Colombo Stock Exchange (Daily Update)

sherlock

Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    JOHN KEELLS HOLDINGS - DIVIDEND ANNOUNCEMENT

    JOHN KEELLS HOLDINGS PLC
    Company ID: - JKH
    Date of Announcement: - 27.Feb.2013
    Rate of Dividend: - Rs. 1.00 per share / Second Interim Dividend
    Financial Year: - 2012 / 2013
    XD: - 08.Mar.2013
    Payment: - 19. Mar.2013
    Share Transfer Book Open
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    කොටස් වෙළඳ පොළ ප්‍රදර්ශනය


    ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳ පොළ නියාමනය කරන ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින් පවත්වන වසරේ දැවැන්තම ප්‍රාග්ධන වෙළඳ පොළ ප්‍රදර්ශනය වන “ආයෝජන දිනය -2013“ ජූලි මස 06 වන සෙනසුරාදා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.


    මේ අනුව, මෙම ප්‍රදර්ශනය එදින උදෑසන 9.00 සිට සවස 5.00 දක්වා කොළඹ 10, ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත් වේ.

    මෙම ප්‍රදර්ශනය මගින් ප්‍රාග්ධන වෙළඳ පොළ පිළිබඳ මනා අවබෝධයක් ලබාගත හැකිබව කොටස් වෙළඳ පොළ සඳහන් කරයි.

    පසුගිය මාස 12 තුළ කොළඹ කොටස් වෙළඳ පොළේ ඉහළ නැගීම සියයට 30 ක් පමණ වන බවත් පසුගිය වසර 05 තුළ වසරක සාමාන්‍ය ප්‍රතිලාභය සියයට 46 ක් පමණ වන බවත් කොළඹ කොටස් වෙළඳ පොළ කියයි.



    http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1351561988
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    AirAsia නැවතත් ශ්‍රී ලංකාව තුරුලට

    කොළඹට පියාසර කිරීම නතර කළ මැලේසියාව පදනම් කරගත් AirAsia අඩුවැය ගුවන් සේවය නැවතත් කොළඹට පියාසර කිරීමට සූදානම් වනබව වාර්තා වේ.


    මේ අනුව, ගුවන් සේවයේ මෙරට අලෙවි ප්‍රධානී ලෙස කටයුතු කරන රන්ජීව සෙනෙවිරත්න “ද සන්ඩේ ටයිම්ස්“ පුවත් පවතට පවසා තිබෙන්නේ අගෝස්තු මුල් කාලයේ සිට AirAsia X ගුවන් යානය භාවිතා කරමින් මෙම ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිත බවයි.

    මෙම ගුවන් ගමන් පිළිබඳව මෙරට සිවිල් ගුවන් සේවා අධිකාරිය සමග සාකච්ඡා කරමින් සිටින බව සඳහන්ය.

    මේ වසරේ මුල් කාලය දක්වා ක්වාලාලම්පූර් සිට කොළඹ දක්වා ගුවන් සේවය විසින් සතියකට වරක් ගුවන් ගමන් ක්‍රියාත්මක කර පසුව අත්හැර දැමීය.


    http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=999215860
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    කොටස් වෙළෙඳපොළ ගනුදෙනු පද්ධතිය ඇන හිටී


    අද දින කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු නියමිත පරිදි උදෑසන 9.30 ට ආරම්භ වූයේ නැත. මේ පිළිබඳව ලංකා බිස්නස් නිවුස් කළ විමසීමක දී කොටස් වෙළෙඳපොළ බලධාරියෙකු පවසා සිටියේ ගනුදෙනු පද්ධතියේ මතු වුණු දෝෂයක් හේතුවෙන් මෙලෙස ගනුදෙනු අත්හිටුවීමට සිදුවූ බවයි. මීට පෙර 2011 වසරේ සැප්තැම්බර් 19 වැනි සඳුදා දින ද කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සිදුවූයේ නැත. එදින ද එහි බලධාරියෙකු කියා සිටියේ ගනුදෙනු පද්ධතියේ දෝෂයක් නිසා අදාළ තත්ත්වය පැන නැඟි බවයි.

