නුඹ දන්නේ නෑ මගේ රත්තරන්...

Dewrangi

Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    නුඹ දන්නේ නෑ මගේ රත්තරන්...

    වැහි වළාකුලක් වගේ හිත බරින්
    ආවේ නුඹ ලඟට මං දුකෙන්
    ආයිමත් අනෝරා වැහි අරන්
    නේන වග කියා යන්නයි ඉතින්...

    නුඹ මගේ හිත කෙනිත්තු තරම්
    නුඹ දන්නේ නෑ මගේ රත්තරන්..


    නුඹේ හිත වේලිච්ච කතරක්
    ආවේ නොදැන මං බෝ දුරක්
    ඉඩෝරෙට ඉරිතැලුන හිත අරන්
    ආපසු හැරෙමි මං හිස් අතින්...

    නුඹ මගේ හිත කෙනිත්තු තරම්
    නුඹ දන්නේ නෑ මගේ රත්තරන්..


    ආදරේ පිණි බිංඳුවක් වෙලාවත්
    නුඹේ හිත අද්දරින් ගිලිහුනා නම්
    දුක දැනෙන්නේ නෑ මේ තරම්
    හිත රිදෙන්නේ නෑ මේ තරම්...


    නුඹ මගේ හිත කෙනිත්තු තරම්
    නුඹ දන්නේ නෑ මගේ රත්තරන්..:no:


     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,213
    4,113
    113
    ආදරේ පිණි බිංඳුවක් වෙලාවත්
    නුඹේ හිත අද්දරින් ගිලිහුනා නම්
    දුක දැනෙන්නේ නෑ මේ තරම්
    හිත රිදෙන්නේ නෑ මේ තරම්. :(
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    dukaiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii:oo:
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    පිණි පොදක් තරම්වත් ආදරේ
    පිපුනි නම් නුඹේ හිත අද්දරින්
    දුක දැනෙන්නේ නෑ මේ තරම්
    හිත රිදෙන්නේ නෑ මේ තරම්....
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    පිණි පොදක් තරම්වත් ආදරේ
    පිපුනි නම් නුඹේ හිත අද්දරින්
    දුක දැනෙන්නේ නෑ මේ තරම්
    හිත රිදෙන්නේ නෑ මේ තරම්....


    මං මේ කොටස එඩිට් කලා. දැන් තියෙන්නේ මුලින්ම ලියපු එක.දෙකෙන් කෝකද වැඩිය හොඳ කියල හිතා ගන්න අමාරුයි.

    ආදරේ පිණි බිංඳුවක් වෙලාවත්
    නුඹේ හිත අද්දරින් ගිලිහුනා නම්
    දුක දැනෙන්නේ නෑ මේ තරම්
    හිත රිදෙන්නේ නෑ මේ තරම්...
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ඔයාල හැමෝගෙම අදහස් වලට සහ රෙප් වලට ගොඩාක් ස්තුතියි. අවුරුදු 7 කට පස්සේ ආයිමත් ලියන්න ගත්තේ. රැකියාවේ තියෙන කලබල කමින් මිදෙන්න හිතාගෙනයි ආයිමත් ලියන්න හිතුවේ. ඇත්තටම ඒක හුඟක් සාර්ථක උනා. ඔයාල නිර්මාණය විඳිනවා දැක්කම හිතට ගොඩක් සතුටුයි. :love::love::love: