රෙජිමය චෙන්ජ් කරලා මදිලු
රෙජිම් චෙන්ජ් කියලා මහින්දව මාරු කරලා මදී. දැන් ඕනේ සිස්ටම් චෙන්ජ් එක්ක - අනුර දිසානායක
2013 පෙබරවාරි 26 වෙනි අඟහරුවාදා, 11:32
2 Comments
ඊ-තැපැල:: මුද්‍රණය ::පී.ඩී.එෆ් (PDF)
දැන් හැමෝම රෙජින් චෙන්ජ් කියලා කථා කරමින් මහින්ද රාජපක්ෂ මාරු කරන්න හැදුවට දැන් රටට අවශ්‍ය වඇත්තේ රෙජින් චෙන්ජ් එකක් නොවන බවත් දැන් අවශ්‍ය වී ඇත්තේ සිස්ටම් චෙන්ජ් එකක් හෙවත් මේ පවතින ක්රමයේ වෙනසක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පවසයි. ඔහු මේ බව පැවසූවේ පසුගිය 24වනදා කුරුණෑගල විනෝලා උත්සව ශාලාවේ පැවති, "ජන කතිකාවත" නමින් ජනතා විමුක්ති පෙරමුණ මේ දිනවල රට පුරා පවත්වමින් යනු ලබන ජනහමු මාලාවට සමගාමීව පවත්වනු ලැබූ විද්වත් වෘත්තික හමුවක් අමතමිණි.
එහිදී ඒ මහතා දැක්වූ සම්පූර්ණ අදහස් පහත පළ වේ.
"අද රටේ විවිධ මාධ්‍ය තියෙනවා. හැබැයි ඒවා වලින් නියම තොරතුරු ජනතාව අතරට යනවා කියලා අපි හිතන්නේ නැහැ. ඒ නිසා තමයි ජනතා විමුක්ති පෙරමුණ කල්පනා කලේ ඕයාලව හම්බෙලා මේ වගේ ජන සංවාද තුලින් ඕගොල්ලන්ට කථා කරන්න. දැන් අපි දන්නවා මීට පෙර අපේ රටේ කවර හෝ ප්‍රශ්නයකදී ආණ්ඩුවයි ආණ්ඩුවේ ගෝල බාලයෝයි මොකක්ද කිවේ? යුද්ධයක් තියෙනවා, ඒ නිසා සහන සලසන්න විදිහක් නැහැ කිව්වා. අධ්‍යාපනයට, සෞඛයට හැම දේටමත් එහෙමයි. යුද්දේ ඉවර වෙලා අවුරුදු තුනක් ගතවෙලා තියෙනවා. එත් බඩු මිල අඩු වෙලා නැහැ. යුදධෙ තියෙන කොට පාන් 30යි. දැන් 60යි. හාල් මැස්සෝ කිලෝ එකක් 160යි. දැන් 890යි. එක හාල් මැස්සෙක් රුපියල් 05යි. යුද්ධෙ තියෙන කොට සීනි 62. දැන් 99යි. යුද්දෙන් පස්සේ රස්සා ඇතිවුනේ නැහැ. යුදදේ තියෙන කාලේ හමුදා පොලිසිවත් තිබුනා. දැන් තිබුණු රස්සාත් නැහැ. යුද්දේ නෙමෙයි මේවට හේතුව. පහුගිය අවුරුදු 03 ඇතුලේ ගාමන්ට් ෆැක්ටරි 180ක් වහල තියෙනවා. යුද්දෙන් පස්සෙ පාසල්වල පහසුකම් වැඩි වුණාද? අඩු වුණාද?
