් එකක් ගන්න කියල. මොකද මේ වගේ කැමරා අරගෙන නිකන් අල්මාරි අස්සෙ කාලයක් දාල තියනකොට Fungus හැදිලා ලෙන්ස් ජරා වෙනවා. අන්තිමේදී සල්ලිත් අපරාදේ ගත්ත කැමරාවෙන් වැඩක් වෙන්නෙත් නෑ.
ඔයාලට තව මේ වගේ Photographyවලට සම්බන්ද විස්තර දැනගන්න ඕනෙනම් මගේ FB Page එක බලන්න. එකේ Photographyවලට සම්බන්ද ගොඩක් වැදගත් ලිපි තියනවා. පුලුවන්නම් Page එකට Folow එකක් දාගෙන යන්න .
ඒ වගේම අනිත් අයටත් මේ Thread එක බලන්න BUMP එකකුත් දාගෙන යන්න


Facebook Page
ජයවේවා!!
Last edited:
