විවාහයට පෙර සැලකිය යුතු කරුණු 7 ක්
විවාහය යනු පුද්ගල ජීවිතයේ වැදගත් සංධිස්ථානයකි. පෙරදිග සමාජයේ විවාහයකදි අනෝන්‍ය විශ්වාසය, එකට ජිවත්වීම යන අංශ පිළිබදව වැඩි අවධානයක් යොමුවේ. අප එම විවාහය දිගින් දිගටම පවත්වාගෙන යාමට හැකිවේය යන විශ්වාසයෙන් කටයුතු කරමු. මේ අනුව විවාහයට සුදුසු සහකරුවෙකු හෝ සහකාරියක තෝරාගැනීම කල්පනාකාරීව කල යුත්තකි. එහිදි අවධානය යොමුකල යුතු කරුණු මෙසේ පෙලගස්වමි.
ස්ව සංකල්පය
විවාහ වනුයේ පවුල් 02 කින් පැවත එන විවිධ අත්දැකීම් ලැබූ, විවිධ මානසිකත්වයෙන් යුතු දෙදෙනෙකි. මේ අනුව ඔවුන් දෙදෙනාගේ සිතුවිලි කීයාකාරකම්, හැසිරීම් වල වෙනස්කම් ඇත. ඔවුන් හැදුනු වැඩුණු පරිසරය අනුව ඔවුන් විසින් ගොඩනගා ගත් ස්වසංකල්පයක් වේ. ස්වසංකල්පයක් යනු තමා පිළිබදව තමා විසින්ම ගොඩනගා ගනු ලැබූ අර්ථකථනයකි. මේ ස්වසංකල්පයට සමීප ස්වසංකල්පයක් ඇති අයෙකු සොයාගත හැකි නම් එය උචිතය.
ධනාත්මක සිතුවිලි
සාර්ථක ලෙස විවාහ දිවිය පවත්වාගන යාමට ධනාත්මක ස්වසංකල්පයක් ඇති සහකරුවෙකු/සහකාරියක මනාව ගැලපේ. ධනාත්මක සිතුම් පැතුම් ඇති තැනැත්තා සුභවාදිව, මිතශිලීව යමක් කිරිමට උනන්දු වන්නෙකි. ඔහු සාර්ථකව හිණි මගෙහි පා තබා ඇත. එහෙත් ඝෘණාත්මක සිතුවිලි පුද්ගලයින් එකිනෙකා අවිශ්වාස කරමින් උදාසීනව, උකටලිව කටයුතු කරයි. මේ අනුව සාර්ථක විවාහ ජීවිතයක් ගත කල හැක්කේ ධනාත්මක ස්වසංකල්පයක් ඇති අය සමගය. එම නිසා සහකරුවෙකු හෝ සහකාරියක සොයාගැනිමේදි පවුර්ෂ සංකල්පයට වැඩි අවධානයක් යොමුකල යුතුය.
පවුල් පසුබිම
විවාහයට සුදුසු තැනැත්තා තෝරාගැනිමේදි සමාන සංස්කෘතියක සමාන සමාජීය තලයක සිටි අයෙකු තෝරාගැනිම වඩා ඵලදායකය. විවාහය සමග පවුල් සංස්ථාවන්ද ඒකාබද්ධ වේ. ඒ ඒ පවුල් සංස්ථා සංස්කෘතිය අතර සමානතා ඇත්නම් එම දෙපිරිස එක්ව කටයුතු කිරිම පහසුවේ. ඈත ගම්බද උපන් දරුවෙකු හොදින් ඉගෙන වෛද්‍යවරයෙකු, ඉංජිනේරුවෙකු වී නගරයේ උපන් බටහිර පන්නට හැදුනු තරුණියක සමග විවාහ වු කල්හි මේ විෂම සමාජ ගැලපීම අර්බුදයක් බවට පත්වේ. මෙතැනදි ගැමි සංස්කෘතියට ඒ පරිසරයට හුරුපුරුදු වු දෙමව්පියන්ට බටහිර සංස්කාතියට හුරුවු පවුල සමග එක්ව පෑහී ගමන් කල නොහැක. නොදැනුවත්වම ගම්බද දෙමව්පියන් තුල හීනමානයක් වර්ධනය වේ. මේ අනුව පවුල් දෙක එක්ව කටයුතු කරන සෑම අවස්ථාවකම සිදුවනුයේ එක් පවුල් සංස්ථාවක් කැපී පෙනිම හා අනෙක් පවුල් සංස්ථාව කොන් වීමයි. එකල්හි සමස්ථ පවුල් ජලයම අපහසුවට පත්වේ. ඒ නිසා සමාන සංස්කෘතික පරිසරයක හැදුනු වැඩුණු දෙදෙනෙකු වුයේ නම් අපහසුවෙන් මිදිය හැකිවේ.
