නිදි_නැති_නෙත්!!!

Status
Not open for further replies.

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
නිදි නැති නෙත් කිව්වට දැන් නං නින්ද ගිහින් වගේ :baffled::baffled::baffled::baffled:
 

dhanu77

Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    uba danne nathan machoo kathawa arye man me story eka read karanna enne na ... wedak na ne hemadama awilla anith ayage boru wigadama cmnt balala harila yanawa....
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,107
    4,891
    113
    -In Darkness-
    යකුනේ හදිසියේ කොළඹ යන්න වුනා :angry::angry: දවස් දෙකකට කියලා ගියාට අන්තිමට දවස් හතරක් ඉන්න වුනා. එහෙ ඉද්දි පිස්සු නටන නිසා ඕක ලියන්න බෑනේ අනික් එවුන් ටිකත් එක්ක:rolleyes::rolleyes: ඒකයි දැම්මෙ නැත්තේ. දැන් මේ ආවා විතරයි. අද කොටසක් දානවා, ඉඳපල්ලා ටිකක්. ලියන්නම් වාලේ ලියලා දාන්න බෑ :growl::growl:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,107
    4,891
    113
    -In Darkness-
    974tfl.jpg


    ~ 5 වන කොටස ~




    ඇය ඔහු දෙස මදක් බලා සිට අහක බැලුවාය.

    "බ්‍රිරිෂ් කවුන්සිල් එකට"

    ඔහු බෞද්ධාලෝක මාවතට දමා මදක් වේගයෙන් රිය හැසිර වූයේය. කොහොමටත් ඇයට පරක්කු වී තිබෙන නිසා වේගය අවශ්‍යය වී තිබේ. වේගය වැඩි වෙනු දුටු යුවතිය ඉක්මනටම ආසන පටිය පැලඳ ගත්තාය. නොබෝ වේලාවකින් ඔහු ඩුප්ලිකේශන් මාර්ගයේ ඇය කියූ ස්ථානයෙන්යෙන් ඇරලුවේය.
    ඇය කඩි මුඩියේ දුවගෙන ගියද ඒ වන විටත් දේශනය ආරම්භ වී තිබිණ. ඇය වාඩි වී පොත් ටික දිග ඇරගත්තාය.


    "ඇයි පරක්කු වුනේ?" කවීශා සිටින්නට ඇත්තේ ෂෙහාරා එන තුරු වන්නට ඇත.
    "නෑ අනේ අර අළුතෙන් ගත්ත ඩ්‍රයිවර් එන්න පරක්කු වුනානේ"
    "අපෝ. අපේ ගෙදර ඕක වුනා නම් මෙලහකටත් වෙන රස්සාවක් හොයනවා එයා"
    "අද පළවෙනි දවස මිනිහගේ. අක්කාව කොහෙදෝ ගෙනිහින් දාන්න වෙලා. ඒකෙන් මටයි පරක්කු."
    "පළවෙනි දවස එහෙම නම් අනික් දවස් කොහොම වෙයිද?" කවීශාගේ කතාවට දෙදෙනාම සිනා විය.

    සවස් වන තුරු කිසි වැඩක් නොවූයෙන් දිනුක කාමරයටම වී සිටියේය. කරන්නට වැඩක් කියන තුරු ඔහු ඇඳට වී කල්පනා ලෝකයක අතරමං විය.


    "ඕක දැන් ඔය ළමයට එහෙම කියන්න යන්න එපා." අම්මාගේ කටහඬ ඔහුට ඇසුනි.
    "මේ මාලතී ඔයා පුතාගේ පැත්තට හැම තිස්සේම කතා කරලා තමා මේක මෙහෙම වෙලා තියෙන්නේ." ඉන් පසුව මවගෙන් ශබ්දයක් ඇසුනේ නැත.

    "දිනුක..." පියා ඔහුව අමතනු ඇසී ඔහු එතනට ගියේය.
    "ඇයි තාත්තේ"
    "ඔයාට එක වැඩයි දුන්නේ කරන්න කියලා ඒකත් හරියට කරේ නෑ. බලනවා දැන් මට පාඩුව කොච්චරක්ද කියලා?"
    "ඇයි මොකද? මම කිව්ව එක එතනට ගෙනිහින් දුන්නා."
    "මනුස්සයෝ දෙයක් කරන්නම් වාලේ කරලා බෑ. හරියට කරන්න ඕනේ. ඕතරයිස්ඩ් සයින් එකක් නෑ කියලා රිජෙක්ට් කරලා තියෙන්නේ. අඩු ගානේ ටිකක් හොයලා බලන්න තිබ්බා. බලනවා මම ලක්ශ කීයක් නම් ඉන්වෙස්ට් කරාද කියලා ප්‍රොජෙක්ට් එකට."
    "ඉතින් තාත්තනේ සයින් කරන්න ඕනේ."
    "ප්‍රොජෙක්ට් එක කාටද මම දුන්නෙ කම්ප්ලීට් කරන්න? කාටද දුන්නේ?"
    "මට"
    "ඉතින් ඔය කම්ප්ලීට් කරපු හැටිද?"
    ඔහු වචනයක්වත් පැවසුවේ නැත.
    "ඔයාට මේ විදියට නම් මට බිස්නස් බාර දෙන්න බෑ. දවසින් කම්පැනීස් ටික වහලා දාන්න වෙයි."
    "ඉතින් මට ඕනේ බිස්නස් එකක් නෑ. ඕක නැති වුනා කියලා මැරෙනවද?"
    "නිකමෙක් වගේ කකා බිබී ඉන්නද ඕනේ මේ ගෙදරට වෙලා?"
    "ඇයි වෙන රස්සා නෑ කියලද තාත්තා හිතුවෙ?"
    "රස්සා නම් තියෙනවා. තමුසෙට කරන්න බැරි එකනේ ප්‍රශ්නේ'
    "ඇයි කරන්න බැරි. අනිත් අයට කරන්න පුලුවන් නම් මට බැරි වෙන්න බෑනේ."
    "ඒකම තමා මටත් තියෙන අවුල. තමුසේ පුළුවන් නම් අවුරුද්දක් රස්සාව කරලා පෙන්නනවා කාගෙවත් උදව්වක් නැතිව"
    "ඇයි බෑ කියලාද හිතන්නේ?"
    "හිතන්න දෙයක් නෑ. ඕන ඔට්ටුවක් අල්ලනවා මම"

    දිනුක වචනයක් වත් නොපවසා කාමරයට ආවේය. සිත සිතා ඉන්නට නොහැක. හෙට උදයේම කුමක් හෝ කිරීමට යායුතුයි. අඩුම කුඩුම ටිකක් එක්කහු කරගත් ඉලංදාරියා පාන්දරම ගෙදරින් පිට විය.

    ඔහු පියවි සිහියට ආවේ කවුදෝ දොරට ගැසූ හඬෙනි. ඔහු දනි පනියේ නැගිට දොර ඇරියේය.

    "දිනුක මහත්තයා. මේ දවල් කෑම එක."

    පුෂ්පා කෑම පිඟානකුත් වතුර වීදුරුවකුත් ගෙනත් තිබුණි. ඔහු ඇයට ස්තූති කොට එය ගත්තේය. පසුව අසල තිබූ ටැප් එකෙන් අත් දෙක හොඳින් සෝදා බත්පත අතට ගත්තේය. පරිප්පුත්. මාළු මිරිසට උයා බෝංචි ව්‍යංජනයක් සහ අල තෙම්පරාදුවකින් බත්පත සමන්විත විය. ඔහු හෙමි හෙමින් එය කෑවේය. කන අතර තුර කැස්සක්ද ඇති විය. වතුර ටිකක් බී නැවතත් ඔහු කන්නට පටන් ගත්තේය. කන ගමන් සිතුවේද වෙලාව කළමනාකරණය කරගන්නා ආකාරයයි. වෙලාවට යන්න තිබෙන ස්ථාන වලට මදක් හෝ කලින්වත් යා යුතුයි. තද බදය ගැන විශ්වාසයක් තැබිය නොහැක. ඔහු කෑම පිඟාන රැගෙන පුෂ්පා වෙත ගියාය.

    "කෑම කාමරේට ගේන්න ඕනේ නෑ. කුස්සියෙ ඉඳලාම කන්න බැරියැ"
    "මහත්තයා මේ අයිස්ක්‍රීම් ටිකක් කාලාම යන්න. අද ඉතින් පළවෙනි දවසනේ"
    "දැන් කන්න බෑ. බඩ පිරිලා වැඩියි හොඳටම. බොහොම ස්තූතියි."