    කෙසේ වෙතත් පස්වරු 1.15 න් පසු යළිත් වරක් සුපුරුදු දෛනික ගනුදෙනු ආරම්භ විය.
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    සුරේඛා ගේ රස්සාවටත් පුද්ගලික හේතු හරස් වෙයි
    03-July-2013


    කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන විධායක නිලධාරිනී සුරේඛා සෙල්ලහේවා මහත්මිය සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජූලි 01 වැනිදා දාතමින් භර දී ඇතැයි ලංකා බිස්නස් නිවුස් වෙත වාර්තා වේ. මේ අනුව ලබන ඔක්තෝබර් 31 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ඇය සිය තනතුරින් ඉවත් වනු ඇත.

    සිය ඉල්ලා අස්වීමට හේතු වශයෙන් ඇය සඳහන් කර සිටිනනේ පුද්ගලික හේතු නිසා සේවයෙන් ඉවත් වන බවයි.

    කෙසේ වෙතත් මීට පෙර ද කොටස් වෙළෙඳපොළ නියාමන අධිකාරිය වන ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසමේ ප්‍රධානීන් කිහිප දෙනෙකුට ද සිය තනතුරුවලින් නික්ම යාමට සිදුවූයේ මෙකී පුද්ගලික හේතු නිසාය. මීට ආසන්නතම සිද්ධිය වනුයේ සුරැකුම්පත් හා විනිමය කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය හරීන්ද්‍ර දිසාබණ්ඩාර මහතා පසුගිය මැයි මාසයේ සිට සිය තනතුරින් ඉල්ලා අස්වීමයි. ඔහගේ නික්ම යාමෙන් ඇති වූ පුරප්පාඩුව තවමත් පුරවා ඇත.

    සුරේඛා සෙල්ලහෝවා මහත්මිය කොළඹ කොටස් වෙළෙඳපොළ තුළ සේවය කර ඇති කාලය වසර 23 කට අධික වේ. කෙසේ වෙතත් ඇය එහි ප්‍රධාන විධායක නිලධාරිනිය වශයෙන් කටයුතු කාලය තුළ දී එහි සේවය කළ බොහෝ පිරිසක් සේවයෙන් ඉවත් වූ බව ප්‍රකට කරුණකි. මීට හේතු වශයෙන් දක්වන්නේ ඇයගේ ක්‍රියාපිළිවෙත එහි සේවය කළ බොහෝ දෙනෙකුගේ අප්‍රසාදයට හේතු වී තිබීමයි.



    http://www.lankabusinessnews.com/13.07.July/031.CSE.html
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    කොටස් වෙළෙඳපොළ ඇණවුම් තැබීමේ සීමාව 25% දක්වා අඩු කිරීමට අවධානය

    කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවල දී ගැනුම් හෝ විකුණුම් ඇණවුම් සිදුකිරිමේ දී, ඇණවුම් නිකුත් කළ හැකි සීමාව පෙර දිනයේ අවසන් ගනුදෙනු මිල මෙන් 25% ක පරාසයක් දක්වා පමණක් යොමු වන ලෙස අදාළ සීමාව පටු කිරීමට බලධාරීන්ගේ අවධානය යොමු වී තිබේ. මේ සම්බන්ධයෙන් අද දිනයේ දී කොටස් වෙළෙඳපොළ බලධාරීන්, සුරැකුම්පත් හා විනිමය කොමිසමේ බලධාරීන් හා කොටස් තැරැව්කාර සමාගම්වල ප්‍රධානීන් සමඟ පැවති සාකච්ඡාවකදී මෙලෙස අවධානය යොමු වී තිබේ.

    මීට හේතු වී ඇත්තේ පසුගිය සිකුරාදා (28) දින ඉ-චැනලින් සමාගමේ සිදුවූ කොටස් ගනුදෙනුවකි. පසුගිය බ්‍රහස්පතින්දා දින කොටසක අවසන් ගනුදෙනු මිල රුපියල් 6.60 ක් ලෙසින් ඉ-චැනලින් සමාගමේ කොටසක මිල වාර්තා විය. සිකුරාදා දින සිදුවූ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු පද්ධතියේ තාක්ෂණික බිඳවැටීමෙන් පසු එදින ගනුදෙනු ආරම්භ වූයේ පස්වරු 1.15 න් පසුවය. එදින සුපුරුදු පරිදි ඉ-චැනලින් සමාගමේ කොටස් ගනුදෙනු ද සිදුවූ අතර පසුවරු 1 පසු වී මිනිත්තු 59 යි තත්පර 56 ට අසාමාන්‍ය ගනුදෙනුවක් වාර්තා විය. එනම් ඉ-චැනලින් සමාගමේ කොටස් 4,285,710 ක් රුපියල් 3.30 බැගින් ගනුදෙනු වීමයි.

    මේ සම්බන්ධයෙන් කළ පරීක්ෂණවල දී අනාවරණය වී ඇත්තේ ආන්තික ණය සැපයුම්කරුවන්ගේ ඉල්ලීම මත මෙකී ගනුදෙනුව සිදු වී ඇති බවයි. කෙසේ වෙතත් මෙම ගනුදෙනුව නිසා සිකුරාදා දින ඉ-චැනලින් සමාගමේ කොටසක අවසාන ගනුදෙනු මිල රුපියල් 3.30 ක් වශයෙන් වාර්තා වී ඇත. එය පෙර දිනයට සාපේක්ෂව කොටසක මිල 50% කින් පහළ යාමකි. මෙයාකාරයෙන් සිකුරාදා දිනයේ දී රුපියල් 3.30 බැගින් ගැනුම්කරුවන් සිය ඇණවුම් තබා ඇත්තේ ඇණවුම් තැබීමේ සීමාව වන 50% සීමාව උපරිමයටම ප්‍රයෝජනයට ගනිමිනි. මෙහිදී සිදුවූ ගනුදෙනුව සියලු සම්මතයන්වල ට අනුකූලව සිදූවූවක් වුවත් එයින් සමස්ත කොටස් වෙළෙඳපොළේ විශ්වාසනීයත්වය සම්බන්ධයෙන් යම් යම් ගැටළු මතු වී තිබේ.

    මේ හේතුව නිසා ඉදිරියේ දී යම් සමාගමක කොටස් ගනුදෙනුවල දී ඇණවුම් තැබිය හැකි උපරිම හා අවම සීමාවන් 25% ක සීමාවක් දක්වා ගෙන ඒමට අවධානය යොමු කර තිබේ.


    http://www.lankabusinessnews.com/13.07.July/003.ECL.html
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    සෙල්ලහේවා කොටස් පොළ හැරයන්නේ ඇයි ?


    කොටස් වෙළඳ පොළ නියාමකයා ලෙස ප්‍රධාන භූමිකාවක් දැරූ මලික් කාදර්, ඉන්ද්‍රාණි සුගතදාස හා තිලක් කරුණාරත්න පසුගිය කාලයේදී ඉල්ලා අස්වූයේ ආන්දෝලනාත්මක අයුරිනි. මේ අතර, කොටස් වෙළඳ පොළේ ප්‍රධානී සුරේඛා සෙල්ලහේවා වසර 24 ක පමණ සේවා කාලයකින් පසුව සිය ධුරයෙන් සමුගන්නා බව පවසා තිබේ.


    ඇය කියා තිබෙන්නේ පුද්ගලික හේතු මත කොටස් වෙළඳ පොළේ ප්‍රධාන විධායක ධූරයෙන් 2013 ඔක්තෝම්බර් 31 වනදා සිට බලපැවැත්වෙන පරිදි ඉල්ලා අස්වන බවයි.

    මෙම ඉල්ලා අස්වීම පිටුපස තිබෙන පුද්ගලික හේතු අනාවරණය නොවන අතර පසුගිය කාලයේදී සිදුවූ ඉල්ලා අස්වීම් මෙන්ම ඇයටද යම් බලපෑමක් ඇති වූවාද යන්න ඇතිවන සාධාරණ සැකයකි.

    එය එසේ වන්නටත් නොවන්නටත් පුළුවන. මන්දයත්, පුද්ගලික කාරණා මත ඉල්ලා අස්වන බව පැවසීමෙන් අදාළ ඉල්ලා අස්වීමට හේතුවූ කාරණාව මනාව පැහැදිලි නොවන බැවිනි.