මේ ප්‍රශ්න වලට හේතුව යුදදේ නෙමෙයි. අපි දැන් අනුගමනය කරමින් ඉන්න සමාජ ආර්ථික දේශපාලන ක්‍රමවේදයෙ තමයි වැරැද්ද තියෙන්නේ. දැන් තියෙන සමාජ ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් කරන්නේ නැතිව මේකට විසදුමක් නැහැ. දැන් ලංකාවේ ආර්ථිකය දැවැන්ත කඩා වැටීමකට ලක් වෙලා තියෙනවා. ඕනම රටක් නිෂ්පාදනය කරන ප්‍රමාණය බලපානවා ඒ රටේ ආර්ථිකයේ රදා පැවැත්මට. නමුත් අද අපේ රටේ නිෂ්පාදනය කඩා වැටිලා. දැන් නිකන් ලංකාව සිංගප්පුරුව වගේ වෙලා. සිංගප්පුරුව කියන්නේ සුපර් මාර්කට් එකක්නේ. ඉතින් ගාලු පාර අයිනේ කඩයක බඩු වෙළදාම් කරනවා වගේ තමා සිංගප්පුරුවේ තත්වය. අපිට බේරුවල පර්චස් දහයක් තියෙනවනම් එකේ බිල්ඩින් එකක් හදල බදු දෙනවනේ. ඒක නිසා සිංගප්පුරුව දැන් නිකම් වෙළද පළක් වෙලා. නමුත් හැම රටකම ආර්ථිකය පවතින්න නම් වැදගත්ම දේ තමා නිෂ්පාදනය කියන එක. අපේ රටේ දැන් මොකක්ද වෙලා තියෙන්නේ? අපේ රටේ ගත්තොත් කෘෂිකාර්මික නිෂ්පාදනය කඩා වැටිලා. ආණ්ඩුව පහුගිය දවස්වල ගෙනාවා අපි වවමු රට නගමු කියලා වැඩ සටහනක්. ලොකුවට පෝස්ටර් ගහලා, බැනර් දාලා, ටී.වී. වැඩසටහන් තියලා තමා වැඩේ පටන් ගත්තේ. මට මතකයි ඇමතිවරු මාධ්‍යට ඇවිත් කීවා තම තමන්ගේ අමාත්‍යංශවල එළවලු වවනවා කියලා. අමාත්‍යශ බිල්ඩිමේ උඩ මල්පෝච්චි තියලා එවවල තමා එලවලු වැව්වේ. ඩලස් අලහප්පෙරුම රූපවාහිනියට ඇවිත් කිවා දෙමටගොඩ තියෙන දුම්රිය අංගනයේ එළවලු වවනවා කියලා. දුම්රිය අංගනය කියන්නේ තනිකරම තාර ගොඩක්. මෙයාලා මොකද කලේ? අර තාර හැලිල තිබුණු දුම්රිය අංගණය යට වෙන්න අගල් හතරක් පහක් පස් දාලා ඒක උඩ එළවලු හිටේව්වා. මොකද වුනේ? සති දෙකකින් ඔක්කේම මැරිල ගියා. ප්‍රවාහන අමාතංශයෙ දායතකත්වය කියලා ටි.වි. එකත් පෙන්නනුවා. මේ ව්‍යාපෘතිය සාර්ථක වුනේ නැහැ. මොකද දැන් වෙලා තියෙන්නේ? අද වෙන කොට අමාතශංශයත් වහලා ඒ කාර්යාලත් වහලා.