    ඔහු නැවත කාමරයට ආවේය. ෂෙහාරාගේ පංති ඉවර වෙන වේලාවක් දන්නේ නැත. නෙතලිද කීයට පැමිණෙයි ද කියා දන්නේ නැත. හවසටත් එම පැටලිල්ල වේවි දැයි ඔහු සිතුවෙය. එක ලඟ වේලාවල් වැටුනහොත් ෂෙහාරාව මුලින් ගත යුතුය. ඇය වෙලාවට වැඩ කරන යුවතියක් බව ඇගේ මව දවල් ඔහුට පැවසුවාය. කම්මැලි නිසා ඔහු වත්ත වටේ ඇවිද්දේය.

    "දිනුක සිරි නරඹනවා වගේ අලුත් තැන."

    ඔහු පුදුම වී පසු පස බැලුවේය. මිසිස් සූරියවංශ ඔහු පිටුපසටම වී සිට ඇති බව ඔහුට වැටහී තිබුනේ නැත.

    "ලස්සනට ලෑන්ඩ් ස්කේපින් කරලා තියෙනවා. ඒකයි මම මේ බැලුවේ. මැඩම්ද ඩිසයින් කරේ?"
    "මම විතරක් නෙමෙයි. මෙහෙ වත්ත මේන්ටේන් කරන්නේ නාදන් කියලා ටැමිල් කෙනෙක්. එයා තමා මේවා ලස්සනට හදන්නේ"

    එසේ නම් වත්තේ වැඩට වෙනම කෙනෙක් සිටිනවා විය යුතුයි. කවුරුන් හෝ වුවත් ඔහු ඉතාම ලස්සනට මේ වැඩේ කරනවා විය යුතුයි.

    "මැඩම් චූටි බේබිව ගේන්න තියෙන්නේ කීයටද? කලින් යන්න කියලා බැලුවේ."
    "හතර හමාරට තමා ඉවර වෙන්නේ නම්. දිනුක කලින් යන්න කෝකටත්."

    තව පැයක් පමණ තිබේ. ගෙදරට කෝල් එකක් ද ගත යුතුය. එම නිසා කලින් යාම වඩාත් ඇඟට ගුණය. ඔහු ටිකකින් වාහනය රැගෙන යුවතියව ගැනීමට එතනට ගියේය. වාහනය නවතා දුරකතන ඇමතුමක් ගැනිමට ඔහු තැනක සෙවුයේය. මදක් දුරට යාමට සිදුවුවත් ඔහුට තැනක් සොයා ගත හැකි විය. දුරකතනය නාද වන විට ඔහු සිතුවේ මවට කතා කරන්න තිබේ නම් හොඳයි කියායි. තාත්තා මේ වෙලාවට සාමාන්‍යයයෙන් ගෙදර සිටින්නේ නැත. සිතු පරිදි මව විසින් දුරකථන ඇමතුම ගන්නා ලදී.

    "හෙලෝ"
    "අම්මේ"
    "දිනුක පුතේ. කොහෙද ඉන්නේ? ඇයි කියන්නේ නැතිව ගියේ? අපි හැම තැනම හෙව්වා"
    "මං හොඳින් ඉන්නවා. අම්මලට කොහොමද?"
    "අපි හොඳින් පුතේ. කොහෙද ඉන්නේ දැන්? ඇයි ෆෝන් එක වැඩ නැත්තේ"
    "මං තැනක ඉන්නවා. තාත්තා කිව්වා වගෙ මම වෙන රස්සාවක් කරනවා."
    "රස්සාවක්"
    "ඔව්. මොකටද වෙන අය ගාවට රස්සා හොයන්න ගියේ. එන්න දැන්ම ගෙදර"
    "බෑ අම්මේ. ඒක නම් කරන්න බෑ. මම කොහොමත් ටිකක් කල් මෙහෙම ඉන්නවා. තාත්තට කියන්න මාව හොයන්න හදන්නත් එපා කියලා. එයාට ඔට්ටු දාන්නනේ වුවමනාව"
    "තාත්තා හිතේ අමාරුවට කිව්ව දේවල් ගණන් ගන්න එපා පුතේ. එයා හිතලා නෙමෙයි ඔය කියන්නේ. පුතා ගියත් හරි මාත් එක්ක කිය කිය හිටියේ එදා කතා කරපු විදිය සැර වැඩියි කියලා."
    "මං තීරණයක් අරන් ඉවරයි අම්මේ. දැන් වෙනස් කරන්න බෑ. මට පරක්කු වෙනවා. පස්සේ කතා කරන්නම්."
    "ගෙදර එන්න පුතේ ඔය පිස්සු නැතිව"