    1989 වසරේ සිටම කොළඹ කොටස් වෙළඳ පොළේ කටයුතු කළ සුරේඛා සෙල්ලහේවා මහත්මිය ප්‍රධාන විධායක ධූරයට පත්වූයේ 2006 වසරේදීයි.



    http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=235286691
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    bump.gif
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    ඇම්බා රිසර්ච් හා කොටස් පොළ පර්යේෂණ ගිවිසුමක


    එස් ඇන්ඩ් පී එස් එල් 20 (S&P SL 20) දර්ශකයේ දැනට අන්තර්ගත සමාගම් හි දෘශ්යිතාවය (Visibility) වර්ධනය කිරීමේ අටියෙන් කොළඹ ව්යාකපාර වස්තු හුවමාරුව හා ඇම්බා රිසර්ච් ආයතනය පර්යේෂණ ගිවිසුමකට එළැඹ තිබේ.


    ආයෝජන බැංකු හා වත්කම් කළමණාකරණ සේවාදායකයින් වෙනුවෙන් නැඟී එන වෙළෙඳපොළ (Emerging Market)පිළිබඳ පර්යේෂණවල නියැලීමේ ඇම්බා රිසර්ච් සතු අත්දැකීම් සම්භාරය මෙම ව්යාEයාමයට රුකුලක් වනු ඇත‍.

    මෙම ගිවිසුම් ප්රමකාරව, ඇම්බා රිසර්ච් ආයතනය විසින් S&P SL 20 දර්ශකයේ අන්තර්ගත සමාගම් පිළිබඳ පර්යේෂණ වාර්තා සම්පාදනය කොට කොළඹ ව්යානපාර වස්තු හුවමාරුව වෙත එහි වෙබ් අඩවියේ පළ කිරීම සඳහා ඉදිරිපත් කෙරෙනු ඇත. මෙම පර්යේෂණ වාර්තා තුළ මූලිකාංග විශ්ලේෂණය (Fundamental Analysis), වර්ධනය පිළිබඳ පෙනුම (Growth Outlook), ප්රපධාන අවදානම් (Key Risks), වියහැකි මිල පරාසයන් පිළිබඳව විස්තර අඩංගු වේ. කෙසේ නමුත් මෙම පර්යේෂණ වාර්තා තුළ අයෝජන නිර්දේශ (Investment Recommendation) අඩංගු නොවන අතර මෙම වාර්තා ආයෝජකයින්ගේ දැනුම හා දැනුම්වත්භාවය වර්ධනය කිරීම මූලික අරමුණු කරගනී. අදාළ සමාගම් කාර්තුමය මූල්ය ප්රාතිඵල නිකුත් කිරීමෙන් අනතුරුව මෙම වාර්තා සඳහා, පසු කාලීනව කෙටි යාවත් කාලීන වාර්තා නිකුත් කෙරේ.

    S&P SL 20 දර්ශකයේ අන්තර්ගත සමාගම් වනුයේ විශාලත්වය, ද්ර වශීලතාව හා මූල්යmමය ශක්යPතාව පිළිබඳ අවම නිර්ණායක සපුරාලන විශාලතම සමාගම් 20යි.

    මෙම ව්යාණයාමයේ මුල්ම පර්යේෂණ වාර්තා දෙක වන ජෝන් කීල්ස් හෝල්ඩින්ස් පී එල් සී සහ එයිට්කන් ස්පෙන්ස් පී එල් සී සමාගම් සදහා වන පර්යේෂණ වාර්තා අද දින නිකුත් කරනු ලැබූ අතර එම වාර්තා කොළඹ ව්යාපපාර වස්තු හුවමාරුවේ වෙබ් අඩවියෙහි (www.cse.lk/research.do) ප්ර සිද්ධ කොට ඇති අතර, පරිශීලනයට කැමැත්තක් දක්වන ඕනෑම පාර්ශ්වයකට නොමිලේ බාගත කරගත හැක.


    http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=650676418
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    පීසී හවුස් ගිලෙන නැව සෙන්තිල්වේල් කරට ගනී


