අයෙකු බැස යන හිරු ගැන සිතා තැවෙයි
ඔහුට හෝ ඇයට ඒ එලඹෙන රැය අමිහිරිය
එහෙත් අහිමි වනතුරු අමිහිරි බව නොදැනේ
එහෙත් රාත්රිය අමිහිරිම විය නොහැක..
හිරු නැතිව ගිය කලට අහසේ කුමක් වේවිද
දහවලේ වෙසෙන්නෝ එය කෙදිනක දනී ද
ඔවුනට රාත්රිය හිතලුවක් පමණක්ම විය හැක
එහෙත් ඒ රාත්රිය දහවලට වඩා සොඳුරු විය හැක..
රැයට අධිපති සඳු නැඟීමට ඒ හිරු බැස යා යුතුයි
සඳු හිරුට වඩා කෙරුමෙක් වන්නේ මෙබැවින් ය
ලොව අඳුරු වන්නේ සඳ අහිමි වූ විට නොවේද
මන්ද අමාවක හිමි සඳුටම පමණක්ම හෙයින්
බැස ගිය හිරු වෙනුවෙන් නොතැවෙන්න
හිරුට කිසිදා ලොව අඳුරු කල නොහැක
එළඹි රැය සඳ එළියෙන් හැකිතාක් දකින්න
මන්ද අමාවක,එළඹි විට සියල්ලම අඳුරුවේ...