ඊට පස්සේ ගෙනාව දිවි නැගුම පනත. ගෙවල් දශ ලක්ෂයක් වගා කිරිමේ සංගග්රාමය කියලා තමයි පටන් ගත්තේ. ලංකාවේ තියෙන්නේ පවුල් පනස් ලක්ෂයක් (50,00,000) විතර.ඉතින් මේකට තෝරා ගත්තා පවුල් දශ ලක්ෂයක් (10,00,000). ඒ කියන්නේ 5/1 ප්‍රමාණයක්. ගමේ ග්‍රාම සේවක මහත්තටයි, සමෘද්ධි සංවර්ධන නිළධාරි මහත්තයටයි ගෙවල් විසිපහ (25) ගානේ භාර දුන්නා. එක ග්‍රාම සේවා වසමකට පවුල් සියයක් (100) වවන්න කියල තමා කිවේ. මෙ සංකල්පය සංකල්පයක් විදිහටම වැරදියි. මොකද අපේ ගෙදරම හරක හදලා, ගොම ටික එලවලුවලට දාලා, කිරි ටික අරගෙන, ඊට පස්සේ කිකිලිගෙ බිත්තරත් අරගෙන හිටියම මොකද වෙන්නේ. ඒකට කියන්නේ යැපුම් කෘෂි ආර්ථිකය කියො. නමුත් අද ලංකාව වගේ රටකට ඒ ක්‍රමය ගැල පෙන්නේ නැහැ. එතකොට කෘෂි කර්මාන්තය කර්මාන්තයක් විදිහට කරන අයට මොකද වෙන්නේ? ආණ්ඩුව කලේ කෘෂි කර්මානත්ය දියුණු කරනවා වෙනුවට තමන්ම වවාගන්න කියලා කිවා. ඒක අසාර්ථකයි. ආණ්ඩුව හරිනම් කරන්ඩ ඔනා කෘෂි කර්මාන්තය දිරි ගන්නවලා ඒකට යන වියදම අඩු කරලා, ඵලදායිතාවය ඉහළ නංවලා අඩු මිලට පාරිභෝගිකයන්ට එළවලු මිලදී ගන්න පුලුවන් ක්‍රමයක් හදන එකයි. නමුත් මේ කරන්න ගිය දෙයින් වෙන්නේ කෘෂි කර්මාන්තය කර්මාන්තයක් විදිහට කරන අය අනාථ වෙන එකනේ.
දැන් රටේ නිෂ්පාදනය දියුණු කරන්න කියලා මේ අය මොකද කළේ? බැසිල් මහත්තය ගිහිල්ලා විවෘත කළා ඇඹිලිපිටියේ කඩදාසි නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාව. ඇඹිලිපිටියේ කඩදාසි සමාගම ඉන්දියන් සමාගමකට වික්කා. කඩදාසිත් නැහැ. කර්මාන්තයත් නැහැ. මැෂින් ටික වික්කා. ඉන්දියන් සමාග කරපු දේ තමා එකේ තිබ්බ පරණ යකඩ ටික විකුණලා ඉඩම උගස් තිබ්බා ලංකා බැංකුවට. අවසානේට මැෂින් ටිකත් නැහැ. ඉඩමත් නැහැ. ඒ කඩදාසි කර්මාන්තය 1960 ගණන්වල සෝවියට් රුසියාවෙන් අපට ලැබුණු එකක්. නමුත් අද එකේ පරණ යකඩ ටිකවත් නැහැ. දැන් ආර්ථිකයේ වැඩිම බලපෑම එල්ල වෙලා තියෙන්නේ ඇගලුම් ක්ෂේත්රයට. අපේ රටෙන් ඇදුම් ගත්තේ යුරෝපා රටවල්. සියයට අනුවක් (90%) ගත්තේ ඒ රටවල්. යුරෝපා රටවල් වලින් අපට දුන්නා G.S.P බදු සහනය. G.S.P බදු සහනය කියන්නේ යුරෝපා සංගමයේ රටවල් අපේ රටෙන් යවනඇඟුඵම් භාණ්ඩ වලට බදු ගහන්නේ නැහැ. එක අපිට දුන් න සහනයක්. ඉතින් ඒ නිසා අපේ රටෙන් යවන ඇගලුම් ක්ෂේත්රයේ බඩු වලට බදු ගහන්නේ නැහැ. ඉතින් බදු ගහන්නේ නැති වුණාම මොකද වෙන්නේ. අපේ රටෙන් යවන බඩුවල මිල අඩුයි. මිල අඩු නිසා මීල දී ගන්නවා වැඩියි. මිල දී ගැනිම වැඩි නිසා ලැබෙන ඔඩර්ස් ප්‍රමාණය වැඩිවෙනවා. එතකොට ෆැක්ටරි කරන්නේ වැඩියෙන් නිෂ්පාදනය කරන එක. එතකොට දිගටම ඒ රැකියාවේ යෙදිලා ඉන්න පුලුවන් කම තියෙනවා.