    කොළම කොටස් වෙළෙඳපොළ සමාගම් අතුරින් මෑත කාලීනව වඩාත් අසාර්ථකම සමාගමක් ලෙසින් වාර්තා වුණු පීසී හවුස් සමාගමේ 10.25% ක කොටස් අයිතියක් මිල දී ගැනීමට තම සේවාදායකයෙකු වන ආචාර්ය ටී. සෙන්තිල්වේල් මහතා කටයුතු කළ බව ඔහුගේ කොටස් තැරැව්කාර ආයතනය වන බාට්ලීට් රෙලිගෙයා සිකියුරිටීස් (පුද්) සමාගම නිවේදනය කර සිටී. මේ අනුව පීසී හවුස් සමාගමේ නිකුතු කොටස් ප්‍රමාණයෙන් කොටස් මිලියන 35.2 ක් ආචාර්ය සෙන්තිල්වේල් මහතා සතුවනු ඇත. මීට අදාළ ගනුදෙනුව පසුගිය සිකුරාදා දිනයේ දී සිදුවිය. 2013 මාර්තු 31 න් අවසන් මූල්‍ය වර්ෂය වෙනුවෙන් පීසී හවුස් සමාගම වාර්තා කර තිබූ අලාභය රුපියල් මිලියන 336 ඉක්මවනු ලැබීය. අදාළ කාලය තුළ දී පීසී හවුස් සමූහය විසින් වාර්තා කර තිබූ අලාභය රුපියල් මිලියන 395 ඉක්මවනු ලබයි.

    Source :lankabusiness news
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    සම්පත් හා කොමර්ෂල් ලාභ වැටෙයි


    ජුනි කාර්තුවේ බැංකුවල රැස් බහී

    ගෙවුණු ජුනි කාර්තුව සඳහා කොමර්ෂල් බැංකුව සහ සම්පත් බැංකුව විසින් නිකුත් කර තිබෙන නවතම මූල්‍ය වාර්තා වලින් අනාවරණය වන්නේ මෙම බැංකු දෙකේම ලාභය අදාළ කාර්තුවේදී 2012 ජුනි කාර්තුවට වඩා අඩුවී තිබෙන බවයි.


    මේ අනුව, 2013 ජුනි කාර්තුවේදී සම්පත් බැංකුවේ ලාභය සියයට 48 කින් අඩුවී රුපියල් මිලියන 651 ක්වී තිබෙන අතර රන් ණය වලින් පාඩු සිදුවීම මෙයට හේතුවක්ව තිබෙන බව හෙළිවේ.

    මේ අතර, කොමර්ෂල් බැංකුවේ ලාභය ගෙවුණු ජුනි කාර්තුවේදී සියයට 05 කින් පහළ ගොස් රුපියල් බිලියන 2.3 ක්වී ඇත.

    සම්පත් බැංකු සමූහය විසින් ගෙවුණු ජුනි කාර්තුවේදී කොටසකට අදාළව රුපියල් 3.89 ක ලාභයක් වාර්තා කර තිබෙන අතර කොමර්ෂල් බැංකුව වාර්තා කර තිබෙන කොටසකට අදාළ ලාභය රුපියල් 2.63 කි.

    ජුනි වලින් අවසන් වන මුල් මාස හය තුළදී සම්පත් බැංකුවේ කොටසකට අදාළ ලාභය රුපියල් 10.18 ක් වෙද්දී රුපියල් බිලියන 1.7 ක ලාභයක් බැංකුව වාර්තා කර තිබේ. මෙය සියයට 39 ක අඩුවීමකි.

    මේ අතර, ජුනි වලින් අවසන් වන මාස හයක කාලයේදී කොමර්ෂල් බැංකුවේ කොටසකට අදාළ ලාභය රුපියල් 6.20 ක්ව තිබෙන්නේ රුපියල් බිලියන 4.8 ක ලාභයක් වාර්තා කරමිනි. පසුගිය වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී එය සියයට 13 ක පසුබැසීමකි.

    සමස්තයක් ලෙස මෙම කාර්තුව තුළදී මෙරට බැංකු අංශයේ ලාභ අඩුවී තිබේ.


    http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1173346233