මගේ කාලකණ්නි ජීවිතේ තවත් පිටුවක් අද පෙරල&#3540

මගේ කාලකණ්නි ජීවිතේ තවත් පිටුවක් අද පෙරල&#3540

මම කොයිතරම් පාලුවෙන් ජීවත් වෙනවද කියලා එලකිරි එකේ කට්ටිය ඔක්කොම දන්නවා ඇතිනේ. හැමෝටම මාව වදයක් වෙලා.. ඇයි මේ?

ඔයාලට මතක ඇති මම ගිය සතියේ ත්‍රෙඩ් එකක් දැම්මා මගේ කාලකන්නි ආදර කතාවන් ගැන​. කිසිදා හරි නොගියපු මේවා නිසා මම අනේක සිත් තැවුල් වලට මුහුන දුන්නා.

මතකද මම කිව්වා.. දැන් මම වැඩ කරන තැන කෙල්ලෙක් මගෙත් එක්ක හරි හරියට කතාව කියලා? උඹලට කියන්න​... ඒකිට කොල්ලෙකුත් ඉන්නවා. ඌට ගිය සතිය වෙනකන් රස්සාවක් තිබුනෙත් නැහැ. අනික ඌ අතේ පයේ පච්චත් කොටපු එකෙක්.

ඒත් මම මේකිගේ දාන්ගලේට අහුවුනා. කිසිදා මේකි ගැන සිතක් පහල කරනොගන්න දැඩි ලෙස හිත පහදගෙන හිටපු මට මේකි, 64 මායිමම දාලා මාව රවට්ට ගත්තා.

ඉතින් මටත් හිතුනා මේකි සීරියස් කියලා. මම මේකිගෙන් කැමකට යන්න අඩ ගැහුවා. මේකි ගත් කටටම හා කිව්වා. අපි ගියා කැමකට සිකුරාදා. බඩ පැලෙන්න කාලා බොරුවට පර්ස් එකත් ඇද්දා "අපි ශෙයාර් කරමු" කිය කිය​...
ඒත් මගේ ගොන්කමක මහත​, මුලු බිලම මම ම ගෙව්වා.. සතියෙම නොකා නොබී හම්බ කරපු සේසතම එදා වියදම් වුනා!

ඉතින් කොහොම හරි මම මේකිව බස් එකටත් ඇරලලා ගෙදර ඇවිත් එස් එම් එස් එකක් ගැහුවා.. "ඔයා පරෙස්සමින් ගෙදර ගියාද​? අද ලස්සන දවසට තැන්ක්ස්, සදුදා හමුවෙමු" කියලා.

ඕකිගෙන් රිප්ලයි එකක් එයි කියලා මම මුලු සති අන්තයේම ෆෝන් එක දිහාම බලාගෙන හිටියා... කොහෙද? එහෙම එකක් ආවෙම නැහැ!

අද වැඩපොලට ඇවිත් ඒකි නිකම් අමුතුම ගෙමක්.. මාව දෙකේ කොලේට වැටිලා.. එදා කන්න එක්කන් ගියපු එකා නේද​? එස් එම් එස් එක එව්වට තැන්ක්ස් කියන්නවත් මේකිගේ හිතේ තෙතමනයක් නැහ :(

අද අමුතුම චරිතයක්. ඒත් මම ඉතින් පුරුදු විදිහටම හිනාවෙලා කතා කලා. වෙනදා වගේ මම වැඩ ඇරිලා එනකන් ඉන්නැතිවම "මම යනවා" කියලා යන්න ගියා මචන්ලා...

මට දුක.. ගැනු ඇයි මෙහෙම මට කරන්නේ කියලා... නිකම් ගොඩයා වගේ පැත්තකට වෙලා හිටපු මාව.. දන්න 64 මායිමම දාලා අල්ලගෙන​... මගේ හිත රිදෙව්වා.. අද මම වැඩ ඇරිලා තනියම බස් හෝල්ට් එකට ගියා. මට නිකම් පෙනුනා අවට ඉන්න මිනිස්සුත්.. ඒවගේම ගස් ගල් පවා මගේ දිහා බල බල හිනාවෙනවා.. "අනේ ගොන් හරකො.... හූ හූ... ඇද්ද​?" කිය කියා.