    ඔහු ඇමතුම විසංධි කර බිල ගෙවා නැවත වාහනයට ආවේය. වාහනයේ ඉන්නටද කම්මැලිය. ඔහු නැවත වාහනයෙන් බැස එයට හේත්තු වී වට පිට බලමින් සිටියේය.

    "අරයද අලුතෙන් ගත්තා කිව්වේ?" දිනුකව මගදිම දුටු කවීශා ඇසුවාය. ෂෙහාරා සතුටු වුනේ අඩු තරමේ දැන් වත් වෙලාවට ඇවිත් තියෙන බැවින්ය.
    "ඔව් ඔව්. ඔය හේත්තුවක් දාගෙන ඉන්නේ.බලපන් ඉන්න විදිය නිකන් අයිතිකාරයා වගේ හේත්තුවක් දාගෙන." දෙදෙනාම සිනා විය.
    "පොඩි කොල්ලෙක්නේ. මං හිතුවා මේ අන්කල් කෙනෙක් වගේ වෙන්න ඇති කියලා. ලුක් එක නම් හැබැයි අයිතිකාරයා වගේ නම් තමා. ඩීසන්ට් පෙනුමයි"
    "අනේ හෙන ඩීසන්ට්. මම කියන් නෑ ඉතින්"
    "ඇයි?"
    "නිකන් කිව්වේ"
    "මෙයාව දැකලා පුරුදුයි මට. මෙහෙ කෙනෙක්ද?" කවීශා දිනුක දෙස හොඳට බැලුවාය.
    "මෙයාව කොහෙ දකින්නද බං. කුරුණෑගල කෙනෙක්නේ."
    "නෑ. නිකන් දැකලා පුරුදුයි පුරුදුයි වගේ."
    "හා හා. තව මතක් කර කර ඉන්න. මම යනවා"
    "අනේ...."
    "ඇයි?"
    "මම තනියමනේ."
    "ඉතින්?"
    "ඉතින් කියන්නේ වාහනේ එනකන්වත් ඉන්න ටිකක්"

    ඔවුන් දෙදෙනා කතා කරමින් පාර ඇයිනේ සිටගත්හ. වාහනයට හේත්තු වී සිටි දිනුකට දැන් ඇය දෙස බලා නොසිටීමට නොහැක. ඇය දෙස බලා සිටිනවා දුටුවහොත් කුමකින් කුමක් වේදැයි නොදනියි. ඔහු එහෙයින් වාහනය තුලට නැග එතුලින් ඇය දෙස බැලුවාය.
    ඇය සිනාසෙමින් කවීශාට එක එක ඒවා කියන්නීය. ඇගේ මුහුණෙන් පිළිඹිබු වන හැඟීම් සමුදාය අතුරින් මේ මේ හැඟි වලට ලොබ බැදීමට කියා විෂේශයක් නැත, මන්ද ඒ සෑම හැඟීමක්ම එකකට එකක් නොදෙවෙනි වන තරම් සුන්දරය. ඇගේ හිස හෙලවෙන තාලයටද කෙස් කළඹත් සෙලවෙයි. කලාතුරකින් යුවතියකට හිමි වන සුන්දරත්වය පරිපූර්ණවම ඇයට පිහිටා තිබුණි. ඇත්තටම කිවහොත් ඔහු ඇය දෙස හොඳාකාරව බැලුවේ මේ මොහොතේය. සුන්දරත්වය ගැන වර්ණනා කිරිමට වචන මදිය. යුවතියකගෙන් බොහෝ අය බලාපොරොත්තු වන ලාලිත්යමය භාවය ඇයට උපතින්ම ලැබී තිබිණ. වරක් බැලුවහොත් දෙවරක් නොව තුන් හතර වතාවක් හැරී බැලීමට තරම්ම ඇය ලස්සනය. ඔහුගේ දැහැන බිඳුනේ පැමිණි ඇමතුමක් නිසාවෙනි. නොදන්නා අංකයකි.


