කටට රහට උයමු...Pumpkin & Ditalini Soup-EK Coockery Class 22

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කටට රහට උයමු...Pumpkin & Ditalini Soup-EK Coockery Class 22

    [FONT=&quot]වට්ටක්කා සහ ඩිටාලිනී පාස්තා සුප් [/FONT]| Pumpkin & Ditalini Soup




    [FONT=&quot]විවේකී ඉරිදා තාත්ති ගේ කෑම කන්නට බලං ඉන්න පොඩ්ඩන්ට අද [/FONT](19/05/2013) [FONT=&quot]හදපු සුප් එකක් මේ. ප්‍රධාන වශයෙන් දේශීය එළවළු සහ වියලි ඖෂධීය රස කාරක ([/FONT]Herbs[FONT=&quot]) යොදා ගනිමින් සාදා ඇත.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]අවශ්‍ය ද්‍රව්‍ය -[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    dilsoup1.jpg


    1.
    [FONT=&quot]වට්ටක්කා ග්‍රෑම් 100ක් පමණ[/FONT]


    2.[FONT=&quot]ස්ටොක් සදහා පොඩි කුකුල් කෑල්ලක්-දෙකක් (තට්ටක්-දෙකක් විතර) සහ රම්පෙ/කරපිංච/කුරුදු/එනසාල්/කරාබුනැටි (එළවළු විතරක් ම කන කුමාර456,පවුසි දෛවඥතුමා, මාගේ හිතවත් මාතර කිඹුළා සහ නාගයා වැනි හාදයන් හට කුකුල් තටු දෙක වෙනුවට කැරට් අලයක්+ලීක්ස් කදක්+සැල්දිරි කදක් ගැනිය හැකිය-නැත්තං මෙතන ඇව්ත් විරවං ඉදී, අපට කන්න බෑ ගා ගෙන!!)[/FONT]

    3.[FONT=&quot]ඩිටාලිනී හෝ රිසෝනි ([/FONT]Ditalini OR Risoni[FONT=&quot])පාස්තා ග්‍රැම් 50ක් පමණ ( [/FONT]Ditalini & Risoni [FONT=&quot]යන මේ පාස්තා වර්ග සාමාන්‍යෙයන් යොදා ගන්නේ සුප් සදහා පමණි. මේ අරගෙන ඇත්තේ ස්ටාර් ඩිටාලිනී පාස්තා ය)[/FONT]

    4.[FONT=&quot]අර්තාපල් ග්‍රෑම් 100ක් පමණ[/FONT]

    5.[FONT=&quot]තරමක ලොකු ළූණු ගෙඩියක්[/FONT]

    6.[FONT=&quot]බටර් මේස හැන්දක් (අපි නං ඉතිං ගන්න අපේ දේ කියල පැල්වත්ත තමා ගන්නේ මේවට, සහ මේ සදහා මාගරීන් ආදේශ කල නොහැකි බව සළකන්න.)[/FONT]

    7.[FONT=&quot](රූපෙ අංක අඩුවෙන් වැදිල ඈ!)[/FONT]:baffled::baffled::baffled:

    8.[FONT=&quot]ලුණු රස පමනට[/FONT]

    9.[FONT=&quot]ගම්මිරිස් තේ හැදි [/FONT]½[FONT=&quot] ක්[/FONT]

    10.[FONT=&quot]ඔරිගානෝ වියලූ කොළ තේ හැදි [/FONT]½[FONT=&quot] ක් සහ බේ ලීෆ් එකක්[/FONT]

    11.[FONT=&quot]සුදු ළූණු බික් 5ක් පමණ.[/FONT]


    dilsoup1a.jpg



    [FONT=&quot] වට්ටක්කා, අර්තාපල් සහ ලොකු ළූණු ගෙඩිය කුඩා හතරැස් කොටු කපා ගන්න. සුදු ළූණු හරස් අතට ඉතා සිහින් පෙති ලෙස කපා ගන්න.[/FONT]


    [FONT=&quot]සාදන ක්‍රමය - ස්ටොක් දියරය.[/FONT]


    dilsoup2.jpg




    [FONT=&quot]A -[/FONT][FONT=&quot]කැබළි වලට කැපූ කුකුල් තටු දෙක (හෝ ඉතිරි කුකුල් කටු ටිකක්, අපේ ශාකාහාර කන එළුවන්ට කෑලි කපපු කැරට්,ලීක්ස් සහ සැල්දිරි), රම්පෙ/කරපිංච/කුරුදු/එනසාල්/කරාබුනැටි යන මේවා වතුර ලීටර එකක් සමග ලිප තබා වැඩි ගින්නේ බුබුළු දමන තෙක් සහ බුබුළු දමන්නට ගත් පසු මද ගින්නේ විනාඩි 15ක් පමණ ද තබන්න.[/FONT]


    dilsoup3.jpg




    [FONT=&quot]B -[/FONT][FONT=&quot]මේ දියරය මදක් නිවෙන්නට තබා තුනී රෙදි කඩකින් පෙරා දියරය පමණක් වෙන් කොට ගන්න. ඉතුරු බිතුරු ඉවත් කරන්න. මෙයින් ලබා ගත හැක්කේ ස්ටොක් දියර මිලි 750ක් පමණය. නමුත් මෙයට තව ජලය මිලි 1250 ක් කිසිදු බියකින් තොරව එක්කර ගෙන ස්ටොක් දියර ලීටර 2ක් සාදා ගන්න.[/FONT]


