අම්මෙ..මේ..

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සාපෙ සමත් උනෙමි, ඌපෙද ගොඩ ගියෙමි.... පලමු වර කැම්පසයකට ගොඩවීමට බැරි තැන.. දෙවෙනි වරත්... උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ පින් හේතු නිසා තුන්වෙනි වරත් අති සාර්ථක ලෙස ලිවීමෙන් පසු යාන්තං උසස් අධ්‍යාපනයත් ලැබිය හැකි විය...
    ජීවිතේ ඉන් සම්පූර්ණ වූවා යයි ඔබ සිතුවා නං එය වැරදිය.
    අම්මා නං කීවේ.. පුටේ.. ශිෂ්‍යත්වය පාස් වෙන්න ඕනෙ ඉස්සෙල්ලම.. එතකොට ටවුමෙ ලොකු ඉස්කෝලෙට යන්න පුලුවන්...
    පුටේ.. ඕලෙවල් ගොඩ දා ගත්තම හොද පැත්තකින් ඒ ලෙවල් කරන්න පුලුවන්..
    පුටේ.. පිස්සු නටන් නැතුව ඒ ලෙවල් කලොත් හොද කැම්පස් එකකට යන්න පුලුවං...
    පුටේ... උපාදිය ගත්තම බය නැතුව හොද රස්සාවක් කරලා.. රටට බරක් නැතුව හොද ජීවිතයක් ගෙනියන්න පුලුවං...
    පුටේ.. රස්සාවක් කලාම............
    ආ.. නෑ අම්මා ඊට එහා මොකුත් කියලා නෑ.. හොද වෙලාවට...

    රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැන්සියට නොවැටී යාන්තං ජොබක් සෙට් කර ගතිමි. අඩෙ පට්ටයි කියහංකො... අතේ සල්ලිත් ටිකෙන් ටික ගැවසෙන්නට ගති.
    ඉතිං අර පනින මොකාටද මොනවද බදින්න ඕනදැයි කියනවා නෙහ්.
    බාර් කාඅංකල්ට මචං කියන තරමට අප දෙදෙනා හිතවත් වූයෙමු.
    සදුදට රෑට ... අගහරුවාදා දවල්ට.. බදාදා හවසට,බ්‍රහස්පතින්දා දවසම, සිකුරාදා හිතුනම,සෙනසුරාදා උදේට,ඉරිදා .. ඉරිදා ගැන කථා කරලා වැඩක් නෑ.. ෆට්ට ෆන් ඕයි :rofl:

    දිනක් පොඩි ආතල් එකක් දමා ...
    මා වැඩ ඇරී නිවසට එද්දි..... අප මා තොමෝ නිවස ඉදිරියේ රැකගෙන සිටිනු දැක..
    හදිසියේ හටගත් මෙව්වා බරකින් මෙන් කුලෑටි සිතින් මා පෙලෙන්නට විය.
    පුතේ....
    ඇයි...ඉක්... අම්මෙ...
    අද වැඩ කොහොමද....
    වරදක් නෑ අම්මෙ...
    ඇයි පරක්කු උනේ..
    ආ.. මේ යාලුවෙක් ...ඉක්...හම්බුනා..
    හ්ම්ම්ම.....
    මොකද ඔය කණුව අල්ලං...
    න් නෑ..ඉක්.. මං මේ බැලුවා ඒ කාලෙ ගුනෙ මාමා...ඉක්... හරියටම කෙලිං හදලා තියෙනවා මේ කනුව නේද අම්මෙ..
    මේ මනුස්සයාට නොබෙල් තෑග්ග දෙන්න වටිනවා.. ඉක්..
    අදත් අර දහ ජරාව බිව්වා නේද.. ඇත්ත කියපං ගස් ගෙමිබා.. :angry::frown:
    න්නෑ.. අම්මෙ... ඒ බාර් එකේ අද පොඩි ප්‍ර මෝ.. ඉක්... ප්‍ර මෝ ශන් එකක් .. ඉක්... යනවා නේ...
    ඉතිං ඒ අංකල් මට කථා කරලා කිව්වා.. ඉක්..හැමදාම සල්ලි දීලා බොන නිසා පුතා අද නිකං බීලා යන්න කියලා..ඉක්.. :love:

    අනේ මගෙ කට.... ඈ බොල ගොන් නාම්බො..
    තොට මෙච්චර මහන්සි වෙලා උගන්නලා.. උස් මහත් කරලා.. රැක බලා ගත්තෙ.. ඔය දහ ජරාව බීලා වැනි වැනී ගෙදර එන්නද...

    ඕ....... ඉක්... වෙන්න පු.. පු....ඉක්.. පුලුවං අම්මෙ..
    හූ නෝ නෙ.. :rofl:

    මොකක්ද බොල තෝ කිව්වෙ...

    න් .. නෑ.. නෑ අම්මෙ...ඉක්.. මං නෑ කියලා කිව්වෙ.. ඉක්..

    හ්ම්ම... ඔතනිං ඉදගනිංකො...

    මාද බලු පැටියෙකු සේ ඉස්තෝප්පුවේ ඈදි ගතිමි.. ඈතින් ඉර බැස යනු පෙනේ....
    අම්මා ගෙට ගියාය...
    කාමරයේ ඇති වී එස් ඕ එකේ සුවද මැවි මැවී දැනේ... :love:

    හ්ම්.... මේ බලපං...
    අද මං උඹේ කේන්දරේ බැලුවා...
    ඕන් ගුරුන්නාන්සෙ කීවා.. උඹේ හෙනහුරා දැං මාරු වෙලාලු...

    වෙන්න බෑ.. අම්මෙ.. ගුරාට වැරදිලා..
    හෙනහුරා අද උදෙත් හොල්ට් එකේදි මං දැක්කා නෙ.. ඔය රවාගෙන ගියෙ මට.. :oo:

    කට වහගෙන අහං හිටපං ..:frown:

    ඉතිං... මේ කාලෙ ඉතා සුභයි ලු උඹට පෙලවහක් කාරිය කොර ගන්ට...

    මට.. ඉක්...
    මො.. මොකක් ?....

    අලේ..........................................අයියෝ......................
    අලේ අම්මේ............................................
    මගේ විලාපය ඇසී අල්ලපු ගෙදර රෙදි වන වනා උන්නු කුමාරි අක්කා වැට ලගට එද්දි අම්මාට හොරෙන් ඒකිට ඇහැක් ගැසුවෙමි...

    මොකද ගොනෝ විලාප තියන්නෙ.. උඹ හිතුවද මං මලා කියලා.....:frown:

    අලේ නෑ අම්මේ....................................
    අයියෝ මං ඉදලා වැඩක් නෑ..................අලේ................

    කියපං ගස් ගෙම්බො.. තොට මොකද උනේ...
    තෝව එල්ලුං ගහට යවන්න යෑ මං කථා කලේ...
    තොගෙ ඔය නුගුන මකලා පිලිවෙලක් කරලා ගන්න පුලුවං හොද කෙල්ලක්ව මේ ගෙදරට කැන්දන්න නෙව...

    අලේ.. අම්මේ..........මයෙ සුදු අම්මා එල්ලුං ගහකට මාව පංගරාත්තු කලා නං ඒකටත් මං යනවා අම්මේ...................

    හා හා කට වහගනිං... මං නොදන්නවා යැ පුතන්ඩියාගෙ වග......
    දැං ඇයි උඹ අඩන්නෙ...

    අලේ අම්මෙ ..

    ඔව්.. කියපාං....

    අම්මා කිව්ව විදිහට.. මං...
    ඕලෙවල් කලා,...
    ඔව්..
    ඒලෙවල් කලා.
    .. ඔව්...
    කැම්පසුත් ගියා...
    ඔව්......
    ඉතිං මං කවදාවත් ඔය කෙල්ලො ගැන අම්මට කියලා තියෙනවද අම්මෙ.....
    හ්ම්ම්.. ඔව්.. මං දන්නවානෙ.. මගෙ රත්තරං පුතා .. ඒ අතින් නං මොකද.... හරිම ගුන යහපත්...

    අනේ සුදු අම්මා....

    කෙල්ලො 100ක් එක්ක උනත් තියන්න පුලුවං මට බය නෑ...

    අනේ අම්මෙ 100 ක් නං වැඩියි...

    කට වහපිය ......

    ඕකනෙ ඉතිං... අම්මට කිසි දෙයක් කියන්න බෑ නෙ...

    හා හා .. කියාපං ඉක්මනට......

    ඉතිං අම්මේ...... ඔය හැම දේම කලා නොවැ...
    දැංවත් මට මගේ පාඩුවේ ඉන්න දෙන්නකො... පව්ලක් පන්සලක් නොවුනට .. ඔය හැම කොටුවම පනින්ඩ තරං දස්සකං මේ පුතයා ලගත් තියෙනො...

    මොකක්ද තෝ ඒ කිව්වෙ ? :angry::frown:

    න් නෑ... අම්මෙ... මං කිව්වෙ......
    මට ඔය කසාද එපා....

    ඇයි උඹට එපා.. ආ.... උඹ ආස .. යාලු වෙලා ඉන්න කෙල්ලක් ඉන්නවා නං දැන්ම කියු...

    (අම්මත් මගුලක් කතා කරනො )
    අනේ එහෙම නෑ අම්මෙ...

