කේක් හදමු 01 - Butter Cake

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    කම්මැලි කමේ ගෙදර ඉන්න දවසෙ කේක් එකක් හැදුවා.
    කේක් ගැන එළකිරියෙ ත්‍රෙඩ් 1ක් හොයා ගන්න බැරි උන නිසා හුදී ජන පහන් සංවේගය උදෙසා එකක් දාන්න හිතුනා. :)
    වැඩි විස්තර ඕනෙ නෑ, වැඩේ පටන් ගමු!

    තියෙන කේක් ජාති වලින් ලේසිම එක වෙන බටර් කේක් එකක් තමා හදන්න යන්නෙ.
    මේකට ලැබෙන ප්‍රතිචාර සහ මං කරන අත්හදා බැලීම් වලින් ලැබෙන සාර්ථකත්වය මත ;) වෙන වෙන වර්ගත් පස්සෙ හදමු.

    අවශ්‍ය ද්‍රව්‍ය (1kg කේක් 1ක් සඳහා):

    අමු ද්‍රව්‍ය:
    • බටර් 250g
    • අයිසිං සීනි 250g
    • පාන් පිටි 250g
    • බිත්තර 05
    • බේකිං පව්ඩර් තේ හැඳි 01
    • වැනිලා තේහැඳි 01
    DSC_0012.jpg


    උපකරණ:
    • පෝරණුවක් හෙවත් අවන් එකක්
    • බීටරයක්
    • කේක් එක පුළුස්සා ගැනීමට සදුසු තැටියක්
    • තෙල් කඩදාසි කැබැල්ලක්
    • පෙනේරයක්
    • මිශ්‍ර කිරීමට භාජන අවශ්‍ය පරිදි

    1. බටර් මෘදු වෙනකල් තියලා තරමක භාජනයක් අරන් බටර් හා අයිසිං සීනි එකතු කරන්න

    DSC_0013.jpg


    2. එක සැරේම බීට් කරන්න ගියොත් සීනි විසිරෙන්න පුලුවන් නිසා හැන්දකින් ටිකක් කලවම් කර ගන්න

    DSC_0014.jpg


    3. දැන් බීටරේ අරන් කැමති ලෙසකට හොඳින් බීට් කර ගන්න

    DSC_0015.jpg


    මේ වගේ හොඳට ක්‍රීම් වෙනකල් ම විනාඩි 10+ විතර බීට් කරන්න

    DSC_0016.jpg


    4. දැන් පිටි ටික හලා ගන්න ඕනෙ. පිටි ටික පෙනේරෙට දාලා බේකිං පව්ඩර් හැන්දත් ඒකටම දාලා හලන්න පටන් ගන්න.

    DSC_0021.jpg


    තුන් සැරයක් හලලා රොඩු තියේ නම් අයින් කරලා දාන්න.
    හලන හැටි කියා දෙන්න ඕනෙ නෑනෙ ;)

    DSC_0023.jpg


    5. ආයෙත් අර මිශ්‍රනේ ටිකක් බීට් කරන්න. දැන් බිත්තර දාන්නයි යන්නෙ :P
    බිත්තර එකතු කරද්දි එක එක තමා දාන්න ඕනෙ. එකක් එකතු කරලා ඒක දැම්මේ නෑ වගේ වෙනකන් බීට් කරල තමා ඊලඟ එක දාන්නෙ.

    DSC_0027.jpg


    තව දෙයක්, බිත්තර එකතු කරද්දි කඩපු ගමන් කෙලින්ම මිශ්‍රනේට දාන්න එපා. කටු කෑලි වැටෙන්න ඉඩ තියෙනව සහ බිත්තරේ නරක් වෙලා එහෙම තිබුනොත්! රූපෙදි වගේ පොඩි දීසියකට දාලා කටු එහෙම අයින් කරලා මිශ්‍රනේට එකතු කර ගන්න

    බිත්තර 3ක් වගේ එකතු කලාට පස්සෙ මේ වගේ වෙයි. ඒ ගැන එච්චර වද වෙන්න එපා :)

    DSC_0028.jpg


    බිත්තර 5ම එකතු කරලා ඉවර වෙලා තව විනාඩි 5-10ක් හොඳට බීට් කර ගන්න.