හැබැයි පහුගිය දවස්වල ඒ රට බදු සහනය අයින් කළා. මොකද? එයාලා කියනවා මේ බදු සහනය ලබා දෙන්නේ ශිෂ්ඨ සම්පන්න රට වලට කියලා. නමුත් අපේ රටේ මාධ්‍යවේදීන් ඝාතනය කළා. නිතිය, ප්රජාතන්ත්රවාදය කෑලැ වැදිලා. නිතීයක් නැහැ. මානව හිමිකම් නැහැ. ඒ නිසා අපේ රටෙන් එක අයින් කළා. අයින් කළා විතරක් නෙමෙයි. මැලේසියාවට වියට්නාමයට රටවල් කිපයකට බදු සහනය ලබා දුන්නා. දැන් මොකද වෙන්නේ? අපේ රටේ ඇගලුම් පිට රටට යන කොට බදු ගහනවා. බද්ද වැඩි නිසා අපේ ඇගලුම් මිල දී ගන්නේ නැහැ. එ නිසා ලංකාවේ නිෂ්පාදනය අඩු කරන්න උනා. එක නිසා සේවකයෝ එළියට දාන්න ඕනා. නැත්නම් ෆැක්ටරි වහන්න ඕනා. දැන් ගම්පහ මල්වත්ත වතුපිටිවල ප්‍රදේශයේ ප්‍රධාන ෆැක්ටරි දෙකක් තිබුණා. "මාටි ඩිස්ටි්රබියුටර්ස්" කියලා. ඒ දෙකම වහල දැම්මා. සේවකයෝ 2,000 විතර හිටියා. පත්තරේ දැන්වීම දාලා වහලා දැම්මා. ඉතින් ඒ නිසා ගමේ ඉන්න කෙල්ල කොල්ලට රැකියාව අහිමි වුණා.
ආර්ථිකය කඩා වැටෙන්න ඊළග හේතුව තමා කරන ලද මහා ව්‍යපෘති රටේ ආර්ථිකයත් එක්ක කිසි සම්බන්ධයක් නොතිබීම. හම්බන්තොට වරාය, නෙලුම් පොකුණ රග හල, අධිවේගි මාර්ගය, එවා මේ රටේ ආර්ථිකය එක්ක බද්ධ වෙලා නැහැ. මේ ව්‍යාපෘති මොකද වෙලා තියෙන්නනේ. දැන් හම්බන්තොට වරාය අරන් බලන්න, වරායක් හැදුවනම් එකෙන් භාණ්ඩ අපනයනය කරන්න ඕනා. ආනයනය කරන්න ඕනා. ඒ තුළින් ඒ සදහා වියදම් වූ මුදල අපිට එනවා. නමුත් දැන් මොකද වෙලා තියෙන්නේ. හදලා අවුරුදු තුනක් වෙනවා. නැව් කීයද ඇවිත් තියෙන්නේ? මාස 36 කට නැව් 32යි. ආසන්න වශයෙන් මාසෙකට එකයි. දවස් 30 ගත්තොත් වැඩ තියෙන්නේ එක දවසයි. ඉතින් මොකද කරන්නේ. මම දැක්ක එක නාළිකාවක පෙන්වනවා මාලු බානවා. බෝඩ් ගහලා තියෙනවා මාලු බෑම තහනම් කියලා. මාර වරායක්. වරායක් නම් එහෙම බෝර්ඩ් ගහන්න බැනේ. දැන් කුණු දාන්න එපා කියන්නේ කුණු නොදැමිය යුතු තැන්වල. නමුත් වරායක කොහොමත් මාලු බාන්න බැහැනේ. ඒක දැන් සාමාන්‍යය මාලු බාන තැනක් වෙලා. නැවක් ආවොත් ප්‍රවෘත්තියක් දානවා.වරායකට නැවක් එන එක ප්‍රවෘතියක්ද?. මෙකෙන් කියන්නේ නැව් එන්නේ නැති වරායකට නැවක් ආපුවහම ඒක ප්‍රවෘත්තියක්. දැන් වරාය හදන්න ණය ගත්ත චීනේට මේක හිලව් කරන්න හදනවා. මේ දවස්වල සාකච්ඡා කරනවා ඒ ගැන. අධිවේගයට කෝටි නව දාහයි (90,000,000,000). කොට්ටාවේ ඉදන් ගාල්ලට කිලෝ මීටර් 98යි. හදන්න කෝටි නව දාහයි (90,000,000,000). මේවා ආර්ථිකයත් එක්ක සම්බන්ධ කරන්න ඕනා.
ඊළග කාරණය තමා මහා පරිමාණ නාස්තිය.පහුගිය දවස්වල කොළඹ නගරේ තිබ්බා කාල්ටන් කාර් රේස් එක.එක රැයක් කොළඹ නගරය වහලා. ලංකාවේ ආර්ථිකයේ ප්‍රධාන වෙළඳ නගරය වහලා දමලා කාර් රේස් තියලා ආර්ථිකය හදන්න පුළුවන්ද? මේ ගොනාපු කාර්වල සම්පුර්ණ වටිනාකම ලක්ෂ හාර දහස් දහ තුනයි (400,300,000). බදුත් එක්ක. එතරම් නාස්තියක් කළා. මේවාට බදු ගැහව්වේ නැහැ. මේ නාස්තියේ බරත් ජනතාවට එකතු වෙලා තියෙන්නේ. දැන් ඇමතිවරු 67යි. නියෝජ්‍ය ඇමතිවරු 32යි. අධීක්ෂණ ඇමතිවරු 03යි. ව්‍යාපෘති ඇමතිවරු 02යි. අමාත්‍යවරු 104ක් ඉන්නවා. කෝටී එකසිය තිස් පහක් (1,350,000,000) ඉන්නවා චීනේ. ලොකේ වැඩිම ජනගහණයක් ඉන්න රට. ඇමතිවරු ඉන්නේ 23යි. ලංකාවේ ඇමතිවරයෙක් නඩත්තු කරනවා කියන්නේ පොඩි ජනපදයක් නඩත්තු කරනවා වගේ වැඩක්.
දැන් අලුතින් විපක්ෂ නායකවරයත් නඩත්තු කරන්න වෙලා තියෙනවා. විපක්ෂනායකවරයා නඩත්තු කරන්න වාර්ෂික වියදම ලක්ෂ අටසියයක් (80,000,000) පැනලා. මේ විදියට ලොකු නාස්තියක් සිදු කරමින් ඉන්නවා.
අනෙක් පැත්තෙන් රාජ්‍ය ආයතනවල දුෂණ වංචා. මිහින් ලංකා එකේ පාඩුව කීයද? අවුරුද්දක පාඩුව කෝටී එක් දහස් නවසීයයයි (19,000,000,000) අවුරුද්දක පාඩුව. දවසකට කෝටී 05යි (5,00,00,000) පාඩුව.
තෙල් සංස්ථාවේ පාඩුව කෝටී දහ දාහයි (100,000,000,000). දැන් ලංකා ඉතිහාසයේ ආර්ථිකය බරපතලම කඩා වැටීමට ලක් වෙලා තියෙනවා. දැන් සරත් අමුණුගම කියනවා ණය ගැනීම සහ මුදල් අච්චු ගැසීම හැර වෙන විකල්පයක් නැහැ කියලා.