    එහෙනං මං හොයලා දෙන්නං..

    ඒත් එපා අම්මෙ.....

    ඇයි ඒ....

    මං කැමති නෑ මගෙ දෙමාපියො වැටිච්ච වලේ වැටෙන්න අම්මෙ... :baffled:

    මොකක්ද මූසලයා ඒ කිව්වෙ :angry:

    අම්මට තාත්තවා හම්බුනා....
    ඔව්...
    කථා කලා...
    ඔව්....
    ලව් කලා ... (ලැජ්ජා මූන .. ඔව් )
    බැන්දා.. හ්ම්ම්ම්....
    මාව හම්බුනා... ඔව්...
    එදා ඉදං අම්මලාට කොච්චර ප්‍රශ්න ආවද ?
    මොනවද බූරුවො ප්‍රශ්න... මායි අර රත්තරං මනුස්සයයි ඔය හැම දේම විසද ගත්තා....

    හා එහෙම කලා කියමුකො.....

    අම්මෙ.. ඒත් දැං කාලෙ කෙල්ලො එක්ක ඒවා බෑ....
    අම්මා කියනවා හොයලා දෙන්නං කියලා...
    හා හොයලා දුන්නා කියමුකො.....
    ඔව්...
    මං දන්නවද අම්මෙ ඔය සක්කරවට්ටම...සර්කස් පිනුම් පැනපු සක්වල ගලෙන් එබිලා බලපු එකක්ද කියලා....
    අනික කෙල්ලක් බැන්දත්.. ළමයි හම්බුනාම වියදම් කරන්න.. ඉස්කෝල හොයන්න... වැඩ ගොඩයි...
    මට ගොඩක් ලොකු පඩියක් ලැබෙන්නෙත් නෑ....
    අනික ඔය ගෑනු ළමයා කැන්දං ආවත් අන්තිමට අම්මා එක්ක රන්ඩු වෙයි...

    නෑ.. ඒවා මං බලාගන්නංකො... මට ඕනෙ උඹව හදන්න.. ඒක නිසා මං කටයුත්තක් හොයනවා..

    අනේ එපා අම්මෙ...

    බෑ මං හොයනවා...

    එපා අම්මෙ...

    බෑ බෑ

    එපා අම්මෙ....

    බෑ... ඔන්න ලබන සතියෙ ලෑස්ති වෙයං එක කෙල්ලක් බලන්න යන්න....

    බෑ අම්මෙ.. ඒක නං කොහොමටවත් කරන්න බෑ...

    ඒ මොකද...

    අම්මෙ....

    මොකද...

    මං......

    මං........

    කියපං ගොත ගහන්නෙ නැතුව.....

    අම්මෙ මං... ඔය බැදලා ළමයි හදලා ඉස්කෝල වලට දාලා කරදර විදින්න බැරි නිසා රෙඩි මේට් කෙනෙක් එක්ක යාලු උනා..:love:

    ගල් මූසලයා... තොව මම.......:frown::angry::angry:

     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පට්ට මචන්......හිනාවෙලාම බඩ රිදෙනවා.......:lol::lol::lol:

    හැබැ‍යි ඉතින් කසාද‍යක් කි‍යන්නේ ගොඩ එන්න බැරි වලක වැටීමක්ම තම‍යි.......:yes::yes::yes:

    තවම උඹට රෙප් දෙන්න බැරිලු බන්......පුලුවන් උන ගමන් දෙන්නම්.......:dull::dull::dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පට්ට මචන්......හිනාවෙලාම බඩ රිදෙනවා.......:lol::lol::lol:

    හැබැ‍යි ඉතින් කසාද‍යක් කි‍යන්නේ ගොඩ එන්න බැරි වලක වැටීමක්ම තම‍යි.......:yes::yes::yes:

    තවම උඹට රෙප් දෙන්න බැරිලු බන්......පුලුවන් උන ගමන් දෙන්නම්.......:dull::dull::dull:
    11.gif
    :lol::lol:
    uba liyapan kiwwa
    man liwwa :cool::rofl:



    :rofl::rofl:

    hkzzzzzz
    elz mchn
    11.gif


    lole lolllllllllllllllllll

    rep

    11.gif
    :cool::D;)
    පට්ට බං....ඔන්න 9+
    Thanks ban :D

    :rofl::rofl:ane apoii ..
    moko :rofl:

    එළ බුවා;14951898 said:
    :rofl::rofl::rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    tumblr_mimfc9ZGDk1rfduvxo1_500.gif



    ලොවෙත් ෆට්ට කතාවක් බන් හිනා වෙලා බඩ කොර උනා පුටෙ පුටෙ ලියපන් ඩො දිගටම ලොවෙත් ෆට්ට හැකියාවක් තියෙන්නෙ