    "හෙලෝ"
    "දිනුක නේද?"
    "ඔව්. කවුද මේ?"
    "නෙතලි"
    "ඔව් මිස් කියන්න."
    "මාව ගන්න හතට විතර එන්න. මම අම්මට පොත් වගයක් ගැන කියලා ඇති. ඒ ටිකත් අරගෙනම එන්න මතක ඇතිව."
    "හොඳයි මිස්"
    "රෑට කෑම තියන්න ඕනේ නෑ කියලා කියන්න. මට අම්මට ඒක කියන්න බැරි වුනා"
    "හරි මිස්"
    "මං තියනවා එහෙනම්"
    "හා මිස්"

    දුරකතනය විසංධි කර ඔහු නැවත් බැලුවේ ඇය දෙසයි. ඇය එතන සිටියේ නැත. මේ ටිකට කොහේ යන්නට ඇත්ද? ඔහු හතර වටේ බැලුවේය. ඒත් ඇය පෙනෙන්නට සිටියේ නැත. ඔහු කඩිමුඩියෙම වාහනයෙන් බැස එතනට ගියේය. යුවතියන් දෙදෙන තියා එක යුවතියක්වත් පෙනෙන්නට සිටියේ නැත. ඔහු නැවත අතුරු මාර්ගයට ගොස් බැලුවේය. ඔවුන් ආපසු පන්ති තිබෙන දෙසට ගියේ නම් ඔහු අනිවාර්යෙන්ම ඔවුන්ව දකිනු ඇත. සමහරවිට දකුණු පස ඇති අවන්හලට යන්නට ඇත. ඔහු එතුළටද ගොස් බැලුවේය. යුවතියන්ගේ හැල හොල්මනක්වත් නැත. ඔහු ටික වෙලාවක් පාර ලඟට වී සිටියේය. ඔවුන් තවම නැත. බැරිම තැන ඔහු අතුරු පාර දිගේ පන්ති පැවත් වෙන ස්ථානයට ගියේය. එහි අවන්හලේද බැලුවද ඔවුන් පෙනෙන්නට නැත. නැවත වාහනයට ගියේය. ඇය කොහේ නම් යන්න ඇත්ද? ඔහු එහෙ මෙහෙ තවත් බැලුවේය.
    ටික වෙලාවකින් ජෙරාඩ් මහතාගේ නිවසෙන් ඇමතුවක් පැමිණුනි.


    "හෙලෝ"
    "දිනුක කොහෙද ඉන්නේ?" කතා කලේ මිසිස් සුරියවංශයි.
    "මම මේ බ්‍රිටිශ් කවුන්සිල් එක ඉස්සරහා ඉන්නේ"
    "චූටි දුව යාලුවත් එක්ක ගෙදර ආවා දිනුක පරක්කුයි කියලා. දිනුක එන්න ගෙදර දැන්."
    "මැඩම් දැන් මම මෙතනට ඇවිත් පැයක් විතර වෙනවා"
    "දිනුක එන්න ගෙදර" ඇය දුරකතනය තැබුවාය.

    මේ සිදිධිය මොන දෙවියන්ට කියන්නද? දැන් මොහොතකට පමණ තමන් පැමිණ සිටිනු දැක දැකම කෙනෙක් වෙන වාහනේක යයිද? ඔහු ගැටලු රාශියකට මැදි වනු නියතයි. ඔහු නිවසට ගියේ ව්‍යාකූලත්වයෙනි. කුමක් නම් කියන්නද? සූරියවංශ මහත්මිය කොහොමත් ෂෙහාරාගේ වචන් පිළිගනු නියතයි. සමහර විට දවල් පරක්කු වුන එකට ඇය පලිය ගන්නට සිතා ඉන්නට ඇත. කමක් නැත. එන විදියකට මුහුණ දීමට ඔහු ඉටා ගත්තේය.

    ඔහු වාහනයෙන් බැස සීනුව නාද කලේය. සූරියවංශ මහත්මිය එළියට පැමිණියේය.


    "දිනුක"


    ~ මතු සම්බන්ධයි ~
     
    Status
    Not open for further replies.