දෑස පියා ගත් කල මට මැවෙන්නේ ඔබේ රුව
ඈත කඳුකරෙන් එන නළ ගෙනෙන්නේ ඔබේ හඬ
කුමාරියේ... අමතක නොවේ ලස්සන රුවේ සිත සැනසුවේ //
අතින් අත වෙලී වෙරළේ තනිවුණු මොහොතේ
ඈත නිල් වලල්ලේ නෙත් රැඳවුණු මොහොතේ //
සිත කැළඹුණේ ඇයි නොම දැනේ
කී දෙයක්ද අරුමයක්ද මට සිතාගන්න නොදී
දෑස පියා ගත් කල මට මැවෙන්නේ ඔබේ රුව
ඈත කඳුකරෙන් එන නළ ගෙනෙන්නේ ඔබේ හඬ
කුමාරියේ... අමතක නොවේ ලස්සන රුවේ සිත සැනසුවේ //
රළින් රළ හැපී පෙණ කැටි විසිරෙණු දැකලා
නිම් නොවූ සතුටින් හසරැල් පිරිලා //
මතකය මගේ අවදි උනේ
ඒ එදාය මේ මෙදාය මට සිතා ගන්න නොදී
දෑස පියා ගත් කල මට මැවෙන්නේ ඔබේ රුව
ඈත කඳුකරෙන් එන නළ ගෙනෙන්නේ ඔබේ හඬ
කුමාරියේ... අමතක නොවේ ලස්සන රුවේ සිත සැනසුවේ //