වයස
විවාහයට සුදුස්සෙකු තෝරාගැනිමේදි වයස ගැන ද සැලකිරිමත් විය යුතුය. ජීව විද්‍යාත්මක හා මනෝ විද්‍යාත්මක සාධක අනුව ගැහැණිය පිරිමියාට පෙර ශාරීරික දුබලතාවයන්ට ලක්විමේ පවණතාවයක් ඇත. ලිංගීක සබදතාවලිදී වයස යත්ම කාන්තාව තුල උදාසීනත්වයක් වර්ධනය කෙරේ. එය දරුවන් හදා වඩා ගැනිම සදහා ස්වභාව ධර්මය විසින් දෙන ලද මගපෙන්වීමකි. මේ නිසා සහකරු සහකාරියට වඩා වයසින් වැඩි නම් ගැටලුවෙන් මිදිය හැක.
ආගම සහ කුලය
ආගම් හා කුල ගැටලුව වර්ථමානයේ එතරම් සැලකිල්ලට ලක් නොවේ. එසේ නමුත් අනෝන්‍ය වැටහීමක් සහ තෝරා බේරා ගැනිමක් සමග නිවැරදි තීරණ ගැනිමට යා නොහැකි වුවහොත් එම ගැටලුව විවාහ ජීවිතයේදි බලපෑමට ඉඩ ඇත. දරුවන්ගේ ආගම් ඇදහීම පිළිබදව, ඔවුන් කුමන ආගමකට අයත් ද යන්න පිලිබදව මව හා පියා නිවැරදි වැටහීමකින් කටයුතු නොකරයි නම් විවාහ ජීවිතයේ ගැටලු මතුවිය හැක. කුලයද විවාහයට සුදුසු තැනැත්තා තෝරා ගැනිමේදි සොයා බලනුයේ එය පවුල් අර්බුධ දක්වා වර්ධනය වන බැවිනි. අද සමාජයේ මිශූ කුල විවාහ එතරම් ගැටලුවක් නොවේ.
ආර්ථික පසුබිම
ආර්ථික මට්ටම් විවාහ ජීවිතයේදි එතරම් මහත් සාධකයක් ලෙස නොගැනේ. එසේ වුවත් මුදල් වැඩි ආර්ථික වශයෙන් ශක්තිමත් පවුලක් මුදල් නැති දුප්පත් පවුලකින් විවාහයක් කරගත් විට මුදල් නැති තැනැත්තා අවඥානව හෑල්ලුවට ලක්කරයි නම් එයද ගැටලුවකි. මෙතනදී ආර්ථික වශයෙන් ශක්තිමත් අය පහල බැසීමට සුදානම් නැති නිසා නිතර දුප්පත් පවුල් හා පවුලේ අය ඈත් කිරිමට, කොන් කිරිමට, ඔවුන්ට පහත් තත්වයේ දමා කතා කිරිමට පෙලබේ. මේ තත්වය නිසා එය විවාහයට බලපාන අවස්ථාද තිබේ.
රස වින්දනය
මේවාට අමතරව දෙදෙනාගේ සිතුවිලි වල ගැලපීම ඉතා වැදගත්ය. සිතුම් පැතුම් ආශාවන් පිළිබදව දක්වන කැමැත්ම සමාන වන්නේ නම් එය විවාහයට වඩා උචිතය. ආගමික නැමුරුව රස වින්දනයේ උසස් පහත් බව ආදිය පවුලේ සුලු සුලු ගැටලු මතු කරන සාධක වේ. මේ සාධක අනෝන්‍ය වැටහීමෙන් තෝරා බේරා ගත හැකිය. විවාහ ජීවිතයේදි අනෝන්‍යව අනුහුරු විමට ගැලපී සිටිමට ඉගෙන ගත හැකිය. ඒ සදහා වෙනස් විය හැකි නම්‍යශීලි මානසිකත්වයක් වේ නම් ඉහත කී කවර ගැටලුවක් වුවත් සාකච්ඡාවෙන් සහයෝගයෙන් විසදා ගත හැකිය. ඒ අනුව සහකරුවෙකු හෝ සහකාරියක තෝරා ගැනිමේදි හුදෙක්ම ආකර්ශනය හෝ බාහිර පෙනුම ගැන පමණක් නොසලකා ඉහත කී සාධක සැලකිල්ලට ගෙන තීරණයකට එලඔම වඩා යෝග්‍ය වේ.
පොත පත ඇසුරෙණි.... 
Photo එකක් වත් නැතුවට මුකුත් කියන්න එපා ඕං

Photo එකක් වත් නැතුවට මුකුත් කියන්න එපා ඕං