පහුගිය දවස්වල කිව්වා IMF එකෙ ණය අපි එපා කිව්වා කියලා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ණය දෙන්නේ කරුණු දෙකකට. එකක් ගෙවුම් ශේෂ අර්බුදය පියවන්නයි, අනික විදේශ සංචිතය අර්බුදයකට ආපුවහම ඒක පියවන්න. ආණ්ඩුව ණය ඉල්ලුවේ අය වැය හිගය පියව ගන්න. IMF එක එහෙම ණය දෙන්නේ නැහැ. ආණ්ඩුව කිව්වා අපි ණය එපා කිව්වා කියලා නමුත් ඇත්තට වුනේ ණය දුන්නේ නැහැ. දැන් වෙළද පොලෙන් ණය ගන්න යන්නේ. මේ අවුරුද්දේ ණය ගන්නවා. ආණ්ඩුවේ මේ අවුරුද්දේ මුලු වියදම රුපියල් බිලියන දෙදහස් හයසිය හැටහතක් (2,460,000,000,000). උපය ගන්නේ බිලියන 1304යි (1,304,000,000,000). ණය ගන්න හදනවා රුපියල් බිලියන 1303ක් (1,303,000,000,000). කවදාවත් අපේක්ෂා කරපු ආදායම ගන්න බැහැ. මාස 06ක් දුවනව උපයන එවා වලින්. අනිත් මාස 06 ණය වලින්. මේ ආර්ථීකය බංකොලොත් වෙලා තියෙන්නේ. මේ නිසා අසීමිත ලෙස අපිට බදු ගහනවා. උප්පැන්න සහතිකේට,මරණ සහතිකයට, කසාද සහතිකයට ඔය වගේ ගාස්තු වැඩි කරලා බදු උපය ගන්නවා. ලොරියක වහලය ගහනවට රුපියල් විසිඅට දාහක් (28,000) අය කරනවා. ආණ්ඩුවේ ලොරියට උඩ කැල්ල අයිති නැහැ. එකට විසිඅට දාහක් (28000) ගෙවන්න ඕනා. දැන් අපේ විදුලි බිලට ඉන්ධන ගැලපුම් ගාස්තුවක් එකතු කරනවා. ඉතින් දැන් වික්ටෝරියා, රන්දෙනිගල පිරෙන්න වතුර තියෙනවා. ඉතින් මොකටද ඉන්ධන ගැලපුම් ගාස්තුවක් එකතු කරන්නේ?
රටක ආර්ථීකය කඩා ගෙන වැටුණාට පස්සේ සමාජය පිරිහෙනවා. සමාජ අර්බුද වැඩිවෙනවා. සියදිවි නසා ගැනීම්, අපරාධ, මංකෝල්ල කෑම්, දුෂණ, වංචා වැඩිවෙනවා. අද විභාග දෙපාර්තමෙන්තුවට වෙලා තියෙන්නේ මොකක්ද? විභාග දෙපර්තමේනතුවට තියෙන්නේ විභාග තියනඑක. නමුත් අද හරියට කරන්නේ නැත්තේ ඒක.
තමන්ගේ ආර්ථිකය කඩා ගෙන වැටුණට පස්සේ තව දුරටත් ශුද්ධ ආර්ථිකයක් පවතින්නේ නැහැ. අද පොලිසියට මොකද වෙලා තියෙන්නේ? පුද්ගලයෙකුට පගා ගහන එක ලේසී නැහැ. නමුත් අද හෙල්මට් එකක් නැතිව ඇල්ලුවොත් අල්ලපු කෙනා ඔලුව කහ කහ රාලාහාමි ලගට යනවා. නමුත් අවසානේ රාලාහාමි ඔලුව කහනවා. මොකද ගෙදර ආර්ථික ප්රශ්නය ඊට වඩා බරපතලයි.
