update
(24)වන දින අත් අඩංගුවට පත්වූ චෙන්නායි සුපර් කිංග්ස් විධායක නිළධාරී ගුරුනාත් මෙයියප්පන්, 29 වැනිදා දක්වා පොලිසිය භාරයට පත් කර තිබෙනවා.
ඔහු ඉන්දීය රුපියල් කෝටියකට අධික මුදල් ප්‍රමාණයක් අත් අඩංගුවට පත්වූ ඉන්දීය නළුවකු වන වින්ඩූ දාරා සිං හරහා ඔට්ටු තබා පරාජයට පත්වූ බව පැවසෙනවා.
කෙසේ වෙතත් අයි පී එල් තරගාවලිය නියමිත පරිධි පැවැත්වීමට කටයුතු කරන බව සංවිධායකයන් පවසනවා. ඊයේ අත් අඩංගුවට පත් වූ යහියා මොහොමඩ් නමැති බුකී කරුවකු මුදලට තරගපාවාදුන් තවත් ක්‍රීඩකය කිහිප දෙනෙකුගේ නම් සදහන් කල බවත් විදෙස් මාධ්‍ය සදහන් කරනවා. කෙසේ වෙතත් ඔවුන්ගේ නම් හෙළි නොකිරීමට පොලීසිය ක්‍රියාකරන අතර තවදුරටත් විමර්ශනයේ යෙදෙන බවත් සදහන්.
මේ අතර අයි පී එල් තරගාවලියට ජනතාව අතර තිබූ විශ්වාසය පළුදු වී ඇති අතර ඊට එරෙහිව ප්‍රභල ජන රැල්ලක් එල්ලවෙමින් තිබෙනවා.
අද පැවැත්වෙන තරගාවලියේ අවසන් තරගයට පෙර පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවට කණ්ඩායම් නායකයන්, සහභාගී වීමද ප්‍රතික්ෂේප කර ඇති අතර ඊට පුහුණු කරුවන් සහභාගී වීමට නියමිතයි.
Source : cricturf.com