නුඹ දන්නේ නෑ මගේ රත්තරන්...
වැහි වළාකුලක් වගේ හිත බරින්
ආවේ නුඹ ලඟට මං දුකෙන්
ආයිමත් අනෝරා වැහි අරන්
නේන වග කියා යන්නයි ඉතින්...
නුඹ මගේ හිත කෙනිත්තු තරම්
නුඹ දන්නේ නෑ මගේ රත්තරන්..
නුඹේ හිත වේලිච්ච කතරක්
ආවේ නොදැන මං බෝ දුරක්
ඉඩෝරෙට ඉරිතැලුන හිත අරන්
ආපසු හැරෙමි මං හිස් අතින්...
නුඹ මගේ හිත කෙනිත්තු තරම්
නුඹ දන්නේ නෑ මගේ රත්තරන්..
ආදරේ පිණි බිංඳුවක් වෙලාවත්
නුඹේ හිත අද්දරින් ගිලිහුනා නම්
දුක දැනෙන්නේ නෑ මේ තරම්
හිත රිදෙන්නේ නෑ මේ තරම්...
නුඹ මගේ හිත කෙනිත්තු තරම්
නුඹ දන්නේ නෑ මගේ රත්තරන්..
වැහි වළාකුලක් වගේ හිත බරින්
ආවේ නුඹ ලඟට මං දුකෙන්
ආයිමත් අනෝරා වැහි අරන්
නේන වග කියා යන්නයි ඉතින්...
නුඹ මගේ හිත කෙනිත්තු තරම්
නුඹ දන්නේ නෑ මගේ රත්තරන්..
නුඹේ හිත වේලිච්ච කතරක්
ආවේ නොදැන මං බෝ දුරක්
ඉඩෝරෙට ඉරිතැලුන හිත අරන්
ආපසු හැරෙමි මං හිස් අතින්...
නුඹ මගේ හිත කෙනිත්තු තරම්
නුඹ දන්නේ නෑ මගේ රත්තරන්..
ආදරේ පිණි බිංඳුවක් වෙලාවත්
නුඹේ හිත අද්දරින් ගිලිහුනා නම්
දුක දැනෙන්නේ නෑ මේ තරම්
හිත රිදෙන්නේ නෑ මේ තරම්...
නුඹ මගේ හිත කෙනිත්තු තරම්
නුඹ දන්නේ නෑ මගේ රත්තරන්..
Last edited:



+4