දැන් අපේ රටේ තියෙන්නේ සමාජ ආර්ථීක අර්බුදයක්. එහෙම වුණාම ජනතාව පාරට බහිනවා. අපිට වැඩිය හොදට මේක ඒ අය දන්නවා. ඉතින් මොන රැස් වලලු දාගෙන හිටියත් ජනතාව පාරට බහිනවා. ආණ්ඩුව ඒකට ඕන එවා සකසමින් ඉන්නවා. පොලිසියේ තියා ගන්න කාලයක් දික් කර ගන්නවා. රබර් උණ්ඩ ගෙනවා. බැටන් පොලු ගෙනවා. කදුලු ගෑස් ගෙනවා. ඉතින් ඒකට ඕන කරන පාර කපමින් ඉන්නවා. දැන් අධිකරණය බලන්න. හැම පක්ෂපාති අධිකරණයක්ම ඕනැම වේලාවක වෙනස් වෙන්න පුලුවන්. සරත් එන් සිල්වා මහත්තයා මතකද? 2005 ජනාධිපතිවරණ තින්දුව දුන්නේ චන්ද්‍රිකාට පක්ෂව නෙමෙයි. රොෂෙන් චානක මැරුණු වේලාවේ මළ ගෙදර න්‍යාය පත්‍රය හැදුවේ අධිකරණය. ඉතින් මේ අධිකරණ ඕනෑම මොහොතක වෙනස් වෙනවා. මහින්දට ඕනේ තමන් තීන්දු ලියවන අධිකරණයක්. ලංකාවේ පළවෙන වතාවට බැංකු සභාපතිවරයෙක් අග්‍රවිනිශ්චයකාර පුටුවේ වාඩි කරා. ඒ මොහාන් පීරිස් මහත්තයා.
ඉතින් මේ අර්බුදයට ආණ්ඩුව ඒ විදිහට සුදානම් වෙනවා. ජනතාවට මේ සදහා හොද දේශපාලන නායකත්වයක් අවශ්‍යයි. නමුත් ජනතාව කරන්නේ මිත්‍යාව පැත්තට හැරෙන එක. අද රූපවාහිනියේ පත්තර වල දකින්න තියෙන්නේ අරහෙන් මෙහෙන් භුතයෝ අල්ලන ඒවා. හන්දියක් බැලුවොත් ඕනා තරම් බලි තොවිල් කරපු ඒවා. මේ නිසා ජනතාව දේශපාලනිකව අවදි කිරීමේ වගකීමක් අපට තියෙනවා. මේ ප්‍රවණතාවය මොකක්ද? සමාජයක් කඩා ගෙන වැටුණාම, අර්බුදයට ගියාම ඒ අය වෙනත් වෙනත් දේවල් හොයාගෙන යනවා. නොපෙනෙන භුත බලවේග පස්සේ, තවත් වැඩක් තමා ඇත්ත ප්‍රශ්නේ අමතක කරන එක්. රටේ ගොඩක් ප්‍රශ්න තියෙන කොට වෙනත් අනවශ්‍ය ප්‍රශ්නයක් අධිරාජ්‍යවාදීන්ගේ උවමනාවන්ට අනුව මතු කරනවා. මේ දවස්වල තියෙනවා හලාල් හරාම් ප්රශ්නය. අපේ රට අධිරාජ්‍යවාදීන්ගේ උවමනාවට අනුව බොදා වෙන් කීරිමට කටයුතු කරමින් සිටිනවා. ඉන්දියාව එල්ටිටිඊ එකට උදව් කළා. බෙදා වෙන් කිරීම සදහා සැලැස්මක් තියෙනවා. ඇමරිකාව, ඊශ්‍රාලය ප්රමුඛ අධිරාජ්‍යවාදීන් මේ සැලසුම් කි‍්‍රයාත්මක කරනවා. ලංකාවෙත් දැන් ඒ තත්වය ඇති වෙලා. ලංකාව තුළ අනෙකුත් ජාතීන්ට කිසිම ආරක්ෂාවක් නැහැ කියලා ලෝකයා ඉදිරියේ ප්‍රදර්ශනය කරමින් ඉන්නවා. දෙමළ ජනතාව යුදදේන් ඒක අත් වින්දා. මුලු ලෝකයක් ඒක දැක්කා. දැන් අද මුස්ලිම් ජනතාවට ඒක අත් කරලා දෙන්න පිරිසක් උත්සහ කරනවා. නොර්වේ ආණ්ඩුවට මේවාට සහයෝගය දෙනවා. ජයවර්ධන පුර සරවියේ ඩිල්ෂාන් විතානගේ කියලා පුද්ගලයෙක් මේක පිටි පස්සේ ඉන්නවා. නොර්වේ රාජ්‍යයෙන් මේ සදහා ඔවුන් මුදල් ලබා ගන්නවා. අතිශය ප්‍රබල සාක්ෂි අප සතුව තියෙනවා. මේක දිගු කාලීනව බැලුවොත් රටට අයහපත් ප්‍රතිඵල ඇති කරනවා. මේක අහිතකර ප්‍රවණතාවක්. නැවත එජාපය බලයට ආවා කියලා වැඩක් වෙන්නේ නැහැ. ඔවුන් තමයි මේ ඇති වී තිබෙන අර්බුදයේ පිතෘවරු. ඔවුන්ට මෙයට ආදේශකයක් වෙනවා හැර විකල්පයක් වෙන්න බැහැ.
තව දුරටත් අපේ රටට ඕනා මේ අනුගමනය කරන ප්‍රතිපත්ති වලට ආදේශකයක් නෙමෙයි. විකල්පයක් ඕනා. අපේ රට මේච්චර කාලයක් පාලනය කළේ පවුල් කිහිපයක්. මේ රටේ නිෂ්පාදනය නිමැවුම් කරන්නේ, හතළිස් නව ලක්ෂ අනු පන්දාහක් (4,995,000) වූ වැඩ කරන ජනතාව. හැබැයි පාලනය කරන්නේ, බලය හොබවන්නේ පන්දහසක් වු අතළොස්සක්. පාලනය කරන්නේ වැඩ කරන ජනතාවගේ ධනයෙන් වැඩි පංගුවක් පොදි බැද ගනිමින්.
ඉතින් මේ අමාරු වැඩේ ජනතාව කරමින් ඉන්නවා. රටට ජාතික ධනය නිෂ්පාදනය කරන එක. ලේසි වැඩේ රට පාලනය කරන එක. දැන් එ අය පාලනය කරනවා, රටේ ජාතික ධනයෙන් වැඩි ප්‍රමාණයක් ඒ අය පොදි බැද ගහ ගන්න. අපි කියන්නේ ඒක බෙදලා දෙන්න කියලා. අපේ ගම්වල ඉන්න අයගේ ජිවිතවල මොකක්ද තියෙන හරය? අපේ වැඩ කරන පන්තියෙ ජනතාවගේ ජිවිතවල හරය මොකක්ද? බහුතරයකගේ ජිවිත ගත වෙන්නේ අතිශය අයුක්ති සහගත අසාධාරණ විදිහට. දැන් කථා කරනවා හැමෝම රෙජින් චෙන්ජ් කියලා. මහින්දව මාරු කරමු කියලා. දැන් ඒවා හරියන්නේ නැහැ. දැන් ඕනේ සිස්ටම් චෙන්ජ්. මේ ක්‍රමය වෙනස් කරන්න ඕනා. මේ සදහා අපි නායකත්වය දෙනවා. ඒ සදහා අපි හැමෝම එකතු වෙන්න ඕනා. ඒ සදහා සියළු දෙනාට අත්වැල් බැද ගන්නා ලෙස අපි ආරාධනා කරනවා."
මේ සදහා ජනතා විමුක්ති පෙරමුනේ හිටපු වයඹ පළාත් සභා මන්තී්රනි මැණිකේ ගුණසේකර මහත්මිය, ජනතා විමුක්ති පෙරමුනේ කුරුණෑගල ප්‍රාදේශිය සභා මන්තී‍්‍ර ධර්පි්රය දිසානායක මහතා සහ ජනතා විමුක්ති පෙරමුනේ පොල්ගහවෙල ප්‍රාදේශීය සභා මන්ත්‍රී සෝමරත්න මහාද සහභාගි වූහ.
මෙදිනම පොල්ගහවෙල නගරයේද තවත් ජනහමුවක් පැවත්වා තිබේ.

පොල්ගහවෙල රැස්වීමේ අවස්ථා
Last edited: