මචන් වැරදි පෙන්වන ඒක ලේසියි . ඒ උනාට මේ වගේ වැඩක් ඕගනයිස් කරල කරගෙන යන එක පට්ටම කට්ටක්.. ඒක උඹල දැන් දවස් ගානක් කරනවා... ඒක උපරිමයි ඒවගෙන් සැලෙන්න එපා.
ඒත් මචන් පොඩි හරි ගැටළුවක් එනකොට ඒක මුලදිම විසදපන්. විහිළුවකට ගන්න එපා. ඒ නිසා තමයි මේ ප්රශ්ණ ඔක්කොම.
මම නම් කියන්නෙ ඕනම දෙයක් සීයට සීයක් සාර්ථකව කරන්න බෑ. උඹල උඹලට පුළුවන් උපරිමය කරන්නෙ. ඒ නිසා අඩුපාඩු වෙන්න පුළුවන්. අඩුපාඩුවක් උනානම් ඒ අඩුපාඩුව හදාගෙන ඉස්සරහට යමු. මෙච්චර කට්ට කාල පටන් ගත්ත දේ දිගටම කරල ඉවරයක් දැකපන් මචන්.
තරගකරුවන්ට ප්රශ්ණයක් ආවනම් පැහැදිලි පිළිතුරක් දියන්. මොකද තීරකයො උඹලනේ. උඹලගෙන් පැහැදිලි තීරණයක් නැති උනාමයි මම හිතන විදියට මේ ප්රශ්ණ ඔක්කොම එන්නෙ.
ප්රශ්ණ දාන්න ප්රශ්ණ අහන්න ලේසියි.. නමුත් ප්රශ්ණයක් නැතිව තරගයක් සංවිධානය කරන එක පට්ට ගේමක්... ඊට වඩා දුකයි එහෙම කරලත් එක එක කතා අහද්දි. ඒ නිසා සැලෙන්න එපා අඩුපාඩු හදාගෙන ඉස්සරහට යමු. ජයවේවා![]()
පුලුවන් තරමක් එහෙම තමා බං කරන් යන්න හදන්නේ..... අද එක ප්රශ්නයක් ඇවිත් ඒක හදපුවම හෙට තව ප්රශ්නයක්. ඔහොම බලද්දි ඔය ප්රශ්න නම් ඉවර වෙන් නෑ. නමුත් පටන් ගත්ත එක කොහොම හරි ඉවර කරනවා. බලමු දැන් වත් අඩු පාඩුවක් නැතිව ගහන්න පුලුවන් වෙයිද කියලා. මචං මේ වගේ වෙලාවක ඔහොම දෙයක් හරි කිව්ව එක ගැන සතුටු වෙනවා 








දැන් mta එක පැත්තෙ එන්නෙම නැද්ද..දැක්කෙම නෑ..