    [FONT=&quot]සාදන ක්‍රමය - සුප් එක[/FONT]


    dilsoup4.jpg


    [FONT=&quot]C -[/FONT][FONT=&quot]බටර් මේස හැන්දක් බදුනක් ලිප තබා දිය කර ගන්න.[/FONT]

    [FONT=&quot]D -[/FONT][FONT=&quot]මෙය ට පෙති කැපූ සුදු ළූණු, ලොකු ළූණු, බේ ලීෆ් සහ ඔරිගානෝ එක්කර අඩුම ගින්දරක විනාඩි 5ක් පමණ තෙලින් තැම්බෙන්නට හරින්න.

    [/FONT]
    [FONT=&quot]E -[/FONT][FONT=&quot]මෙයට කැපූ වට්ටක්කා, අර්තාපල් සහ ඩිටාලීනී/රිසෝනි පැස්ටා ද, ගම්මිරිස් සහ ලුණු ද එක්කර අඩුම ගින්දරක විනාඩි 10ක් පමණ තෙලින් තැම්බෙන්නට හරින්න.[/FONT]

    [FONT=&quot]F -[/FONT][FONT=&quot]මෙයට දැන් ස්ටොක් දියරය ලීටර 2 එක්කර මද ගින්නේ විනාඩි 20ත් පමණ පිස ගන්න.[/FONT]


    dilsoup5.jpg




    [FONT=&quot]G -[/FONT][FONT=&quot]නියමිත පදමට පැමිණි පසු පෙති කැපූ සුදු ළූණු පෙති මතුපිටට පැමිණ පාවෙනු පෙනේ. මෙවිට පැස්තා ප්‍රමාණවත් ලෙස තැම්බී ඇද්දැයි හැන්දක් ගෙන පැස්ටා කැබැල්ලක් පිටතට ගෙන බලන්න. පැස්තා මැද තවම තැම්බී නොමැති නම් තව විනාඩි 5ක් පමණ තම්බා ගන්න.[/FONT]


    dilsoup6.jpg



    [FONT=&quot]උණුවෙන් පිළි ගන්වන්න. බටර්-ලුණු රසින් සරු, කුසගින්න වැඩි කරන සුප් එකකි.[/FONT]

    [FONT=&quot]ඉතාම ලෙහෙසියෙන් සාදා ගත හැකි නිසා කොල්ලනි, තොප මෙය සාදනු ඇතැයි උදක් ම බලාපොරොත්තු වෙමි. සාදා මෙහි ඡායාරූපයක් පළ කරන්න. එය දිය හැකි හොද ම රෙප් එකයි. [/FONT]
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    [FONT=&quot](එළවළු විතරක් ම කන කුමාර456,පවුසි දෛවඥතුමා, මාගේ හිතවත් මාතර කිඹුළා සහ නාගයා වැනි හාදයන් හට කුකුල් තටු දෙක වෙනුවට කැරට් අලයක්+ලීක්ස් කදක්+සැල්දිරි කදක් ගැනිය හැකිය-නැත්තං මෙතන ඇව්ත් විරවං ඉදී, අපට කන්න බෑ ගා ගෙන!!)[/FONT]

    එල එල....මේ සැරේ මස් මාලු නොකන අපි වගේ ජනතාව ගැනත් හිතලා වගේ.....:cool::cool::cool:

    පට්ට‍යි කිඹුල් අ‍යි‍යේ......Rep+:D:D:D

    පොඩි එවුන්ට හදලා දුන්න හින්දා බඩ පල කි‍යන්නත් බෑනේ.......:baffled::baffled::baffled:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    වට්ටක්කා නිසා තමයි අවුල... ට්‍රයි කරන ලිස්ට් එකට දා ගත්ත.... ඉස්සෙලම් පේස්ට්‍රි හදලා ඉන්න ඕනේ... :)
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    කලකට පස්සෙ කිඹුලා කුස්සියෙ .....දැක්කා
    එන්නට යළිත් කුසියට හිතුනේ .......මක්කා
    පැනයක් තිබේ අසනට අනෙ සොරි ලොක්කා
    කිඹුලෝ කාද? කවදාවත් .........වට්ටක්කා