    6. දැන් තියෙන්නෙ පිටි ටික එකතු කර ගන්න. බීට් කරන එක නවත්තලා පිටි ටික මිශ්‍රනයට එකතු කරලා හොඳට කලවම් කර ගන්න

    DSC_0030.jpg


    DSC_0032.jpg


    මේක කරන්න ඕනෙ හැන්දෙන්, බීට් කරන්න එපා. හොඳට කලවම් කර ගත්තට පස්සෙ සැක හැර ගන්නත් එක්ක විනාඩියක් විතර ආයෙ බීට් කරන්න. ඒ අතරතුර අර වැනිලා හැඳි දෙකත් එකතු කරන්න.

    7. දැන් අර තැටිය සහ තෙල් කඩදාසිය අරන් තෙල් කඩදාසිය තැටියට අතුරගන්න. ඒකෙ බටර් ටිකක් එහෙම උලා ගත්තට කමක් නෑ. වැඩි හොඳට පිටි ඩිංගකුත් ඉහ ගන්න :)

    DSC_0034.jpg


    8. ඊ ලඟට අර මිශ්‍රනේ අරන් තැටියට වක්කර ගන්න.

    DSC_0035.jpg


    කැතයි වගේ නම් පොඩ්ඩක් මතුපිට සමතලා කරගන්න. ලස්සන වෙන්න ඕනෙ නෑ. මොකද අවන් එකට දැම්මම රස්නෙට ඒවා මට්ටම් වෙනවා.

    DSC_0038.jpg


    9. දැන් තැටිය අවන් එකට දාලා උෂ්ණත්වය 150°C සහ කාලය විනාඩි 40 කට සකස් කරන්න.

    DSC_0041.jpg


    DSC_0042.jpg


    මේ වගේ වැඩ වලට ඔයාලත් අලුත් නම් මතක තියා ගන්න කේක් එක අවන් එකේ මැදින් හිටින විදියට ඇතුලෙ ආධාරකය සකස් කර ගන්න. ඒ වගේම උෂ්ණත්වය උඩින් සහ යටින් සමානව ලැබෙන්න සකස් කරන්න. මං මුලින් හදපුව අවුල් උනා එහෙම කලේ නැති නිසා :baffled:

    හරි! දැන් වැඩ ඉවරයි. :cool: අවන් එක off උනාට පස්සෙ ටිකක් නිවෙන්න ඇරලා තැටිය අරන් බලන්න.

    DSC_0046.jpg


    පොඩියක් නිවෙන්න ඇරලා කපලා කන්න ඉතිං.. වෙන මොනා කරන්නද! :cool::cool:

    DSC_0047.jpg


    ප. ලි: අන්තිමේදි මගෙ මිශ්‍රනේ රෝස පාට උනේ මං රෝස කලරින් එකතු කරපු නිසා. නැත්තම් එහෙම නිකන්ම රෝස පාට වෙන්නෙ නෑ හොඳේ! :P

    ඉතින් කට්ටිය කියවලා බලලා විතරක් යන්නෙ නැතුව කොමෙන්ට් 1ක් දාලා ගිහින් හදලා බලන්න.
    සියල්ල හොඳින් උනොත් රස Fab පරාදයි! :rolleyes:



    ෴ කියවූ සැමට ස්තුතියි! ෴
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    පොඩි කාලේ බිටරේ ඉතුරු ඒවා හොරෙන් කන්න ගිහින්
    කකුල රත් වෙන්න වැදුනා
    එයින් පස්සෙ නම් ඕවයේ ඇගිලි ගහන්න යන්නෙ නෑ