උඹලට කියන්න මචෝ... බස් හෝල්ට් එකේ ඉන්නකොට මගේ ඇහැට කදුලු ආවා. මාව මෙච්චරම "හපයක්" වෙන්න තරම ඇයි මට කෙල්ලෝ අකමැති? මම හිතනවා මම හරිම කැත ඇති කියලා.. මගේ අහින්සක හිත පාරවලා උන්ට ඕන ඕන වෙලාවට සොමි ගන්නයි... එපාවෙන වෙලාවලට විසිකරලා දාන්නයි... මම මොකෙක්ද​? ඇයි මට මෙහෙම කරන්නේ? මට අදනම් දැනුනේ මහාම මහා ආත්මානුකම්පාවක් :(

මේ ටිකත් කොටනකොට මගේ ඇහැට කදුලු උනනවා. මගේ පපුවට උල් පිහියකින් අනිනවා වගේ මට දැනෙනවා.

කවදත් තනිකඩව හිටපු මම මේකත් කොහොමහරි උහුලගන්නවා කියලා මම හිත හදා ගත්තා. ඒත් ඒ කී කාලයකටද​? තවත් සක්කරවට්ටමක් ඇවිත් ආයෙත් මාවා මේ අගාදෙටම යලිත් තල්ලු කරලා දමාවි!

මට දැන් කවුරුවත් නැහැ මගේ දුක ගැන කියන්න​. මම හිතන්නේ මේ ලෝකෙටම මාව මහා බරක්.. පාපයක් කියලා.. මට කිසිම යාලුවෙක් නැහ. උන් ඔක්කොම මාව කොන් කරලා දාල ගිහින්. පොඩි කාලේ ඉඳන්ම කොල්ලෝ මාව බයිට් එකට ගත්තා. ටියුශන් ගිහින් එනකොට කොල්ලෝ මගේ ඉස්සරහට කෙල ගැහුවා.. මම අදටත් හිතනවා ඇයි මේ කියලා? උන් ඔක්කොටොම මාව නියම විහිලුවක් වෙලා තිබුනේ.

මම යාලුවෝ කියලා ආස්‍රය කරපු එවුනුත් අන්තිමට මාව අත හැරලා ගියේ මම හිතන් හිටියට... උන් මාව යලුවෙක් වශෙයෙන් ගනන් නොගත්ත බවයි :(

මම මේ ටික එලකිරි එකේ දාල උඹලගේ ලස්සන හැන්දැව කාලණ්නි කලානම් මම ඒකට සිය දහස් වතාවක් සමාව ඉල්ලනවා.

මගේ දුක බෙදාගන්න කියලවත් ඉන්නේ එලකිරි එකේ උඹලා විතරයි. ඒත් උඹලත් මාව දැක්කනම් මාව දාල යයි.. ආයේ ඒකෙ දෙකක් නැහ :(
 
Last edited:
  • Like
Reactions: RottenCOLT

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ගෑණු ජාතිය ඔහොම තමයි බන්. ඉදල හිටලා තමයි හොද එකක් සෙට් වෙන්නේ. ඒත් ඒවයෙත් අඩු පාඩු තියෙනවා.උබ ටිකක් මොලේ පාවිච්චි කරලා ඔය වගේ වේ*යන්ගෙන් ඈත් වෙලා හිටපන්. ඔය හුරතලේට අහුවෙන්න එපා.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හිත ගිය තැන මාලිගාව කිව්වට, මාලිගාව maintain කරන එක පොල් අතු පැල වගේ ලේසි නැ බන්.. ඒක නිසා ඔවා ගනන් ගන්න එපා.. ජිවිතේ ඔහොම තමා..
     
    පිස්සු කෙලින්න එපා ... manup machan...

    kello ohoma thama bn.....adoo wetenna epa....ubata hari yawi kawada hari dawasaka...

    ane bn. hitha hayya karaganin. kellek hambei.

    හිත ගිය තැන මාලිගාව කිව්වට, මාලිගාව maintain කරන එක පොල් අතු පැල වගේ ලේසි නැ බන්.. ඒක නිසා ඔවා ගනන් ගන්න එපා.. ජිවිතේ ඔහොම තමා..

    උඹලා හොද කොල්ලෝ.. කවදාවත් මාව දැකල නැතිවුනත්.. බොක්ක හොද එවුන්! තැන්ක්ස්!
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ගෑණු ජාතිය ඔහොම තමයි බන්. ඉදල හිටලා තමයි හොද එකක් සෙට් වෙන්නේ. ඒත් ඒවයෙත් අඩු පාඩු තියෙනවා.උබ ටිකක් මොලේ පාවිච්චි කරලා ඔය වගේ වේ*යන්ගෙන් ඈත් වෙලා හිටපන්. ඔය හුරතලේට අහුවෙන්න එපා.

