කවි මඩුව

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අම්මට සිරිය රකුසාට කොක්කක් ......වැටිලා
    රකුසෝ උබව නැහැ කිසිදා තනි .......කරලා
    පොඩි පනුවෙකුව බිලි කොක්කේ ....අමුණලා
    ගන්නට හැකිය බයිටට මාළුව ..........බැදලා
    :P:P:P

    දිය රකුසා එක්ක මේ මට කොකු ඇත්තේ
    හිටපන් බැබුනො තෝ අඹගහෙ උඩ අත්තේ
    පණුවෝ දාල මාලුන් ඇල්ලුවෙ මුත්තේ
    දිය රකුසොයි අප්පුගෙ වෙල ඉස්මත්තේ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පැටියෝ ඇයිද නුඹ ඒ ලෙස කියන්නේ
    පැත්තක් නොගෙන ඇයි මේ ලෙස සිටින්නේ
    ප්‍රයිවට් එකේ ගුණමයි මට හැඟෙන්නේ
    පොදුවේ උගෙන ප්‍රයිවට් වැඩ කොරන්නේ
    :confused::confused:


    හිත අමනාප කරගන්නට එපා ..........පුතේ
    කරනට හැකිය ප්‍රයිවට් ඇති අතේ ......සතේ
    ඕන තරම් කඩ ඇරියට කමක් .........නැතේ
    රජෙ ඒවා විකුණගෙන නොකා .........පුතේ
     

    blue_in_rio

    Well-known member
  • සද්දේ තරම නම් වාගේ රුදුරු...........ඇතා
    බැලුවම දැක්කේ මේ අපගේ මලිත.....පුතා
    රා බිව් මියා හා ලොකු බළලා ගේ.....කතා
    නොදරුව අපේ මලිතය එය දන්නේ...නැතා


    සද්දේ වගේ වැඩ දීපන් තව ඉදිරියට
    රකුසත් බයවෙලා වගේ දාපු කවියට
    ලොවෙත් කතා කිව්වත් ඔය මලිත කොලූට
    අලිරාලත් බය උනාලු කටුසුහාමිට
    :P:P
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    RePost බුවා;15194236 said:
    පික්සුද යකෝ කොහේ යනවද වි තරහා...
    පොඩි විහිළුවක් කලේ මම නොම ගන් තරහා....
    වර වර අපි සෙට් වෙලා දෙමු කවි එලට ගොතා....
    උබ හොද එකා බව මම දන්නවා පෙර සිටමා.....

    චුටි මාළු පැටවකු හට ඇම .............දමලා
    රෙපොස්ට් බුවා ඇත හති දාගෙන .......දුවලා
    අවොත් මෙතන දගලන්නට කර ......කැවිලා
    දැක ගනු හැකිය ඉන්නවා මලුව .......බැදලා
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    සද්දේ තරම නම් වාගේ රුදුරු...........ඇතා
    බැලුවම දැක්කේ මේ අපගේ මලිත.....පුතා
    රා බිව් මියා හා ලොකු බළලා ගේ.....කතා
    නොදරුව අපේ මලිතය එය දන්නේ...නැතා

    සද්දෙ වගේමයි වැඩකිඩ අපේ බොල
    වාගේ නොවෙයි උඹ වාගේ මම සෙවල
    රා බිව් මීය නම් ඒ උඹමයි හිවල
    ගන්නව උඹත් දීලා මම සල්ලි කොල
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දිය රකුසා එක්ක මේ මට කොකු ඇත්තේ
    හිටපන් බැබුනො තෝ අඹගහෙ උඩ අත්තේ
    පණුවෝ දාල මාලුන් ඇල්ලුවෙ මුත්තේ
    දිය රකුසොයි අප්පුගෙ වෙල ඉස්මත්තේ


    චුටි මාළු පැටවකු හට ඇම .............දමලා
    රෙපොස්ට් බුවා ඇත හති දාගෙන .......දුවලා
    අවොත් මෙතන දගලන්නට කර .......කැවිලා
    දැක ගනු හැකිය ඉන්නවා මලුව .......බැදලා
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    සද්දේ වගේ වැඩ දීපන් තව ඉදිරියට
    රකුසත් බයවෙලා වගේ දාපු කවියට
    ලොවෙත් කතා කිව්වත් ඔය මලිත කොලූට
    අලිරාලත් බය උනාලු කටුසුහාමිට
    :P:P

    blue in rio කීවේ නම් ඇත්ත තමා
    රකුසයි බැබුනවයි අරගෙන බඳිමි මෙමා
    ඉන්පසු උන්ව ගෙන ලෝදිය හැලියෙ දමා
    තම්බමු මචං ලුණු ඇඹුලුත් පදම දමා
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සද්දෙ වගේමයි වැඩකිඩ අපේ බොල
    වාගේ නොවෙයි උඹ වාගේ මම සෙවල
    රා බිව් මීය නම් ඒ උඹමයි හිවල
    ගන්නව උඹත් දීලා මම සල්ලි කොල


    රකුසාග වැඩේ දැන් නම් ගොඩ ගිහින් .......වගේ
    බලපව් බොලව් මාළුවා බස් දොඩන ..........රගේ
    සතුන් සමග දොඩවන්නට කරපු ..............දගේ
    දිය රකුසා විදපු දුක දැන් අහවරයි ............වගේ:P:P:P

     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    රකුසාග වැඩේ දැන් නම් ගොඩ ගිහින් .......වගේ
    බලපව් බොලව් මාළුවා බස් දොඩන ..........රගේ
    සතුන් සමග දොඩවන්නට කරපු ..............දගේ
    දිය රකුසා විදපු දුක දැන් අහවරයි ............වගේ:P:P:P


    හිත හොඳ දොස්තරත් සමගින් කොටු පැන්න
    දිය රකුසා එදත් හැමදත් ඇන ගන්න
    බැබුනයෙකුත් බලව් බස් දොඩනව මෙන්න
    මාලුවෝ බස් දොඩන එක අරුමෙක් නොව දන්න
     

    blue_in_rio

    Well-known member
  • හිත අමනාප කරගන්නට එපා ..........පුතේ
    කරනට හැකිය ප්‍රයිවට් ඇති අතේ ......සතේ
    ඕන තරම් කඩ ඇරියට කමක් .........නැතේ
    රජෙ ඒවා විකුණගෙන නොකා .........පුතේ

    අමනාපයක් ඇයි වන්නේ කවියකට
    ප්‍රති පිල නැතොත් ගතියක් නැහැ කිසිම මට
    ප්‍රයිවට් එපා කියනා උන් හතර වට
    උත්තර දෙන්න සූදානම් බොල හැමට :oo::oo:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අමනාපයක් ඇයි වන්නේ කවියකට
    ප්‍රති පිල නැතොත් ගතියක් නැහැ කිසිම මට
    ප්‍රයිවට් එපා කියනා උන් හතර වට
    උත්තර දෙන්න සූදානම් බොල හැමට :oo::oo:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
    ප්‍රයිවට් ඇතත් නැති වුවතත් ලංකාවේ
    ඇති හැකි එවුන් යවනව බොල ඒරොප්පේ
    පුලුවන් එවුන් කොහොමින් හෝ උගතාවේ
    ප්‍රශ්නය කුමද එහි කිය බලනට අප්පේ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
    ප්‍රයිවට් ඇතත් නැති වුවතත් ලංකාවේ
    ඇති හැකි එවුන් යවනව බොල ඒරොප්පේ
    පුලුවන් එවුන් කොහොමින් හෝ උගතාවේ
    ප්‍රශ්නය කුමද එහි කිය බලනට අප්පේ


    මුදලට විකෙනෙනා විට අද්යපනේ ..............මල්ලි
    ඒවා කැපය ඇත මිට ගැවසෙන විට .............සල්ලි
    SB වාගේ ලක කරුමෙට ආ
    ගද ................පිල්ලි
    වලපල්ලට දමනවා පොට්ටද ඇස ................මල්ලි
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අමනාපයක් ඇයි වන්නේ කවියකට
    ප්‍රති පිල නැතොත් ගතියක් නැහැ කිසිම මට
    ප්‍රයිවට් එපා කියනා උන් හතර වට
    උත්තර දෙන්න සූදානම් බොල හැමට :oo::oo:


    උත්තර වැරදි දුන් අපො උපේ ..........විභාගෙට
    නිල් කොළ දෙන්න විය සිප් කඩ
    වල් .....වෙතට
    පොඩ්ඩක් නැවතිලා දාපන් තට්ටුව ..........හිතට
    ගෙදරත් සල්ලි නැතිනම් උබ මහ ...........මගට
     

    bhana1

    Member
    Feb 15, 2010
    3
    1
    0
    හිටවන කවි මඩුව හිටවන කවි මඩුව
    හිටවන කවි මඩුව හිටගෙන කවි කී මඩුව
    හිටවන කවි මඩුව එළකිරියේ කවි මඩුව
    නැගලා යයි වගේ ලස්සන කවි මඩුව
    :D
     
    • Like
    Reactions: D.shan

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මුදලට විකෙනෙනා විට අද්යපනේ ..............මල්ලි
    ඒවා කැපය ඇත මිට ගැවසෙන විට .............සල්ලි
    SB වාගේ ලක කරුමෙට ආ
    ගද ................පිල්ලි
    වලපල්ලට දමනවා පොට්ටද ඇස ................මල්ලි

    දෙස් පලුවන් ගැන නම් නොකරමී කතා:yes::yes:
    SB කියන ජාතික හොර අමන සතා
    පුත් දෙදෙනා ඒරොප්පේ ඉගෙන ගතා
    කටමැත දොඩෝනව ජාතික දියුන පතා
    :P:P:P:P
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අද්යාපනේ මුදලට රිසි විකිනෙන්නේ
    අද ඊයෙක නොවෙන බව නැතිවද උඹැ දන්නේ
    කන්නන්ගර මැතිඳු එදවස උර දුන්නේ
    නිදහස් අද්යාපනෙ අද කොයි මට කිවමැන්නේ
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    හිටවන කවි මඩුව හිටවන කවි මඩුව
    හිටවන කවි මඩුව හිටගෙන කවි කී මඩුව
    හිටවන කවි මඩුව එළකිරියේ කවි මඩුව
    නැගලා යයි වගේ ලස්සන කවි මඩුව
    :D

    :yes:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අද්යාපනේ මුදලට රිසි විකිනෙන්නේ
    අද ඊයෙක නොවෙන බව නැතිවද උඹැ දන්නේ
    කන්නන්ගර මැතිඳු එදවස උර දුන්නේ
    නිදහස් අද්යාපනෙ අද කොයි මට කිවමැන්නේ


    නතර කරලා බොරු සන්වදට ........නොකර
    දියුණු කරලා සරසවි සිරි ලක .............පතර
    නංවාල ඒවායේ සිලබස් හැම සිප් .........සතර
    දියුණු කලොත් ප්‍රයිවට් campus කාටද ....මිතුර

    මුලුන් විකුණලා දෙන ඩිග්‍රිය .............සතට
    පසුව ලන්සු තබනවා පාසැල් ...........වෙතට
    ගොවි කම්කරුගේ දරුවන් නැහැ ......ඉදිරියට
    එකලට සොයන්පොෂිත වෙයි ඉදිරි ........රට

    කොල්ලනි එළකිරියේ ඩිංගක් ...........හිතපන්
    රට යන අතද ඇස ඇරලා ...............බලපන්
    ඇත එපිට දරුවන් ගැන ................සිතාපන්
    නිදහස් සිප් සතට නිග්ග්‍රහ ..........නොකරපන්

    මෙතන ඉන්න මිතුරන් බැලුවම .......ගැනලා
    හිතෙනවා මෙමට යහමින් ඇති ය .....කියලා
    එනමුදු පුතේ සමහර සිතුවිලි ...........දැකලා
    නිදහස් සිපත් ලගදීම යනවා ............මැරිලා

    එදවස නිසැක ලෙස අප හට ලග .......වෙතේ
    සරසවි කොල්ලෝ හන්දා එය පමා .....වෙතේ
    තිබුනොත් සවිය දෙන්නට වෙර පමා ....නැතේ
    උද්ගෝෂණය කවදද තැන මමත් .........එතේ
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය

    කොල්ලනි එළකිරියේ ඩිංගක් ...........හිතපන්
    රට යන අතද ඇස ඇරලා ...............බලපන්
    ඇත එපිට දරුවන් ගැන ................සිතාපන්
    නිදහස් සිප් සතට නිග්ග්‍රහ ..........නොකරපන්

    නිදහස් සිප්සතර හන්දයි මමත් අනේ
    රජයේ විස්ස විද්යාලෙකි පිහිට උනේ
    එබැවින් දනිමි එහි ගුණ හොඳහැටි ලෙසිනේ
    කෙදිනකවත් මම නැත නිග්‍රහ කරනේ
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    උත්තර වැරදි දුන් අපො උපේ ..........විභාගෙට
    නිල් කොළ දෙන්න විය සිප් කඩ
    වල් .....වෙතට
    පොඩ්ඩක් නැවතිලා දාපන් තට්ටුව ..........හිතට
    ගෙදරත් සල්ලි නැතිනම් උබ මහ ...........මගට

    අපො උපෙ කරන්නට ටියුශන් යා යුතු ය
    එහිදී දැනුම නම් මුදලට විකිනෙති ය
    මේ බව ගසා උඹ නොම දන්නේ නැති ය
    අපෙ අද්යාපනෙට කිම උන මේ හරිය??