+20
ලක්ශ 10 හම්බ උනොත් නම් මේ දවස් වල මම පංසලකට යන පාරක් හදල දෙන වැඩක් කරනවා මේක තව කට්ටියක් දාලා ඉක්මන් කරනවා.
මම දැන් ඉන්න තරම් ස්ථාවර තත්වෙක හිටියේ නැත්නම් ඔය ගමකින් රබර් අක්කර 1හමාරක් වගේ ඇරන් දානවා. කොළඹ කට්ටියටනම් ලක්ශ 10 ගන්න බෑ කියලා හිතෙයි. ඒ වුනාට මම ඉන්න කැගල්ලේ ඉඳලා 15km විතර ඇතුලට ගියාට පස්සේ ඕනතරම් ඉඩම් තියෙනවා අඩුවට.

sira?? 10 ta ekahamarakma puluwanda ban... adayamath thiyanawada...![]()



ලක්ශ 16 ණය වෙලා ඉතාලි ගිය මගේ මහත්තයව ගෙන්වගෙන,ඉතුරු සල්ලි වලින් බැංකුවේ තිබ්බ රත්තරං බඩු වලින් භාගයක් බේර ගන්නවා.




රත්තරං;15204105 said:නෑ වදින්නේ නෑ. වාර්ශික පොලිය ලක්ශ 5ට වැඩි උනොත් විතරයි වදින්නේ

20000 පඩියෙන් මහා ලොකු දෙයක් කරන්න බෑ බං.
මුලින්ම ලක්ෂ 4ක් අම්මට දෙනවා ණය බේරලා ගෙදර අළුත්වැඩියාවට ගන්න.
වැඩට යන්න එන්න කියලා තාම මට රෝද 2ක් වත් නෑ. ඒකට ලක්ෂ 2යි.
Graphic වලින් කීයක් හරි අමතරව හොයාගන්න පුළුවන් නිසා මගේ ස්විටි කෙල්ලව (Computer) Upgrade කරන්න ඕනේ. Printer එකටත් එක්ක 50000 ක් යයි.
තව 2 1/2 ක් නංගිගේ පොතට දාලා. ඉතුරු 1 මගේ පොතට දානවා.
![]()


ticket ekakin hari ubata machan laksha 10k wath adumagane adenna kiyala prarthana karanawa!හිතේ තියෙන ඇත්තම කියන්නම්කෝ නිකන් වෙන වෙන බොරු බයිලා නැතුව.....
මම සාමාන්‍ය කෙනෙක්....... පාරම්පරිකව ආර්ථික අතින් ශක්තිමත් වෙච්චිවත්, රැකියාවෙන් මහා විශාල වැටුපක් උපයන කෙනෙක්වත් නෙවෙයි මම..... මගේ හීනය මටම කියලා වාහනයක් ගන්න එක.......
ඒත් මට ලක්ෂ 10ක් එකපාරට ලැබුනොතින් මුලින්ම කරන්නේ මම මගේ ගේ හදාගන්න ගත්තු ණය පියවන එක තමයි...... එතකොට මගේ හිත නිදහස් මම ණයකාරක් නෙවෙයි කියලා කාටවත්...... එහෙම ඒ ගත්තු ණය ගෙවලා තවත් ප්‍රමාණයක් ඉතුරු වුනොතින් ඒ මුදල මගේ දෝණි වෙනුවෙන් ස්ථිර තැන්පතුවක හරි ඉතිරිකිරීමේ ගිණුමක හරි දාලා තියනවා කවදාහරි එයාගේ අධ්‍යාපන කටයුතු වගේ දෙයකදී ප්‍රයෝජනයට ගන්න........
මගේ හීනේ සැබෑ කරගන්නවාට වඩා වෙලා තියෙන බැඳීම් වලින් නිදහස් වෙන එක මට සැනසීමක්.......