    :yes::yes::yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    සොරි බන් හිනත් යනව උඹ ලියල තියෙන විදියට ... උඹේ හිතේ එක අරමුණක් නෑ ... එක වෙලාවට කෙල්ලො එපාලු, තව වෙලාවක මහණ වෙන්න යනව, ආයෙ කෙල්ලෙක් පස්සෙ ගිහින් වොරි වෙනව

    ඔහොම අයාලෙ යන එවුන් ඉන්නව ... ඒ අයට තමයි one night stand, no strings attached වගෙ concepts තියෙන්නෙ ... relationship එකක් build කරගන්නව කියන එක ගොඩක් කල් යන වැඩක් ... ආයෙ ඒව අතරමැදදි අවුල් වෙලා සමහර විට ආයෙ මුල ඉඳන්ම පටන් ගන්න වෙනව ... ජීවිතේ හැටි එහෙම තමයි ඒක දැනගෙන තමයි ඕවට බහින්න ඕන ...
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,710
    4,054
    113
    Kingdom of Hyrule

    :yes::yes::yes::yes:
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    ganan ganna epa ban :)
    dawasaka oya okkoma hari yai :D
    thawa ekak lassana thiyenne mune neme :D hadawathe :D
    mee loke lassana kiyala deyak na :D eka sapekshai :D

    jaya wewa :D
     
    සොරි බන් හිනත් යනව උඹ ලියල තියෙන විදියට ... උඹේ හිතේ එක අරමුණක් නෑ ... එක වෙලාවට කෙල්ලො එපාලු, තව වෙලාවක මහණ වෙන්න යනව, ආයෙ කෙල්ලෙක් පස්සෙ ගිහින් වොරි වෙනව

    ඔහොම අයාලෙ යන එවුන් ඉන්නව ... ඒ අයට තමයි one night stand, no strings attached වගෙ concepts තියෙන්නෙ ... relationship එකක් build කරගන්නව කියන එක ගොඩක් කල් යන වැඩක් ... ආයෙ ඒව අතරමැදදි අවුල් වෙලා සමහර විට ආයෙ මුල ඉඳන්ම පටන් ගන්න වෙනව ... ජීවිතේ හැටි එහෙම තමයි ඒක දැනගෙන තමයි ඕවට බහින්න ඕන ...

    මචන් එතකොට උඹ කියන්නේ මේකි ONE NIGHT STAND කියලද​? එහෙනම් ඇයි අද කතා කලේ නැත්තේ වෙනදා වගේ?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උඹලා හොද කොල්ලෝ.. කවදාවත් මාව දැකල නැතිවුනත්.. බොක්ක හොද එවුන්! තැන්ක්ස්!
    උබ වගේම හිතපු එකෙක් තමා මචන්.. කෙල්ක්ලෙක් සෙට් උනාම රටක් රාජ්යක් ලැබුනා වගේ.. ඒ කාලෙ ෆොන් දැන් වගේ ලාබත් නැ, යාලු වෙලා දෙවෙනි දවසෙ කෙල්ලට ෆොන් එකක් අරන් දුන්න, ඩයලොග් එකේ ඒ කාලෙ රිලොඩ් නැ, 400,700,1000 කාඩ් තියෙන්නෙ.. 400 කාඩ් පට්ටා විඩියට දැම්මේ.. මුල් කාලේ තෙරෙන්නෙත් නැ, මේකි ඒ credit වලින්, යාලුවන්ටයි කොල්ලන්ටයි කතා කරනවා.. මගේ හම යනවා.. ඔය වගේ අම්බානක පරිප්පු මම කාලා තියනවා.. වැටෙන්න එපා බන්, මමත් අන්තිමට හිතුවෙ, කෙල්ලො මම දිහා බලන්නෙ නොන්ජලයෙක් විදියට කියලා.. ආයෙ යාලු වෙන්නෙ නැ කියලා හිත හදා ගත්තා.. ඒත් අන්තිමට යාලු උනා දැන් ඒක බැදගන්න බැ.. ඒක ඉතින් තව දිග කතාවක්.. වෙන වෙලාවක කියන්නම්කො.. ජිවිතේ ඔහොම තමා..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    මචන් එතකොට උඹ කියන්නේ මේකි ONE NIGHT STAND කියලද​? එහෙනම් ඇයි අද කතා කලේ නැත්තේ වෙනදා වගේ?
    one night stand වෙන්න බැ බන්.. එහෙමනම් සින්හලෙන් කිව්වොත් උබත් එක්ක බුදියගන්න එනවනෙ.. ඔකි, මචන් පොඩ්ඩක් සයිලන්ස් ඉන්න කොල්ලො බලලා දත ගලවන එකක්.. ඔක හරියන්නෙ හරි හමන් අයියෙකුට සෙට් වෙලා පෙට්ටි පුපුර්ගත්තම තමා.. එතකොට තෙරෙවි..
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,471
    16,261
    113
    ඔහොම තමයි මචන් ජිවිතේ හැටි. උබ හිතන්නේ උබට විතරයි ඔහොම වෙන්නේ කියල නේද (මටත් එක වෙලාවකට ඔහොම හිතෙනවා).. එත් ජිවිතේ ඔයිට වැඩ ප්‍රශ්න තියෙන එවුන් හොදට ජිවිතේ හදාගෙන තියෙනවා.. ලස්සනට ජිවිතේ ගෙවනවා මචන් පරණ වැරදි මගඇරගෙන.. එහෙම එකේ ඕක මොකද්ද.. ජිවිතේ යනු කෙල්ලම පමණක් නොවේ..
     
    DILUF

    Well-known member
  • Feb 11, 2009
    1,011
    74
    63
    37
    kottawa
    ජිවිතේ හැටි ඔහොම තමා තමන් ගැන ආඩම්බර වෙයන් අඩුගානේ මම හොද මිනිහෙක් වගේ ජිවත් වෙනවා කියල හිතා ගනින්.:yes: උබට ඔය හිතුන දේවල් මටත් දහස් වාරයක් හිතිල අති. පොඩ්ඩක් ජිවිතේ අපහු හැරිලා බලපන් සිද්ද උන දේවල් ගැන වැඩියෙන්ම තියෙන්නේ හොද දේවල් නේද ? කොච්චර ප්‍රශ්න ආවත් මොකක් හරි එකෙන් හොද දේකුත් උන නේද ? පුලුවන් තරම් ඉවසපන් අනිවා ගොඩ යනවා ෂුවර්.:D;)
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    මචන් එතකොට උඹ කියන්නේ මේකි ONE NIGHT STAND කියලද​? එහෙනම් ඇයි අද කතා කලේ නැත්තේ වෙනදා වගේ?

    උඹව නිකන් time pass කරගන්න use කරනවද දන්නෑ ... සිද්දිය හරියට දන්නැතුව මුකුත් කියන්න බෑ ... අනික උඹේ හිතේ ආදරයක් ඇති උනාට ඒකි නිකන් යාළු කමට එන්නැති බන් ... කෑමකට ආපු පලියට උඹ හිතන් ඉන්න තරම් දෙවල් වෙනවනම් ඉතින් මොනව කරන්න බැරිද බන් :baffled:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ජිවිතේ හැටි ඔහොම තමා තමන් ගැන ආඩම්බර වෙයන් අඩුගානේ මම හොද මිනිහෙක් වගේ ජිවත් වෙනවා කියල හිතා ගනින්.:yes: උබට ඔය හිතුන දේවල් මටත් දහස් වාරයක් හිතිල අති. පොඩ්ඩක් ජිවිතේ අපහු හැරිලා බලපන් සිද්ද උන දේවල් ගැන වැඩියෙන්ම තියෙන්නේ හොද දේවල් නේද ? කොච්චර ප්‍රශ්න ආවත් මොකක් හරි එකෙන් හොද දේකුත් උන නේද ? පුලුවන් තරම් ඉවසපන් අනිවා ගොඩ යනවා ෂුවර්.;)
    ඒක ඇත්ත කාලයක් ගියහම ආපහු හැරිලා අතිතය මතක් කලාම හිනා යනවා ඒ කාලෙ කරපු මොඩ වැඩ කියලා..

    උඹව නිකන් time pass කරගන්න use කරනවද දන්නෑ ... සිද්දිය හරියට දන්නැතුව මුකුත් කියන්න බෑ ... අනික උඹේ හිතේ ආදරයක් ඇති උනාට ඒකි නිකන් යාළු කමට එන්නැති බන් ... කෑමකට ආපු පලියට උඹ හිතන් ඉන්න තරම් දෙවල් වෙනවනම් ඉතින් මොනව කරන්න බැරිද බන් :baffled:
    මාත් ඉස්සර ඔය ටයිප් බන්.. කෙල්ලෙක් හිනා උනත් හිතන්නෙ එකි සෙට් කියලා :D
     
    Last edited:

    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    ඕව ගනන් ගන්න එපා බං.
    ඕවගේ එකියන්ට අහුවෙන්න එපා.